ජීවිත දිගු කිරීමේ පර්යේෂණ සඳහා මිලියන ගණනක් යෙදවීමෙහි සදාචාරාත්මක වටිනාකමක් තිබේද?

Posted by

ජීවිත දිගු කිරීමේ පර්යේෂණ සඳහා ධනවතුන් මිලියන ගණනක් යෙදවීමෙහි සදාචාරාත්මක වටිනාකමක් තිබේද?

OpenAI හි ප්‍රධාන විධායක සෑම් ඇල්ට්මන් මෑතකදී ඇමරිකානු ඩොලර් මිලියන 180ක් Retro Biosciences හී ආයෝජනය කළේය. Retro Biosciences  මිනිස් ආයු කාලය සෞඛ්‍යසම්පන්න වසර දහයකින්    දීර්ඝ කිරීමට අපේක්ෂා කරන සමාගමකි. මෙය සාක්ෂාත් කර ගැනීමට සැලසුම් කරන එක් ආකාරයක් වන්නේ රුධිරය “තිරිහන්” (rejuvenate)කිරීමයි. මෙම අදහස පදනම් වී ඇත්තේ වියපත් මීයන්හට,  තරුණ මීයන්ගේ රුධිරය ලබා දීමෙන් පසු, වයස ආපස්සට යාමේ සලකුණු පෙන්නුම් කළ බව දැක්වුණුඅධ්‍යයනයන් මත ය.

ජීවිත දිගු කිරීමේ ප්‍රයත්නයන්ට සහාය දක්වන එකම  සිලිකන් නිම්න ව්‍යවසායකයා Altman පමණක් නොවේ. PayPal සම ආදී කතෲ Peter Thiel, Amazon නිර්මාතෘ Jeff Bezos සහ ඝූග්ලෙ සම ආදී කතෲ ළර්ර්ය් ඵගෙ අපගේ ජීවිත ගත කරන ආකාරය කෙරෙහි ගැඹුරින් බලපෑම් කළ හැකි ව්‍යාපෘති සඳහා මිලියන ගණනක් වැය කර ඇත.

ජීවිත දිගු කිරීමේ පර්යේෂණ සම්බන්ධයෙන් මතු කරන පළමු ප්‍රශ්නය විද්‍යාත්මක ය: මෙම තාක්ෂණයන්ට් කාරිය ඉ‍ටු කළ හැකිද? මෙම පෙරමුණ තවමත් ස්ථිර නිගමනයකට එළඹ නැති අතර, ශුභවාදී සහ සංශයවාදී(සැකසංකා සහෛත) යන දෙකටම පක්ෂ විය හැකි හේතු තිබේ.

ඒ තරමටම දෙවන ප්‍රශ්නය ද වැදගත් ය: ආයු කාලය දීර්ඝ කිරීම කළ හැක්කක් වුවද, එය සදාචාරාත්මක වේද?

ආයුකාලය දිගු කිරීමට එරෙහි නගන සමහර පොදු සදාචාරාත්මක තර්ක පෙනෙන තරම් ප්‍රබල නොවන්නේ මන්දැයි අපි පැහැදිලි කරගමු – සදාකාලිකව ජීවත් වීමට උත්සාහ කිරීම වටින්නේ නැත්තේ ඇයිද යන්න සඳහා (මේ දක්වා තරමක් නොසලකා හරින ලද) තවත් පැහැදිලි කිරීමක් ඉදිරිපත් කළ හැකිය.

ආයු කාලය දිගු කිරීම හුදෙක් නොවැළැක්විය හැකි දේ පසුපසට තල්ලු කරයි: අප මිය යනු ඇතැයි කෙනෙකුට තර්ක කළ හැකිය. කෙසේ වෙතත්, මෙම මතයේ ඇති ගැටළුව නම්, ඕනෑම ජීවිතයක් බේරා ගනු ලබන්නේ තාවකාලිකව පමණි. වසර දහයක ආයු කාලය දිගු කිරීම දියේ ගිලෙන පිහිනන්නෙකු බේරා ගැනීමට සමාන වේ, ඔවුන්ට වසර දහයකට පසුව රථවාහන අනතුරකින් මිය යාම පමණි. ඔවුන්ගේ අවසාන මරණය ගැන අපි දුක් විය හැකි වුවද, අපි ඔවුන්ව බේරා ගැනීම ගැන අපි තවමත් සතුටු වෙමු.

ඔබ කොහොමත් මිය යන බව ස්ථිර නිසා ආයු දීර්ඝ කිරීම වටිනවාද?

ආයු කාලය දිගු කිරීම හුදෙක් නොවැළැක්විය හැකි(කවදා හෝ සිදුවන) දේ — එනම් මරණයපසුපසට තල්ලු කිරීමක් යයි තර්ක කළ හැකිය. කෙසේ වෙතත්, මෙම මතයේ ඇති ගැටළුව නම්, ඕනෑම ජීවිතයක් බේරා ගනු ලබන්නේ තාවකාලිකව පමණක් යන්න වීමයි. වසර දහයක ආයු කාලය දිගු කිරීම දියේ ගිලෙන පිහිනුම් කරුවෙකු බේරා ගැනීමට සමාන වේ, ඔවුන්ටඑසේ බේරා ගනු ලබන ජීවිතය වසර දහයකට පසුව රථවාහන අනතුරකින් කෙළවර වන්නට පුළුවන. අනතුරෙන් අවසානයේ මරණය සිදුවීම ගැන අප දුක් විය හැකි වුවද, දියේ ගිලෙන්නට නොදී ජීවිතය බේරා ගැනීම ගැන අපි තවමත් සතුටු වෙමු.

සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව සම්බන්ධයෙන් ගත්ට ද එය එසේම වේ. වෛද්‍යවරයකු මගේ නියුමෝනියාව සුව කළහොත්, අවසානයේදී ම වෙනත් දෙයකින් මිය යනු ඇත, එSනමුත් එයින් අදහස් කරන්නේ මාගේ ජීවිතයවෛද්‍යවරයා හෝ මා බේරා ගැනීම ගැන මම කනගාටු වන බවයි.

ආයු කාලය දීර්ඝ කිරීමේ පර්යේෂණ අපව ගෙන යා හැක්කේ කොතැනටද යන්න පිළිබඳව ගැඹුරු දැක්මක් ඇති ගැනීම වටී. ප්‍රවීණයන් විසින් ඉදිරිපත් කරන ලද වඩාත්ම ශුභවාදී පරිදර්ශනයන්හිදී(scenarios), එක් එක් මැදිහත්වීමක ප්‍රතිලාභ ප්‍රවාහයක් බවට පත්විය හැකි බැවින්, මධ්‍යස්ථ ප්‍රතිලාභ ගෙනෙන කෙටි කාලීන මැදිහත්වීම් පවා මිනිසුන්ට ඔවුන්ගේ ජීවිතයට සියවසක් එකතු කිරීමට උපකාරී විය හැකිය. නිදසුනක් වශයෙන්, ජීවිතයේ සෑම අමතර වසරකම ඊළඟ විශාල ඉදිරි පියවර() දක්වා දිවි ගලවා ගැනීමේ සම්භාවිතාව වැඩි කරයි.

සමහර දාර්ශනිකයන් පෙන්වා දී ඇත්තේ අමරණීයත්වය, මුලිදී ප්‍රිය මනාප විය හැකි වුවද, අවසානයේ දී එහි ආකර්ෂණය හීන වී යා හැකි බවයි.

අමරණීයත්වය නීරස විය හැකි නම් එය වටින්නේ ද?

තමන් නම් මෙම තාක්ෂණයන් භාවිතා නොකරන බව පවසමින් බොහෝ අය සදාචාරාත්මක පදනමක් මත ආයු කාලය දීර්ඝ කිරීමට එරෙහිව තර්ක කර ඇත. යමෙකුට විරුද්ධ විය හැක්කේ ඇයි? කනස්සල්ලට එක් හේතුවක් වන්නේ ඉතා දිගු ජීවිතයක් ගතකිරීම අශා නූපදවන්න විය හැකි වීමයි. දාර්ශනික බර්නාඩ් විලියම්ස් පවසන්නේ ජීවිතය වටිනා එකක වන්නේ ඔහු “නිරපේක්ෂ ආශාවන්”(“categorical desires”) ලෙස ඔව්හු විසින් හඳුන්වනු ලබන දේ  හරහා බවයි: එනම්,අපට ජීවත් වීමට අවශ්‍ය වන හේතු සපයන ආශාවන්. විලියම්ස් හිතන්නේ  මෙම ආශාවන් දරුවෙකු ඇති දැඩි කිරීම හෝ නවකතාවක් ලිවීම වැනි ප්‍රධාන ජීවන ව්‍යාපෘතිවලට සම්බන්ධ බවයි. ඔහු කනස්සල්ලට පත්ව සිටින්නේ,  දිගු ආයු කාලයක් භුක්ති විඳින විට එවැනි ව්‍යාපෘති හිඟවී යනු ඇති බවයි. එසේ නම්, අමරණීයත්වය වෙහෙසකර එකක් වනු ඇත.

විලියම්ස් නිවැරදිද යන්න පැහැදිලි නැත. සමහර දාර්ශනිකයන් පෙන්වා දෙන්නේ මිනිස් මතකයන් වරදිනසුලු විය හැකි බවත්, පෙර අත්දැකීම් අමතක වන විට ඇතැම් ආශාවන් නැවත මතුවිය හැකි බවත්ය. තවත් අය අවධාරනය කරන්නේ අපගේ ජීවිත අත්දැකීම් අපගේ රුචිකත්වයන් ප්‍රතිනිර්මාණය කරන විට අපගේ නිරපේක්ෂ  ආශාවන් පරිණාමය වන බවත් එමෙන්ම, ඉතා දිගු ජීවිතයක් තුළ එය දිගටම කරගෙන යා හැකි බවත්ය. මේ දෙකෙන් කොයි අවස්ථාවක වුව, අපගේ නිරපේක්ෂ ආශාවන් නිම නොවන අතර එබැවින්ම  ජීවත්වීමට අපට ඇති හේතුව ඉතා දිගු ජීවිතයක් තුළ වුව අවසන් නොවනු ඇත.

අමරණීයත්වය වෙහෙසකර වුවද, එය, ආයු කාලය කෙටි කෙටි කාල දිගු කිරීම්වලට එරෙහිවන්නට හේතුවක් ලෙසගණන් නොගනු ඇත. කෙනෙකුගේ හැකියාවන් නැතිනම් විභවයන් ගවේෂණය කිරීමට වසර 80 ගණනක් ප්‍රමාණවත් නොවන බවට බොහෝ දෙනා තර්ක කරනු ඇත. පුද්ගලිකව සලකා බලද්දී, අපි නවකතාවක් ලිවීමට හෝ  DJකෙනෙකු ලෙස වෘත්තියක් ආරම්භ කිරීමට තවත් වසර 20ක් හෝ 50ක් ජීවත්වීමට හැකියාව හොඳ් හේතුවක් ලෙස සාදරයෙන් පිළිගන්නෙමු.

.දුප්පතුන් මගහැර ආයු දීර්ඝ කිරීම වටිනවද?

ආයු කාලය දීර්ඝ කිරීමේ තාක්ෂණයන් හිත අසහනයට පත්කරන තවත් කාරණයක් වන්නේ සමානාත්මතා ප්‍රතිපත්තිය අනුදැකීමයි.

මෙම තාක්ෂණයන් මිලෙන් අධික වනු ඇත; අප වගේ අනෙක් අය බොහෝ දුරට වයස අවුරුදු 70 සහ 80 ගණන්වල මිය යද්දී සිලිකන් නිම්නයේ ප්‍රකෝටිපතියන්ට පමණක් (මෙම තාක්ෂණය යොදා ගැනීමට මුදල් වියදම් කළ හැකි බැවින්) ඔවුන්ගේ 150 වැනි උපන්දිනය සැමරීමට හැකියාවක් ලැබීම අසාධාරණ බව පෙනේ,  මෙම විරෝධය ඒත්තු ගන්වනසුලු බව ඇත්තය. සෞඛ්‍ය සමානාත්මතාවය ප්‍රවර්ධනය කරන මැදිහත්වීම් බොහෝ දෙනා සාදරයෙන් පිළිගනිති, එය විශ්වීය සෞඛ්‍ය සේවය සඳහා වන පුළුල් සමාජ ඉල්ලීම් වලින් පිළිබිඹු වේ.

කෙසේවෙතත් මෙහිදී සලකා බැලිය යුතු වැදගත් සියුම් වෙනසක් තිබේ.  ආර්ථිකය යහපත් නොවන අයගේ තත්ත්වය විශ්වීය සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රම මගින් වැඩිදියුණු කිරීම තුළින් සමානාත්මතාවය ප්‍රවර්ධනය කරන බව සැලකිල්ල යොමු කළ යුත්තකි. අනෙක් අතට, ආයු කාලය දීර්ඝ කිරීමේ තාක්ෂණයන් වර්ධනය වීම වැළැක්වීම, අතමිට තිබෙන අයගේ තත්වය වඩාත් නරක අතට හැරෙනු ඇත.

“මට්ටම් කිරීම” (අඩුකර හෝ වැඩිකර හෝ සමාන මට්ටමකට ගෙන ඒම) මත පදනම් වූ සමානාත්මතාවයේ සදාචාරාත්මක අභිලාෂය අපැහැදිලි ය. දුප්පත්ම ඕස්ට්‍රේලියානුවන් වයස අවුරුදු 75 ට පෙර මියයාමේ සම්භාවිතාව ධනවත්ම අයට වඩා දෙගුණයක් වේ. එහෙත් වයස අවුරුදු 75 ට වැඩි අයගේ සෞඛ්‍යය වැඩි දියුණු කිරීම සඳහා තාක්‍ෂණයන් දියුණු කිරීම නතර කළ යුතු යැයි   තර්ක කරන්නන් වෙතොත් ඒ ඉතමත් සුලු පිරිසකි. එපමණක් නොව, ආයු කාලය දීර්ඝ කිරීමේ තාක්‍ෂණවල මිල අන්තිමේ දී පහත වැටෙනු ඇත.

සැබෑ ගැටලුව

කෙසේ වෙතත්, ජීවිතය දිගු කිරීමේ ආන්තික අවස්ථාවන්ට අදාළ වන එක් බරපතල සදාචාරාත්මක විරෝධයක් ඇතැයි පෙණී යයි. මානවයන් සාමාන්‍යයෙන් ඉතා දිගු ආයු කාලයක් ගත කළේ නම්, එයය  ජනගහනයෙහි අනුවර්තන හැකියාව අඩු කර සමාජය එකතැන පල්වීමට මග පාදයි.

ආයු අපේක්ෂාවේ සුළු වැඩිවීමක් පවා ජනගහන ප්‍රමාණය රැඩිකල් ලෙස වැඩි කරයි. අධිජනගහනය වැළැක්වීම සඳහා, අපට උපත් අනුපාත අඩු කිරීමට අවශ්‍ය වනු ඇත; එය පාරම්පරික වර්ධනය දැඩි ලෙස මන්දගාමී කිරීමට හේතුවේ.

පෙර සිදුකළ පර්යේෂණවලදී,  පර්යේෂකයන් අතරින් එක් අයෙකු  ගවේෂණය කර ඇති පරිදි, මෙය සමාජ ප්‍රගතියට ඇදහිය නොහැකි තරම් හානිකර විය හැක; මන්ද එය:

1. වඳවී යාමේ තර්ජන වලට අපගේ අවදානම වැඩි කරන්නට

2. පුද්ගල යහපැවැත්ම අනතුරේ හෙළීමට, සහ

3. සදාචාරාත්මක දියුණුවට බාධා කිරීමට හේතු විය හැකි බැවිනි.

තාරුණ්‍යයේ චින්තන දායකත්වය නිතිපතා ගලා එමින් පූර්වගාමීන්ගේ ක්‍රියාකාරකම් මත ගොඩ නැගීමෙන් බොහෝ ක්‍ෂේත්‍රවලට ප්‍රතිලාභ බෙහෙවින් ලබා ගත හැකිවේ.

පැරණි විද්‍යාඥයින්ගේ මොළය දියුණුව පැවතුනද, ඔවුන්ගේ “තහවුරු කිරීමේ නැඹුරුව”(“confirmation bias”) නව විද්‍යාත්මක න්‍යායන් අවබෝධකර ගැනීම, නැතහොත් උකහා ගැනීම මන්දගාමී කළ හැකිය.  (තහවුරු කිරීමේ නැඹුරුව(confirmation bias)කෙනෙකුගේ පෙර විශ්වාසයන්, පක්ෂග්‍රාහීත්වයන් තහවුරු කරන ආකාරයෙන් තොරතුරු සෙවීමට සහ අර්ථකථනය කිරීමට ඇති නැඹුරුවයි).  සදාචාරාත්මක විශ්වාසයන් ද තහවුරු කිරීමේ නැඹුරුවට අවනතවීමේ ප්‍රවනතාවක් දක්වයි. දීර්ඝකරගත් ආයු කාලයක් සහිත ලෝකයක, සිය තරුණ අවධියේදී (ඒ කියන්නේ සමහර විට වසර 100 කට වඩා වැඩි කාලයකට පෙර අවධියක දී) දරා සිටි සදාචාරාත්මක අදහස්ම තවමත් දරමින් සිටින පුද්ගලයන් බලගතු තනතුරුවල විරාජමානව වැජඹෙනවා විය හැකියි.

අවම වශයෙන් සමහර පැතිවලින්වත්, අපේ සමාජයේ සදාචාර සංග්‍රහය දැඩි ලෙස වරදවා වටහාගෙන ඇති බවක් පෙනේ. සියල්ල සැලකිල්ලට ගත් පසු, අපට සිතන්නට ඇත්තේ අතීත සමාජ,  වහල්භාවය අනුමත කිරීම හෝ සමලිංගිකත්වය නීති විරෝධී බවට පත් කිරීම වැනි ඔවුන්ගේ ව්‍යසනකාරී ක්‍රියාකාරකම් වැරදි වැටහීම් මත සිදුවී ඇති බවයි. පාරම්පරික වර්ධනය  මන්දගාමී වීම, විශේෂයෙන්ම අපට තවමත් නොපෙනෙන අපගේම සදාචාර ව්‍යසනයන් හඳුනාගෙන ඒවා නිවැරදි කර ගැනීමේ අවස්ථාව ප්‍රමාද කළ හැකිය.

The Conversation හී පළවන The rich are pouring millions into life extension research – but does it have any ethical value? යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.