අපේ සෞර ග්‍රහ මණ්ඩලයෙන් ඔබ්බට, විශ්වය ගවේෂණය කිරීම තනිකරම පාහේ පාදක වී ඇත්තේ දුර ඈත වස්තුවලින් ආලෝකය විමෝචනය කිරීම (පිටකිරිම) අවශෝෂණය කිරීම (උරා ගැනීම) සහ පරාවර්තනය කිරීම ගැන හැදෑරීම මතයි. අපගේ ඇස්වලින් දැකිය හැකි වන්නේ විද්‍යුත් චුම්බක විකිරණයේ පුළුල් චර්යාවලින් ඉතා කුඩා කොටසක් පමණකි. මෙම විකිරණය සමන්විත වන්නේ ප්‍රෝටෝන නම් අංශුවලිනි.

මෙම ප්‍රෝටෝනයක ශක්තිය ප්‍රතිලෝම වශයෙන් එහි තරංග ආයාමයට බැඳී ඇත: ඒ කියන්නේ, ඉහළ ශක්තියක් සහිත ප්‍රෝටෝනවලට ඇත්තේ, කෙටි තරංග ආයාමයන්ය. විද්‍යුත් චුම්බක වර්ණාවලියෙන් ප්‍රෝටෝන විස්තර කෙරෙන්නේ, තරංග ආයාමයක ශ්‍රීතයක් (එනම්, එකක වෙනසක් සිදුවුවහොත් අනෙකෙහි ද වෙනසක් සිදුවන්නක්) ලෙසටය. වර්ණාවලිය, ගැමා කිරණවල සිට (<0.01 නැනෝ මීටර) රේඩියෝ තරංග (>1මිමි) දක්වා දිවෙයි. වර්ණාවලියෙහි දෘශ්‍යමාන කොටස හුදෙක් 400 නැනෝ මීටර (ජම්බුල) සිට 700 නැනෝ මීටර (රතු) දක්වායි. සෑම විද්‍යුත් චුම්බක කොටසක්ම විශ්වය පිළිබඳ වෙනස් දසුනක් සපයයි. පාරජම්බුල කලාපයේ රත් තාරකා වඩාත්ම දීප්තිමත් වන අතර සිසිල් තාරකා වඩාත්ම දීප්තිමත් වන්නේ අධෝරක්ත ‍කලාපයෙහිය.

අපේ වායුගෝලයේ මුදුන දක්වාම විද්‍යුත් චුම්බක කිරණ සමස්තයම පැමිණේ. එහෙත් පෘථිවි මතුපිටට ඇති අවසන් කිලෝමීටර් 200 වන විට ඉන් බොහොමයක්ම නැති වී යයි. ඉතිරි වන්නේ ප්‍රකාශ (optical), රේඩියෝ සහ ඇතැම් අධෝරක්ත කොටස්ය. අනෙකුත් විද්‍යුත් චුම්බක කලාප නිරීක්ෂණය කළ හැක්කේ අභ්‍යාවකාශයේ සිට පමණයි. මේ කාරණය, අභ්‍යාවකාශයෙහි ගැමා කිරණ, X කිරණ, පාර ජම්බුල සහ අධෝරක්ත ටෙලස්කෝප ස්ථානගත කිරීම පිණිස පෙළඔවීමක් සපයන ප්‍රධාන සාධකයකි.

භූමිය මත පිහිටි ටෙලස්කෝප ‍මගින් ලබාගත හැකි රූපවල තියුණු බව සීමාකිරීමේදී ද වායුගෝලය ප්‍රධාන කාර්ය භාරයක් ඉටු කරයි. පතිත වන තාරකාලෝකය ආකූලතාව මගින් විසිරෙයි. බොඳවෙයි. අපේ ඇස් මේ සංසිද්ධිය දකින්නේ තාරකා ‘දිදුලන’ (twinkling) සෙයකිනි. අපේ ඇස්වලට දළවශයෙන් චාප විනාඩි 1ක අහස් කෝණික විභේදනයක් ඇත. එය පූර්ණ චන්ද්‍රයාගේ පළලින් 1/30කට පමණ සමානය.

වඩා විශාල කාච හා දර්පන මගින් අපේ ඇසට දකිනවාට වඩා වර්ධිත දර්ශන ටෙලස්කෝප මගින් ලබා ගත හැකිවේ. කුඩා ටෙලස්කෝපයකට, චාප තත්පර 1 ක පමණ විභේදන බලයක් ඇත. එවැන්නක්, ප්‍රෝටෝනද වැඩියෙන් එකතු කරනු ලබන හෙයින්, අඳුරු වස්තූන් දැක බලා ගැනීමට මඟ පාදයි. විශාලතම (මීටර් 10 පමණ වන) දුරේක්ෂ සතුව චාප තත්පර 0.01ක පමණ විභේදන බලයක් තිබිය හැකි නමුත් එය චාප තත්පර 1ක් ලෙස ‘දකින’ අන්දමට වායුගෝලය නිසා සීමාවෙයි. වඩාත් විශාල ප්‍රකාශ අභ්‍යාවකශ දුරේක්ෂ කෙරෙහි වැඩි කැමැත්තෙන් දැක්වීමට බලපාන ප්‍රධාන සාධකයක් වන්නේ මෙයයි.

ව්‍යාඛ්‍යාත්මක සටහන(explanatory note)

නියමිත කාලයකදී තරුවක් හෝ වෙනත් ආකාශ වස්තුවක් හෝ ගෙවා යන සේ පෙණෙන සංවෘත චක්‍ර කොටස චාපය නමින් හැඳින් වේ. ගෝලීය වස්තූන්‍හි ප්‍රමාණය හා දෘශ්‍ය පිහිටීම මැනීම සඳහා භාවිත වන ඒකකය චාප දුර ලෙස දැක්වේ.

තාරකාවල ප්‍රතිබිම්බ සකසන ටෙලස් කෝපයක කෝණික විභේදන බලය යනු ප්‍රතිබිම්බවල කුඩාම කෝණික වෙනස් කිරීමයි. විභේදන බලය යනු ටෙලස්කෝපය වැනි ප්‍රකාශ උපකරණය මතට ප්‍රතිබිම්බ වෙන්කොට දැක්වීමට ඇති හැකියාවෙහි ගුණාත්මක පිම්මකි.

A Visual Guide to the Universe ග‍්‍රන්ථය ඇසුරෙන් සැකැසෙන ලිපි පෙලක දෙවැන්න. ප‍්‍රථම ලිපිය මාර්තු  24 දින  පළවිය

 

One response to “අභ්‍යාවකාශයේ සිට විශ්වය ගවේෂණය කිරීම II”

  1. […] මෙම අභ්‍යාවකාශ ටෙලස්කෝප පද්ධතියෙහි ප්‍රධාන ඉලක්කයක් වන්නේ අපේ ක්ෂීර පථය ගැලැක්සියයි. දැනට දන්නා පරිදි ක්ෂිරපථය ගැලැක්සිය හරහා දුර ආලෝක වර්ෂ 100,000කි. එහි තාරකා බිලියන 300ක් ඇතැයි සැලකේ. අප ජිවත්වන්නේ එහි මධ්‍යයේ සිට ආලෝක වර්ෂ 28,000ක් ඈතින් ඇති තුනී තැටියකය. පෘථිවියේ මතුපිට සිට බලන කළ ක්ෂිරපථය තැටිය අහස හරහා දිවෙන ආලෝක තීරුවක් පමණකි. එහෙත් අභ්‍යාවකාශයේ සිට සිදුකෙරෙන  නිරික්ෂණවලින් ක්ෂිර පථ තැටියේ බහු තරංග ආයාම දසුනක් සැපයේ. වෙන අන්දමකට විස්තර කළොත් පොළොවෙහි සිට බලන කල අපට දිස්වන්නේ විද්‍යුත් චුම්බක වර්ණාවලියෙහි ඇසට පෙනෙන කොටසින් දැකිය හැකි දෙයක් පමණකි. අභ්‍යාවකාශයේ සිට නිරීක්ෂණය කරන විට ඊට වඩා පුළුල් පරාසයකින් ක්ෂිර පථය දෙස බැලිය හැකිය. (ලිපි පෙළෙහි II වැන්න බලන්න) […]

    කැමතියි

අභ්‍යාවකාශයේ සිට විශ්වය ගවේෂණය කිරීම III : | thathu.com වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending