ප්රතිදේහජනක,ප්රතිදේහ සහ COVID-19 පරීක්ෂණ

Posted by

ඊයේ thathu.com හි පලවූදිගුකාලීන කොවිඩ් සහ එන්නත්කරණයෙන් කලාතුරකින් ඇතිවන අතුරු ආබාධ ස්වයං ප්‍රතිශක්තිය මගින් පැහැදිලි කර ගැනීමේ හැකියාවක් තිබිය හැකියියන ලිපියට අනුපූරකවයි

12 Differences between antigen and antibody (Antigen vs Antibody)

ප්රතිදේහජනක(antigen) සහ ප්රතිදේහ(antibod) අතර වෙනස කුමක්ද?

ව්‍යාධි සහ රෝග සම්බන්ධයෙන් ප්‍රතිදේහජනක සහ ප්‍රතිදේහ ඉතා වැදගත් නමුත් ඒ දෙක  කැපී පෙණෙන ලෙස වෙනස් කාර්යභාර  ඉටු කරයි. ඉන් එකක්, අපේ සෞඛ්‍යයට හානි කිරීමට උත්සාහ දරන අතර අනෙක අපේ සෞඛ්‍යය ආරක්ෂා කිරීමට සටන් කරයි.

සරලව කිවහොත්, ප්‍රතිදේහජනක මඟින් ඔබව අසනීප කරණු ලැබිය හැකි අතර, ප්‍රතිදේහ යනු ප්‍රතිදේහජනකවලට එරෙහිව ඔබේ ශරීරය ඔබව ආරක්ෂාවන ආකාරයයි.

Differences Between Antigen and Antibody

ප්රතිදේහජනක යනු කුමක්ද? What is an antigen?

ප්‍රතිදේහජනක හෝ ප්‍රතිශක්තිකාරක(immunogens) යනු ඔබේ රුධිරයේ ඇති ද්‍රව්‍ය හෝ විෂ ද්‍රව්‍ය වන අතර එමඟින් ඒවාට එරෙහිව සටන් කිරීමට ඔබේ ශරීරය පොළඹවයි.

ප්‍රතිදේහජනක සාමාන්‍යයෙන් බැක්ටීරියා හෝ වෛරස් වේ, නමුත් ඒවා ඔබේ ශරීරයෙන් පිටත ඔබේ සෞඛ්‍යයට තර්ජනයක් වන වෙනත් ද්‍රව්‍ය ද විය හැකිය. මෙම ‘සටන’ ප්රතිශක්තිකරණ ප්රතික්රියාවක්(immune response) ලෙස හැඳින්වේ.

Antigen - an overview | ScienceDirect Topics

ප්‍රතිදේහජනක තිබීම ඔබේ ශරීරයේ ලෙඩ රෝගවලට එරෙහිව සටන් කරන  lymphocytes ලෙස දැක්වෙන සුදු රුධිරාණු අවුස්සසි( අවදි කරවයි). මෙම ප්‍රතිදේහජනක තිබීම ප්‍රතිදේහජනක වලට එරෙහිව සටන් කිරීම පිණිස ප්‍රතිදේහ නම් සෛල සෑදීමට හේතු වේ.

ප්‍රතිදේහජනක ප්‍රධාන වර්ග දෙකකි: විෂම ප්‍රතිදේහජනක සහ ස්වයං ප්‍රතිදේහජනක

විෂම ප්‍රතිදේහජනක

විෂම ප්‍රතිදේහ(Heteroantigens) යනු ඔබේ ශරීරයට ආගන්තුක ද්‍රව්‍ය වන අතර පහත දැක්වෙන ඒවායින් සාදන ලද ද්‍රව්‍ය හෝ ඒවා තුළ ඇති ද්‍රව්‍ය සම්බන්ධවේ:

වෛරස්

බැක්ටීරියා

ප්රොටෝසෝවා(ඒක සෛලික)

වෙනත් පුද්ගලයින්ගෙන් රුධිරය සහ රතු රුධිර සෛල

සර්ප විෂ

පරාග වැනි අසාත්මිකකාරක

ආහාරවල ඇතැම් ප්‍රෝටීන

ස්වයං ප්‍රතිදේහජනක

ස්වයං ප්‍රතිදේහජනක(Autoantigens) හෝ ස්ව-ප්‍රතිදේහජනක(self-antigens) ඔබේම සෛල සමඟ සටන් කිරීමට ඔබේ ශරීරය විසින්ම සාදනු ලබන අතර සාමාන්‍යයෙන් (සිරුර තුළ ස්වාභාවිකව පවතින ද්‍රව්‍යවලට එරෙහිව නිපදවන ප‍්‍රතිදේහ හෝ වසා ෙසෙල නිසා ඇතිවන රෝග හා බැඳුණු) ස්වයං ප්‍රතිශක්තිකරණ (autoimmune) තත්වයක් වැනි රෝගයක ලක්ෂනයක් විය හැකියි.

ප්රතිදේහ යනු කුමක්ද? What is an antibody?

antibody | Definition, Structure, Function, & Types | Britannica

ප්රතිදේහ, immunoglobulins හෝ Ig ලෙසද හැඳින්වේ. ඒවා ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ B ලිම්ෆොසයිට් හෝ B සෛල මගින් සාදන Y-හැඩැති ප්‍රෝටීන වේ.

B සෛල, සෛලයෙන් පිටත වෛරස් සහ අනෙකුත් විෂ ද්රව්ය වලට පහර දී ඉවත් කරයි. ඒවා මෙය කරන්නේ එක් එක් තනි ප්‍රතිදේහජනක වර්ගයක් සඳහා නිශ්චිත ප්‍රතිදේහ සෑදීමෙනි.

ගැලපෙනලෙස සෑදුණු මෙම ප්‍රතිදේහ ඒවායේ නිශ්චිත ප්‍රතිදේහජනක හිරකරගනිමින් බැඳී ප්‍රහාරය සඳහා සළකුණු කරයි. ප්‍රතිදේහ මගින් මෙම ප්‍රතිදේහජනක අවහිර කරන්නේ ඒවා ඔබේ සෞඛ්‍ය සම්පන්න සෛල වලින් ඈත් කරතබමිනි.. අවසානයේදී, ප්‍රතිදේහ මෙම ප්‍රතිදේහජනක විනාශ කරයි, ආසාදනය නතර කරයි.

ප්රධාන ප්රතිදේහ වර්ග (immunoglobulins) අතර මතු දැක්වෙන වර්ග දැක්විය හැකිය:

IgG. මේවා ඔබේ ප්ලාස්මාවේ බහුලවම ඇති ප්‍රතිදේහ වර්ග වේ. ඒවා හානිකර ද්රව්යවලින් විෂ ඉවත් කර දිගුකාලීන ආරක්ෂාව සපයයි.

IgM. මේවා ප්‍රතිදේහජනක වලට ප්‍රතිචාර වශයෙන් B සෛල මගින් සාදන ලද පළමුපෙල ප්‍රතිදේහ වේ.

IgA. මෙම ප්‍රතිදේහ ඔබේ සිරුරෙන් ප්‍රතිදේහජනක  එකතු කර ඔබේ ශ්ලේෂ්මල හෝ වෙනත් ශරීර තරල මාර්ගයෙන් ඒවා ඉවත් කරයි.

IgE. මෙම ප්‍රතිදේහ අසාත්මිකතාවලට මුලපුරන අතර පරපෝෂිතයන්ගෙන් ආරක්ෂා කරයි. කුඩා ප්‍රමාණයක් ඔබේ සම, පෙනහළු සහ ශ්ලේෂ්මල පටලවල ඇත.

IgD. මෙම ප්‍රතිදේහ B සෛල වලට බන්ධනය වන අතර IgM ප්‍රතිදේහ නිකුත් කරන ලෙස සංඥා කරයි.

සෑම ප්‍රතිදේහයක්ම එහි ඉලක්කගත ප්‍රතිදේහජනකයට එරෙහිව ආරක්ෂා සලසන අතර බොහෝ ප්‍රතිදේහ වර්ග ඔබේ ශරීරය පුරා දක්නට ලැබේ. අසනීප සහ රෝග වලට එරෙහිව ඔබේ ශරීරය ආරක්ෂා කිරීම සඳහා ඒවා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි

Covid-19 - CORFUMEDICA

COVID-19 පරීක්ෂණ සඳහා ප්රතිදේහජනක සහ ප්රතිදේහ භාවිතා කරන්නේ කෙසේද?

FDA ලෙස කෙටියෙන් හඳුන්වනු ලබන එක්සත් ජනපදයේ ආහාර සහ ඖෂධ පරිපාලනය  අනුව(Food and Drug Administration),   COVID-19 සහ එය හට ගන් වන වෛරසය වන SARS-CoV-2 සම්බන්ධ්යෙන් සිදු කරන ප්‍රධාන පරීක්ෂණ වර්ග තුනකි:

අණුක පරීක්ෂණ(Molecular tests): ඔබගේ ශරීරයේ (පරීක්ෂණය සිදු කරන අවස්ථාවේ) ඇති වෛරසයකින් එන ජානමය ද්‍රව්‍යය(genetic material) මෙම පරීක්ෂණය මගින් මනිනු ලබයි. පරීක්ෂණ සඳහා අවශය වෛරසයේ  එම ජානමය ද්‍රව්‍ය (අග්‍රයේ ඝන පුළුන් රොදකින් යුක්ත) දිගු පිස්නාවක්(swab)  භාවිතයෙන් ඔබේ නාසයෙන් හෝ උගුරෙන් එකතු කරනු ලැබේ. පරීක්ෂණ ප්‍රතිඵලය සෘණාත්මක නම්, එයින් අදහස් වන්නේ පරීක්ෂණ කාලය තුළ ඔබට SARS-CoV2 වෛරසය හෝ COVID-19 ආසාදනය නොමැති බවයි. ඔබගේ ඡ්OVIඪ්-19 ආසාදනය ඉතා මෑතක දී වර්ධනය වීම නිසා වෛරසය ඉතා අඩු මට්ටමක ඔබට පවතී නම් පරීක්ෂණ ප්‍රතිඵලය වැරදි විය හැක.

ප්රතිදේහජනක පරීක්ෂණ: මෙම පරීක්ෂණ මගින් වෛරසයෙන් ලැබෙන ප්‍රතිදේහජනක ප්‍රෝටීන මනිනු ලබයි. පරීක්ෂණ සඳහා අවශ්‍ය  ද්‍රව්‍ය ඉහත සඳහන් කළ මාදිලියේ  දිගු පිස්නාවක් භාවිතයෙන් ඔබේ නාසයෙන් හෝ උගුරෙන් එකතු කරනු ලැබේ. වඩාත්ම වේගවත් COVID-19 පරීක්ෂණය,  ප්‍රතිදේහජනක පරීක්ෂණය වේ(rapid antigen test). මෙම පරීක්ෂණ මගින් COVID-19 හඳුනා ගත හැකි නමුත් වත්මන් අවස්ථාවේ, ක්‍රියාකාරී ආසාදනයක් නැතැයි බැහැර කිරීමට නොහැකි විය හැක. ප්‍රතිදේහජනක පරීක්ෂණයක් සෘණාත්මක නම්, ඔබට COVID-19 නොමැති බව තහවුරු කිරීමට (ඉහත දැක්වූ) අණුක පරීක්ෂණයක් අවශ්‍ය වේ.

ප්රතිදේහ පරීක්ෂණ: ඔබගේ රුධිරයේ ඇති ප්‍රතිදේහ මෙම පරීක්ෂණ මගින් මනිනු ලබයි. පරීක්ෂා කිරීම සඳහා ද්‍රව්‍ය එකතු කරනු ලබන්නේ ඔබේ අතේ හෝ ඇඟිල්ලකින් රුධිරය ලබා ගැනීමෙන් සිදුකෙරෙන රුධිර පරීක්ෂණයක් මගිනි. (කුමන ප්‍රතිදේහ මනිනු ලබන්නේද යන්න මත පදනම්ව),  COVID-19 ආසාදනයකට එරෙහිව ඔබේ ශරීරය සටන් කිරීමට පටන් ගෙන තිබේද නැතහොත් ඔබට දින කිහිපයක් තිස්සේම ආසාදනයව තිබේද යන්න මෙම පරීක්ෂණ මගින් පැවසිය හැක. ඔබට යම් කාලයක් තිස්සේ COVID-19 ආසාදනය වී පවතීද යන්න තීරණය කිරීමට ඒවා හොඳ ය. කෙසේ වෙතත්, ඔබට වර්තමාන ආසාදනයක් තිබේදැයි පැවසීමට ඒවා විශ්වාසදායක ක්‍රමයක් නොවිය හැකිය. තවද, ඔබට දැනට COVID-19 නොමැති බව සහතික කර ගැනීමට ඒවා විශ්වාසදායක ක්‍රමයක් ද නොවේ. ආසාදනයක් තිබේ ද යන්න බැහැර කිරීම සඳහා අතිරේක පරීක්ෂණ අවශ්ය විය හැකිය.

පරම නිර්ණායකය හෙවත් ඇත්ත තත්ත්වය

ප්‍රතිදේහ ප්‍රතිචාරයක් දියත් කිරීම පිණිස ප්‍රතිදේහජනක ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අවුලුවයි. විශේෂිත ප්රතිදේහ මගින් විශේෂිත ප්රතිදේහජනක හඳුනා ගනු ලැබේ . මෙයින් අදහස් කරන්නේ සෑම ප්‍රතිදේහයක්ම, එක් ඉලක්කගත ප්‍රතිදේහජනකයකට එරෙහිව සටන් කරන බවයි. ප්‍රතිදේහ මගින් ප්‍රතිදේහජනක හඳුනා ගනු ලැබුවාට පසු, ප්‍රතිදේහ බන්ධනයවී ප්‍රතිදේහජනක උදාසීන කරයි.

මෙම දැනුම(හඳුනා ගැනීම) ඔබේ ප්රතිශක්තිකරණ පද්ධතියේ දිගුකාලීන මතකයේ ගබඩා කර ඇත. ප්‍රතිදේහජනකය ඔබේ ශරීරයට නැවත පහර එල්ල කිරීමට උත්සාහ කළහොත් ප්‍රතිදේහ, ප්‍රතිදේහජනකයට එරෙහිව සටන් දියත් කරයි.

ලෙඩ රෝග හඳුනා ගැනීමට සහ ඒවාට එරෙහිව සටන් කිරීමට උපකාර වන පරීක්ෂණ සහ එන්නත් නිර්මාණය කිරීමේ දී ප්‍රතිදේහජනක සහ ප්‍රතිදේහවල සුවිශේෂී වෙනස් ක්‍රියාකාරකම් භාවිතයට ගැනේ.

healthline හී පල වී ඇති What’s the Difference Between Antigens and Antibodies? යන ලිපිය අසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.