මිනිසුන්ට බැක්ටීරියා නොමැතිව ජීවත් විය හැකිද?

Posted by

මිනිසුන්ට බැක්ටීරියා නොමැතිව ජීවත් විය හැකිද?

බැක්ටීරියා ට්‍රිලියන ගණනින් ඔබේ සම පුරා රොද බැඳ  ඔබේ ශරීරය සෑම් තැනකම  බඩගාමින් යන්නේය යන අදහස ඕනෑම කෙනෙකුගේ හිත කීරි ගස්වන සුළුය. එසේනමුත් මිනිසුන්ට කාබන්, නයිට්‍රජන්, මෙන්ම රෝගවලින් ආරක්ෂා වීම සහ ආහාර සම්පූර්ණයෙන්ම ජීර්ණය කිරීමේ හැකියාව නොමැතිව ජීවත් විය නොහැකි වන්නා සේම,  බැක්ටීරියා නොමැතිව මානවයන් වන අපට ජීවත් විය නොහැකි බව ක්ෂුද්‍ර ජීව විද්‍යාඥයෙක් සහ “Aල්ලීස් අන්ඩ් Eනෙමීස්:Hඔව් තෙ Wඔර්ල්ඩ් ඪෙපෙන්ඩ්ස් ඔන් භච්ටෙරිඅ” (Fඨ් ඵ්‍රෙස්ස්, 2010)” නම් ග්‍රන්ථයේ  කතුවරිය වන ඈන් මැක්සුලක් පවසයි.

සමාජයේ බොහෝ අය බැක්ටීරියා ගැන ඉගෙන ගන්නේ රෝගාබාධවලට ගොදුරුවීමේ සන්දර්භය තුළයි. එබැවින් බැක්ටීරියා ගැන කල්පානා කරන විට ඔවුන්ගේ සිත්වලට එන්නේ ඒවා පමුණුවන හානිය ගැනයි. මන්ද එවැනි සන්දර්භයක් තුළ බැක්ටීරියා සිදු කරන හානිය ගැන සිතීම ඔවුනට පහසු වන හෙයිනි. “බැක්ටීරිය අපට උපකාර කරන සියලුම ක්‍රම ගැන සිතීම අභියෝගයක්. මන්ද  වඩාත් සංකීර්ණ, බහු-පියවර ක්‍රියාවලියකට නැඹුරු වන නිසායි ” යනුවෙන් මැක්සුලක් පවසයි.

ප්‍රතිචක්‍රීකරණයේ යෙදෙන කුඩා ඇත්‍තෝ

කාබනික ද්‍රව්‍ය වියෝජනය කරන එමෙන්ම මිනිස් ජීවිතයට අවශ්‍ය කාබන් සහ නයිට්‍රජන් වැනි රසායනික මූලද්‍රව්‍ය චක්‍රීයකරන බැක්ටීරියා පසෙහි සහ සාගරයේ ප්‍රධාන ක්‍රියාකාරීන් වේ. මක්නිසාද යත් අපට ජීවත් වීමට අවශ්‍ය සමහර නයිට්‍රජන් අණු නිර්මාණය කිරීමට ශාක හා සතුන්ට නොහැකි වීමය. පාංශු බැක්ටීරියා සහ සයනොබැක්ටීරියා (නීල-හරිත ඇල්ගී) වායුගෝලීය නයිට්‍රජන් ශාකවලට අවශෝෂණය කරගත හැකි නයිට්‍රජන් ආකාරයන් වන ඇමෝනියම් හෝ නයිට්‍රේට් බවට පත් කිරීමේදී අත්‍යවශ්‍ය කාර්යභාරයක් ඉටු කරයි.   ඇමයිනෝ අම්ල සහ න්‍යෂ්ටික අම්ල, DNA වල තැනුම් ඒකක නිර්මාණය කරයි. අපි ශාක අනුභව කර එහි ප්‍රතිලාභ ලබා ගනිමු.

මිනිස් ජීවත පවත්වාගෙන යාම සඳහ අත්‍යවශ්‍ය ද්‍රව්‍යයක් වන ජලය චක්‍රීකරනයේ දී ද බැක්ටීරියා  කාර්යභාරයක් ඉටු කරයි. වලාකුළු හිම පතනයට හා වර්ෂාවට පතිත වීමට හේතු වන කුඩා අංශු බහුතරයක් නොවේ නම්බොහොමයක් බැක්ටීරියාවලෛන් සමන්විත වන බවට සාක්ෂි මෑත වසරවලදී, ලුසියානා ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් විසින් සොයාගනු ලැබ ඇත.

බැක්ටීරියා සහ මනුෂ්‍ය ශරීරය

මිනිස් සිරුර මත සහ ඇතුළත සිටිමින් බැක්ටීරියා වෙනත් ප්‍රතිලාභ ද ලබා දෙයි.  ආහාර දිරවීමේ පද්ධතිය තුළ, ශාක තන්තු වැනි බිඳ දැමීමේ දී අපට තනිවම එතරම් පහසු නොවන ආහාර බිඳ දැමීමට බැක්ටීරියා අපට උපකාර කරයි.

“අපට අපේ ආහාර වලින් වැඩි පෝෂණයක් ලබා ගන්නට හැකිවන්නේ බැක්ටීරියා නිසායි,” මැක්සුලක් පෙන්වාදෙයි.

මැක්සුලැක්ට අනුව ආහාර ජීර්ණ පද්ධතියේ ඇති බැක්ටීරියා, බයෝටින් සහ විටමින් කේ වැනි අපට අවශ්‍ය විටමින් ද සපයන අතර මෙම පෝෂ්‍ය පදාර්ථ සමහරක් සඳහා බැක්ටීරියා අපගේ මූලික ප්‍රභවය වේ. කිසිදු බැක්ටීරියාවකින් තොර වඳ පරිසරයක ඇති කරන ලද සතුන් මන්දපෝෂණයෙන් පෙළෙන අතර අඩු වයසින් මිය යන බව රට හාවන්(guinea pigs) ආශ්‍රිතව කරන ලද පර්යේෂණවලින් හෙළි වී තිබේ.

ශරීරාභ්‍යන්තරයෙන් බැහැරව ද, සම මතුපිට බැක්ටීරියා ‘වනාන්තර’ (නිව් යෝර්ක් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන්ට අනුව නම් සාමාන්‍ය පුද්ගලයෙකුගේ වෙන වෙනම විශේෂ 200 කට ආසන්න ප්‍රමාණයක්) සමේ පරිසරය සහ එහි සම්පත් මත ආධිපත්‍යය දරන්නේ, මැක්සුලැක්ට අනුව, අනෙකුත් බැක්ටීරියා වලට ‘අඩියක් තැබීමට වත් නොහැකි වන’ ලෙසිනි.

ශරීරයෙන් පිටත වේවා නැතිනම් ශරීරාභ්‍යන්තරයේ වේවා  බැක්ටීරියා වලට නිරාවරණය වීම අපගේ ප්රතිශක්තිකරණ පද්ධති(immune systems) වර්ධනයේ වැදගත් අංගයක් බව පෙන්වා දී ඇත. කොලරාඩෝ ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ ක්ෂුද්‍ර ජීව විද්‍යාඥ ජෙරල්ඩ් කැලහාන් පවසන පරිදි, හානිකර මෙන්ම නිරුපද්‍ර නැතිනම් හිතකර බැක්ටීරියා වලට නිරාවරණය වීම,  ජීවිතයේ පසු කලෙක ව්‍යාධිජනක ආක්‍රමණිකයන්ට මුහුණ දීම සඳහා ප්‍රතිශක්තිකරණ පද්ධතිය සූදානම් කර තබන්නකි.

New England Journal of Medicine හි ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති  පර්යේෂණ වාර්තාවකින් හෙළි වී ඇත්තේ බැක්ටීරියාවලට නිරාවරණය වීම වලක්වාලමින් ආරක්ෂාකර හදා වඩා ගන්න වූ දරුවන්ට ඇදුම සහ අසාත්මිකතා ඇතිවීමේ වැඩි සම්භාවිතාවක් ඇති බවයි. හිතකර හෙවත් ප්රයෝජනවත් බැක්ටීරියා ද භයානක විය නොහැකි බවක් මින් අදහස් නොවේ. සාමාන්‍යයෙන්, ප්‍රයෝජනවත් බැක්ටීරියා සහ හානිකර බැක්ටීරියා අන්‍යෝන්‍ය වශයෙන් සූවිශේෂී වන බව නැතිනම් බාහිෂ්කර(බැහැර) වන බව මැක්සුලැක් සඳහන් කරයි. එනමුත් ඒවා, විශේෂයෙන්ම ශරීරාභ්‍යන්තරයේ වාසය කරන බැක්ටීරියා අතිව්‍යාප්ත වේ.

Staphylococcus aureus

“Staph බැක්ටීරියාව අපේ සම පුරා තිබෙන නිසා, මීට හොඳ උදාහරණයක්”, Maczulak වැඩිදුරටත් කියා සිටියි. බාහුවේ වාසය කරන Staphylococcus aureus  ගණාවාසයක් හෙවත් සමූහයක් දැඩි ප්ර්යත්න දරමින්, ශරීරයට හානියක් නොවන පරිදි අනවසරයෙන් ඇතුළු වූවන් නැතිනම් ආක්‍රමිණිකයන් මර්ධනය කරයි, එසේනමුත්, සිරුරේ කැපුමක් ඇතිවුවහොත් හෝ ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය යම් කිසි ආකාරයකින් අඩපණ වී ඇති නම් හෝ, එම බැක්ටීරියා වියරුවැටී මෙන් ආසාදනයක් ඇති කිරීමට ක්‍රියා කළ හැකිය.

ශරීරයේ ඇති බැක්ටීරියා සෛල සංඛ්‍යාව සාමාන්‍යයෙන් මිනිස් සෛල සංඛ්‍යාව මෙන් 10 ගුණයක් ලෙස වෙතැයි ගණන් බලා ඇත.

” එම කාරනාව, අප මිනිසුන් වන වාට වඩා  බැක්ටීරියා වන්නේය යනුවෙන්  බොහෝ විද්‍යාඥයින් විසින්  විස්තර කරණු ලැබීමට හේතු වී යයි” මැක්සුලක් පෙන්වා දෙයි, ” එය නම් ඇත්තටම මදක් බියජනකයි, “නමුත් මෙම ජීවීන් කෙතරම් විශාල කාර්යභාරයක් ඉටු කරනවාද යන්න සිතින් මවා ගැනීමට එය ඔබට උපකාරී වේ.”

Life’s Little Mysteries(Live Science) හී පලවී ඇති Could Humans Live Without Bacteria? යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.