ආගමකට විද්යාත්මක පදනමක් තිබේද?
අලුතින් සංවිධානය වන ආගම්, සිය ස්ථාවරත්වය සහ අධිකාරය තහවුරු කරගැනීමේ ප්‍රයත්නයේ දී, සාමාන්‍යයෙන් තත්කාලීන විද්‍යාත්මක චින්තනය එවායේ (ආගම්වල) පුරාවෘත්තයන්ට ඇතුළත් කර ගනියි. එහි ප්‍රතිඵලයක් වශයෙන්, යල් පැන ගිය විද්‍යාත්මක සංකල්ප බොහොමයක් දිගුකාලීනව ස්ථාපිත වූ ආගම්වල විශ්වාස පද්ධති තුළ අන්තර්ගතව පවතී.
ඒවා පසුකාලීන පරම්පරාවල ඇදහිලිවන්තයන් විසින් කාලයට නොගැලපෙන හුදු විචිත්‍රවත් කතාන්දර ලෙස නොසලකා හරිනු ලැබේ . එය එසේ වුව ද, වඩාත් විද්‍යාත්මකව යාවත්කාලීන වූ ආගමික පිළිවදන්, ප්‍රතිවේදයන් හෝ පුරෝකථනයන් පවා විද්‍යාත්මක ඉදිරි ගමනට දායක විය නොහැක, මන්ද ආගමික පැහැදිලි කිරීම් කෙතරම් සර්ව සම්පූර්ණද යත් ඒවා සත්‍යාපනය කිරීමට හෝ ව්‍යාජනය කිරීමට(falsify = අසත්‍යයයි තහවුරු කිරීමට) නොහැකිය. එපමණක්ද නොව, ජීවිත කාලය තුල ලැබෙන පාරිතෝෂ(rewards) හා දඬුවම්(punishments) බෙදීයන අත්තනෝමතික ආකාරය දැඩිම භක්තිවන්තයන් පවා ව්‍යාකුලකිරීමට සමත් වන නමුත් ආගම් අපට පැහැදිලි කරදෙන්නට හදන්නේ ද එයමය.

එහෙයින් බැතිමතුන් බහුතරයක්, මිනිසුන්ගේ සාමාන්‍ය කටයුතු ගැන දෙවියන්ගෙන් දෘශ්‍යමානවන වන නොසැලකිල්ල තුළ දෙවියන්ගේ උදාර බව පිළිබඳව අගතිගාමී තහවුරුවක් දකිති. ඔවුනට දෙවියන් හරිහැටි වටහා ගැනීමට හෝ දෙවියන්ගේ චර්යාව කෙරෙහි බලපෑමක් කිරීමට නොහැකි වුයේ නමුත් අඩුමතරමින් දෙවියන්ගේ කණ්ඩායම තුළ ඔවුනට සිටීමට හැකිවීම ගැන සතුටුවෙති. එහෙත් සෙස්සන්ට, වේදනා විඳින මිනිස් සංහතිය සහ අහඹු විශ්වයක් අතර අහඹු දෙවියෙක් මැදිහත්කොට තැබීම, කිසිවක් තෝරා බේරා ගැනීමකින් තොරව අවබෝධයේ ව්‍යාකුලත්වය හුදෙක් විස්ථාපනය කිරීමක් පමනක් සිදුකරයි.
දෙවියන් සමඟ සමීපව සන්නිවේදනයේ යෙදෙන්නේය යන බවට සිදු කරන ඕනෑම ප්‍රකාශයක් සමහර විද්‍යාඥයන් විසින් සලකුණු ලබන්නේ සාමාන්‍ය පාරිභෝගික ප්‍රෝඩාවක් ලෙසිනි.

