සැමට විදු නැන නුවණ – Science Literacy for All

ජනවිකාස සංක්‍රමණය සහ ජනගහන වර්ධනය

ලෝකයේ රටවල් සංවර්ධනය වෙද්දී, ඒවායේ ජනගහනය වඩාත් සෙමින් වර්ධනය වන බවක් පෙනීයයි. අත්දැකීමෙන් පෙනීයන්නේ ජනගහනය වර්ධනය වන වේගය මන්දගාමී කිරීමට ඇති වඩාත් ඵලදායී ක්‍රමයන් වන්නේ උපත් පාලනය ධෛර්යමත්කිරීම, දුගීදුප්පත්කම අඩු කිරීම සහ කාන්තාවන්ගේ තත්ත්වය ඉහළ නැංවීම බවයි.

Image result for demographic transition theory

දහනවවන  සියවසේදී කාර්මිකරණයට ලක්වූ බටහිර යුරෝපයේ රටවල උපත් සහ මරණ අනුපාත ගැන සොයාබලන ජනවිකාස විද්‍යාඥයන් විසින් ජනගහන් විපර්යාස ගන ජනවිකාස සංක්‍රමණය හෙවත් ජන සංඛ්‍යාත සංක්‍රමණය (demographic transition) යනුවෙන් උපවින්‍යාසයක් ගොඩනංවන ලදී: රටවල් කාර්මීකරණයට ලක් වන විට ප්‍රථමයෙන් ඒවායෙ මරණ අනුපාතයන් ද ඊළඟට ඒවායේ උපත් අනුපාතයන්ද පහළ වැටෙන බව ඉන් කියැවිණ. එවන් ඩත්ත මත පදනම්ව ගොඅඩ නගන ලද මෙම  අනුව මේ සංක්‍රමණය සිද්ධවන්නේ එකිනෙකින් කැපීපෙණෙන ලෙස වෙනස් අවස්ථා හතරකදීය.  (චිත්‍රය බලන්න)

ඇතැම් විශ්ලේෂකයන් විශ්වාස කරන අන්දමට ඉදිරි දශක කිහිපය තුළ(මේ ලිපිය සැකසීමට පාදක කරගත් ග්‍රන්ථය පළවූ වර්ෂය ගැන සැලකිලිමත්වන්න — සංස්කාරක)  ලෝකයේ සංවර්ධනයවෙන රටවල් බොහොමයක ජනවිකාස සංක්‍රමණයක් හෙවත් ජන සංඛ්‍යාත සංක්‍රමණයක් සිදුවීමට නියමිතයි. එවන් රටවලට ආර්ථික සංවර්ධනය සහ පවුල් සංවිධානය ගෙන ඒමට නූතන තාක්ෂණයට හැකිවීම ඊට වැඩියෙන්ම බලපාන හේතුවයි.

සමහර සංවර්ධනය වෙන රටවල තවමත් සිදුවන සීඝ්‍ර ජනගහන වර්ධනය ආර්ථික සංවර්ධනය පසුබෑමකට ලක් කිරීමට සහ ජීවිත ආරක්ෂක පද්ධති අභිබවන්නට ඉඩ තිබෙතැයි අනෙකුත් පිරිස බිය පළ කරති. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, මෙම රටවල් අතුරෙන් සමහරක් දෙවැනි අදියරේ දී ජනවිකාශ උගුලකට හසුවිය හැකියි.  සංවර්ධනයවෙමින් පවතින රටවල් ගණනාවකම, විශේෂයෙන්ම අප්‍රිකාවේ මරණ අනුපාත ඉහළට යද්දී දැන් මෙය සිදුවෙමින් පවතී. ඇත්තවශයෙන්ම ගතහොත් වසංගතයට ගොදුරුව සිටින අප්‍රිකානු රටවල් පළමු අදියරට(චිත්‍රය බලන්න) නැවත වැටෙන තත්ත්වයක් උද්ගතවී ඇත.

සමහර සංවර්ධනය වෙමින් පවතින රටවල  ජනවිකාස සංක්‍රමණයට බාධා පමුණුවන සාධක අතරේ විද්‍යාඥයන් සහ ඉන්ජිනේරුවන්  හිඟවීම(මොවුන්ගෙන් 94%ක්ම සේවය කරන්නේ කාර්මීකෘත රටවලය), පුහුණු ශ්‍රමයේ හිඟකම, ප්‍රාග්ධන මුදල ප්‍රමාණවත්ව නොපැවතීම, සංවර්ධිත රටවලට ඇති  අධික ණයබර සහ 1985 සිට සංවර්ධිත රටවලින් ලැබෙන ආර්ථික ආධාර පහළ වැටීම දැක්විය හැකිය.

Image result for brthcontrol methods

ලෝකය පුරා වැඩි කොටසක උපත් සංඛ්‍යාව අඩුකිරීමෙහි ලා  ප්‍රධාන සාධකයක් වී ඇත්තේ පවුල් සංවිධානයයි. ඊට වැඩියෙන්ම දායක වී ඇත්තේ ප්‍රතිසන්ධිවිරෝධක හෙවත් ගැබ්ගැනීම වළක්වාලන ක්‍රම ගැන දැනුම සහ ඒවා ලබාගැනීමෙ හැකියාව වැඩිවිමයි. එපමණක් ද නොව වසරක් පාසා සිදුවන නීත්‍යානුකූල සහ නීත්‍යානුකූල නොවන ගබ්සා කිරීම් සංඛ්‍යාව පහත හෙළීමටත් මෙන්ම ගර්භනී භාවයේදී මවුවරුන්ගේ සහ ගැබතුළ දරුවන්ගේ(භ්‍රෑණයන්) මරණ සංඛ්‍යාව අඩුකිරීමටත් හේතුවී ඇත. 1960 සිට 2008 දක්වා සංවර්ධනයවෙන රටවල  පූර්ණ සඵලතා අනුපාතය(total fertility rate) සියයට 55කින් පහළ වැටී ඇතැයි එක්සත් ජාතීන්ගේ ජනගහන අංශය සහ ජනගහන කටයුතු ගැන ක්‍රියාකරන අනෙකුත් නියෝජිත ආයතන පෙන්වාදෙයි.

Image result for empowering women

කාන්තාවනට නිසි අධ්‍යාපනයක් ලැබෙන්නේ නම්, නිවසින් පිටත වැටුපක් හිමිවෙන රැකියාවක් ලැබේ නම් සහ මානව අයිතිවාසිකම් යටපත් නොකෙරෙන සමාජයක ජීවත්වන්නේ නම් ඔවුන්ට දරුවන් අඩුවෙන් ලැබීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරන බව නොයෙකුත් අධ්‍යයන දක්වයි. ලෝක ජනගහනයෙන් අඩකට වඩා සිටින්නේ කාන්තාවන් වුවත්, බොහෝ සමාජ තුළ ඔවුනට පිරිමින් හා සමාන අයිතිවාසිකම් මෙන්ම අධ්‍යාපනික හා ආර්ථික අවස්ථා හිමි නොවෙයි. සාක්ෂරතාව බහුලව ඇති සමාජවල ස්ත්‍රීන් මෙන් නොව කියැවීමට හැකියාවක් නොමැති දුප්පත් කතුන්ට බොහෝවිට දරුවන් පහක් හතක් අතර සංඛ්‍යාවක් ලැබේ. ”මොවුන් දුගී දුප්පත්කමේ වෙළී සිටින්නේ නූගත්කම, අයහපත් සෞඛ්‍යය සහ නුවමනා ඉහල සඵලතාව හේතුවෙන්ය” යි එක්සත්ජාතීන්ගේ ජනගහන අරමුදලේ විධායක අධ්‍යක්ෂ තොර්යා ඔබයිඩ් කියා සිටියි.

සංවර්ධනය වෙමින් පවතින රටවල කාන්තාවන් එන්ට එන්ටම වැඩිවන සංඛ්‍යාවක් තම ජීවිත පාලනය සහ ඵලදායී චර්යාව තමන්ට අභිමත අයුරු සිදු කිරිමට පටන් ගෙන ඇත. මේ තත්ත්වය ව්‍යාප්ත වුවහොත් කාන්තාවන් ජනගහනය ස්තාවර කිරීමෙහිලා සහ පරිසරහානිය  අඩු කිරීමෙහිලා වැදගත් වැඩ කොටසක් ඉටු කරනු නොඅනුමානය.

ESSENTIALS OF ECOLOGY(2007, 2009) යන ග්‍රන්ථයේ How can we slow human population growth? කොටස ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: