සැමට විදු නැන නුවණ – Science Literacy for All

ග්ලයිපොසේට්වලට නිරාවරණයවීමෙන් පිළිකා අවදානම 41%න් වැඩිවෙයි.

පෙර සිදුකළ අධ්‍යයන පිළිබඳ නව පශ්ච-විශ්ලේෂණයක් (meta-analysis) මේ බව අනාවරණය කරයි.

 

ග්ලයිපොසේට් ලොව පුරා වැඩියෙන්ම භාවිත වන වල්පැලෑටි නාශකයයි. පිළිකා පිළිබඳ පර්යේෂන සඳහා වූ අන්තර්ජාතික ඒජන්සිය(International Agency for Research on Cancer) ග්ලයිපොසේට් ‘ඇතැම්විට  මනුෂ්‍යයන්ට පිළිකා කාරකයක් විය හැකි ය’ යි  2015 දි වර්ගීකරනය කිරීමත් සමගම ග්ලයිපොසේට් භාවිතය  මහත් ආන්දෝලනයකට තුඩු දී ඇත.

මේ සියවස  ආරම්භයේ  සිට සිදු කල අධ්‍යයන වලින් පළිබෝධනාශක  අතරත් සහ, හොජ්කින් ලිම්පෝමා නොවන රෝගාබාධය(non-Hodgkin lymphoma (NHL) ඇතුළුව පිළිකාව අතරත්  දැඩි සම්බන්ධයක් නැතයි තිරණය කෙරුණු බව රොයිටර් ප්‍රවෘත්ති සේවය ඒ කාලයේ  වාර්තා කළේය.

නව අධ්‍යනය වනාහි 2001 වසර සහ 2018 වසර අතර පලවූ වසංගතවේදීය අධ්‍යනයන්ගේ පරිපූර්ණ සමාලෝචනයකි. ඊට කෘෂිකාර්මික සේවකයන් දහස් ගණනකගේ සෞඛ්‍යය නිරික්සුම් කරමින් පසුගිය වසරේ සිදුකළ මහා කෘෂිකාර්මික සෞඛ්‍ය අධ්‍යයනයද ඇතුළත්ය. 2019 පෙබරවාරි මැද ප්‍රසිද්ධ කළ නව අධ්‍යයන වාර්තාව සකසන ලද්දේ එම පැරණි අධ්‍යයන වාර්තා පිළිබඳ නිසි පශ්ච-විශ්ලේෂනය්ක් කරමිනි. ග්ලයිපොසේට්වලට බොහෝ සේ නිරාවරණය වන අයට  හොජ්කින් ලිම්පෝමා නොවන රෝගාබාධය වර්ධනය වීමේ අවදානම සියයට 41කින් වැඩි යයි නව අධ්‍යයනය පෙන්වාදෙයි.

සමාලෝචනය කළ එක් එක් අධ්‍යයන වාර්තාව සම්බන්ධයෙන් පර්යේෂකයෝ ග්ලයිපොසේට් රසායනයට වඩාත්ම දැඩිව නිරාවරණය වන කණ්ඩායම් ගැන අවධානය යොමු කළහ. “ග්ලයිපොසේට්  සහ ඊට හොජ්කින් ලිම්පෝමා නොවන රෝගාබාධය සමග ඇති සම්බන්ධතාව ගැන වඩාත්ම අළුත් විශ්ලේෂණ මේ පර්යේෂණය මගින් සපයනවා. පළිබෝධනාශක විදින්නන් ලෙස ලියාපදිංචි කෘෂිකාර්මික සේවකයන් 54,000කට අධික පිරිසක් සම්බන්ධයෙන් සිදුකළ 2018 වාර්තාවක් ද ඊට එකාබද්ධ කර තිබෙනවා” යයි අධ්‍යනයේ සම කර්තෘ රැෂෙල් ෂාෆර්  පුවත් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. අධ්‍යනයේ සොයාගැනීම්  පිළිකා පිළිබඳ පර්යේෂන සඳහා වූ අන්තර්ජාතික ඒජන්සියේ වර්ගීකරණය හා ගැලපෙන බව ඇය වැඩිදුරටත් සඳහන් කරයි.

“සමස්තයක් වශයෙන් ගත් කල, සම්පරීක්ෂණමය සත්ව සහ යන්ත්‍රවාදී අධ්‍යයන වල සාක්ෂි හා අනුකූලව අපගේ වර්තමාන පශ්චවිශ්ලේෂණය දක්වන්නේ ග්ලයිපොසේට් පාදක වල්නාශකවල නිරාවරණයවීම  සහ හොජ්කින් ලිම්පෝමා නොවන රෝගාබාධ අවදනම වැඩිවීම අතර අවධානය අත්හැරිය නොහැකි සම්බන්ධයක් තිබෙන බවය” යි අධ්‍යයන වාර්තාවේ සඳහන් වෙයි.

මෙම නිගමනය,  මතභේදයට තුඩුදුන් ග්ලයිපොසේට් රසායනය ‘මිනිසුන් සම්බන්ධයෙන් පිළිකාමය නොවන්නට ඉඩ ඇත” යනුවෙන් 2017 දී ප්‍රකාශයට පත් කළ කලින් සිදු කළ විද්‍යාත්මක ඇගැයීම් සහ ඇ.එ.ජ.පරිසර සංරක්ෂණ ඒජන්සිය ඇතුළු අන්තර්ජාතික රාජ්‍ය ආයතනවල ප්‍රතිඵලවලට පටහැණී වේ.

නව පර්යේෂණය වොෂිංග්ටන් විශ්වවිද්‍යාලය, කැලිෆෝනියා විශ්වවිද්‍යාලය සහ නිව්යෝක් හි මවුන්ට් සයිනායි ඉචාන් වෛද්‍යවිද්‍යාලය ඒකාබද්ධව සිදු කරන ලද්දකි. ඊට සම්බන්ධ පර්යේෂකයන් පස්දෙනාගෙන් තිදෙනෙකුම ග්ලයිපොසේට් සම්බන්ධ  ඇ.එ.ජ.පරිසර සංරක්ෂණ ඒජන්සියේ උපදේශක මණ්ඩලයේ සාමාජිකයන් වන අතර ග්ලයිපොසේට්  හා පිළිකාව අතර සම්බන්ධයක් නැතැයි තීරණය කිරීමේ දී එම ඒජන්සිය නිසි විද්‍යාත්මක ක්‍රියා පටිපාටි අනුගමනය කිරීමට අසමත්ව ඇතැයි ප්‍රසිද්ධියේ ප්‍රකාශ සිදු කළ අයවළුන්ය.   “මේ රසායනය පිළිකාමය බවට සාක්ෂි තිබේ ද? පිළිතුර ‘ඔව්’ යන්නයි” යනුවෙන් අධ්‍යයනයේ ජ්‍යෙෂ්ඨ කර්තෘ ලීඈන් ෂෙපර්ඩ් කියා සිටින්නීය.

ඇ.එ.ජ.පරිසර සංරක්ෂණ ඒජන්සියේ  ප්‍රකාශකයෙක් ගාඩියන් පුවත්පතට ප්‍රකාශයක් කරමින් කියා සිටියේ “අප අධ්‍යනය සමාලෝචනයට ලක්කරන්වා” යනුවෙනි.

ග්ලයිපොසේට් නිශ්පාදනය කළ මොන්සන්ටෝ සමාගම මිළ දී ගත් දැවැන්ත ඖෂධ සමාගමක් වන බේයර් දිගින් දිගටම පිළිකා සම්බන්ධය ප්‍රතික්ෂේප කරයි. නව අධ්‍යනය දෝෂ සහගත යයි කියා සිටින බේයර් සමාගම ” ඒ ගොල්ලෝ තෝරාගෙන තියෙන්නේ ඒ අයට වාසිදායක සාක්ෂි පමණයි” යනුවෙන් සඳහන් කරයි. රසායනය,  හොජ්කින් ලිම්පෝමා නොවන රෝගාබාධය හට ගැනීමට බලපාන්නේ යයි (අමෙරිකා එක්සත් ජනපදයේ) විශ්වාස කරන්නන් ගොනු කළ නඩු 9,000 කට වැඩි ප්‍රමාණයකට මුහුණ දීමට සමාගමට සිදුවී ඇත.

Eco-watch Science හී පළවූ   Glyphosate Exposure Increases Cancer Risk Up to 41%, Study Finds යන ලිපිය අසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: