මොළය පිළිබඳ මූලික කරුණු: ඔබේ මොළය හඳුනාගන්න

Posted by

මොළය පිළිබඳ මූලික කරුණු::ඔබේ මොළය හඳුනාගන්න

මොළය මිනිස් සිරුරේ තිබෙන සංකීර්ණතම කොටසයි. කිලෝග්‍රෑම් එකහමාරකටත් අඩු(රාත්තල් තුනේ) මෙම ඉන්ද්‍රිය බුද්ධියේ පාදක ස්ථානයයි; සංවේදයන්ගේ පරිවර්තකයි; ශරීර චලනයේ මූලාරම්භකයායි; සහ චර්යාවන්ගේ පාලකය දැ වේ. එහි අස්ථි කවචයේ වැතිරී ආරක්ෂිත තරලයෙන් සේදෙන මොළය, අපගේ මනුෂ්‍යත්වය නිර්වචනය කරන සියලුම ගුණාංගවල ප්‍රභවය, මූලාශ්‍රය වේ. මොළය මිනිස් සිරුරේ රාජාභරණයයි.

මෙම ලිපි මාලාවව මිනිස් මොළය පිළිබඳ මූලික හැඳින්වීමකි. නිරෝගී මොළය ක්‍රියා කරන ආකාරය, එය නිරෝගීව තබා ගන්නේ කෙසේද සහ මොළය රෝගාතුර වූ විට හෝ ක්‍රියා විරහිත වූ විට සිදුවන්නේ කුමක්ද යන්න තේරුම් බේරුම් කර ගැනීමට ලිපි මාලාව ඔබට උපකාර විය හැක.

මොළයේ ව්‍යුහය

මොළය, විශේෂඥයින් පිරිසකගේ එකතුවක් වාගේය. මොළයේ සියලුම කොටස් එකට ක්‍රියා කරයි; එනමුත් සෑම කොටසකටම තමන්ගේම විශේෂ වගකීම් ඇත. මොළය මූලික ඒකක තුනකට බෙදිය හැකිය:පෙරමොළය(forebrain), එම මධ්‍ය මස්තිෂ්කය හෙවත් මැදි මොළය (midbrain), සහ අපර මස්තිෂ්කය හෙවත් පසු මොළය(hindbrain) යනුවෙනි.

අපර මස්තිෂ්කය හෙවත් පසු මොළයට කොඳු ඇට පෙළේ ඉහළ කොටස, මොළයේ කඳ සහ මස්තුලුංගය හෙවත් අනුමස්තිෂ්කය (cerebellum) නම් රැලි සහිත පටක බෝලයක් ඇතුළත් වේ. අපර මස්තිෂ්කය, හුස්ම ගැනීම සහ හෘද ස්පන්දන වේගය වැනි ශරීරයේ වැදගත් ක්‍රියාකාරකම්  පාලනය කරයි.

 මස්තුලුංගය හෙවත්(අනුමස්තිෂ්කය), චලනය සම්බන්ධීකරණය කරන අතර යාන්ත්‍රික ස්මෘති චලනයන්ට සම්බන්ධ වේ. ඔබ පියානෝව වාදනය කරන විට හෝ ටෙනිස් බෝලයකට පහර දෙන විට ඔබ කරන්නේ මස්තිෂ්ක සක්‍රීය කිරීමයි.

මොළයේ කඳේ ඉහළම කොටස මධ්‍ය මස්තිෂ්කය හෙවත් මැදි මොළයයි. එය සමහර ප්‍රත්‍යාවර්ත ක්‍රියා පාලනය කරන අතර අක්ෂි චලනයන් සහ අනෙකුත් ස්වේච්ඡා චලනයන් පාලනය කිරීමට සම්බන්ධ පරිපථයේ කොටසකි. පෙරමොළය යනු මිනිස් මොළයේ විශාලතම හා වඩාත්ම දියුණු කොටසයි: එය මූලික වශයෙන් සමන්විත වන්නේ මස්තිෂ්කය සහ ඊට යටින් සැඟවී අදෘශ්‍යමානව ඇති ව්‍යුහයන් ගෙනි.

අප මොළයේ ඡායාරූප දකින විට අපට සාමාන්‍යයෙන් නිරීක්ෂණය වන්නේ  මස්තිෂ්කය වේ. මස්තිෂ්කය මොළයේ ඉහළම ස්ථානයේ පිහිටා ඇති අතර එය බුද්ධිමය(intellectual) ක්‍රියාකාරකම්වල ප්‍රභවය වේ. එය, ඔබගේ මතකයන් රඳවා තබා ගනී; සැලසුම් කිරීමට ඔබට ඉඩ සලසයි; සිතීමට සමෙන්ම පරිකල්පනයට ඔබට හැකියාව ලබා දෙයි; එය ඔබට මිතුරන් හඳුනා ගැනීමට, පොත් කියවීමට සහ ක්රීඩා කිරීමට ඉඩ සලසයි.

මස්තිෂ්කය ගැඹුරු විඛණ්ඩනයකින්(විවරයකින්) අර්ධ දෙකකට (අර්ධගෝල)  බෙදී ඇත. විඛණ්ඩනය නැතිනම් විවරය තිබියදීත්, අනුමස්තිෂ්ක අර්ධගෝල දෙක මෙම විඛණ්ඩනයේ පාදයේ පිහිටා ඇති ස්නායු තන්තු ඝන පථයක් හරහා එකිනෙක සමඟ සන්නිවේදනයේ යෙදෙයි. අර්ධගෝල දෙක එකිනෙකෙහි දර්පණ ප්‍රතිබිම්බයක්(mirror image) ලෙස පෙනුනද, ඒවා එකිනෙකට වෙනස් වේ. නිදසුනක් වශයෙන්, වචන සෑදීමේ හැකියාව මූලික වශයෙන් වම් අර්ධගෝලයේ පවතින බව පෙනේ, දකුණු අර්ධගෝලය බොහෝ වියුක්ත තර්කන කුසලතා පාලනය කරන බව පෙණී යයි.

විද්‍යාඥයන් තවමත් නොදන්නා කිසියම් හේතුවක් නිසා, මොළයේ සිට ශරීරය වෙත මෙන්ම ශරීරයේ සිට මොළය වෙත අතට සංඥා සියල්ලම පාහේ මොළය වෙතට සහ ඉන් පිටතට යන අතරතුර මාරුවේ. මෙයින් අදහස් කරන්නේ දකුණු අනුමස්තිෂ්ක අර්ධගෝලය මූලික වශයෙන් ශරීරයේ වම් පැත්ත පාලනය කරන අතර වම් අර්ධගෝලය මූලික වශයෙන් දකුණු පැත්ත පාලනය කරන බවයි. මොළයේ එක් පැත්තකට හානි වූ විට, එය ශරීරයේ විරුද්ධ පැත්තට බලපායි. නිදසුනක් වශයෙන්, මොළයේ දකුණු අර්ධගෝලයේ ආඝාතයක් හේතුවෙන් වම් අත සහ වම් පාදය අඩපණ විය හැක.

මස්තිෂ්ක බාහිකය The Cerebral Cortex

මස්තිෂ්කයේ සහ අනුමස්තිෂ්කයේ මතුපිට ආල්පනය කරන, කාසි දෙකක හෝ තුනක ඝණකමින් යුත් පටකවල සක්‍රීය ස්ථරයක් වේ. එය, ගසක පොත්ත සඳහා වන ලතින් වචනයෙන් උත්පන්න බාහිකය(the cortex) හෙවත් බාහිරාවරණය ලෙස හැඳින්වේ. මොළයේ  තොරතුරු ඇත්තටම සැකසීම බොහෝමයක් සිදුවන්නේ මස්තිෂ්ක බාහිකයේය. මොළයේ ඇති “ධූසර ද්‍රව්‍ය”(grey  matter) ගැන පුද්ගලයින් කතා කරන විට ඔවුන් කතා කරන්නේ මෙම සිහින් ස්ථරය ගැන ය. මොළයේ අනෙකුත් බොහෝ කොටස් සුදු පැහැයෙන් දිස්වන පරිවරණයක්(insulation) මෙම ප්‍රදේශයේ ස්නායුවලට නොමැති නිසා බාහිකය අළු පැහැයක් ගනී. මොළයේ ඇති නැමීම් එහි මතුපිට ප්‍රදේශයට එකතු වන අතර එම නිසා ධූසර ද්‍රව්‍ය ප්‍රමාණය සහ සැකසිය හැකි තොරතුරු ප්‍රමාණය වැඩි කරයි.

එක්සත් ජනපද ආණ්ඩුවේ නිල වෙබ් අඩවියක් වන National Institute of Neurological Disorders and Strokes හී පළවන Brain Basics: Know Your Brain කොටස අසුරෙන් සැකසිණ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.