මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහි තවත් ලිපියක්

මානව සමාජයන් විසින් ලොව පුරා පුරාණෝක්ති බිහිකර තිබේ. ඒ, අප ජීවත්වන ලෝකය තේරුම්බේරුම් කර ගනීමේ ක්‍රියා මාර්ගයක් ලෙස මෙන්ම (එම පුරාණෝක්ති නිර්මාණය කළ) තම කන්ඩායම් හෙවත් පිරිස්වල අනන්‍යතාව වෙරගැන්වීමෙ ක්‍රමයක් ලෙස යන දෙකම උදෙසාය. මේ මිහිතලය මත විවිධ සෘතු ඇතිවන්නේ කෙලෙසද යන්නේ සිට මානව වර්ගයාගේ ප්‍රභවය දක්වා වූ ස්වභාවික සංසිද්ධි පැහැදිලි කිරීම පමණක් නොව නපුර, මරණය සහ කාලය වැනි දේවල් පැහැදිලි කිරීමට පුරාණෝක්ති  මගින් උත්සාහ දරනවා විය හැකියි.

Image result for mythopoeia

විශ්වය බිහිවීම ගැන කරුණු දැක්වෙන පුරාණෝක්ති විශ්වසම්භව ශාස්ත්‍ර(cosmogonies) වශයෙන් හඳුන්වනු ලබන අතර එවන් පුරාණෝක්ති පූර්වඥානන(prescientific) ජනතාවන් අතර බෙහෙවින් සුලබය. ඒ ආකාර පුරාණෝක්ති සතුව තිබූ කරුණුකාරණා පැහැදිලිකිරිමේ භූමිකාව විද්‍යාව මගින් අත්පත් කරගෙන ඇත ද, ඒවායේ භාවාත්මක සහ ආධ්‍යාත්මික අනුනාදය (තවදුරටත්) පැවතිය හැකිය.‍

Image result for excecution of joan of arc

 

ගෝත්‍රවල සිට ජාතීන් දක්වා වූ විවිධ ප්‍රජාවන් ඒකාබද්ධකිරිමේ දී පුරාණෝක්ති ඉටු කරන කාර්යභාරය තවදුරටත් වැදගත් වේ.  එවන් පුරාණෝක්ති වලට (එංගලන්තය සමග පැවති දීර්ඝකාලීන යුද්ධයේ දී ප්‍රංශය ජයග්‍රහනය කරා මෙහෙයවීම පිණිස දෙවියන් වහන්සේ විසින් තොරාගනු ලැබූ තැනැත්තිය තමන් යයි විශ්වාස කළ ගැමි යුවතිය  ජෝන් ආර්ක් හෝ අමෙරිකාවේ ජෝර්ජ් වොෂිංග්ටන් වැනි) ජාතික විරුවන් නැතහොත් (‘මේෆ්ලවර්’ නෞකාව ගොඩබැස්සවීම හෝ ඩන්කර්ක් වලින් මිත්‍ර හමුදා ගලවා ගනුලැබූ ඩයිනමෝ යනුවෙන් ද නම්කෙරුණු ක්‍රියාන්විතය වැනි) ඓතිහාසික සිදුවීම් ද බොහෝ විට සම්බන්ධ වේ.

Image result for cosmogonies

මිථ්‍යා නිර්මාණය(mythopoeia) යනුවෙන් දැක්වෙන  පුරාණෝක්ති ගෙතිම අදටත් පවතින ක්‍රියාදාමයකි — එහෙත් එය එන්ට එන්ටම රජයේ වන්දිභට්ට ප්‍රචාරකයන්ගේ සහ මහජන සම්බන්ධතා හෙවත් ප්‍රචාරක විශේෂඥයන්ගේ ග්‍රහනයට නතුවෙමින් පවතී.

BIG IDEAS IN BRIEF (QUERCUS, 2013) නම් ග්‍රන්ථයේ එන MYTH යන කොටස ඇසුරෙනි

One response to “සංකල්ප සාර සංග්‍රහය 108: පුරාණෝක්ති හෙවත් මිථ්‍යා කතා(Myth)”

  1. මම ඉතාම අගය කරන ලිපි පෙලක් .

    කැමතියි

Lal fernando වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending