හුරු, නුහුරු භාෂා වෙන්කොට හඳුනාගැනීමේ හැකියාව මනු සතාට හැරුණුකොට ඇත්තේ සුනඛයන්ට පමණයි
ලොව මිනිසුන් කතාකරන භාෂා අතර වෙනස කීමට හැකියාව ඇති ප්‍රථම මනුෂ්‍ය-නොවන සත්වයන් සුනඛයන්ය.

ඔබ වෙනස් භාෂාවක් කතාකරන වෙනස් රටකට පදිංචිය පිණිස යාමේ දී පවුලේ බලු හුරතලාද රැගෙන යන්නේ නම් අලුත් රටේ වැසියන් (ඔවුන්ගේ භාෂාවෙන්) ඔබේ බල්ලාට දෙන නියෝග තේරුම් ගැනීම බලු හුරතලාට අසීරු කාරනාවක් වීමට ඉඩ ඇතයි සුනඛයන්ගේ මොළය වෙනස් භාෂාවන්ට ප්‍රතිචාර දක්වන අන්දම ගැන සොයා බැලෙන නව අධ්‍යනයකින් හෙළිවෙයි. 2021 දෙසැම්බර 12 දා මාර්ගගත NeuroImage සඟරාවෙහි පළ කෙරුණු නව අධ්‍යනය සංකල්පගත කර ගන්නා ලද්දේ හංගේරියාවේ Eötvös Loránd විශ්වවිද්‍යාලයෙහි ස්නායුජීවවිද්‍යාඥ(neurobiologist) ලෝරා කුආයා( Laura Cuaya) විසිනි. නව අධ්‍යනයෙහි ප්‍රධාන කතුවරිය ද වන ඇය මෑතක මැසිකෝවේ සිට බුඩාපෙස්ට් වෙත පදිංචියට ආවේ ඇගේ හුරතල් බල්ලා කුන්-කුන් සමගය.

“බුඩාපෙස්ට් ජනතා බල්ලොත් එක්ක හරි මිතුරුයි. බොහොම වෙලාවට ඒ අය කුන්-කුන් ළඟට ඇවිල්ලා එයා එක්ක කතා කරනවා. සාමාන්‍යයෙන් කුන්-කුන් උනන්දුවෙන් අහගෙන ඉන්නවා. බුඩාපෙස්ට් අය කතාකරන්නේ වෙනත් භාෂාවක් කියලා එයාට දැනුනාවත් දෝ කියලා මම හිතන්න පටන්ගත්තා” කුආයා කියා සිටියි.
කුආයා සහ ඇගේ කණ්ඩායම කුන්-කුන් ඇතුළු සුනඛයන් 18 දෙනෙකු, චුම්බක අනුනාද ප්‍රතිරූපණය(magnetic resonance imaging – MRI) ඔස්සේ රෝග නීර්ණය කරන යන්ත්‍රයක් තුළට වී නිසොල්මනේ සිටීමට පුහුණු කළහ.

ඒ, සතුන්ගේ මොළය ස්කෑන් පරීක්ෂාවට ලක් කරණු පිණිසය. මෙසි සුනඛයන් ස්කෑන් පරීක්ෂාවට ලක්වෙමින් සිටිය දි පර්යේෂකයූ පටිගත කිරීම් තුනක් වාදනය කළහ: ඉන් එකක් නම් ළමා කතාවේ ස්පාඤ්ඤ භාෂාපරිවර්තනයෙන් කොටසක් කිසිවෙකු කියවනු පටිගත කිරීමකි; දෙවැන්න එම පොතේ හංගේරියානු භාෂා පරිවර්තනයෙන් කොටසක් කියවීමකි. අනෙක, කිසිම භාෂාවක කථනයක් කෙසේවත් නොදැක්වෙන මිනිසුන් නගන ශබ්දවල පමණක් පටිගත කිරීමකි. පෛඉක්ෂණයට ලක්කෙරුණු බල්ලන් සියළු දෙනාම නිරාවරණය වී තිබුණේ භාෂා දෙකෙන් එකකට පමණකි; ඒ කියන්නේ එක් භාෂාවක් ඔවුනට හුරු අතර අනෙක් භාෂාව හුරු නැත යන්නය.
පරීක්ෂාවේ දී භාෂණය සහ හුදු මිනිසුන් නගන හඬවල් පැහැදිලිවම වෙන්කොට හඳුනා ගැනීමට සුනඛයින් සමත් වූවා පමණක් නොව තමනට හුරු භාෂාවට සහ නුහුරු භාෂාවට වෙනස් ආකාරව ප්‍රතිචාර දැක් වී යයි මොළ පරිලෝකන මගින් පෙන්නුම් කළ බව පර්යේෂකයන් නිකුත් කළ නිවේදනයක සඳහන්වේ.
සුනඛයන්ගේ මොළයෙහි ප්‍රාථමික ශ්‍රවණ බාහිකය(primary auditory cortex) සහ ද්විතීය ශ්‍රවණ බාහිකය(secondary auditory cortex) (දෙකම පිහිටා ඇත්තේ හිස්කබලේ කර්ණය මට්ටමෙහිය) යන දෙක “ධූරාවලී පිළිසැකසුම්කරණය”(“hierarchy processing,”) නම් ක්‍රමය අනුව කථනය් පියවර් දෙකකින් පිළිසැකසුම් කිරීමට සුනඛය්න්ට අවකාශ සපයන්නේ යයි පර්යේෂකයන් අනුමාන කරන බව කියා සිටින කුආයා, “යම් ශබ්දයක් කථනයක් ද නැද්ද යන්න ප්‍රාථමික ශ්‍රවණ බාහිකය මගින් තීරනය කරනු ලබනවා. අනතුරුව, ද්විතීය ශ්‍රවණ බාහිකය හුරු භාෂා සහ නුහුරු භාෂා වෙන්කොට දක්වනවා” යයි පවසයි.

මානවයන් භාවිත කරන භාෂා අතර වෙනස්කම් කීමට හැකි එකම සත්ව වර්ගයා සුනඛයන් පමණක් නොවන්නට පුළුවන් යයි පර්යේෂකයෝ අනුමාන කරති. “රටා හඳුනා ගැනීමට මොළය හරිම දක්ෂයි. ඉතින් සෑම භාෂාවකටම ආවේණික ශබ්ද හා රටා පෙළක් තියන අතර ඒ නිසා තමයි භාෂා එකිනෙකින් වෙනස්වන්නේ” යයි කුආයා පෙන්වාදෙයි. කෙසේ වෙතත්, මෙහි දී සුනඛයන් සුවිශේෂී වන්නේ මානවයින්ගේ භාෂා වෙන්කොට හඳුනා ගැනීම පිණිස ඔවුන්ව අමුතුවෙන් පුහුණු කිරීම අනවශ්‍ය නිසයි.” මෙය බාගදා ගෲහ ආශ්‍රිත ජීවිතයකට හුරුපුරුදු වීමේ ක්‍රියාදාමය හේතු කොටගෙන ඇති වූවක් වෙන්න පුළුවන්. මිනිසුන් භාවිත කරන භාෂා වෙන්කොට හඳුනා ගැනීමේ හැකියාව බොහෝ විශෙෂ සතුවෙන්න පුළුවන් වුණත් බල්ලන් තමයි අපට අහුම්කන් දීමට පෙළඹෙන විශේෂ ස්වලපයට අයත් වෙන්නේ” යයි කුආයා වැඩිදුරටත් සඳහන් කරයි.

අපේ සුනඛ මිත්‍රයන් කෙතරම් තීක්ෂණ හැකියාවෙන් යුතු අයද යන්න ගැන බොහෝ දෙනා අඩුවෙන් තක්සේරු කරන බව පෙන්වා දෙන කුආයා ” අප හිතා ගෙන ඉන්නවාට වඩා බල්ලන් අප ගැන බොහොම දේ දන්නවා” යයි පවසයි.
මිනිසුන් තමන්ව රැවටීමට බොරු කියන විට ඒ බව තේරුම් බේරුම් කර ගැනීමට සුනඛයන්ට හැකියාව ඇතැයි මෙයට කලින් සිදුකෙරුණු පර්යේෂණ හෙළි කරයි.
Live Science (6th January 22) හී පලව ඇති Dogs can differentiate between familiar and unfamiliar human languages යන ලිපිය ඇසුරෙනි