මුළු ලොව පුරා සෑම ගැහැණු ළමයි දහ දෙනකුගෙන් දෙදෙනෙක්ද, සෑම පිරිමි ළමයි දහදෙනෙකුගෙන් එක් කෙනෙක්ද ළමා වියේදීම ලිංගික වශයෙන් අපයෝජනයට භාජනය වී ඇත. මෙම සංඛ්‍යාලේඛන සමස්ත ලෝකය වෙනුවෙන් නිසා ඒ ඒ රටවල මෙම තත්ත්වය සුළු වශයෙන් අඩු වැඩි විය හැකි වුවත් ලංකාවේ ළමුන්ද ලිංගිකව අපයෝජනයට ලක් වන බව සැඟවිය යුතු රහසක් නොවේ. කෙසේ වෙතත්, මෙම සංඛ්‍යාලේඛන වලින් දැක්වෙන්නේ ඇත්තටම ලිංගික අපයෝජනය පිළිබඳව වාර්තාවන අවස්ථාවන් පමණි. ලැජ්ජාව, බිය, සමාජ ආකල්ප, නොදැනුවත්කම ආදී විවිධ හේතූන් නිසා බොහෝමයක් අවස්ථා වාර්තා නොවීම මගහැරී යනවා විය හැකියි. එහෙයින් මේ ගැන සැලකීමේදි ප්රශ්නයේ මහත්තාව(magnitude) ගැන නිවැරදි අවබෝධයක් තිබිය යුතුය. අදින් ඇරඹෙන මේ ලිපි පෙළ මඟින් අප උත්සාහ කරන්නේ මෙම උවදුරට ලක්විය හැකි (හෝ ලක්වූ) කොටස් වෙත සෘජුවමත් එමෙන්ම දෙමාපිය වැඩිහිටි ආදී අනෙකුත් කොට්ඨාශත් ආමන්ත්‍රණය කිරීමටයි.
ළමා ලිංගික අපචාරයෙහි සංඥා සහ ලක්ෂණ
ළමුන් ලිංගික අතවර සහ අපචාරයන්ට ලක් වූ විට එය වාර්තා වීමට ඇති ඉඩකඩ අඩු බව අප ගිය සතියේ ලිපියෙහි සඳහන් කළා ඔබට මතක ඇති. මෙහි අවසනාවන්ත ප්‍රතිඵලය වන්නේ ඊට ගොදුරු වූ ළමයා(වින්දිතයා) සහ ඊට ගොදුරු කරගත් අය(අපරාධකරු) හරුණු කොට දෙමාපියන්, භාරකරුවන්, හෝ ළමයාගේ සුබ සිද්ධිය පතන කිසිවෙකුත් ඒ ගැන දැන නොසිටීමට ඉඩ තිබීමයි. තමුන්ගේ දරුවා ඒ ආකාරයේ අතවරයකට ලක් නොවෙතැයි සිතීමෙන් ද එම ප්‍රතිඵලයම අත් වේ. මෙය මග හරවා ගත හැක්කේ ළමුන් ගැන නිරන්තරයෙන් සහ අඛන්ඩව සැලකිල්ල යොමු කිරීමයි. මෙහි පහත දක්වා ඇත්තේ එවැනි රහස්‍ය අපරාධයකට ලක්වූ ළමයින් හඳුනා ගැනිමට ඉවහල් වන ඉඟි, හෝඩුවාවල්, ලක්ෂණ, සහ සංඥා කිහිපයකි. මින් සමහරක් ඔබේ දරුවාගේ සාමන්‍ය චර්යාවට අයත් විය හැකි බව ඇත්තකි. එහෙත් එසේ යයි උපකල්පනය කරමින් මේවා ගැන තවදුරටත් සොයබලන්නට තීරණය කිරීම, අඩුම තරමින්, අමනොඥ ක්‍රියාවකි.
ලිංගික අතවරයන්ට, අපචාරයන්ට ලක්වන ළමුන්ගේ ලක්ෂණ සහ ඔවුන් වෙතින් පළවන සංඥා ඇතැම්විට, මානසික විෂාදය(depression) හෝ තදබල කාංසාව(anxiety) සහ ස්නායු චකිතය(nervousness) යන රෝගාබාධවල සංඥා හා ලක්ෂණවලට සමානය. හඳුනාගැනීමේ පහසුව තකා අපට මේවා කාණ්ඩ දෙකකට බෙදා වෙන්කොට සලකා බැලිය හැකිය.
ප්‍රකටවන කායික, චර්යාමය සහ/හෝ මානසික ලක්ෂණ
- සාමාන්‍යෙයන් ලිංගික ප්‍රදේශයන්හි වේදනාව හේතුවෙන් ඇවිදීම හෝ හිටගෙන සිටිමේදී දුෂ්කරතා දැක්වීම.
- දරුවාගේ වයසට අනුකූල නොවන හෝ යෝග්‍ය නොවන මට්ටමකින් ලිංගික ක්‍රියා සම්බන්ධයෙන් දැනුමක් පෙන්නුම්කිරීම හෝ ලිංගික ක්‍රියා ගැන උනන්දුවක් දැක්වීම. ඇතැම්විට වෙනත් අය ලිංගිකව ආකර්ෂණය කර ගැනිමට හෝ පොළඹවා ගැනීමට පවා උනන්දුවන බවක්පෙන්නුම් කරන චර්යා ප්‍රදර්ශනය කිරීම
- (කවුරුත් දන්නා අමනාපයක්, කෝපයක් හේතුවෙන් නොව) අහවල් හේතුවක් කියා නොමැතිව නිශ්චිත පුද්ගලයෙකුගෙන් වසන් වීමට හෝ මඟහැරයාමට වින්දිතයා නිරන්තරව උත්සාහ දැරීම
- (ළමයාගේ සාමාන්‍ය පුරුද්දක් නොවන අවස්ථාවල) අනුන් ඉදිරියේ ඇදුම් මාරුකිරීම (ගැලවීම හා පැලදීම) හෝ ශාරිරික ක්‍රියාකාරකම්වල නිරතවීමට මැළිකමක් දැක්වීම හෝ නොකර සිටීම
- ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග (sexually transmitted diseases – STDs) මෙය විශේෂයෙන්ම ගැටවර වියේදී දැකිය හැක්කක් වන්නට පුළුවන.
- ගැබ් ගැනීම
- නිවසින් පළා යාම
- කාගෙන් නැතිනම් කෙහෙන් අහුලා ගත්තා දැයි දැනීමක් නොමැතිව ලමයා, ශරීර කොටස්(විශේෂයෙන්ම ලිංග ආශ්රිත කොටස්) සඳහා අලුතෙන් වචන පෙළක් භාවිත කිරීම
- තමන්ට වඩා වයසින් වැඩි අය සමග නව අසුරකට දරුවා පෙළඹීම හෝ තිබෙන ඇසුර එකවරම වාගේ බෙහෙවින් වර්ධනය වීම. පැහැදිලි කළ නොහකි ලෙස බොහෝ විට මෙවැනි අවස්ථාවල (අවශ්‍යයෙන්ම නොවුණත්) දරුවා අත මුදල්, තෑගි බෝග ගැවසීම මෙන්ම (ඇතැමුන්ගෙන්) යම් (නව) වරප්‍රසාද භුක්තිවිඳීම
- අන්තර්ජාලයේ ගැවසෙද්දී හෝ දුරකථන සංවාදවල යෙදෙද්දී වෙනදාට වඩා රහස්‍ය ස්වභාවයක් දැක්වීම මෙන්ම එවැනි අවස්ථාවල ඇහෙයි දෝ බියෙන් මෙන් අවට අය දෙස සැකමුසුව හැසිරීම
සෞඛ්‍යමය ලක්ෂණ
- සීරීම්, තැලීම්, තුවාලවීම්. හේතු පැහැදිලි කිරීමට ළමයා අසමත්වන හෝ ළමයා යම් සිද්ධියක් සම්බන්ධයෙන් කියන කතාව හා ගැළපෙන්නේ නැති අතින් පයින්, පටියකින් හෝ වෙත් දෙයකින් පහර දීමකදී මෙන් යම් රටාවක් සහිත තුවාල
- ලිංගික ප්‍රදේශවල රුධිර වහනය හෝ තුවාල සිදුවීම
- ඉබේ මල පහවීම (encopresis) ඇතුළුව උදරාබාධ, කෑම අරුචිය වැනි ආහාර ගැනීමේ ආබාධයන්
- මුත්‍රා කරන විට හෝ මලපහ කරනවිට ලිංගික හෝ ලිංගික ආශ්රිත ප්‍ර දේශවල වේදනා ඇතිවීම. යෝනී ප්‍රදේශයේ කැසීම් ආදිය හෝ යෝනියෙන් පහවීම්
- පැහැදිලි හේතුවකින් තොරව හිතේ රුදාව හෝ බඩේ කැක්කුම් ආදි අපහැදිලි ශාරීරික ආබාධ ගැන නිතර පැමිණිලි කිරීම
- නිදාගැනීමට අදාළ ප්‍රශ්න මතුවීම
- සමාජ චර්යාවන් වෙනස්වීම
- රහසින් හෝ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ බවක් පෙනී යාම
- පාසලෙන් කට්ටි පැනීම සහ හෝ පාසල් අධ්‍යාපන කටයුතු පිරිහීම
- නුවමනා මට්ටමක (බාගදා වෙනදා නොමැති) කීකරුකම හෝ ආක්‍රමණශීලී බව
- අධික බයක් දැක්වීම හෝ බියපත් හැසිරීම
- තමුන් වරදක් කර ඇතැයි යන කල්පනාවෙහි නිතර නිමග්නවීම
- වෙනදා සාමාන්‍යෙයන් නිරතවන කටයුතුවලින් හිටි අඩියේ ඉවත් වීම
- දෙමාපිය සහෝදර ආදී කිට්ටුවරයන්ගෙන් එකවරම වාගේ ඈත්ව සිටීමට උත්සාහ දැරීම හෝ වෙනදා නොමැති ආකාරයට ආදරය කරුණාව පැතීම
- ආත්ම විශ්වාසය හා ආත්ම අභිමානය පහළයාම
- තමන්ට හානි පමුණුවා ගැනීමට සහ සියදිවි හානිකර ගැනීමට උත්සාහ කිරීම.
eschooltoday හි පළවන Your basic guide to sexual child abuse ලිපියෙහි What causes child abuse? කොටස ඇසුරෙනි. මෙහිදී WebMD සහ StopItNow වෙබ් අඩවි වලින් ද අතිරේක කරුණු එක්කරගන්නා ලදී.