මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහි තවත් ලිපියක්
ආර්ථික භාෂිතයෙන් ගත් කල වර්ධනය හෙවත් වෘද්ධිය යනු විශේෂිතව දැක්වෙන කාල පරාසයක් තුළ ආර්ථිකයක භාණ්ඩ හා සේවා නිෂ්පාදනයෙහි සමස්ත ඉහළ යාමයි. රජයන්, සිය ප්‍රජාවෙහි සෞභාග්‍යය වෙනුවෙන් දායක වීමේ දී වර්ධනය සිය ප්‍රතිපත්තියෙහි ප්‍රධාන ඉලක්කයක් බවට පත්කර ගනියි. ඒ හේතුවෙන් පාරිභෝගිකයන්ට වැඩියෙන් මිළදී ගැනීමට හැකිවන අතර රජයන්ට ද අධ්‍යාපනය, සෞඛ්‍යය ආදී අංශවල වඩා හොඳ සේවාවන් සැපයීමට මග පෑදෙයි. මේ සියල්ලෙහි ප්‍රතිඵලය වනුයේ ජනගහනයක ජීවන තත්ත්වයෙහි ඉහල යාමයි.
ජාතියක ආර්ථික වර්ධනය කෙරෙහි සාධක ගණනාවක් බලපෑ හැකිය: (කාර්මික යන්ත්‍රෝපකරණ වැනි ආර්ථිකයෙහි) ප්‍රාග්ධන භාණ්ඩවල ප්‍රමාණය සහ ගුණය ඉහළ යාම්, (ආර්ථිකයෙහි) ශ්‍රම බලකායේ සහ ස්වභාවික සම්පත්වල ඉහළයාම්, ඉහළ ඵලදායීතාවට මගපාදමින් මෙම සාධකවල කාර්යක්ෂම භාවිතය ඉහළයාම්; තාක්ෂණික වැඩිදියුණුකිරීම් සහ නිශ්පාදන නවෝත්පාදනයන්; මෙන්ම සමස්ත ඉල්ලුමෙහි ඉහළයාම් දැක්විය හැකිය. නිශ්පාදනය සහ බෙදාහැරීම වඩාත් කාර්යක්ෂමවීම ලාභ භාණ්ඩවලට ඉඩ සලසන අතර ශ්‍රමිකයන්ගේ මූර්ත වැටුපෙහි ඉහළයාම්වලටද මග පාදයි. නැවතත් එය ඉල්ලුම ප්‍රබෝධමත් කිරීමට බලපායි.
රටක් කාර්මීකරණය වෙද්දී මෙම සාධක සියල්ල කරළියට එයි — මෙය, දහ අට වනි සහ දහනව වැනි සියවස්වලදී කාර්මික විප්ලව සමයේ යුරෝපයේ සහ උතුරු ඇමරිකාවේ සිදු වූ, අද බ්‍රසීලය, ඉන්දියාව සහ චීනය ආදී රටවල සිදුවන ක්‍රියාදාමයයකි. පසුව කී රටවල වර්තමානයේ වර්ධන වේගයන් බටහිර රටවල් බොහෝ සේ අභිබවයි.
වර්ධනයම මූලික අරමුණක් කර ගැනීම ගැන දෘෂ්ටිකෝණ ගණනාවකින්ම විවේචන එල්ලවී තිබේ. වර්ධනය කෘතිම ඉල්ලුමට මගපෑදිය හැකිය යන්න එවැන්නකි. තමන්ට එවන් අවශ්‍යතාවක් පිළිබඳව කිසිදු හැඟීමක් කලින් නොතිබුණේ වී නමුදු නවතම නිශ්පාදනය තමන් අත්පත් කර ගැනීම අත්‍යවශ්‍යයයි සිතෙන පරිදි පාරිභෝගිකයා පොළඹවා ගැනීම කෘතිම ඉල්ලුම මගින් සිදු කල හැකිය. සීමාවකින් තොරව සිදුවන වර්ධනයෙහි ප්‍රතිඵලයක් ලෙස ලෝහ සහ ෆොසිල ඉන්ධන වැනි පුනර්ජනනීය නොවන ස්වභාවික සම්පත් ක්ෂයවී යාමක් ද සිදු විය හැකියි. එපමණක් ද නොව එවන් අසීමිත වර්ධනයක් සමග පරිසරයට කල්පවතින හානියක් ගෙන එන කාර්මික සහ කෘෂිකාර්මික භාවිතයන් ද එක්විය හැකිය. මේ හේතු නිසාවෙන් සමහරුන් යෝජනා කරන්නේ මේ මිහිතලය දිගුකාලයක් තිස්සේ තිරසාරව පවත්වා ගෙනයාහැකි හැකි මට්ටම්වලට වර්ධනය සීමා කළ යුතු බවයි.