අනෙකුත් විද්‍යාඥයින් කියා සිටින්නේ තමන් පෞද්ගලිකව දැඩි ආගමික විශ්වාසයන් පවත්වාගෙන යන්නේ විද්‍යාව සහ ආගම ඔවුන්ගේ මොළයේ “වෙන වෙනම කොටස්වල්” තබාගැනීමෙනුයි යනුවෙනි. එහෙත් බොහෝ ප්රමුඛ විද්යාඥයන්, කුමන හෝ ප්රධාන හෝ සුළුතර ආගමක් ඇදහැවුවත්, තමන්ගේ ආගමික විශ්වාස එකී සුවිශේෂී ආගම සත්‍යාපනය කිරීමේ හැකියාව, යම්කිසි තහවුරු කළ විද්‍යාත්මක සාක්ෂියයක් ව්‍යාජනය කිරීමට හෙවත් අසත්‍යයයි තහවුරු කිරීම තරමටම අසීරුය. ඊට අමතරව, ප්‍රකට විද්‍යාඥයන්ට පවා බොහෝ විට විවෘත මනසක් නොමැති අතර, යම් විද්‍යාත්මක උපකල්පනවල (පරීක්ෂා කළ හැකි භාවීකථනයන්) ආධානග්‍රහයක්(අභියෝගයට ලක් කළ නොහැකි තහවුරු කළ මතයක්) ලෙස භක්තිමත් ආකාරයෙන් දැඩිව එල්බ ගන්නේ එම ආධානග්‍රහය අළුත් සාක්ෂි හමුවේ අවලංගු වී බොහොම කලකට පසුවය.
බලපෑමට ලක් වූ විද්‍යාඥයන් පරපුර මිය පරලොව ගොස් බොහෝ කාලයක් යනතුරුත් මෙලෙස යල් පැන ගිය විද්‍යාත්මක අදහස් විවිධ වේශයෙන් පෙණී සිටිමින් නොනැනසී පැවතිය හැක. මේ අතර, විද්‍යාඥයන් නොවන වෙනත් උගත් පිරිස් තමන් විශේෂඥභාවයක් දක්වන ක්ෂේත්‍රයට පිටත කාරණා ගැන අඩුවෙන් දැනුවත්ව සිටින්නාක් මෙන්ම නතර කළ නොහැකි නව තොරතුරු ප්‍රවාහය, කාර්ය බහුල විද්‍යාඥයන්ගේ දැනුවත්බාවය හීන කිරීමට බලපායි.
ඒ කොයි හැටි වෙතත්, අනියතතාව(uncertainty) අසීරුය; අතීරණය(indecision) පරෙස්සම් රහිත විය හැකිය. එහෙයින් බුද්ධිමත් පුද්ගලයන්හට දැන උගෙනීම, කටයුතු සංවිධානය කිරීම සහ පැහැදිලි කිරීම උදෙසා බලවත් උනන්දුවක් හට ගනියි. එහෙයින්, භක්තිවන්ත මෙන්ම භක්තියක් නොමැති චින්තකයෝ පහසුවෙන් හිතට එන අනෙකුත් විකල්පයන් බැහැර කළ විට වඩාත්ම සාධාරන ලෙස ඒත්තු ගත හැකි සේ පෙනෙන පැහැදිලි කිරීම් පිළිගැනීමට පෙළඹෙති.

එහෙත්, විද්‍යාත්මක සංකල්ප, ඕනෑම යුක්ති යුක්ත නැතිනම් තර්කාණුකූලව පීළිගත හැකි සාක්ෂි හමුවේ යළි යළිත් සැමදාමත් පරීක්ෂාවට ලක් විය යුතුය. ඉතින් ජීවිතය ඔහේ ගලායමින් තොරතුරු දත්ත ඒකරාශී වෙද්දී විද්‍යාව අඛණ්ඩව පරිණාමය වේ. මීට පටහැණිව, සැමට එකලෙස සමානව කෙසේවත් පිළිගත නොහැකි අභ්‍යන්තරික වශයෙන් හෝ අධිකාරී ස්වරූපයෙන් සංනිවේදනයවන සාක්ෂි පිළිගනු ඇතැයි (“එහෙම නොවුණොත් බලාගෙනයි!”) ආගම් සාමාන්‍යෙන් බලකරයි. මන්ද කීවොත්, දර්ශනය වීමක් වැනි ආගමික වශයෙන් පමණක් පිළිගතහැකි සාක්ෂි, සමර්ථකම් ඇති අනෙකුත් වාස්තවික නිරීක්ෂකයන් විසින් ඇගැයීමට/සමාලෝචනයකිරීමට/මැනබැලීමට නොහැකි බැවිනි. වෙනත් වචනවලින් දක්වතොත් ආගමික සාක්ෂි සාමාන්‍යයෙන් විෂයීගත වන අතර ඒ අනුව ව්‍යාජනය කිරීමට හෙවත් අසත්‍යයයි තහවුරු කිරීමට නොහැකිය. පිණ පලදීම නැතිනම් පරිතෝෂය ද ශ්‍රද්ධාවෙන් හෙවත් ආගමික විශ්වාසයෙන්ම පිළිගත යුතුව ඇත: මන්ද ඒවා සැමට දැක බලා ගත හැකි පරිදි සාමනයයෙන් භුක්ති විඳිය හැක්කේ මේ දැන් නැතිනම් වර්තමානයේ නොව මින්(මරණින්) මතු ජීවිතයක දී වීමයි.
ඉදිරියේ දී බලාපොරොත්තුවන්න:
ආගම් දහස් ගණනක් තිබුණත් ඇත්තේ එකම විද්‍යාවයි
විද්‍යාවට ගරහන විට ආගම්වල ශක්‍යතාව ගිලිහෙයි
Human Evolutionary Biology by Arndt von Hippel(1994) ග්‍රන්ථයේ There Is No Scientific Basis For Any Religion යන කොටස අසුරෙනි