භූමි දෝෂ සහ භූමි දූෂණය

Posted by

භූමි දෝෂ සහ භූමි දූෂණය

පරිසර දූෂණය ගැන කියන විට අපට වැඩිපුරම සිහියට එන්නේ වායු දූෂණය, ජල දූෂණය, පාංශු දූෂණය ආදියයි. ඒ නිසා අපට භූමි  දූෂණය ගැන අසන්නට නොලැබෙන තරම්. මේ කෙටි හඳින්වීම ඒ ගැන තවදුරටත් සොයා බැලීමට හේතු වේවි යයි අපේක්ෂා කරමු.

භූමි දෝෂ සහ භූමි දූෂණය

වස විෂ කැවූ අපේ මේ පෘථිවි පෘෂ්ඨය යට සැඟව තිබෙන විෂ(ධූලක) රසායන

භූමි දූෂණය කීවාම එකපාරට අපේ හිතට එන්නේ තැන තැන ගොඩ ගැසෙන කුණු කසල කඳු නැතිනම් විවිධ දෑ යොදා පිරවූ ඉඩම්. නිව් යෝක් නගරය ප්‍රමාණයේ නගරයකට, ඊළඟ වසර දහස තුළ එක් ‍රැස්වෙන කුණු කසල සියල්ල කිලෝ මීටර 56 ක් දිග සහ කිලෝ මීටර 56 ක් පළල ඉඩම් පිරවුමක් පිරවීම සඳහා ප්‍රමණවත්. මෙලෙස පවසන විට එය විශාල ප්‍රමාණයල් ලෙස පෙණී යාමට පුළුවන් වුවත්, ඒ තමයි ඇමරිකානුවන් අතරේ හුදු 2.5% කගේ  රටේ භූමි ප්‍රදේශයෙන් හුදු 0.03%අ වළ දමන කුණු කසළ. අනික ඒක ඔය භූමි ප්ර්මාණය සදහටම අහිමව යාමක් ඉන් සිදුවන්නේ නැහැ.  කාලයාගේ අවෑමෙන් ඉඩම් පිරවුමක් තණ වැවුණු කඳුගැටයක් බවට පත්වේ.

භූමි දූෂණයේ  සැබෑ ප්‍රභවය වන්නේ ඇත්තටම  පුරවනු ලබන භූමිය වෙත නොගොස් ඉතිරිවන අනෙකුත් ද්‍රව්‍ය සියල්ලයි. තඹ සහ ඇලුමේනියම් පතල් කැනීමේ දී, ලෝහය නිෂ්කර්ෂය නිස්සාරණය කිරීමෙන් අනතුරුව ඉතිරිවන  ‘අගුලු'(‘tailings’) ලෙස දැක්වෙන පව්ඩර් මෙන් කුඩුවූ පාෂාණ කඳු ගොඩ ගැසේ.  මෙම ‘අගුල්’වල  රසදිය සහ කැඩ්මියම් වැනි අධික ධූලක වලින් හෙබි බැර ලෝහ අධික ප්‍රමානයක් අඩංගුවේ. ඇලුමීනියම පතල් කැණීම තුළින් පමණක් සෑම වසරක් පාසාම ලොව පුරා අගුලු ටොන් මිලියන 77ක් ජනනය කෙරේ.

නූතන ගොවිතැන සඳහා හුදෙක් හිරු එළිය සහ වර්ෂාව තිබීම පමණක් ප්‍රමාණවත් නොවේ. එක්සත් රාජධාණිය ගතහොත්, එරට ගොවියෝ  සෑම වසරක් පාසා වගා කළ හැකි ඉඩම් සහ තණ බීම් හැම හෙක්ටයාරයකටම සාමන්‍යයක් වශයෙන්  නයිට්‍රජන් පොහොර කිලෝග්‍රෑම් 100ක් යොදති. එම ප්‍රමානයෙන් බෝග වගාවන්ට අවශෝෂණය කරගැනීමට නොහැකි ව ඉතිරිවන කොටස් සේදී ගොස් භූගත ජලයට එක්වී හෝ අපගේ ගංගාවන් ඇතුළු ජල මාර්ගවලට එක්වන්නේ භූමි ඩූෂණය ජල දූෂනයක් කරා ගෙනයමිනි.

The Main Causes of Land Pollution | Greentumble

භූමි දූෂණය සඳහාස් අඩු තාකෂණ විසදුම් ඉංග්‍රීසි R අකුරෙන් පටන ගන්නා වචන තුණකින් දැක් වීමට පුළුවන්: ‘reduce(අඩුකිරීම), reuse(නැවත භාවිතය), recycle'(ප්‍රතිචක්‍රීකරනය). මේ වචන තුන මෙහි දක්වා ඇත්තේ ඵලදායීතාව අඩුවෙන් අනුපිළිවෙලිනි. ඕබ මිලට ගන්නා කාඩ්බෝඩ් හෝ ගෝවා ප්‍රමානය මුලදීම සීමා කිරීම හෙවත් අඩු කිරීම(reduce), හුදෙක් භාවිතයට ගෙන ඉතිරිවන දෑ ප්‍රතිචක්‍රීකරණයට පෙළඹීමට වඩා විශාල බලපෑමක් ඇති කිරීමට සමත්ය. එකී ද්‍රව්‍ය පැසරුමට සහ ඔබ වෙත් ප්‍රවාහනය කිරීමටත් එමෙන්ම ඒවා එකතු කර අනතුරුව ප්‍රතිචක්‍රීය කරනයට යොමු කිරීමටත් වැයවන බලශක්තිය පිරිමසාගැනීමටත් හැකිවීම ඊට හේතුවශයෙන් දැක්විය හැකිය.

කෙසේවෙතත්, භූමි දූෂණය මැඩලීමට ඉහළ තාකෂණ පිළියම් ද නැතුවා නොවේ. ජෛව පිළියම්කරණය (bioremediation = පාරිසරික ගැ‍ටුළු ජය ගනු පිණිස ජෛවවිද්‍යාත්මක ක්‍රියාදාමය භාවිත කරණ ජෛව තාක්ෂණ ශාඛාව) ස්වභාවිකව හටගන්නා සජීවීන්ගේ  ‍තෝරා ගත් ප්‍රභේද පසෙහි ඇති දූෂක බිඳ දැමීම පිණිස යොදාගනී. නිදසුනක් ලෙස, දැව දිලීර,  තෙල් ඉහිරුම්(oil spills} වල සහ ඇතැම් ක්ලෝරීන පළිබෝධක නාශක වල ධුලක බිඳ දැමීමට හැකියාව තිබෙන බව පෙන්නුම් කර ඇත.

Environmental Contamination by Heavy Metals | IntechOpen
Phytoremediation: Classification, Mechanisms, Applications and limitations  - Online Biology Notes

කැඩ්බියම් සහ ඊයම් වැනි බැර ලෝහ බිඳ දැමිය නොහැකි නමුත් ඇතැම් ශාක ඒවාමුල් පද්ධතිය හරහා උඩට ගෙන ඒවායේ පත්‍ර හෝ න‍ටුවේ තැන්පත් කෙරේ. ශාක පිළියම්කරණය(phytoremediation) ලෙස දැක්වෙන මෙම ශිල්ප ක්‍රමය භූමියේ දූෂක පෙඟවීම සඳහා ශාක භාවිත කරන්නේ ඒවා භූමියෙන් පහසුවෙන් ඉවත් කර ගැනීමට හැකි වන පරිදිය. චීන brake fern නම් මීවන වර්ගයට මේ ආකාරයට අර්සනික් වස පවා පෙර ඉවත් කළ හැක

HOW IT WORKS: Amazing Answers to Curious Questions ග්‍රන්ථයෙහි Ground Pollution  යන කොටස අසුරෙනි

එක් ප්‍රතිචාරයක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.