සැමට විදු නැන නුවණ – Science Literacy for All

විද්‍යාඥයෝ කොරෝනා වෛරසයේ ව්‍යුහය සංගීතයට හරවති

හරිදේ හරිහැටි දැනගෙන ක්‍රියාත්මකවන්න

විද්‍යාඥයෝ කොරෝනා වෛරසයේ ව්‍යුහය සංගීතයට හරවති

ඔබත්, ලොව සෙසු බොහෝ දෙනා මෙන්, ලොව පුරා ආසාදන 14 ලක්ෂයකට වැඩියෙන් සහ  80,000 ඉක්මවන මරණ සඳහා(වගකිව යුතු වන කොරෝනා වෛරසයේ හි අනුරූප කිහිපයක්වත් දැක ඇතුවා නොඅනුමානය. (වෛරරස පියවි ඇසින් තබා සාමාන්‍ය අන්වීක්ෂයකින් පවා දැකගත නොහැකිය. විද්‍යාඥයන් එය දැකබලාගන්නේ ඉලෙක්ට්‍රෝන අණ්වීක්ෂ යොදා ගනිමිනි. කොරෝනා වෛරසයේ අප දැක ඇති අනුරූප අනුව එය මලක් තරමට  විශාල යයි අපට සිතුණාට ප්‍රමානයෙන් ගත් කළ ශොරෝන වෛරස අංශු සාමාන්‍යය 120 nm (.12 μm) පමණ වේ. ශූල(spikes) දිගින් ~20 nm (.02 μm) .

 

Pictorial illustration of a typical coronavirus. The organization of the spike (S), membrane (M), and envelope (E) glycoproteins is shown. The RNA is protected by the nucleocapsid proteins (N).

විද්‍යාඥයන් විසින් දැන් මේ වෛරසයට සවන්දීමට ක්‍රමයක් සකසා ඇත. ඒ මෙම වෛරසයේ ප්‍රකට ශූල හෙවත් ස්පයික්  ප්‍රෝටීන(spike protein) , සංගීතය බවට පරිවර්තනය කිරීමෙනි. ඔබට ඇසෙන ශබ්ද — මිණි කිංකිණි හඬ, තත්සර නාදය, ලයාන්විත හඬ — මේ සියල්ල ශූලාකාර ප්‍රෝටීනයේ විවිධ පැතිකඩ  නිරූපණය කරයි. (ධාරකයන්ගේ) සෛලවලට හොරෙන් ම ඇලී සිටීමට උපකාරී වන්නේ වෛරසයේ මතුපිටින් විහිදෙන මේ ශූලාකාර ප්‍රෝටීනයයි. අන් සියලුම ප්‍රෝටීන මෙන්ම ශූලාකාර ප්‍රෝටීන සෑදී ඇත්තේ ඇමයිනෝ අම්ල සම්මිශ්‍රණයකිනි. ශබ්ද ගැන්වීම යන අර්ථය දෙන sonification නමින් දැක්වෙන නව ශිල්ප ක්‍රමයක් උපයෝගී කරගනිමින් මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනයේ විද්‍යාඥයන් ඒ ඒ ඇමයිනෝ අම්ල සඳහා සංගීත ස්වරමාලාවක  සුවිශේෂ වූ එක් ස්වරය බැගින් නියම කරනු ලැබේ. ඒ, සමස්ථ ප්‍රෝටීනයම  මූලික සංගීතස්වර මාලාවක් බවට හරවමිනි.

(Sonification යනු ශබ්දකෝෂ අර්ථයෙන් ගත් විට දැක්වෙන්නේ හඬ නැතිනම් ශබ්ද නිපදවීමයි. ‍ක්‍රියා පදයක් ලෙස මෙය තේරුම් ගන්නේ නම් ශ්‍රාවකයාට  ශ්‍රව්‍ය ගෝචර අර්ථ දැක්වීමට හැකි වන අයුරින් දත්ත ශබ්දයට අනුරූපණය කිරීමයි. වික්ෂනරි ආශ්‍රෙයනි.)

කෙසේ වෙතත් සැබෑ ජීවිතයේදී ඇමයිනෝ අම්ල හෙලික්සිය ව්‍යුහක් සේ (a helix )  රැලි ගැසීමට හෝ පත්කඩක් සේ දිගෑදීමට හෝ මාන බලයි. පර්යේෂකයන් සිය සංගීත ධ්වනිය සඳහා මෙහි අංග හසු කරගන්නේ ස්වරයේ කාලමාත්‍රාව සහ පරිමාව සංශෝධනය කිරීමෙනි. තාපය නිසා ඇතිවන අණුකමය ස්පන්දන ද (molecular vibrations) ඒවායේම හඬ නගයි.

ඒ කොහොම වුණත් ඇයි ඉතින් වයිරසයක් සංගීතයට හරවන්නෙ? අප කාගේත් හිතට නැගෙන ප්‍රශ්නයක්. ඊට පිළිතුරු සැපයුවහොත්  නව ආකෘතිය,  ප්‍රතිදේහ හෝ ඖෂධ බන්ධනය වීමට හැකියාව ඇති අඩවි ප්‍රෝටීන මත දී සොයාගැනීමට විද්‍යාඥයන්ට උපකාරී වනු ඇත. ඒ, හුදෙක් අඩවි වලට අනුරූප වන සුවිශේෂී සංගීතමය අනුක්‍රම සෙවීමෙනි. පර්යේෂකයන් පවසන අන්දමට මෙය, ප්‍රෝටීන අධ්‍යනය සඳහා යොදා ගන්නා අණුක ප්‍රතිරූපනය වැනි සම්ප්‍රදායානුකූල ක්‍රම වලට වඩා වේගවත්ය; වඩාත් ප්‍රතිභාන්විතය(intuitive}. ශූල ප්‍රෝටීනයේ සංගීතමය අනුක්‍රමණය අනෙකුත් ශබ්දගැන්වු( sonified) ප්‍රෝටීනවල විශාල දත්ත ගබඩාව හා සංසන්දනය කිරීමෙන් වෛරසය සෛලයක් ආසාදනය කිරීම වළක්වාලමින් ශූලයට ඇලී සිටින එකක් යම් දිනක සොයා ගැනීමට හැකි වනු ඇතැයි පර්යේෂකයෝ වැඩිදුරටත් සඳහන් කරති.

The Koto (13 string Japanese traditional instrument)

සංගීත භාණ්ඩ ගැන යමක් කියන්නේ නම් ඒවා තනිකරම පර්යේෂකයන්ගේ තෝරාගැනීම්ය. මේ අවස්ථාවේ ප්‍රධාන ස්වර නගන්නේ ජපන් කෝටෝවකි. (මෙතනින් සවන්දෙන්න) (තත් සහිත තූර්ය භාණ්ඩයක් වන සිදරය (Zither) සිහි ගන්වන  තත් සහිත ජපාන සංගීත භාණ්ඩයකි). ලෝකවාසීන් සිත් තැවුලින් ඉන්නා මේ අවස්ථාවේ මෙම තත්සර රාවය සිත් සමනය කරවන්නක් වනු නොඅනුමානය.

 

AAAS Science හි පල වූ Scientists have turned the structure of the coronavirus into music  යන  ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: