මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහී තවත් ලිපියක්
සිදුවන සෑම සියලු දෙයටම හේතුවක් තිබෙන්නේය එමෙන්ම එනිසා නොවැලක්විය හැකිය යන මතවාදය හෙවත් ධර්මය, නියතිවාදයයි(Determinism). එම සිදුවීම් වල ප්‍රතිඵලය නැවත වතාවක් තවත් ප්‍රතිඵලවල හේතු බවට පත්වෙයි. ඒ අනුව මෙම හේතුඵල දාම, කාලය සහ අවකාශය හරහා විහිදෙනවා. සමහරුනට අනුව නම් ඒවායින් විද්‍යාමාන වන්නේ දෙවියන්ගේ අභිමතයයි. එනම් මුල කාරණය යි(the first cause). අනෙකුත් අය නම් ඒවා දකින්නේ ස්වභාවයේ නීතිවල (the laws of nature) නොවැලක්විය හැකි විපාක ලෙසයි.

විද්‍යාව ගත් විට අයිසැක් නිව්ටන් විසින් චලනය සහ ගුරුත්වය පිලිබඳ නීති සොයා ගනු ලැබීම විශ්වය ගැන මුළුමනින්ම යාන්ත්‍රවාදී පැහැදිලි කිරීමකට පදනම සැපයුවා. විශ්වය තුළ ක්‍රියාත්මක සියලු බලයන් පිළිබඳව දත්ත, විශ්වයෙහි ක්‍රියාත්මක වන සියලුම වස්තුවල ස්කන්ධය(mass), මාන (dimensions) සහ පිහිටීම්(positions) ගැන තොරතුරුත් සමග සපයන්නේ නම් සියලු දේවල අතීතය සහ අනාගතය විසඳා ගත හැකි බව ස්ථිරව පළ කිරීමට පියරේ සිමොන් ලැප්ලේස්ට(Pierre-Simon Laplace -1749–1827) මග පෑදුවා.
එහෙත්, ලැප්ලේස්ගේ කාලයීදීම සැක සංකා මතුවෙන්නට පටන් ගෙන තිබුනා. දහඅටවන සියවසේ ස්කොට්ලන්ත ජාතික දාර්ශනිකයෙකු වන ඩේවිඩ් හියුම් පෙන්වාදුන්නේ තර්කානුකුල සප්‍රමාතාවක් නොමැති හුදු හෙතුඵලතාව(causality) මනසේ පරිචයකට වැඩි යමක් නොවන බවයි. තවද, අණුපරමාණුක(subatomic) අංශු ක්ෂේත්‍රයේ අනියතබාවය බලපවත්වන බව විසිවැනි සියවසේදී ක්වන්ටම් යාන්ත්‍රණ විද්‍යාව පෙන්වා දී තිබෙනවා.

නියතිවාදය මගින් ස්වච්ච්න්දය(free will) මෙන්ම එම හේතුව නිසා තමන්ගේ ක්‍රියාවන් පිලිබඳ පුද්ගලයන්ගේ සදාචාරාත්මක වගකීම ප්‍රතික්ෂේප කරන බවක් පෙනියන්නේය යන කාරනාව ආචාර ධර්මවිද්‍යවේ කේන්ද්‍රීය ගැටළුවක් ඉස්මතු කරනවා. ක්‍රිස්තියානි දෙවවෙදයේ දී දෛව පරමවාදය(predestination හෙවත් දේව නියමය පිලිබඳ දැඩි විශ්වාශය පිලිබඳ ධර්මතාව) කියා සිටින්නේ කුමන ආකාරයෙන් හැසිරුනත් ඇතැම් පුද්ගලයන් ගැලවීමටත්, තවත් අය ශාපලබන්නටත් නියමව ඇති බවයි. දේශපාලනය ගතහොත් කෙනෙකුගේ තත්ත්වයට(ධනය, සෞඛ්‍යය ආදිය) වගකිව යුත්තේ එම පුද්ගලයාම බව දක්ෂිණාශිකයන් අවධාරණය කරන අතර වාමාංශිකයන් පෙන්වාදෙන්නේ කෙනෙකුගේ තත්ත්වය පරිසරය, අධ්‍යාපනය සහ හැදියාව ආදී බාහිර සාධක මගින් බොහෝ දුරට තීරණය කරනු ලබන බවයි
Big ideas in brief (Quercus, 2013) නම් ග්‍රන්ථයේ Determinism කොටස ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න