සැමට විදු නැන නුවණ – Science Literacy for All

හරිත-මිත්‍ර බලශක්තිය: විකල්ප ඉන්ධන

ෆොසිල ඉන්ධන වලට විකල්පයක් වශයෙන් හයිඩ්‍රජන් වල ගුණා’ගුණ ගැන අපි පසුගිය සතියේ සාකච්ඡා කළෙමු.  බාගදා අප හයිඩ්‍රජන් සම්බන්ධයෙන් නිසි අන්දමට කල්පනා නොකරනවා විය හැකියි. ස්වභාවික වායු යනු අවශ්‍යයෙන්ම, එක් කාබන් පරමාණුවක් සහ හයිඩ්‍රජන් පරමාණු 4ක අණුවකින් සැදි,  මීතේන් ය. හයිඩ්‍රජන් මුදා ගැනීම පිණිස ස්වභාවික වායු ජලවාෂ්ප සමග ප්‍රතික්‍රියා කරනු වෙනුවට දැන් මැඩ්රිඩ් හී තාක්ෂණික විශ්ව විද්‍යාලයේ සේවය කරන ඇල්බර්ටෝ ඇඩනාඩෙස්  සහ ඔහුගේ කණ්ඩායම හිතාගන්න බැරි තරම් සරල සැලැස්මක් වර්ධනය කරනු ලැබ ඇත. ඒ, මීතේන් සමන්විත වන පරමාණු අමිශ්‍ර, පාරිශුද්ධ හයිඩ්‍රජන් සමඟ එක් කළ නිෂ්ක්‍රිය (inert) පරමාණුක කාබන් හෙවත් දැලි ලෙස ‘බිඳ’ (බුන් කිරීම) දැමීමයි.

 

මේ කියන තරමටම කාරණය සරල නම් මේ වන විට එය කර අවසන් වන්නට තිබුණි. කාබන් හයිඩ්‍රජන් දාම බිඳ දැමීම පිණිස ශක්තිය විශාල වශයෙන් වැය වේ. ඒවා නිරායාසයෙන්ම ‘බුන් වීම’ ආරම්භ වන්නේ සෙන්ටිග්‍රේඩ් අංශක 550 හෝ එවන් උෂ්ණත්වයන්හි දී ය. සාමාන්‍යයෙන් නම් සෙන්ටිග්‍රේට් අංශක 800 වැඩි උෂ්ණත්වයක් අවශ්‍ය වේ. එහෙත් ඊට වඩා බරපතළ ප්‍රශ්නයක් ඇත. දැලි! මීතෙන් බුන් කිරීම කර්මාන්ත මට්ටමින් සාධ්‍ය කිරීමට ගත්  කලින් ප්‍රයත්නයන්, උපන් ගෙයිම වළලා දමනු ලැබීමට බලපෑවේ මෙයයි: අඩු උෂ්ණත්වවලදී ප්‍රතිචාර අනුපාත ඉහළ දමනු වස් Universal Oil Products පෙට්ට්‍රෝලියම් සමාගමේ රසායනඥයන් විසින් භාවිත කරන ලද නිකල් – යකඩ – කෝබෝල්ට් උත්ප්‍රේරකය (catalyst) දැලි තට්ටුවකින් වැසී ගියේය. ඔවුන් ගේ පිළියම වූයේ කාබන් දවා දමා කාබන්ඩයොක්සයිඩ් සෑදීමයි.

එතැන් පටන් කොට  මීතෙන් බුන් කිරීම සම්බන්ධයෙන්  දිගටම තිබෙන දුක්ගැනවිල්ල ද එයම විය.  දැලි නතිනම් දුඹුල් සියල්ල අවහිර කර දමන අතර සම්පූර්ණ ක්‍රියාදාමයම එ කල ඇනහිටී. එය වැළැක්විය හැක්කක් නොවේ: කාබන් කොහේට හෝ යා යුතුමය. ඇබැනාඩෙස් ඉංජිනේරුවකු වශයෙන් ගත කර ඇති වසර 20 ක කාලය තුළ න්‍යෂ්ටික සූර්ය බලය ඇතුළු විවිධාකාර ශක්ති ජනන කටයුතුවල නිරතව සිට ඇත. ඔහුගේ පැරණි කණ්ඩායම් නායක කාලෝ රුබ්බියා ඔහුව  මුලින්ම මීතෙන් බුන් කිරීම් සඳහා යෙද වූයේ  2008 වර්ෂයේදීය. න්‍යෂ්ටික ක්ෂය වීම පාලනය කරන අංශු සොයා ගැනීම පිළිබඳව ඔහුගෙන් ඉටුවූ  කාර්යභාරය වෙනුවෙන් රුබ්බියාට භෞතික විද්‍යා නොබෙල් ත්‍යාගය හවුලේ හිමිවිය. එහෙත් වයස 70 ගණන් පසුකරමින් සිටින ඔහු ශක්ති නවෝත්පාදනය ගැන කලකින්ම අවධානය යොමුකර නොමැත. “මහාචාර්ය රුබ්බියා මට නිතරම කිවු දෙයක් තියෙනවා. හැමෝම කරන දේම කරන්න යන්න එපා කියලා තමයි ඔහු උපදෙස් දුන්නේ” යනුවෙන් ඇබැනාඩෙස් කියා සිටී.

සූර් වෙන කාර්

අස්ථාවර චර්යා රටාවක් ඇති හයිඩ්‍රජන් මෝටර් රියක ඉන්ධන ටැංකියකට සම්පිණ්ඩනය කිරීම නෛසර්ගිකවම දුෂ්කර කාර්යකි. එහෙත් හයිඩ්‍රජන් ප්‍රථමයෙන්ම මෙතනෝල් (methanol) වැනි ද්‍රව මධ්‍යසාරයකට හැරවිය හැකි නම් ඒ ප්‍රශ්නය ඉබේටම විසඳී යයි. ගබඩාකර තබා ගැනීමේ පහසුව හැරුණු කොට මෙතනෝල් නිත්‍ය අභ්‍යන්තර දහන එන්ජින්වල භාවිත කළ හැකිය. ඇත්තවශයෙන්ම මෙතනෝල් පෙට්‍රල්වලටත් වඩා හොඳින් ක්‍රියා කිරීමට පවා හැකිය. මීතෙන් සමග සංසන්දනයේ දී මෙතනොල්වල අඩංගු වන්නේ වැඩිපුර අතිරේක ඔක්ෂිජන් එක් පරමාණුවක් පමණි. එහෙත් එය ස්වභාභාවික වායුවෙන් සෑදීම දුෂ්කර කාර්යයකි. හයිඩ්‍රජන්, කාබන් ඩයොක්සයිඩ් සමග එක් කිරීමෙන් එය කිරීම සංසන්දනාත්මකව වඩාත් පහසුය, ඇන්ජිමක මෙතනෝල් දහනය තුළින් කාබන් ඩයොක්සයිඩ් වායු ගෝලයට එක්වන බව ඇත්තකි. එහෙත් ප්‍රථම වශයෙන්ම  යොදා ගනු ලබන්නේ වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් නම් එවිට සමස්ත ක්‍රියාවලිය ගතහොත් කාබන් උදාසීනය. මේ ආකාරයට මෙතනෝල් ජනනය සඳහා යන්ත්‍රාගාරයක මූලාකෘතියක් නිපදවන සමාගමක් හා එක්ව කටයුතු කිරීමට අදහස් කරන බව කැනඩාවේ වෝටර්ලු  විශ්වවිද්‍යාලයේ එරික් ක්‍රොයිසෙට් පවසයි.

වෙනත් විකල්පයන් ද ඇත. ස්විස්ටර්ලන්තයේ ලව්සේන්හි ස්විස්ටර්ලන්ත ෆෙඩරල් තාක්ෂණ ආයතනයේ විද්‍යාඥයෝ හයිඩ්‍රජන් කෙලින්ම ෆෝලික් අම්ලය බවට පරිවර්තනය කෙරෙන ක්‍රමයක් ගැන 2014 දී වාර්තා කළහ. හයිඩ්‍රිජන් වාහන ගනු ලබන බැටරි ආකාර බලශක්ති පද්ධති වන ඉන්ධන සෛලවලට පරෙස්සම් සහිතව තැන්පත් කර තැබීමට ෆෝමික් අම්ලය විකල්පයක් විය හැකිය.

NEW SCIENTIST (THE COLLECTION): ESSENTIAL KNOWLEDGE (VOL FOUR-ISSUE THREE)  CHAPTER 10  Powering the Future හි GOING CLEAN යන කොටස ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: