සතියේ සටහන
ගැඹුරු සාගර පත්ලේ ඇති විශාල, අඳුරු තැනිතලා පුරා විසිරී ඇති අල ගෙඩි ප්‍රමාණයේ කළු පාෂාණ ට්‍රිලියන ගණනක් පවතී. දශක ගණනාවක් තිස්සේ ඒවා භූ විද්‍යාත්මක කුතුහලයක් පමණක් විය. නමුත් අද, මෙම බහුලෝහමය ගුලිකා (polymetallic nodules) යනුවෙන් හැඳින්වෙන ගල් ගෙඩි ඉහළ අවදානමක් සහිත ගෝලීය විවාදයක මුඛ්‍ය කාරණය වී ඇත. එක් පසෙකින් පිරිසිදු බලශක්තිය සඳහා ඇති හදිසි අවශ්‍යතාවයත්, අනෙක් පසින් පෘථිවියේ අවසන් වරට ඉතිරිව ඇති පෞරාණික පරිසරයක් ආරක්ෂා කර ගැනීමත් අතර ගැටුමක් නිර්මාණය කරමින්. කෝබෝල්ට් සහ තඹ වැනි වටිනා ලෝහවලින් පිරී ඇති මේවා, අනාගතයේ විද්‍යුත් වාහන බැටරි තැනීමේ ප්‍රධාන සාධකය විය හැකිය. එහෙත්, විශ්මයජනක නව පර්යේෂණවලින් පෙනී යන්නේ මෙම නිහතමානී පාෂාණ ගැඹුරු මුහුදේ අසාමාන්‍ය දෙයක් සිදු කරන බවයි: එනම්, ඔක්සිජන් නිපදවීම සහ අප තවමත් තේරුම් ගැනීමට පටන් ගෙන ඇති ආකාරවලින් ජීවයට සහාය වීමයි.

වාර්තා චිත්‍රපට නිෂ්පාදක ජේසන් ජැක්ස් සහ විද්‍යාඥ-මාධ්‍යවේදිනී ක්ලෙයා ෆීස්ලර් මෑතකදී Scientific American සඟරාව සඳහා වූ කුඩා වාර්තා චිත්‍රපටයකින් මෙම ආතතිය ගවේෂණය කළහ. “ප්‍රධාන ගැටුම පවතින්නේ අප එතරම් නොදන්නා මෙම පරිසරය තේරුම් ගැනීමට උත්සාහ කිරීම සහ මෙම පාෂාණ සතු ආර්ථික විභවය අතරයි,” යැයි රෝඩ් අයිලන්ඩ් විශ්වවිද්‍යාලයේ සහකාර මහාචාර්යවරයෙකු වන ජැක්ස් පැහැදිලි කරයි. “මේ පාෂාණ තියෙන්නේ මොකටද? මුහුදු පත්ලේ තිබීමෙන් ඒවාට වටිනාකමක් තිබේද, නැතහොත් ඒවා අපේ කාර් බැටරිවලට අයත් විය යුතුද?”
ගැඹුරු මුහුදේ සොයාගැනීමක්
මනුෂ්‍ය වර්ගයාට මෙම ගුලිකා මුලින්ම හමුවූයේ 1870 දශකයේදීය. HMS චැලෙන්ජර් ගවේෂණයේදී පැසිෆික් සාගරය පතුල හෑරූ විට, අද්භූත කළු පාෂාණ “නැවේ තට්ටුව මතට පෙරළී වැටුණා,” යැයි ෆීස්ලර් පවසයි. වසර ගණනාවක් පුරා, වික්ටෝරියානු කෞතුකාගාරවල, හරියට පිටසක්වළ ලෝකයකින් ගෙනා අද්භූත වස්තූන් වන සඳ ගල් මෙන් මේවා ප්‍රදර්ශනය කෙරුණි.
දැන් විද්‍යාඥයන් තේරුම් ගෙන ඇත්තේ මෙම ගුලිකා වසර මිලියන ගණනක් පුරා නිර්මාණය වන බවයි. මෙම ක්‍රියාවලිය ආරම්භ වන්නේ මුහුදු පත්ලට වැටෙන කුඩා න්‍යෂ්ටියකින් – මෝර දතක්, තල්මසෙකුගේ කන් අස්ථියක් හෝ ගිනිකන්දකින් විසිවූ ප්යුමිස් කැබැල්ලකින්. අවශෝෂණ ක්‍රියාවලියක් (sorption) මගින්, අවට මුහුදු ජලයෙන් ඛනිජ ලවණ සෙමෙන් ඒක කේන්ද්‍රීය ස්ථර ලෙස එකතු වේ. “ඔබ එකක් කපා බැලුවොත්, ගසක වළලු මෙන් පෙනෙන වළලු ඔබට පෙනේවි,” ෆීස්ලර් සඳහන් කරයි. “ඒ වළලු ගණන් කරලා ගුලිකාවක වයස කියන්න පුළුවන්.”
මෙම මන්දගාමී, ඉවසීමෙන් සිදුවන නිර්මාණය හරහා හරිත සංක්‍රාන්තිය සඳහා අත්‍යවශ්‍ය ලෝහවලින් මෙම ගුලිකා පුරවා ඇත. “කෝබෝල්ට් මෙම ගුලිකාවල ඉහළ ප්‍රමාණවලින් පවතිනවා,” යැයි Canary Media හි මාධ්‍යවේදිනියක වන ෆීස්ලර් පවසයි. විදුලි Kia EV9 රථයක අභිමානවත් හිමිකාරිනියක ලෙස, ඇය සැපයුම් දාමය පිළිබඳව දැඩි ලෙස දැනුවත් ය. ලෝකයේ කෝබෝල්ට් වලින් වැඩි ප්‍රමාණයක් ලැබෙන්නේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලින් පීඩා විඳින කොංගෝ ප්රජාතන්ත්රවාදී ජනරජයෙනි. ගැඹුරු මුහුදේ පතල් කැණීමට පක්ෂපාතී අයට, ජාත්‍යන්තර මුහුදු පත්ලෙන් මෙම ගුලිකා ලබා ගැනීම වඩාත් සදාචාරාත්මක විකල්පයක් ලෙස පෙනේ.
“ක්ෂුද්‍ර ජීවීන්ගේ මැන්හැටන් නගරයක්”
මෙම වාණිජ තර්කය පහසු උපකල්පනයක් මත රඳා පවතී: එනම්, ගැඹුරු මුහුදු තැනිතලා යනු ජීවයක් නැති ‘සාගර කාන්තාරයක්’ බවයි. ෆීස්ලර් පවසන පරිදි, වෙළඳ ප්‍රචාරණ තර්කය වන්නේ, ගුලිකා “ගොල්ෆ් පිටියක ඇති ගොල්ෆ් බෝල වගේ නිකන් තියෙන්නේ – ඒවා අහුලගත්තට කිසිම හානියක් වෙන්නේ නෑ” යන්නයි.
කෙසේ වෙතත්, මෙය බරපතල වැරදි අර්ථකථනයක් බව විද්‍යාව දැන් හෙළි කරමින් සිටී. මෙම ගුලිකා ඇත්තෙන්ම සජීවී පරිසර පද්ධති වේ. ඒවායේ රළු, සිදුරු සහිත බාහිර පෘෂ්ඨය, විශ්මයජනක ලෙස විවිධ වූ ක්ෂුද්‍ර ජීවීන් සඳහා කදිම වාසස්ථානයක් සපයයි. එක් විශේෂඥයෙකු ජැක්ස්ට විස්තර කළ පරිදි, මෙම ගුලිකා, ක්‍රියාකාරකම්වලින් පිරුණු විවිධ අසල්වැසි ප්‍රදේශ සහිත “ක්ෂුද්‍ර ජීවීන්ගේ මැන්හැටන් නගරයක්” වැනිය.
වඩාත් විශ්මයජනක කරුණ නම්, මෙම ක්ෂුද්රජීවී මහා නගරයට තමන්ගේම ජීව ආධාරක පද්ධතියක් තිබිය හැකි බව සොයා ගැනීමයි. 2023 වසරේ අධ්‍යයනයකින් යෝජනා වූයේ මෙම ගුලිකාවලට ඔක්සිජන් නිපදවිය හැකි බවයි. මුහුදු ජලය සහිත මුද්‍රා තැබූ කුටියක තබා ගුලිකා නිරීක්ෂණය කළ පර්යේෂකයන්ට කුටිය තුළ ඔක්සිජන් මට්ටම ඉහළ යන බව පෙනී ගියේය. “මුලදී ඔවුන් සිතුවේ මෙය ක්ෂුද්‍ර ජීවීන්ගේ ලෝකයක් විය හැකි බවයි,” ෆීස්ලර් පැහැදිලි කරයි. නමුත් විද්‍යාඥයන් ඕනෑම ජීවියෙකු විනාශ කිරීම සඳහා රසායනික කොක්ටේල් එකක් පරීක්ෂණයේදී හඳුන්වා දුන් විට පවා, එම පාෂාණ ගූලිකා මගින් ඔක්සිජන් නිෂ්පාදනය දිගටම සිදු විය.
එම නිගමනය රැඩිකල් මෙන්ම අනපේක්ෂිත විය: ඔක්සිජන් ජනනය කරන්නේ පාෂාණය විසින්ම විය යුතුය. පර්යේෂකයන්ගේ න්‍යාය වන්නේ, මුහුදු ජල විද්‍යුත් විච්ඡේදනය (seawater electrolysis) නම් ක්‍රියාවලියක් මෙහි සිදුවන බවයි. එහිදී ගුලිකාවේ ලෝහමය සංයුතිය එයට බැටරියක් මෙන් ක්‍රියා කිරීමට ඉඩ සලසමින්, ජල අණු හයිඩ්රජන් සහ ඔක්සිජන් ලෙස වෙන් කරයි. “මුහුදු පත්ලේ ඇති බැටරි යන්න මෙහි ප්‍රධාන අදහසයි,” ෆීස්ලර් පවසයි. මෙය ඔප්පු වුවහොත්, “අඳුරු ඔක්සිජන් (dark oxygen)” පිළිබඳ මෙම සොයාගැනීම, සූර්යාලෝකය නොමැතිව ජීවය පවත්වා ගත හැකි ආකාරය පිළිබඳ අපගේ අවබෝධය මූලික වශයෙන් වෙනස් කරනු ඇත.
කිසිදා සුව නොවන කැළැල්
ගැඹුරු මුහුදේ පතල් කැණීමේ උත්සාහය අලුත් දෙයක් නොවේ. 1970 දශකයේදී, ධනවත් ඇමරිකානු ව්‍යවසායකයින් පිරිසක් – ෆීස්ලර් හඳුන්වන පරිදි “එකල සිටි ‘සිලිකන් වැලි සහෝදරයන්’ (Silicon bros)” – මෙම තාක්ෂණය දියුණු කිරීමට මුදල් යෙදවූහ. 1970 දී, ඔවුන් දකුණු කැරොලිනා වෙරළට සැතපුම් 100 කට වඩා දුරින් ලොව ප්‍රථම සාර්ථක ගැඹුරු මුහුදු පතල් පරීක්ෂණය සිදු කළහ. නමුත් එම ව්‍යාපාරය කිසි විටෙකත් ලාභදායී නොවීය, සමාගම් බංකොලොත් වූ අතර, එම අත්හදා බැලීම අමතක වී ගියේය. එම ස්ථානය අවසානයේ එක්සත් ජනපද රජයට අහිමි වූ අතර, එහි වාර්තා ගබඩා පහසුකමක තිබූ අතින් ලියන ලද සටහන් වලට පමණක් සීමා විය.
ෆීස්ලර් සහ ජැක්ස්ගේ චිත්‍රපටයේ චරිතයක් වන ආචාර්ය ජේසන් චේටර්, එම ස්ථානය නැවත සොයා ගැනීම සඳහා වසර ගණනාවක් තිස්සේ සාක්ෂි එකතු කළේය. වසර 50 කට පසු ඔහු අවසානයේ රොබෝ කැමරා පහළට යැවූ විට, ඔහු දුටු දෙය බිය උපදවන සුළු විය. “ඔහු කීවේ, ‘ඒ අය ඊයේ එතන හිටියා වගේ තමයි පෙනුණේ’,” ෆීස්ලර් සිහිපත් කරයි. පතල් වාහනයෙන් ඉතිරි වූ පීලි මුහුදු පත්ලේ පැහැදිලිවම ඉතිරිව තිබුණි. එය භෞතික කැළඹීම්වලින් සුවය ලැබීමට ගැඹුරු සාගරයට ඇති නොහැකියාව පිළිබඳ සාක්ෂියකි. මෙම එකම රූපය, කිසිදු බලපෑමක් නොමැති පතල් මෙහෙයුමක් පිළිබඳ අදහස බලවත් ලෙස ප්‍රතික්ෂේප කරයි.
ගෝලීය මංසන්ධියක්
අද, මෙම විවාදය ජාත්‍යන්තර වේදිකාවේ දිග හැරෙමින් පවතී. ජාත්‍යන්තර මුහුදේ ඇති මුහුදු පත්ල නීත්‍යනුකූල ව “සමස්ත මානව වර්ගයාගේ පොදු උරුමය” ලෙස නම් කර ඇති අතර, එය එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ International Seabed Authority හෙවත් ජාත්‍යන්තර මුහුදු පත්ල අධිකාරිය (ISA) නම් ආයතනයක් මගින් සියලු ජාතීන්ගේ යහපත සඳහා කළමනාකරණය කළ යුතුය. ISA දැනට දැඩි සාකච්ඡාවල නිරතව සිටින අතර, The Metals Company වැනි ලෝහ අලවි සමාගම් හා අනෙකුත් මුල් පෙළේ පතල් අපේක්ෂකයින්ගෙන් එල්ල වන පීඩනයට මුහුණ දෙමින්, අනාගත සූරාකෑම සඳහා නීති මාලාවක් නිර්මාණය කිරීමට උත්සාහ කරයි.
උපහාසයට කරුණ නම්, “අඳුරු ඔක්සිජන්” සොයා ගැනීමට තුඩු දුන් පර්යේෂණයට අරමුදල් සපයනු ලැබුවේ The Metals Company විසින් වීමයි. අධ්‍යයනය ප්‍රකාශයට පත් කළ විට, මාධ්‍ය තුළ මහත් ආන්දෝලනයක් ඇති කරමින් සහ ISA රැස්වීමක නියෝජිතයන් කැළඹීමට පත් කරමින්, එම විද්‍යාව සඳහා මුදල් ගෙවූ සමාගම වහාම එය අපකීර්තියට පත් කිරීමට උත්සාහ කළේය. ඔවුන් විධිමත් ප්‍රතික්ෂේප කිරීමක් ඉදිරිපත් කර ඇත, නමුත් ෆීස්ලර් පෙන්වා දෙන පරිදි, එය තවමත් විද්‍යාත්මක වලංගුභාවය සඳහා අවශ්‍ය දැඩි සම සමාලෝචන ක්‍රියාවලිය (peer-review process) සමත් වී නොමැත.
ලෝකය සාකච්ඡා කරමින් සිටින අතරතුර, සමහරු තනිවම ක්‍රියා කිරීමට තීරණය කර ඇත. ට්‍රම්ප් පරිපාලනය, ගැඹුරු මුහුදේ පතල් කැණීමට අපේක්ෂා කරන ඇමරිකානු සමාගම්වලට සහාය වීම සඳහා විධායක නියෝගයක් නිකුත් කර ඇති අතර, එය ISA හි අධිකාරියට සහ එය නියෝජනය කරන ගෝලීය එකඟතාවයට සෘජුවම අභියෝග කරන ඒකපාර්ශ්වික පියවරකි. “ගැඹුරු මුහුදු පතල් කැණීම සම්බන්ධයෙන් ඇමරිකානු ස්ථාවරය සහ ගෝලීය ස්ථාවරය අතර මෙම අඛණ්ඩ සටන පැවතෙනු ඇත,” යැයි ජැක්ස් පවසයි.
ISA සිය වසරකට දෙවරක් පැවැත්වෙන රැස්වීම් දිගටම කරගෙන යන විට සහ විද්‍යාඥයන් ගුලිකාවල තවත් රහස් හෙළි කිරීමට තරඟ වදින විට, ලෝකය සිටින්නේ මංසන්ධියකය. ගැඹුරු මුහුදේ ඇති මේ අල ගෙඩි ප්‍රමාණයේ පාෂාණ අපගේම ප්‍රමුඛතාවයන්ට කැඩපතක් අල්ලා සිටී: පෘෂ්ඨය මත හරිත අනාගතයක් පිළිබඳ පොරොන්දුව වෙනුවෙන්, අප යන්තම් තේරුම් ගෙන ඇති අභිරහස් සහ වැදගත් පරිසර පද්ධතියක් විනාශ කිරීමේ අවදානමක් අප ගන්නවාද, නැතහොත් පෘථිවියේ අවසාන මහා වනය කැප කිරීමට නොහැකි තරම් වටිනා බව අප තීරණය කරනවාද?
සයන්ටිෆික් ඇමරිකන් සඟරාව ඇසුරෙනි
- ෆොසිල ඉන්ධන භාවිතයෙන් ඉවත් වීමේ ජාත්‍යන්තර සමුළුව‘Beyond COP’ දේශගුණික සමුළුව විද්‍යාඥයන් ක්රියාකාරීත්වයේ කේන්ද්‍රස්ථානය බවට පත් කරයි. ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් රටවලට පොසිල ඉන්ධන භාවිතයෙන් ඉවත් විය හැකි ක්‍රම පර්යේෂකයන් විසින් ඉදිරිපත් කරයි. නේචර් සඟරාවේ මරියානා ලෙන්හාරෝ විසිනි ගෝලීය උණුසුම ඉහළ යාමේ අනතුරු පිළිබඳව දශක ගණනාවක් තිස්සේ අනතුරු ඇඟවූ දේශගුණ විද්‍යාඥයන්ට, දැන් ඔවුන්ට සවන් දීමට සූදානම් රටවල් කිහිපයක් හමු වී තිබේ. පොසිල ඉන්ධන… Read more: ෆොසිල ඉන්ධන භාවිතයෙන් ඉවත් වීමේ ජාත්‍යන්තර සමුළුව
- ඔබේ කවුළුව අසල ගැවසෙන ඩයිනෝසරයන්: අනෙකුත් ඩයිනෝසරයන් වඳ කළ උල්කාපාතයෙන් පක්ෂීන් බේරුණේ කෙසේද?ටී. රෙක්ස් (T. rex) ඇතුළු දැවැන්ත ඩයිනෝසරයන් මිහිතලයෙන් අතුගා දැමූ උල්කාපාත ව්‍යසනයෙන් බේරී, අදටත් ජීවත්වන එකම ඩයිනෝසර විශේෂය බවට පත්වීමට නූතන පක්ෂීන්ට ඔවුන්ගේ සුවිශේෂී ලක්ෂණ කිහිපයක් උපකාරී වූ අයුරු මෙහි විස්තර කෙරේ. කර්තෘවරු: කේන්ද්‍රා පියරේ-ලුවී, සුෂ්මිතා පාතක්, ඇලෙක්ස් සුගියුරා සහ නයීම් අමර්සි හොලිවුඩ් සිනමාවේ Jurassic Park වැනි චිත්‍රපට මාලාවන් හරහා මිනිසුන් සහ ඩයිනෝසරයන් එකට ජීවත්… Read more: ඔබේ කවුළුව අසල ගැවසෙන ඩයිනෝසරයන්: අනෙකුත් ඩයිනෝසරයන් වඳ කළ උල්කාපාතයෙන් පක්ෂීන් බේරුණේ කෙසේද?
- ජීවය, යුරේනස්ගේ චන්ද්‍රයා මිරැන්ඩා මත විසුවේද?දශක ගණනාවක් තිස්සේ තාරකා විද්‍යාඥයන් සිතුවේ යුරේනස්ගේ චන්ද්‍රයෙකු වන මිරැන්ඩා යනු පණ නැති, මිදුණු පාෂාණ ගෝලයක් බවයි. නමුත් දැන් නව අධ්‍යයනයකින් යෝජනා කරන්නේ, එම චන්ද්‍රයාගේ මතුපිටට යටින් ජලය – ඒ නිසාම ජීවයේ හැකියාවද – පවතින බවයි. මෙම සොයාගැනීම, කැපී පෙනෙන සොයාගැනීම් රැසක නවතම සිදුවීමක් පමණි. එමෙන්ම එය ජීවය සෙවීමේදී නව මංපෙත් ගවේෂණය කිරීමට තාරකා විද්‍යාඥයන්ව… Read more: ජීවය, යුරේනස්ගේ චන්ද්‍රයා මිරැන්ඩා මත විසුවේද?
- ඇඟේ පතේ තැලුම් පාට ගැහෙන්නේ ඇයි?මේස කොනක වැදීමක්, ක්‍රීඩා කරන විට සිදුවන වැටීමක්… මෙවැනි සුළු සිදුවීම් අපේ ජීවිතයේ සුලබය. ඒ මොහොතේ නොදැනුනත්, පසුදා උදෑසන සම මත දිස්වන දසුනෙන් අපට ඒ බව මතක් කර දෙයි: ඒ තැලුමකි. මුලදී රතු හෝ දම් පැහැයෙන් දිස්වන මෙම තැලුම, ක්‍රමයෙන් කොළ, කහ, සහ අවසානයේ දුඹුරු පැහැයට හැරී සම්පූර්ණයෙන්ම මැකී යයි. මෙම වර්ණ මාලාව ඇති කරන… Read more: ඇඟේ පතේ තැලුම් පාට ගැහෙන්නේ ඇයි?
- ලොව පුරා උසස් අධ්‍යාපනය අභියෝග රැසකට මුහුණ දෙයිලොව පුරා උසස් අධ්‍යාපනය, එහි අනාගතයට වල කැපීමට හෝ එය සහමුලින්ම වෙනස් කිරීමට තර්ජනය කරන විවිධාකාර අභියෝග සමුදායකට මුහුණ දෙමින් සිටී. එක්සත් ජනපදයේ, විශ්වවිද්‍යාල ෆෙඩරල් අරමුදල් විශාල ලෙස කප්පාදු කිරීම සහ තම ඉගැන්වීම් හා පර්යේෂණ න්යායපත්ර වෙනස් කරන ලෙසට රජයෙන් එල්ල වන පීඩනය සමඟ පොරබදමින් සිටී. එක්සත් රාජධානියේ, මූල්‍ය පීඩනයන් සමහර ආයතන බංකොලොත් වීමේ අද්දරටම… Read more: ලොව පුරා උසස් අධ්‍යාපනය අභියෝග රැසකට මුහුණ දෙයි
- හඳ අප සිතුවාට වඩා වයසයි.අප සිතන්නේ චන්ද්‍රයා පෘථිවියේ ස්ථිර සගයෙකු ලෙසය: එනම් රාත්‍රියේ නිහඬ ආරක්ෂකයෙකු සහ පෘථිවියේ කැළඹිලි සහිත ඉතිහාසයේ දිගුකාලීන සාක්ෂිකරුවෙකු ලෙසය. නමුත් එය සැමවිටම එහි නොතිබුණි: පවතින න්‍යායට අනුව, චන්ද්‍රයා මීට වසර බිලියන 4.35 කට පමණ පෙර, තරුණ පෘථිවිය සහ තියා (Theia) නම් කුඩා ග්‍රහලෝකයක් අතර සිදුවූ දැවැන්ත ගැටුමක ප්‍රතිඵලයක් ලෙස සෑදී ඇත. මෙම සිදුවීම සිදුවූ කාලය… Read more: හඳ අප සිතුවාට වඩා වයසයි.
- මී මැස්සන් තහනම් කළ ඉතාලි දූපතකටු පතොක් මලකින් පරාග එකතු කරන පතොක් මී මැස්සෙක් මෙම ආදරණීය කෘමීන්, පරාග සඳහා වන තරගයේදී තම වනගත නෑදෑයින් අභිබවා යමින් සිටීද? පහත කියැවෙන විප්ලවීය පර්යේෂණයක අරමුණ වූයේ එය සොයා බැලීමයි. ටස්කනි වෙරළට ඔබ්බෙන් අඩ සඳක හැඩැති කුඩා දූපතක් පිහිටා ඇත. ඉතාලි ගොඩබිමේ සිට පැයක දුරින් පිහිටි ජානුට්‍රි (Giannutri) දූපතේ බෝට්ටු නැවැත්වීමට ඇත්තේ වෙරළ දෙකක්… Read more: මී මැස්සන් තහනම් කළ ඉතාලි දූපත
- නාර්සිස්වාදය (ස්වරූපරාගය) පිළිබඳ සත්යයතමන් පිලිබඳවම මන්මත්වන නාර්සිස්වාදය (Narcissism) හෙවත් ස්වරූපරාගයේ වර්ග දෙකක් ඇති බවට වූ සොයාගැනීම, මිනිසුන්ට තම ජීවිතවල සිටින නාර්සිස්වාදීන් හඳුනා ගැනීමට උපකාරී විය හැකි බව ඩේවිඩ් රොබ්සන් පවසයි. සිය අත්දැකීම් දෙස ආපසු හැරී බලන විට, සිය පවුලේ සාමාජිකයෙකු සම්බන්ධයෙන් එම ද්විලක්ෂණ පැහැදිලිවම පෙනෙන්නට තිබුණු බව රොබිසන් පවසයි: පාලනය සඳහා වූ අධික අවශ්‍යතාවක්, අතිශයෝක්තියෙන් කරුණු දැක්වීමේ ව්‍යාධිජනක… Read more: නාර්සිස්වාදය (ස්වරූපරාගය) පිළිබඳ සත්‍යය
- මිනිසුන්ගේ ආකර්ෂණය ෆෙරමෝන මගින් පාලනය වේද?ෆෙරමෝන (Pheromones) යනු මොනවාද? ෆෙරමෝන යනු එක් ජීවියෙකු විසින් පරිසරයට මුදා හරිනු ලබන රසායනික සංඥාවකි. එම රසායනිකය, එම විශේෂයටම අයත් තවත් ජීවියෙකුගේ මොළයට බලපෑම් කර, නිශ්චිත චර්යාත්මක හෝ ශරීර විද්‍යාත්මක ප්‍රතිචාරයක් ඇති කරයි. සරලව කිවහොත්, එය එකම විශේෂයේ ජීවීන් අතර සන්නිවේදනය සඳහා භාවිතා කරන නොපෙනෙන රසායනික භාෂාවකි. “ෆෙරමෝන” යන වචනය පැමිණෙන්නේ ග්‍රීක භාෂාවෙනි; එහි pherein… Read more: මිනිසුන්ගේ ආකර්ෂණය ෆෙරමෝන මගින් පාලනය වේද?
- කුඩා ප්‍රමාණයේ න්‍යෂ්ටික ප්රතික්රියාකක නිපදවීමට රෝල්ස්-රොයිස් සමාගමට පවුම් මිලියන 600ක ආයෝජනයක්බ්රිතාන්යයේ ප්‍රථම කුඩා පරිමාණයේ මොඩියුලර් න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක (Small Modular Reactors – SMR) නිපදවීමේ අරමුණින්, රෝල්ස්-රොයිස් (Rolls-Royce) සමාගම එංගලන්තයේ ජාතික ධන අරමුදලෙන් පවුම් මිලියන 599ක (ඩොලර් මිලියන 805ක) ආයෝජනයක් ලබා ගැනීමට සමත්ව තිබේ. මෙම අරමුදල් ප්‍රධාන වශයෙන්ම ඇන්ග්ලේසි (Anglesey) දූපතේ පිහිටි ‘විල්ෆා’ (Wylfa) කලාපයේ SMR ප්‍රතික්‍රියාකාරක සැලසුම් කිරීමේ කටයුතු සඳහා යොදා ගැනීමට නියමිතය. මොනවාද මේ SMR… Read more: කුඩා ප්‍රමාණයේ න්‍යෂ්ටික ප්රතික්රියාකක නිපදවීමට රෝල්ස්-රොයිස් සමාගමට පවුම් මිලියන 600ක ආයෝජනයක්
- කෘත්‍රිම බුද්ධියට (AI) අපට හොඳ වෛද්‍ය උපදෙස් දිය හැකිද?චැට්බොට් (chatbots), යන්ත්‍ර ඉගෙනුම (machine learning), සහ අනෙකුත් ස්වයංක්‍රීය තාක්ෂණයන් ලොව පුරා ව්‍යාප්ත වෙද්දී, කෘත්‍රිම බුද්ධි (AI) යුගයේ ජීවිතය කෙබඳු වේදැයි කරන විමසා බැලීමකි මේ. ඉදිරි වෛද්‍ය හමුවේදී තම වෛද්‍යවරයා වැරදි තොරතුරු ලබා දීමට නියමිත බව රෝගියෙකු දැන සිටියේ නම්, ඔවුන් වහාම එම හමුව අවලංගු කරනු ඇත. එහෙත්, ChatGPT වැනි උත්පාදක කෘත්‍රිම බුද්ධි ආකෘති (Generative… Read more: කෘත්‍රිම බුද්ධියට (AI) අපට හොඳ වෛද්‍ය උපදෙස් දිය හැකිද?
- පිරිසිදු වාතය පිටතට පමණක් නොව ගෙතුළටත් අවශ්යයයිමනුෂ්ය පැවැත්මට හුස්ම ගැනීමට වඩා මූලික දෙයක් තවත් නැත. වාතය නොමැතිව මිනිසුන් මිනිත්තු කිහිපයකින් මිය යයි. පැවැත්මට අත්‍යවශ්‍ය ඔක්සිජන් මෙන්ම, වැඩි වැඩියෙන් මානව ක්‍රියාකාරකම් නිසා ඇතිවන දූෂක ද වාතයේ අඩංගු වේ. බලශක්තිය උත්පාදනයට අත්‍යවශ්‍ය වන දහන ක්‍රියාවලීන් මෙන්ම නූතන ජීවිතයේ සෑම අංගයකටම පදනම වන කාර්මික හා කෘෂිකාර්මික ක්‍රියාවලීන් මගින් මෙම දූෂක බාහිර වාතයට මුදා හරිනු… Read more: පිරිසිදු වාතය පිටතට පමණක් නොව ගෙතුළටත් අවශ්‍යයයි
- පෘථිවියේ ආරක්ෂාව: ග්රහකයක ( asteroid) ගමන් මග වෙනස් කළ බව නාසා (NASA) නිවේදනය කරයිඅභ්යවකාශ යානයක් (probe) භාවිතා කරමින් ග්‍රාහකයක ගමන් පථය වෙනස් කිරීමට තමන් සමත් වූ බව නාසා (NASA) ආයතනය නිවේදනය කර ඇත. පර්යේෂකයන්ට අනුව, මෙවැනි ආකාරයේ ප්‍රථම අත්හදා බැලීම මෙය වන අතර, එය අභ්‍යවකාශ වස්තූන්ගෙන් පෘථිවිය ආරක්ෂා කර ගැනීම සඳහා තැබූ වැදගත් ඉදිරි පියවරකි. අභ්‍යවකාශ යානයකට ග්රහකයක ගමන් පථය වෙනස් කළ හැකිද? 2026 මාර්තු 6 වන දින… Read more: පෘථිවියේ ආරක්ෂාව: ග්රහකයක ( asteroid) ගමන් මග වෙනස් කළ බව නාසා (NASA) නිවේදනය කරයි
- දිනපතා බහු-විටමින් (Multivitamin) භාවිතය ජෛව විද්‍යාත්මක වයසට යාමේ ලක්ෂණ මන්දගාමී කරයිබහුවිටමින්වල වයසට යෑම වැළැක්වීමේ බලපෑම, දැනටමත් තමන්ගේ වයසට වඩා ජෛව විද්‍යාත්මකව වයසින් වැඩි පුද්ගලයන් කෙරෙහි වැඩි වශයෙන් දක්නට ලැබුණි. නේචර් සඟරාවෙජේකොබ් ස්මිත් (Jacob Smith) විසිනි. දිනපතා බහු-විටමින් පෙති ලබා ගැනීම මගින් ජෛව විද්‍යාත්මක වයසට යාම මැන බලන ඇතැම් සලකුණු මන්දගාමී කළ හැකි බව නව අධ්‍යයනයකින් හෙළි වේ. මාර්තු 9 වන දින Nature Medicine සඟරාවේ ප්‍රකාශයට… Read more: දිනපතා බහු-විටමින් (Multivitamin) භාවිතය ජෛව විද්‍යාත්මක වයසට යාමේ ලක්ෂණ මන්දගාමී කරයි
- බළලුන් මිනිසාගේ සුරතලුන් බවට පත් වූ අදහාගත නොහැකි ඉතිහාසයබළලුන් ගෘහස්ථකරණය වීමේ දීර්ඝ සහ සංකීර්ණ ගමන පිළිබඳ නව අධ්‍යයනයන් දෙකක් තොරතුරු හෙළි කරයි. වන සතුන් ලෙස සිටි බළලුන්, ලොව පුරා මිලියන ගණනකගේ නිවෙස්වල සුවපහසු ආධිපත්‍යය දරන සුරතලුන් බවට පත්වීම දක්වා පැමිණි ගමන ඉතා දීර්ඝ එකකි. පසුගිය දා ප්‍රකාශයට පත් කරන ලද නව අධ්‍යයනයන් දෙකකින් අනාවරණය වී ඇත්තේ බළලුන් ගෘහස්ථකරණය (domestication) වීමේ මාවත විද්‍යාඥයන් මුලින්… Read more: බළලුන් මිනිසාගේ සුරතලුන් බවට පත් වූ අදහාගත නොහැකි ඉතිහාසය
- දේශගුණික විපර්යාස වේගවත් වෙමින් පවතී — දශකයක් තුළ එම වේගය දෙගුණයකට ආසන්න වී ඇතපෘථිවිය දැන් දශකයකට සෙල්සියස් අංශක 0.35ක පමණ වේගයකින් උණුසුම් වෙමින් පවතින බව නව විශ්ලේෂණයකින් හෙළි වේ. පසුගිය වසර කිහිපය තුළ උෂ්ණත්ව වාර්තා බිඳ වැටී ඇති බැවින්, ගෝලීය උණුසුම ඉහළ යාම වේගවත් වී තිබේද සහ එසේ නම් ඒ ඇයිද යන්න පිළිබඳව පර්යේෂකයන් ගවේෂණය කරමින් සිටී. උණුසුම් වීම ඉහළ යන වේගය වැඩි වී ඇති බවට බොහෝ විද්‍යාඥයෝ… Read more: දේශගුණික විපර්යාස වේගවත් වෙමින් පවතී — දශකයක් තුළ එම වේගය දෙගුණයකට ආසන්න වී ඇත
- විශ්වයේ ගැඹුරුම රහස: ‘කිසිවක් ම නැති හිස්බවක්‘ යනු කුමක්ද( මහාචාර්ය ජිම් අල් කලිලි On The Universe’s Deepest Secret: What Is ‘Nothing’? යනුවෙන් නිපදවූ වීඩියෝ වැඩයටහන ඇසුරෙනි.) හිස්බව යනු කුමක්ද? එයට පිළිතුරු දීම අතිශයින්ම දුෂ්කර ප්රශ්නයකි. මන්ද, ඔබ ඔබේ අවට කොතැන බැලුවද, එහි සැමවිටම යම් දෙයක් ඇති බව පෙනේ. කිසිදු වස්තුවක් නැති පැවැත්මක් යනු විය නොහැක්කක් සේ පෙනේ. සැබෑ “හිස්බවක්” ගැන සිතින් මවා ගැනීමට… Read more: විශ්වයේ ගැඹුරුම රහස: ‘කිසිවක් ම නැති හිස්බවක්‘ යනු කුමක්ද
- ආදරය සහ අනාචාරයආචාර්ය හෙලන් ෆිෂර් ආදරය විවාහය සහ අනාචාරය ගැන ලියූ Anatomy of Love: A Natural History of Mating, Marriage, and Why We Stray නම් කෘතියේ කතුවරියයි. මේ ඇය තම විෂය ක්ෂේත්රය අරභයා කළටෙඩ් කතාවක සිංහළ පරිවර්තනයක් මම අද කතා කිරීමට බලාපොරොත්තු වන්නේ එළඹෙන සියවසේ, සමහරවිට ඉදිරි වසර 10,000 ඇතුළත ඇති වන විශාලතම සමාජ ප්රවණතා දෙක ගැනයි.… Read more: ආදරය සහ අනාචාරය
- සතුන්ටත් ප්‍රීතිය දැනෙනවාද? විද්‍යාව සොයායන “ප්‍රීති-මීටරය” (Joy-o-meter)අපේ සුරතල් බල්ලා උද්‍යානයේ දුව පනින විට හෝ බළලා ගුලි වී ගොරවන විට (purring) ඔවුන් ඉන්නේ දැඩි සතුටකින් බව අපට සිතේ. නමුත් සැබවින්ම සතුන්ට ප්‍රීතිය දැනෙනවාද? එය විද්‍යාත්මකව මැනිය හැක්කේ කෙසේද? සතුන්ගේ හැඟීම් පිළිබඳව දශක ගණනාවක් තිස්සේ පැවති විද්‍යාත්මක මතවාද සහ අලුත්ම පර්යේෂණ ඇසුරෙන් සැකසූ විශේෂ ලිපියකි. චාල්ස් ඩාවින්ගේ සිට ස්කිනර් දක්වා 19 වන සියවසේ… Read more: සතුන්ටත් ප්‍රීතිය දැනෙනවාද? විද්‍යාව සොයායන “ප්‍රීති-මීටරය” (Joy-o-meter)
- පවුල, විවාහය සහ ආදරයMarriage, a History කෘතිය ලියූ ස්තෙපානි කූන්ස් ඒ ගැන කළ පොප්ටෙක් කතාවක සිංහළ පරිවර්තනය: අනෙක් කථිකයන් හැඟීම් ගැන කතා කළ නිසා, මම හිතුවා මුලින්ම මේ ඉදිරිපත් කිරීම කිරීමට මට ආරාධනා කළ විට ඇති වූ ප්‍රධාන හැඟීම ගැන ඔබට පවසන්නට. මුලින් ඇති වූ ප්‍රීතිය පහව ගිය පසු, මට ඇති වූයේ දැඩි කාංසාවක්. මොකද මම ඉතා දැඩි… Read more: පවුල, විවාහය සහ ආදරය
- පිළිකා රෝගීන්ගෙන් තුනෙන් එකකට හේතු කාරක වන පුරුදු දෙකදැවැන්ත සමීක්ෂණයකට අනුව පිළිකා රෝගීන්ගෙන් තුනෙන් එකකට වඩා වැඩි ප්‍රමාණයක් වළක්වා ගත හැකිය. ලොව පුරා වාර්තා වන නව පිළිකා රෝගීන්ගෙන් 40%ක් පමණ වළක්වා ගත හැකි මට්ටමේ පවතින බව රටවල් 200කට ආසන්න සංඛ්‍යාවක පිළිකා වර්ග දුසිම් ගණනක් විශ්ලේෂණය කරමින් සිදු කරන ලද ප්‍රථම ගවේෂණයකින් හෙළි වී තිබේ.මෙම අධ්‍යයනයට අනුව, 2022 වසරේදී වාර්තා වූ පිළිකා රෝග විනිශ්චයන්… Read more: පිළිකා රෝගීන්ගෙන් තුනෙන් එකකට හේතු කාරක වන පුරුදු දෙක
- සිරුරට නව කොටස් සවි කිරීම: මේරි රෝච් සමඟ මිනිස් ව්‍යුහ විද්‍යාවේ වික්‍රමාන්විත ගමන්ශරීරයේ අක්‍රිය වූ කොටස් ප්‍රතිස්ථාපනය කිරීමට දහස් ගණන් වසරක් පුරා ගත් උත්සාහය සහ නූතන වෛද්‍ය විද්‍යාව තවමත් මුල් නිර්මාණවලට සමාන වීමට අරගල කරන හේතු මේරි රෝච් පැහැදිලි කරයි. මේරි රෝච්ගේ නවතම කෘතිය ශරීර කොටස් පිළිබඳවයි. පොත් කවරය: W.W. Norton & Company; Alona Horkova/Getty Images; Scientific American විසින් කළ නිදර්ශනය මිනිසුන් දහස් ගණනක් වසර පුරා තම… Read more: සිරුරට නව කොටස් සවි කිරීම: මේරි රෝච් සමඟ මිනිස් ව්‍යුහ විද්‍යාවේ වික්‍රමාන්විත ගමන්
- විකිරණශීලිතාව යනු ඇත්තටම කුමක්ද?“විකිරණශීලී” (radioactive) යන වචනය ඇසෙන විට ඔබේ මතකයට එන්නේ කුමක්ද? මට නම් මතක් වුණේ මේ දේ. “අනතුරක්, නේද?“ නමුත් මේ ලිපියෙන් අපි උත්සාහ කරන්නේ හරියටම විකිරණශීලී කියන්නේ මොකක්ද, නැත්නම් එහි තේරුම මොකක්ද සහ එය මෙතරම් භයානක ඇයි කියා තේරුම් ගැනීමටයි. තවද මේ දේම අපට ප්‍රයෝජනවත් විය හැක්කේ කෙසේද? ඒ පිළිබඳවයි අපි ගවේෂණය කරන්නේ. එහෙනම් අපි… Read more: විකිරණශීලිතාව යනු ඇත්තටම කුමක්ද?
- දේශගුණ අර්බුධය හා චිත්තවේගී අර්බුධයකේට් මාවල් සහ ටිම් ලෙන්ටන්, තම නවතම කෘති තුළින්, දේශගුණික විපර්යාස මගින් ඇති කළ හැකි දුෂ්කර හැඟීම් පිළිබඳව සාකච්ඡා කරති. එම හැඟීම් ධනාත්මකව මෙහෙයවා ගන්නේ කෙසේදැයි ඔවුන් මැඩලින් කෆ් සහ රෝවන් හූපර්ට පවසති. සෑම දිනකම පාහේ ප්රවෘත්තිවල දරුණු පාරිසරික අනතුරු ඇඟවීම් සහ ආන්තික කාලගුණික සිදුවීම් වාර්තා වන විට, දේශගුණික අර්බුදය ගැන සිතීමෙන් වැළකී සිටීමට පෙළඹීම… Read more: දේශගුණ අර්බුධය හා චිත්තවේගී අර්බුධය
- කාලය යනු කුමක්ද? කාර්ලෝ රොවෙලිගේ පැහැදිලි කිරීම.අපගේ දෛනික ජීවිතයේදී කාලය යනු සරල, ස්ථාවර සංකල්පයකි. එය සෑම තැනකම එකම වේගයකින් ඉදිරියට ගලා බසින බවත්, අතීතය ස්ථාවර බවත්, අනාගතය අවිනිශ්චිත බවත් අපි විශ්වාස කරමු. නමුත් ප්රමුඛ භෞතික විද්‍යාඥයෙකු වන කාර්ලෝ රොවෙලි (Carlo Rovelli) ඔහුගේ “The Order of Time” කෘතියෙන් අපගේ මෙම සාමාන්‍ය වැටහීමට අභියෝග කරයි. ඔහුට අනුව, කාලය අප සිතන තරම් සරල නැත;… Read more: කාලය යනු කුමක්ද? කාර්ලෝ රොවෙලිගේ පැහැදිලි කිරීම.
- රෝස මල: ආදරයේ සංකේතයේ වසර මිලියන 35ක විකසනයරෝස මල “මල් ලොවේ රැජින” ලෙස හැඳින්වෙන්නේ නිකම්ම නොවේ. රෝමියෝ-ජුලියට් ප්‍රේම වෘතාන්තයේ සිට බියුටි ඇන්ඩ් ද බීස්ට් (Beauty and the Beast) දක්වාත්, වර්තමාන රූපවාහිනී වැඩසටහන් දක්වාත් රෝස මල යනු ප්‍රේමය, ආශාව සහ රොමැන්ටික් බවේ නොමියෙන සංකේතයයි. සෑම වසරකම වැලන්ටයින් දිනය වෙනුවෙන් රෝස මල් මිලියන 250 කට වඩා නිපදවනු ලැබේ. එසේම හිටපු ජනපති රොනල්ඩ් රේගන් මහතාට… Read more: රෝස මල: ආදරයේ සංකේතයේ වසර මිලියන 35ක විකසනය
- අනාවැකි: පිබිදෙන ජෛව බල සූර්යබලයජෛව සූර්ය බල ශක්තියේ පිබිදීම ගැන අනාවැකියක් 2030 දශකය වන විට, Biopower Solar Panel හෙවත් ජීවී සූර්ය පැනල නිපදවීමට හැකි වන බවත් ඒ්වා ලෝකය පුරා මහත් ආන්දෝලනයක් ඇති කරමින්, YIMBYism හෙවත් “අපේ ගෙවත්තටත් කමක් නෑ” යන සංකල්පයේ වර්ධනයටද හේතුවන බවත් රෝවන් හූපර් අනාවැකියක් පවසයි. 2020 දශකයේ මැද භාගය වන විට, සූර්ය බලශක්තිය ඉතිහාසයේ ලාභම විදුලි… Read more: අනාවැකි: පිබිදෙන ජෛව බල සූර්යබලය
- ඉරාන යුද්ධය හැඩගස්වන කෘතිම බුද්ධිය (AI) — සහ අනාගත ගැටුම්වල මීළඟ පියවරවේගවත් තාක්ෂණික දියුණුව හේතුවෙන්, යුද කටයුතු සඳහා කෘතිම බුද්ධිය භාවිතය සහ ප්‍රසම්පාදනය (මිලදී ගැනීම) නියාමනය කිරීම පිළිබඳ හදිසි සාකච්ඡා මතු වී ඇත. එක්සත් ජනපදය, ඊශ්‍රායලය සහ ඉරානය අතර උත්සන්න වෙමින් පවතින ගැටුම් මගින් යුද කටයුතු සඳහා කෘතිම බුද්ධිය (AI) භාවිතා කිරීම පිළිබඳ දැඩි අවධානයක් යොමු වී ඇත. පෙබරවාරි 28 වන දින එක්සත් ජනපද-ඊශ්‍රායල ප්‍රහාර ආරම්භ… Read more: ඉරාන යුද්ධය හැඩගස්වන කෘතිම බුද්ධිය (AI) — සහ අනාගත ගැටුම්වල මීළඟ පියවර
- වන මීමැස්සන් විවිධ මල් වෙත යන්නේ ඇයි? 🐝🌸වන මීමැස්සන් තම සිරුරට අවශ්‍ය ප්‍රෝටීන්, මේදය සහ කාබෝහයිඩ්රේට් සමබරව ලබා ගැනීම සඳහා උපායමාර්ගිකව විවිධ මල් වෙත යන බව නව අධ්‍යයනයකින් සොයාගෙන තිබෙනවා. කෝලරාඩෝ කඳුකරයේ පර්යේෂණය පරිසර විද්‍යාඥයින් කණ්ඩායමක්, කෝලරාඩෝ රොකී කඳුකරයේ වෙසෙන වන මීමැස්සන් විශේෂ අටක් වසර අටක් පුරා නිරීක්ෂණය කරමින් ඔවුන්ගේ පෝෂණ අවශ්‍යතා පිළිබඳ සවිස්තරාත්මක සිතියමක් නිර්මාණය කර තිබෙනවා. මෙහිදී, එක් එක් බඹර… Read more: වන මීමැස්සන් විවිධ මල් වෙත යන්නේ ඇයි? 🐝🌸
- යුද්ධය ‘ඉතා ඉක්මනින්’ අවසන් වන බවට ට්‍රම්ප් කළ ප්‍රකාශයත් සමඟ තෙල් මිල ශීඝ්‍රයෙන් පහත වැටේබ්රිතාන්යයේ ගාඩියන් පුවත්පත වාර්තා කරයි. එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඉරානයට එරෙහිව කරන යුද්ධය “ඉතා ඉක්මනින්” අවසන් විය හැකි බවට ඩොනල්ඩ් ට්‍රම්ප් ඉඟි කිරීමත් සමඟ, පසුගිය සඳුදා වාර්තා වූ සිව් වසරක උපරිම මිල ගණන්වල සිට බොරතෙල් මිල නැවතත් පහත වැටී ඇත. ගෝලීය වෙළඳපොළ තුළ මෙය අතිවිශේෂ පැය 24ක කාලයක් විය. ඊයේ මේ වන විට, ජාත්‍යන්තර මිණුම්දණ්ඩ… Read more: යුද්ධය ‘ඉතා ඉක්මනින්’ අවසන් වන බවට ට්‍රම්ප් කළ ප්‍රකාශයත් සමඟ තෙල් මිල ශීඝ්‍රයෙන් පහත වැටේ
































ප්‍රතිචාරයක් ලබාදෙන්න