අප ජීවත්වන ලෝකය වැදගත් විධි බොහොමයකින් හැඩ ගස්වනු ලැබ ඇත්තේ මිනිස් කි‍්‍රයාකාරකම් මගිනි. ජීවිතයට හා පරිසරයට එල්ලවන තර්ජන වළක්වා ගැනීම, ඉවත් කර දැමීම හෝ අඩුකර ගැනීම පිණිස මෙන්ම සමාජයීය අවශ්‍යතා පිරිමසා ගැනීම පිණිස ද අපි තාක්ෂණික විකල්ප නිර්මාණය කරගෙන ඇත්තෙමු. ගංගා හරස්කර, වේලි බැඳ, එමෙන්ම වනාන්තර එළිපෙහෙළි කර ඇත්තෙමු. ද්‍රව්‍ය හා යන්ත්‍රෝපකරණ තනා ඇත්තෙමු. අති විශාල ප්‍රමාණයක ප්‍රදේශ පුරා මහ නගර සහ මහාමාර්ග තනා ඇත්තෙමු. තවද, සමහරවිට කැමැත්තක් ඇතත් නැතත් වෙනත් ජීවීන්බොහෝ දෙනාගේ ඉරණම තීරණය කරනු ලැබ ඇත්තෙමු.
එසේ නම්, එක අර්ථයකින් ගත් කල, — වැඩිකොටම තාක්ෂණය හරහා හැඩගස්වා සහ පාලනය කරනු ලැබ — අපේ ලෝකයේ බොහෝ කොටස් සැලසුම් කරනු ලැබ ඇත; අපේ අපේක්ෂාවන් යයි අප සිතන ආකාරයටය අනුකූලවය. අපේ ග්‍රහලෝකය වන පෘථිවිය අද අප පත්කොට ඇති අන්දමට, අපේ අනාගත යහපැවැත්ම අප තාක්ෂණය වැඩිදියුණු කිරීම, භාවිතා කිරීම හා සීමා කිරීම කෙලෙස සිදු කරන්නේද යන්න මත ඉතා දැඩිව රැඳී පවතී. එසේ වන හෙයින් එය ඉතා තදින්ම රඳා පවතින්නේ, තාක්ෂණයේ කි‍්‍රයාකාරිත්වය මෙන්ම අප ජීවිතය ගෙවන සමාජයීය සංස්කෘතික, ආර්ථික සහ පාරිසරික පද්ධති කොයිතරම් හොඳින් අප අවබෝධ කරගන්නේ ද යන්න මතය.
අපේ ජීවිත හා පරිසරය හැඩ ගස්වන ලද ප්‍රධාන මානව ක්‍රියාකාරකම් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් තාක්ෂණයේ ඇතැම් ප්‍රධාන අංග ගැන මෙම ලිපි පෙළ මගින් ඉදිරිපත් කරනු ලැබේ. ලිපි පෙළ කේන්ද්‍රගතව ඇත්තේ මූලික තාක්ෂණ ක්ෂේත්‍ර 8ක් මතය: කෘෂිකර්මය, ද්‍රව්‍යයන්, නිෂ්පාදනය, ශක්ති මූලයන්, ශක්තිය භාවිතය, සංනිවේදනය, තොරතුරු සැකැසීම හා සෞඛ්‍ය තාක්ෂණය. අද ලිපිය සන්නිවේදනය (HEALTH TECHNOLOGY) ගැනයි.
සෞඛ්‍යය තාක්ෂණය
සෞඛ්‍යයට තර්ජනයක් වන තත්ත්වයන්ට මනුෂ්‍යයන් නිරාවරණය වීම අඩු කිරීම මෙන්ම, එවැනි තත්වයන්ට එරෙහිව ශරීරයේ ප්‍රතිරෝධය ඉහළ දැමීමට සහ ඇත්තටම සිදුවන හානිකර බලපෑම් අඩු කිරීම කෙරෙහි සෞඛ්‍ය තාක්ෂණයේ අවධානය යොමු වන්නේය.
ඓතිහාසිකව ගතහොත් මානව සෞඛ්‍යය කෙරෙහි තාක්ෂණයේ වඩාත්ම වැදගත් බලපෑම වූයේ ලෙඩ රෝග වැලැක්වීම විනා ඒවාට බෙහෙත් හේත් කිරීම හෝ සුවපත් කිරීම හෝ (ප්‍රතිකාර කිරීම) නොවේ. කෘමීන්, කෘන්තකයන් සහ මනුෂ්‍ය මළ මගින් ලෙඩ රෝග බෝ කෙරෙන ජීවීන් පැතිර යනු ලබන්නේය යන්න පිළිගැනීමට ලක්වීම සෞඛ්‍යාරක්ෂාවේ හෙවත් සනීපාරක්ෂාවේ දැවැන්ත වර්ධනයන්ට මගපාදා ඇති අතර මනුෂ්‍ය ජීවිතය ගෙවන කාලය සහ එහි ගුණාත්මකභාවය කෙරෙහි බොහෝ සෙයින් බලපා ඇත. සෞඛ්යාරක්ෂාක පියවර අතරට කුණු කසල සීමා කිරීම හා ඉවත් කිරීම, පල්දොරු හෙවත් කසළ කාණු ඉදිකිරිම, කුණු කසල සැකසීම් මධ්‍යස්ථාන පිහිටුවීම, ජල හා කිරි සැපයුම පවිත්‍රකරණය, ආසාදිත රෝගීන් නිරෝධායනය කිරීම, කෘමීන් හා ක්ෂුද්‍ර ප්‍රාණි ගහනයන් (කෘමිනාශක සහ විෂබීජ නාශක) රසායනිකව අඩුකිරීම, එමෙන්ම ක්ෂුද්‍රජීවීන්ගේ වාහකයන් වන මීයන්, මැස්සන් සහ මදුරුවන්ගේ ගහන යටපත් කිරීම ඇතුළත් වේ. රෝග වැළැක්වීමේ දී මේ හා සමානව වැදගත්කමක් ගන්නේ, ශරීරයට අවශ්‍ය කරන ප්‍රෝටීන, ඛණිජ සහ අන්වේ ෂ්‍ය මූලද්‍රව්‍ය(trace substances =අල්ප මාත්‍රව අවශ්‍යවන මූලද්‍රව්‍ය) සියල්ල සැපයීමට අවශ්‍ය විවිධාකාර වූ ආහාර වලින් සමන්විත ප්‍රමාණවත් ආහාර සැපයුමක් ලබාදීමට පියවර ගැනීම වේ.
රෝගවලට එරෙහිව මනුෂ්‍යයාගේ ශරීරය සතුව ඇති ස්වභාවික ආරක්ෂක විධිවිධානයන් වර්ධනය කිරීමෙහිලා සෞඛ්‍ය තාක්ෂණය යොදා ගත හැකි වේ. සාධාරණ මට්ටමකින් යහපත් පෝෂණයක් හා සනීපාරක්ෂාව තහවුරු වන තත්ත්වයන් යටතේ කිසිම මාදිලියයක මැදිහත්වීමකින් තොරව බෝවෙන රෝග බොහොමයකින් සුවය ලැබීමට මනුෂ්‍ය ශරීරයටම හැකියාව ඇති අතර බොහෝවිට එලෙස සුවය ලැබීමම ප්‍රතිශක්තිය ගෙන එයි. එසේ වුවද, බොහෝ දරුණු රෝගාබාධ වලින් ඇතිවන දුක් පීඩාව හා අනතුර කෘතිම ආකාරයෙන් වළක්වාගත හැකිය. එවන් යම් රෝගයක් ඇත්තටම වැළඳීමේ පීඩාව සහ අවදානම නොමැතිව එම රෝගයට එරෙහිව ආරක්ෂක පද්ධතියක් වර්ධනය කරගනු වස් ශරීරයේ ප්‍රතිශක්ති පද්ධතිය පෙළඹවීම එන්නත් කිරීම මගින් සිදුකල හැක. දුර්වල හෝ මරාදැමුණු රෝග ක්ෂුද්‍ර ජීවීන් රුධිරයට එන්නත් කරනු ලැබීමෙන්, පසුකලෙක එම විශේෂවල සජීවී ක්ෂුද්රජීවීන් ශරීරය ආක්‍රමණය කිරීමට තැත් කළහොත් ඒවා බෙලහීන කිරීමට මගපාදන ප්‍රතිදේහ නිර්මාණය කිරීමට පසුවට හැකිවන පරිදි ශරීරයේ ප්‍රතිශක්ති පද්ධතිය ප්‍රබෝධ කළ හැකිය. රෝගාබාධ හේතුවෙන් කලින්ම මරණය ළඟා වීම වැළැක්වීම, විශේෂයෙන්ම බිළිඳුන් හා ළමා මරණ වළක්වා ගැනීමේ මාර්ග අතරින් ස්වස්ථතාව ළඟට වඩාත්ම ඵලදායි මාර්ගය එන්නත් කිරීමයි.
වර්තමානයේ ඇති වැක්සීන (එන්නත්)වලින් සිදුකරනවාට වඩා වඩාත් යථාතථ්‍යව, වඩාත් ආරක්ෂා සහිතව ප්‍රතිශක්ති ප්රතිචාරයන් දැල්වීමට සමත් ද්‍රව්‍ය සැලසුම් කිරීමේ හැකියාව අණුක ජීව විද්‍යාව(molecular biology) මගින් ලබා දීමට පටන්ගෙන තිබේ.පර්යේෂණයන්ට මෙන්ම යොදා ගැනීමට ( භාවිතයට) ප්‍රමාණවත් වන මට්ටමින් විශාල ප්‍රමාණයන්ගෙන් මෙකී ද්‍රව්‍ය නිපදවීමට, ක්ෂුද්රජීවීන් පොළඹවා ගන්නා ක්‍රම වර්ධනය ජාන ඉංජිනේරු ශිල්පය මගින් සිදු කෙරේ.
බොහෝ රෝග සෑදෙන්නේ බැක්ටීරියා හෝ වෛරස හෝ මාර්ගයෙනි. බැක්ටීරියා ආසාදනයක් යටපත්කිරීමට ශරීරයේ ප්‍රතිශක්ති පද්ධතියට නොහැකි වුවහොත්, ප්‍රතිජීවක ඖෂධයක් ඵලදායි විය හැකිය. අඩු තරමින් එම ඖෂධය මගින් සටන් කිරීමට සැලසුම් කළ බැක්ටීරියා වර්ග වලට එරෙහිව ඵලදායී වනු ඇත. එහෙත් කිසියම් ප්‍රතිජීවක ඖෂධයක් අධි භාවිතය හේතුවෙන් එම ඖෂධය මගින් බලපෑමට ලක් නොවන බක්ටීරිය ව්‍යාප්තවීමට ස්වභාවික වරණය හරහා මග පෑදිය හැකි ය. වෛරස ආසාදන වලට ප්‍රතිකාර කිරීම සම්බන්ධයෙන් තිබෙන දැනුම සාපේක්ෂව වඩාත් අඩුය. තවද, බැක්ටීරියා ආසාදන වලට එරෙහිව භාවිතා කරන ඖෂධ වලට සමාන ප්‍රතිවෛරස ඖෂධ ඇත්තේ ඉතාමත් ස්වල්පයකි.
රෝග අභීක්ෂණය(සොයා ගැනීම), රෝග විනිශ්චය සහ රෝග නිරීක්ෂණයකිරීම (monitoring) වර්ග කිහිපයක තාක්ෂණය මගින් වැඩිදියුණු කරනු ලැබ ඇත. මනුෂ්‍ය ශරීරයේ සාමාන්‍ය තත්ත්වය පිළිබඳ ඉගෙන ගැනීමේදී ශරීර උෂ්ණත්වය සහ රුධිර පීඩනය මැනීමේ සහ හෘදයට සවන්දීමේ සරල යාන්ත්‍රික උපකරණ වැඩිදියුණු කිරීමත් සමගම සැලකියයුතු ප්‍රගතියක් අත්පත් කරගෙන ඇත. දෘශ්‍යමාන ආලෝකය හෝ (ශරීරයට පිටින්) චුම්බක ක්ෂේත්රයන් සැපයීමට හැකි එමෙන්ම අධෝරක්ත විකිරණය, ශබ්ද තරංග, එක්ස් කිරණ() න්‍යෂ්ටික විකිරණය සැපයීම පිණිස සියුම් සෙවුම් උපකරණ(slender probes) යොදාගන්නා අනුරූපණ උපකරණ මගින් ශරීර අභ්‍යන්තරය වඩාත් හොඳින් බලාගැනීමට අවකාශ සලසයි. තරංග චර්යාවන් පිළිබඳ ගණිතමය ආකෘති යොදාගනිමින් මෙකී යෙදවුම් වලින් ලැබෙන තොරතුරු සැකසීමෙන් චලනය වන, ත්‍රිමාණ අනුරූප නිපදවීමට පරිගණකවලට හැකිය. ශරීර තරල හෙවත් දියරවල රෝගවලට අදාළ සංඝටක සෙවීමට සහ සාමාන්‍ය පොදු සංඝටකවල මට්ටම සංසන්දනය කිරීම සඳහා වූ රසායනික ශිල්ප ක්‍රම ද අනෙකුත් තාක්ෂණයන් අතරට අයත් වේ.
මෙම ලිපියේ දෙවන කොටස ඊළඟ සඳුදා. නොවරදවා තතු කියවන්න
American Association for the Advancement of Science මගින් සකසන Science for All Americans On-Line හි පළවූ THE DESIGNED WORLD නම් 8 වෙනි පරිචේදය ඇසුරෙන් සැකසෙන ලිපි මාලාවක තවත් ලිපියකි මේ.