Posted by

වෛරස ජාන සත්ව ජෙනෝම ආක්‍රමණය කර   උරුම කර ගනී.

සමහර මීයන්ගේ ජෙනෝමයෙහි, සිය පියවරුන් ආසාදනය කළ වෛරසයකින් ආ අනුක්‍රම ඇත. ඈත අතීතයේ මේ වගේ සිදුවීම් කොතෙකුත් සිදු වන්නට ඇති බව අප දැන සිටියත් එය ක්‍රියාත්මක තත්ත්වයෙන් නිරීක්ෂණය වූ ප්‍රථම අවස්ථාව මෙය වේ. තවද ඊට සම්බන්ධ වූයේ මෙවැන්නක් කළ නොහැකි යැයි අප කල්පනා කළ වයිරසයක් වීමද විශේෂයකි.

“මෙයින් තේරුම් ගත යුත්තේ සතුන්ගේ DNA අප සිතා සිටියාට  වැඩියෙන් වෛරසවලින් උත්පාදනය වන බව යයි” ජපානයේ නගෝයා  විශ්වවිද්‍යාලයේ අයිචි  හොන්ඩෝ ප්‍රකාශ කරයි. මෙයින් තව දෙයක් ද ගම්‍ය වේ. සතුන්ගේ ජාන වෙනස් කිරීමෙන් වෛරස වසංගතවලට සතුන්ගේ ගති ලක්ෂණ ද (characteristics) විවර්තනය කළ හැකි(මද වෙනස් වීමක්)  බවද  හොන්ඩෝ පෙන්වා දෙයි. “අනාගතයේ ඇතිවන වෛරස් රෝග වසංගත මගින් ක්ෂීරපායීන්ගේ රූපාකාර හෝ කෘත්‍යයන් ඔවුන්ගෙන් පැවත එන්නන් අතරේ ඉතා ඉක්මනින් විවර්තනය කළ හැකියැයි අප විශ්වාස කරනවා” යනුවෙන් හෙතෙම කියා සිටී.

කෘන්තකයන් අතරේ සංසරණය වන එහෙත් මනුෂ්‍යයන් ඇතුළු පුළුල් පරාසයක සතුන්ද ආසාදනයට ලක් කළ හැකි Encephalomyocarditis virus (EMCV) නම් වෛරසය පර්යේෂකයන්ගේ අධ්‍යයනයට ලක්විය. දීසියක වර්ධනය වන මීයන්ගේ සෛල වෘෂණ ජෙනෝමයකට EMCV අනුකලනය විය හැකි බව පර්යේෂකයෝ ප්රථමයෙන් පෙන්වා දුන්හ. ඊළඟට හොන්ඩෝ සහ ඔහුගේ සගයන් පිරිස කළේ පිරිමි මීයන්, EMCV වෛරසයෙන් ආසාදනය කර අනතුරුව නොමැරී බේරුණු මීයන්ට අභිජනනය සඳහා ඉඩ සැලසීමයි. එහිදී ඔවුනට  ජනිතයන්ගේ කන්පෙතිවල වෛරස ජානමය අනුක්‍රමයන් පිළිබඳ ලකුණු සොයාගැනීමට හැකි වුණත් එම මීයන්ගේ පියවරුන්ගෙන් එවැන්නක් හමු වී නැත. ජනිතයන්ගේ සම්පූර්ණ ජෙනෝමය පර්යේෂකයන් දැන් අනුක්‍රමණය කරන්නේ,  අනුකලනය කිරීමට ලක් වුණේ කුමන වෛරසය ද  ඒ කොයිබද යන්න සොයා ගැනීම පිණිසයි. කලින් අදහස් කර තිබුනේ, ජනිත ජෙනෝමයට මේ ආකාරයට වෛරස ජාන පැවරීම සිදුවන්නේ වසර ලක්ෂ කිහිපයකට වරක් පමණක් යනුවෙනි.

එහෙත් පර්යේෂක කණ්ඩායමෙහි සොයාගැනීම් පුදුම එළවනසුලූ වන්නට එකම හේතුව මෙය නොවෙයි. “EMCV වෛරසය ජෙනෝමයට කොහොමටවත් අනුකලනය  විය යුතු නැහැ” යයි මැසචුසෙට්හි  ටෆ්ට්ස් වෛද්ය විද්යාලයේ ජොන් කොෆින් කියා සිටී.මෙයට හේතුව වන්නේ සතුන්ගේ  ජෙනෝම  DNA  වලින් සමන්විත වන නිසා ඊට එක කළ හැක්කේ DNA වලින් සෑදුණු  අනුක්රමණය පමණක් වීමය. කෙසේ වෙතත් වෛරසය බොහොමයක ජෙනෝම සෑදී ඇත්තේ RNA වලිනි.

රෙට්රොවයිරසය (retroviruses) යනුවෙන් දැක්වෙන එක් කණ්ඩායමක් මෙම අපහසුව මගහරවා ගන්නේ ඒවායේ RNA, DNA බවට පරිවර්තනය කෙරෙන එන්සයිම නිපදවීමෙන් ය. එවිට වෛරසය එමගින් ආසාදනයට පත් කෙරෙන සෛලයක ජෙනෝමයට සිය ජාන එක් කරන්නේ වසර ගණනාවක් සැඟව සිටීමට ය. රෙට්රොවයිරසයක් වන HIV ශරීරයෙන් ඉවත් කිරීම මෙතරම් අසීරු වන්නේ එබැවිනි.

කලින් අදහස් කෙරුණේ EMCV ඇතුළු රෙටේරොටයිරස නොවන RNA වෛරසවලට සතුන්ගේ ජෙනෝමයන්ට ඇතුල් විය නොහැකි බවයි. එසේ වුවද, මිනිසුන්, කෘන්තකයින් සහ අලින් වැනි ඇතැම් ක්ෂීරපායි අතරේ, බොර්නාවයිරසය (bornavirus) නම් රෙට්රෝවයිරසයක් නොවන RNA වෛරසක  ජාන පවතින බව 2010 වර්ෂයේදී කොෆින් ඇතුළු අනෙකුත් පර්යේෂකයෝ පෙන්වා දුන්හ. එහෙත් එහි  RNA, DNA වට පරිවර්තනය වී,  ධාරක ජෙනෝමයකට පූට්ටුවීමේ අවස්ථාවන් ඇතිවිය හැකි සෛලවල න්‍යෂ්ටිකයෙහි දී බෝනවයිසර අනුරූප සාදන බව කොෆින් කියා සිටී.  මෙයට පරස්පරව EMCV,  න්‍යෂ්ඨියෙන් බැහැරව අනුරූප සාදන හෙයින් අනුකලනය කළ නොහැකි විය යුතු වන්නේය.

අදාළ රූපය

හොන්ඩෝ කියාන පරිදි, ක්ෂීරපායීන්ගේ ඇති DNA කුඩා කොටස් බොහෝ විට වෛරස් අනුක්‍රමණය සිහිගන්වයි. ජෙනෝම ආක්‍රමණය කිරීමට නොහැකි යැයි අප අදහස් කළ වෛරසවල මෙම අනුක්‍රමණයන්  ඇත්නම් එය බොහෝ විට බැහැර කෙරුණේ  සම්පාතයක්(coincidence) ලෙස සලකමිනි. මේ ආකාරයට සතුන් වෙත(දැනටමත්) පැනගෙන ඇති හෝ පැන ගැනීමට හැකියාව ඇති (ඊබෝලා සහ සිකා ඇතුළුව) ජානමය අනුක්‍රමයක් ඇත්තේ අනෙකුත් කුමන රෙට්රොවයිරස නොවන RNA වෛරසයන්ට ද යන්න සොයා බැලීමට ෆොන්ඩා ඇතුළු කණ්ඩායම අදහස් කරති.

 

New Scientist(International – 01.02.2020) සඟරාවෙහි  Virus genes seen invading animal genome and then being inherited යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.