කෙල්ලොයි, කොල්ලොයි
පිරිමි ළමයෙකු හෝ ගැහැණු ළමයෙකු වීම නැතිනම් කොල්ලෙකු හෝ කෙල්ලක වීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න ගැන අපට යම් වැටහීමක් සිතිය හැකිය. එය සම්පූර්ණයෙන්ම ස්වාභාවික දෙයක් සේ පෙනේ. අප ඉපදුනේ පිරිමි ළමයෙකු හෝ ගැහැණු ළමයෙකු ලෙස වන අතර කොල්ලෙකු හෝ කෙල්ලක වශයෙන් අප හැසිරෙන ආකාරය මෙම ජීව විද්‍යාත්මක කාරනය පිළිඹිබු කරයි. කෙසේ වෙතත්, සමාජ විද්‍යාව අපට පවසන්නේ ස්ත්‍රී පුරුෂ භාවය කෙරෙහි අප ජීවත්වන සමාජය විශාල දායකත්වයක් දක්වන බවයි.

මේ සියල්ල ඇත්තටම අදාල වන්නේ ජීව විද්‍යාවට ද?
කෙනෙකුගේ ස්ත්‍රී පුරුෂ භාවය– ( පිරිමි ළමයෙක් හෝ ගැහැණු ළමයෙක් වේවා) කෙනෙකුගේ ස්ත්‍රී පුරුෂ භාවය අපගේ ජීව විද්‍යාවට පමණක් සම්බන්ධ වී තිබේද? නැතහොත් ඊට වඩා සංකීර්ණද? අපගේ ලිංගිකභාවය ගොඩනැඟීමට හේතු වන දේ අප ජීවත් වන සමාජය හා ජීවත්වන කාල වකවානු සමඟ බොහෝ සෙයින් සම්බන්ධ වේ. යමක් ස්වාභාවික හෝ ජානමය නම් එය සෑම ස්ථානයකම හා සෑම ඓතිහාසික කාල පරිච්ඡේදයකම එක හා සමාන වේ. එසේ වුව ද අප අප අත්දකිනා සත්‍යය වන්නේ, පිරිමි හෝ ගැහැණු යන්නෙන් අදහස් කරන දෙය නිරන්තරයෙන් වෙනස් වන බවයි: එය කිසි විටෙකත් ස්ථාවර දෙයක් නොවේ.

නිදසුනක් වශයෙන්, මීට වසර සියයකට පෙර පිරිමියෙකු හෝ කාන්තාවක් වීම අද කාන්තාවක් හෝ පිරිමියෙකු වීමට වඩා බෙහෙවින් වෙනස් ය. මීට වසර සියයකට පෙර කාන්තාවන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට ඉඩ ලබා නොදුන් අතර අදහස් හෙවත් තමන් දරණ මතය ඉදිරිපත් කිරීම පවා අධෛර්යමත් කරණු ලැබීය. ඒ අතීත තත්ත්වයයි. අද කාන්තාවකට එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා වුව තරඟ කළ හැකිය.
ස්ත්‍රී පුරුෂ භාවය හා සම්බන්ධ කොට සලකුණු ලබණ සියලු ආකාරයේ සංගමනයන් ද වෙනස් වී ඇත. රෝස පැහැය දැන් කුඩා ගැහැණු දරුවන් හා සමඟ සම්බන්ධකොට සැලකෙන අතර ඔවුන් සඳහා වන ඇඳුම් සහ සෙල්ලම් බඩු සියල්ලම රෝස පැහැයට සමාන වර්ණයන් ගෙන් යුක්තය. කෙසේ වෙතත්, වික්ටෝරියානු සමයේ එංගලන්තයේ රෝස පැහැය, කුඩා පිරිමි ළමයෙකුගේ වර්ණයක් වූ අතර එය පුරුෂභාවය හඟවන රතු පැහැයෙහිම ‘බාල’ ස්වරූපයක් ලෙස සළකණු ලැබිණි.

සමාජගත වීම
සමාජ විද්‍යායින් විසින් සමාජකරණය(socialization) යනුවෙන් දක්වනු ලබන ක්‍රියාවලියක් හඳුනාගෙන ඇති අතර අප සමාජයට අනුකූලවන්නේ කෙසේ දැයි ඉගෙන ගැනීමේ, පිළිගත හැකි දේ නැතිනම් සම්මතය කුමක් දැයි දැන ගැනීමේ සහ අපෙන් අපේක්ෂා කරන්නේ කුමක්ද යන්න සොයා ගැනීමේ මාර්ගය වන්නේ එය තමයි.
ස්ත්‍රී පුරුෂ නැතිනම් ලිංගිකත්ව සමාජකරණය(Gender socialization ) යනු කෙල්ලන් හෝ කොල්ලන් ලෙස අපගේ හැසිරීම හැඩගස්වන පැහැදිලි හා සියුම් ක්‍රියාවලීන් රාශියකි. එක්සත් ජනපද සමාජ විද්‍යාඥ අයිරිස් මේරියන් යංගේ Throwing like a Girl නම් ග්‍රන්ථ (කෙල්ලක් විසි කරන අන්දමට විසි කිරීම) එකිනෙකාට වෙනස් ආකායට හැසිරීමට ගැහැණු හා පිරිමි ළමයින් වෙනස් ලෙස සමාජගත වන්නේ කෙසේදැයි ගවේෂණය කරයි. නිදසුනක් වශයෙන්, තමන්ට බෝලයක් හොඳින් විසි කළ නොහැකිය, තමන්ගේ ශරීර සියුමැලිය හා දුර්වලය ලෙස සිතීමට කෙල්ලන් උනන්දු කරනු ලබන අතර පිරිමි ළමයින් ඊට ප්‍රතිවිරුද්ධ ලෙස සිතීමට උනන්දු කරනු ලැබේ.
ගැළපෙන්නට උගෙන ගැනීම
සමාජකරණ ක්‍රියාවලිය යනු පිරිමි ළමයින් හා ගැහැණු ළමයින් විසින් සමාජයේ පිළිගැනීමට ලක්වන්නේ කුමණ ආකාරයේ හැසිරීම ද? නැද්ද? ඉගෙන ගනු ලැබීමයි. පිරිමි ළමයෙකුට බෝනික්කන් සමඟ සෙල්ලම් කිරීමට අවශ්‍ය වූයේ යයි හිතමු. එහෙත් ඔවුන් “සාමාන්‍ය කොල්ලෙක්” යැයි සැලකෙන දේ සමඟ ගැලපීම සඳහා ඔවුන් බෝනික්කන් සමඟ සෙල්ලම් කිරීම අධෛර්යමත් කිරීමට හැකිය.

කාර්ය සාධනයේ රඟ දැක්වීමක්
අප අතර ලිංගිකත්වය සමාජය විසින් ගොඩනඟනු ලබන්නේ කෙසේද යන්න ගැන සිතීමේ තවත් ක්‍රමයක් එක්සත් ජනපද සමාජ විද්‍යාඥ ජුඩිත් බට්ලර් විසින් සපයනු ලබයි. ඇය විශ්වාස කරන්නේ පිරිමි හෝ ගැහැණු ලෙස ක්‍රියා කිරීමට අප ඉගෙන ගන්නා බවයි. සමාජීය වශයෙන් අපේක්‍ෂා කරන හැසිරීමෙහි (එය“gender performativity” ලිංගිකත්ව ක්‍රියාකාරිතවය ලෙස ඇය හඳුන්වන්නීය) සමාරෝපණය තමයි, ස්ත්‍රී පුරුෂ භාවය හෙවත් ලිංගිකත්වය ගොඩනගන්නේ. එබැවින් ස්ත්‍රී පුරුෂ භාවය යනු අභ්‍යන්තරය දෙයකට වඩා අපට බාහිර දෙයකි. ස්ත්‍රී පුරුෂ භාවය මේ ආකරයෙන් නිරන්තරයෙන් ‘නිර්මානයකිරීම’ සමාජ භාවිතාවක් යනු ස්වාභාවික දෙයක්ය යන සාවද්‍ය හැඟීම ඇති කරයි.
ඕස්ට්‍රේලියානු සමාජ විද්‍යාඥය රාවින් කොනෙල්, ස්ත්‍රී පුරුෂ භාවය සමාජ ගොඩනැගීමක් යන බට්ලර්ගේ ඉදිරිදර්ශනය අනුදකී.. ඇයගේ විශ්ලේෂණයේ දී ඇය කියා සිටින්නේ ස්ත්‍රී භාවයට වඩා ඉහළ අගයක් සහිත පුරුෂ භාවයක් පුරුෂාධිපත්‍යයක් සහිත ධූරාවලියක් තුළ ලිංගිකත්වය සකස් කර පෙළගස්වා ඇති බවයි. පිරිමියෙකු හෝ ගැහැනියක වීමට විවිධ ක්‍රම ඇති බවත් “පුරුෂත්‍වය” සහ “ස්ත්‍රීත්වය” ලෙස හඳුන්වන මෙම හැසිරීම් සමාජයේ ශ්‍රේණිගත කර ඇති බවත් ඇය විශ්වාස කරයි. මේවායින් සමහරක් වඩාත් පුරුෂරූපීයි හෝ ස්ත්‍රීරූපීයි ලෙස සලකනු ලැබේ. පුරුෂත්වයේ වඩාත්ම ප්‍රබල ස්වරූපය වන්නේ “හෙජමොනොක(ආධිපත්‍ය) පුරුෂභාවය” යන්නයි(“hegemonic masculinity”). හෙජමොනික යනු සමාජයක ආධිපත්‍යය පතුරුවන අදහසක් හෝ පුද්ගලයින් සමූහයකි. මෙම වර්ගයේ පුරුෂභාවය දැඩි, සාර්ථක, පිටතට නැඹුරු “දෘඪ පිරිමි” ස්වරූපයේ විලාසිතාවකි. කෙසේ වෙතත්, කොනෙල් වැදගත් කොට සලකන්නේ චර්යාව මිස ජීව විද්‍යාත්මක ලිංගිකත්වය නොවේ. එබැවින් හෙජමොනික පුරුෂභාවයට අනුකූලව කාන්තාවන්ට ද ක්‍රියා කළ හැකිය. ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් සහ හිටපු බ්‍රිතාන්‍ය අගමැති මාග්‍රට් තැචර් හෙජමොනික පුරුෂභාවයට සම්බන්ධ ගතිලක්ෂණ මූර්තිමත් කරන බවක් පැවසේ.
එසේ නම්, ස්ත්‍රී පුරුෂ භාවය යනු ජීව විද්‍යාව අනුව සිතීමෙන් නොව පුළුල් සමාජයක් ගැන සහ පිරිමියෙකු හෝ ගැහැනියක විය යුත්තේ කුමක් ද යන්න පිළිබඳ එහි(සමාජයේ) අපේක්ෂාවන් ගැන යොමුවීමෙන් ඇතිවන ‘අවස්ථාවකි’.
HEADS UP SOCIOLOGY (DK publishing, 2017) හී GIRLS and BOYS යන කොටස ඇසුරෙනි