නිකමට වගේ අහස දිහා බැලූවහම බැලූ බැල්මටම ඔබට හිතෙන්නේ අහස නිල්පාට ඇයි? කියලයි. ඒ වගේම ඉර බහින කොට අහස රතුපාට වෙන්නෙත්, බොහොමයක් වලාකුළු සුදුපාට වෙන්නෙත් ඇයිද කියලා ඔබට හිතෙන්න පුළුවන්. මේ ඹක්කොටම උත්තර භෞතික විද්‍යාවේ තියෙනවා. සූර්යාලෝකයේ සුදුපාට හැදිලා තියෙන්නේ දේදුන්නේ තියෙන පාට ඔක්කොම එකට එකතුවීමෙනුයි. වායු ගෝලය ඔස්සේගමන් කරන කොට මේ සූුර්යාලෝකය වායුගෝලයේ ඇති වායු අණු සහ ධූලි අංශූ (මේ ධූලි අංශු මයික්‍රෝනයකටත් වඩා, ඒ කියන්නේ අඟලකින් 1/250,000 කටත් වඩා කුඩායි. හැම අතටම විසිරෙනවා. මෙහෙම ආලෝකය විසිරෙනවට කියන්නේ රෙලේ ප‍්‍රකිරණය කියලයි. සියලූම පාට අතරින් වඩාත් හොඳට විසිරෙන්නේ නිල්පාටයි. කොටින් කිව්වොත් නිල් පාට රතුපාටට වඩා පස්ගුණයක් වැඩියෙන් විසිරෙනවා. ඒ නිසා දහවල් කාලයේ අහසේ කොයි පැත්ත බැලූවත් ඔබට අහසෙ වැඩියෙන්ම පේන්නෙ නිල් පාටටයි. ඒකයි අහස නිල්පාට. ඒත් ඔබ හඳට ගිහිල්ල අහස දිහා බැලූවොත් පේන්නෙ නිල් පාට අහසක් නොවෙයි කළු පාට අහසක්. ඒකට හේතුව හිරුරැස් විසිරවිය හැකි වායු ගෝලයක් හඳට නොතිබීමයි.
හොඳයි ඉර
බහින සැන්දෑවෙ අහස රතුපාට ඇයි? සූර්යයා ක්ෂිතිජයට ලංවී තියෙන කොට සූර්යාලෝකය වායු ගෝලයේ වැඩිපුර දුරක් ගමන් කරන්න ඕනෑ. එතකොට සූර්යයාලෝකයෙන් මුලදී වැඩිපුරම විසරණය වෙන්නේ කොල, නිල් සහ දම් යන පාට වර්ගයි. ඒ අන්දමට හිරු රැස් අපේ ඇස්වලට ලඟා වෙන තරම් දුර යන කොට සුර්යයා ලෝකය කහ, තැඹිලි සහ රතු යන පැහැයන් ගන්නවා. ඒකයි ඉර බහින කොට අහස ගින්දර වගේ පාට වෙන්නේ.
එතකොට වලාකුළු සුදුපාට වෙන්න හේතුව මොකක්ද? අහස නිල්පාටට පේන්න හේතුවෙන වායුගෝලයේ තියෙන වායු අංශු සහ ධූලි අංශු වලට වඩා වළාකුළුවල තියෙන ජලබිංදු ප‍්‍රමාණයෙන් විශාලයි. ඒ නිසා සූර්යා ලෝකය ජල බිංදු වලින් විසරණය වෙන කොට හැම පාටක්ම එක සමානවයි විසරණය වෙන්නේ. මේ නිසා ආලෝකය සුදුපාටටම තියෙනවා. ඒත් වළාකුළේ තෙතමනය වැඩිනම් නැත්නම් තවත් වලාකුළකින් ඒ වළාකුල වැසිලා තියෙනවා නම් ඒ තරම් ආලෝකය ප‍්‍රමාණයක් වළාකුල හරහා කාන්දු වෙන්න විදියක් නැහැ. ඒකයි සමහර වළාකුලූ අඳුරු වෙළා පේන්නේ.
මහාචාර්ය වෝල්ටර් ලෙවින්ගේ For the Love of Physics නමැති පොතෙන්.




ප්‍රතිචාරයක් ලබාදෙන්න