දේශගුණ විපර්යාසයේ පිරිවැය
එක්සත් රාජධානියේ, එඩින්බර්ග් විශ්ව විද්‍යාලයේ වායුගෝලීය හා පරිසර විද්‍යා ආයතනයේ ඬේවිඞ්. එස්. රීයි විසිනි.
ආර්ථික විද්‍යාව හා දේශගුණ විපර්යාස පිළිබඳ විද්‍යාව යන දෙකටම පොදු බොහෝ දේ ඇත. දෙකම රඳා පවතින්නේ අනාගතය ගෙන එන්නේ කුමක්ද යන්න පිළිබඳ නිවැරදි පුරෝකතන මතය. එම පුරෝකතන වලට බොහෝ සේ පාදක වන්නේ කලින් සිදු වූ දේවල්ය. මෙලෙස, නිවාස වෙළඳ පොළ ලබන වසරේදී කෙබඳු වේදැයි අපට දැනුවත් අනුමානයක් පමණක් වුව කළ හැකි නමුත් ඉදිරි වර්ෂවලදී හරිතාගාර වායු විමෝචන කොපමණ ඉහළ යයිද යන්න ගැන අපට ස්ථීරවම යමක් කිව හැකි නොවේ. එමෙන්ම එවිට පෘථිවියේ දේශගුණය කෙබඳු ආකාරයකට ප්‍රතිචාර දක්වා වීද යන්න ද නිශ්චිතව දැක්වීම කළ නොහේ.
එක් අතකින් දේශගුණ විපර්යාසයේ ආර්ථික බලපෑම ගණනය කිරීමෙන් ද අනෙක් අතට දේශගුණ විපර්යාස සංහිඳවීමේ වියදම ගණනය කිරීමෙන් ද මේ අඥාතයන්(නොදන්නා දෙවල්) සියල්ල එක්තැන් කර බලන විට ලැබිය හැකි ප්‍රතිඵල පරාසය අසීමිතය. මේසා අවිනිශ්චිතතාවන් ඇති කල්හි පරිසරය වෙනුවෙන් පෙනී සිටින්නන් සහ ඛනිජ තෙල් භාවිතය වෙනුවෙන් පෙනී සිටින්නන් යන දෙපිරිසටම, දේශගුණ විපර්යාස සංහිඳියාව ගැන දෙගොල්ලන් අතර තිබෙන එකිනෙකට වෙනස් ස්ථාවරයන් සාධාරණීකරණය උදෙසා ආර්ථිකමය තර්ක ප්‍රයෝජනයට ගත හැකිය.
ගෝලීය වශයෙන් හරිතාගාර වායු අඩු කිරීම වර්තමානයේ ප්‍රයෝජනවත් දෙයක් දැයි තහවුරු කර ගැනීම පිණිස එම වායු අඩු කිරීමේ පිළිවෙත්වල පිරිවැය ප්රතිලාභ ලිපි පෙළෙහිදි විශ්ලේෂණය කෙරේ. අපගේම හරිතාගාර විමෝචන පෞද්ගලිකව අඩු කිරීමේ හැකියාව මෙන්ම ඊට වැයවන පිරිවැය ද ඇගයීමට ලක් කෙරේ. දේශගුණ විපර්යාසයේ සම්පූර්ණ ආර්ථික බලපෑම් සලකා බලන විට ශුද්ධ පිරිවැයක් නැතුවම හෝ කුඩා ප්‍රමාණයක් පමණක් ඇතිව විමෝචන කැපී පෙනෙන අන්දමින් අඩු කර ගත හැකිය යන්න මාගේ විශ්වාසයයි. එපමණක් ද නොව පුද්ගලයන්ට, දේශගුණය කෙරෙහි සිය බලපෑම අඩු කරන අතරම මුදල් ඉතිරි කර ගැනීමේ විශාල හැකියාවක් ද ඇත. හරිතාගාර විමෝචන සම්බන්ධයෙන් ක්‍රියා නොකිරිම සම්බන්ධයෙන් දේශපාලන අලසකම වසා ගැනීමට ආර්ථික හේතු යොදා ගැනීම සාධාරණ නොවේ යයි මම කියා සිටිමි.
හරිතාගාර වායු විමෝචන අඩු කිරීමට අපට තනිව කළ හැකි දේ
හරිතාගාර වායු (හගාවා) විමෝචනයන් වඩාත්ම පිරිමැසුම්දායකව අඩු කිරීම් නැතිනම් වියදම් සඵලතා සහිතව අඩු කිරීම් බොහොමයක් ම සිදුකළ හැක්කේ අපේම ජීවන රටා තුළය. අප මෙයටම, එනම් එවන් ජීවන රටාවන්වල වෙනස්කම් මගින් ඇතිවිය හැකි බලපෑම්, ‘පහළ සිට ඉහළට’ ( ‘bottom-up’) බලපෑම් එනම් පෞද්ගලික ජීවිතයේ වෙනස්කම් ප්‍රජාවට, ව්‍යාපාරයන්ට හා අවසානයේ හරිතාගාර වායු විමෝචනයන් පිළිබඳ රජයේ පිළිවෙතට ද එකතු කළොත් ගෝලීය මට්ටමෙන් පුද්ගල හගාවා විමෝචන අඩුකිරීමෙ අතිශය වැදගත්කම පැහැදිලිය. අඩුකළ හැක්කේ කුමන ආකාරයේ හගා වායුද යන්න සහ සාමාන්‍ය බටහිර ජාතිකයෙකුට මේ අඩු කිරීම් සඳහා වැයවන මුල්‍යමය පිරිවැය ගණන් බැලීම පිණිස අද දින ලන්ඩනයේ ජීවත්වන මනඃකල්පිත පුද්ගලයන් දෙදෙනෙකු ගැන සලකා බලමු. අප ඒ දෙන්නා Mr. Black සහ Mr. Green යනුවෙන් හඳුන්වමු. Mr. Black ගෙවෙන්නේ හගාවා ගැන අවබෝධයක් හෝ උනන්දුවක් නොදක්වන ජීවිතයකි. Mr. Green හගාවා සහ ඒවායේ බලපෑම ගැන දැනුවත්ය. මේ දෙදෙනා අළුත උපන් බිළිඳු (වයස අවු: 0-2) වියේ සිට කණිෂ්ඨ පාසල් විය(වයස අවු07-11) දක්වා ගත කරද්දී වැයවන හරිතාගාර වායු ව්මෝචන ගැන පසුගිය සතියේ ලිපියෙන් දැක්විණ. අද එතැන් සිට…
ජ්‍යෙෂ්ඨ පාසල් විය ( වයස අවු.11-18)
තමන්ගේ ජීවන රටාව මෙන්ම ඊට අදාල දේශගුණික බලපෑම් පාලනය සම්පූර්ණයෙන්ම තම අතට ගැනීමට පෙර ගෙවනා අවසන් කාල සීමාවයි මේ. මෙම වයස් සීමාවේදි ද දැනටමත් බලපැම් ඇති කිරීම ඇරඹී තිබේ. Black සිසුවා දැන් පුරුද්දක් වශයෙන් ම තමන්ගේ පරිගණකය, ස්ටීරියෝ සෙටප් එක, රූපවාහිනි, ප්ලේයර් ආදී විදුලි උපකරණ භාවිතා නොකරන වේලාවේ දී පවා ස්විචය නිවා දමන්නේ නැත. ඉන් වසරකට තවත් කිලෝග්‍රෑම් 160 ක හරිතාගාර වායු (හගාවා) විමෝචන එක්වන අතර සෑම වසරකටම පවුම් 10 ක් අතිරේකව වැය කෙරේ. උණුසුම ගෙන එන ඇඳුම් ඇඳීම වෙනුවට ඔහු කරන්නේ උණුසුම්කරණය උපරිම මට්ටමෙන් භාවිතා කිරීමයි. Black සිසුවා වසරේ වැඩි කාලයක් අතිරේකව දිනකට පැය 2 ක් සිය කාමරයේ විදුලි උණුසුම්කරණයක්(electric radiator) භාවිත කරයි. Green සිසුවා සමග සංසන්දනයේ දී එම ක්‍රියාවෙන් ඔහු සිය දෙමාපියනට වාර්ෂිකව ට අතිරේකව පවුම් 35 ක වියදමින් හගාවා කිලෝග්‍රෑම් 700 ක් සෑම වසරකම එක් කරයි.
මේ අවධියේ නිවාඩු ගත කිරීම සඳහා Green පවුල දුම්රියෙන් සෑම වසරකම චෙස්ටර් බලා යති. එසේ යන වාරයකට පවුම් 22.20 ඔවුනට වැයවන අතර නිපදවෙන හගාවා ප්‍රමාණය කිලෝග්‍රෑම් 17.6කි. ඒත් ගිම්හාන නිවාඩුව ගත කිරීමට Blackපවුල යන්නේ කයිරෝවටයි. එමගින් ගැටවර වියේ Black සිසුවා වෙනුවෙන් වසරකට අතිරේක පවුම් 225 ක් ගුවන් ගමන් සඳහා වැයවන අතර පරිසරයට හගාවා මෙටි්රක් ටොන් එකක් පමණ එක් කරයි.
දරුවන් දෙදෙනා ඉගෙන ගන්නේ ජ්‍යෙෂ්ඨ පාඨශාලවෙහිය. ඒත් Black සිසුවා පාසල් රැගෙන යාමට Black පවුල සිය පවුලේ මෝටර් රිය යොදා ගනිති. වාර්ෂිකව එය අතිරේකව පවුම් 706 ක වියදමක් ගෙන එන අතර හගාවා කි.ග්රෑ.2707 නිපදවයි.
සිය නිවෙස් වලින් පිටව ලන්ඩනයේ උසස් අධ්‍යාපනයේ යෙදෙන අපේ තරුණ මහත්වරු දෙදෙනා දැන් පෞද්ගලිකව සිදු කෙරෙන හගාවා විමෝචන සහ දේශගුණික බලපෑම් ගැන වැඩියෙන් වගකිව යුතු වෙති. Green තරුණයා සුපුරුදු පරිදි සිය පාපැදිය සහ වසරකටම පවුම් 264 ක් පමණක් වැයවන පොදු ප්‍රවාහන බලපත්‍රයක් ලබාගෙන ගමන් බිමන් කරයි. මෙය වාර්ෂිකව මග පාදන්නේ හගාවා කි.ග්රෑ.260 ක පමණ විමෝචනයකටය. එහෙත් Black තරුණ මහතා සිය ගමන් බිමන් සඳහා වසර 7 ක් පැරණි මෝටර් රථයක් මිලට ගෙන ඇත. මිලට ගැනීමට සහ නඩත්තුව සඳහා යන වියදම පසෙක තැබුවත් ඔහු තෝරාගත් විකල්පය සඳහා වසරකට පවුම 407 ක් ද වැයවන අතර පෙට්‍රල් සඳහා හගාවා ටොන් දෙකක් නිපදවයි.
නිවාඩුව ගත කිරීමට ඔහු දැන් වාර්ෂිකව යන්නේ බැන්කොක් වෙතය. ඒ වෙනුවෙන් ගුවන් ගමන් සඳහා වාර්ෂිකව පවුම 427 ක් වැය කරන අතර එම ගමන් වලින් විමෝචනය කෙරෙන හගාවා ප්‍රමාණය කි.ග්රෑ. 2745 කි. අපේ Green තරුණ මහතා නම් වාර්ෂික නිවාඩුව ගත කිරීමට බාත් දක්වා දුම්රියෙන් වාර්ෂිකව ගමන් කරන අතර ඊට වැයවන්නේ පවුම් 26 ක් පමණකි. ඒ ගමනින් හගාවා විමෝචනය වන්නේ කි.ග්රෑ.105 ක් තරම් සුළු ප්රමාණයකි.
සිසුන් වශයෙන් දෙදෙනාම ලන්ඩනයේ ඇති අඩු වියදම් සිසු නවාතැන් භාවිතා කරන නිසා ‘ගේදොර මූලයන්’ සඳහා එකෙකු වසරකට පවුම් 300ක් බලශක්ති බිල් වශයෙන් ගෙවන අතර නිපදවෙන හගාවා විමෝචන කි.ග්රෑ. 4750 කි. කෙසේ වෙතත් අරපිරිමැස්මෙන් කටයුතු කරන Green තරුණයා, පරිගණකය භාවිතා නොකරණ වීට එය ‘නිදි’ මාදිලියට යෙදීමෙන් ද පවුම් 14 ක් සහ හගාවා කි.ග්රෑ. 300 ක් ඉතිරි කර ගනියි. ඔහුගේ නිදන කාමරය විදුලිය අඩුවෙන් වැයවන බල්බ් යොදා ගැනීමෙන් ඔහු තවත් පවුම් 10 ක් සහ හගාවා කි.ග්රෑ. 200 ක් පමණ ඉතිරි කර ගනියි.
තරුණ වැඩිහිටියා (වයස අවු. 21-30)
අධ්‍යාපන කටයුතු නිම කර සිටින අප තරුණයක් දෙදෙනා දැන් ප්‍රථම රැකියාවෙහි වගකීම් සහ නිවසක වගකීම් බාරගෙන සිටිති. ගමනාගමනය, නිවාඩු ගත කිරීම් සහ ආහාර ද ඇතුළුව නිවසක් පවත්වාගෙන යාමේ ඩ්ජී ඇතිවන දේශගුණික බලපෑම් කෙරෙහි සෘජුවම දැන් වගකීම් දරති. එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන් දෙදෙනා අතර හගාවා විමෝචන සම්බන්ධයෙන් අති විශාල වෙනස්කම් පෙනෙන්නට පටන් ගන්නේ මෙම වයස් කාණ්ඩයේ දී ය. ලන්ඩනයේ ‘මධ්‍යම’ මට්ටමේ බලශක්ති පරිහරණය කරන්නන් ලෙස දෙදෙනාම සෑම වසරකමදීම සාමාන්‍යයෙන් පවුම් 519 ක වියදමින් හගාවා කි.ග්රෑ. 9200 ක් සාමාන්‍යයෙන් නිපදවති. එහෙත් Green තරුණ මහතා නිවෙස පුරාවට බලශක්ති ඉතිරි කරන ක්රමෝපායන් යොදා ගනිමින් වසරකට පවුම් 154 බැගින් බලශක්ති බිල කපා හරින අතර හගාවා ද මෙටි්රක් ටොන් 4.6 ක් අඩු කර ගනී.
මේ අනුව විදුලිය ඉතිරි කෙරෙන උපකරණ ආදිය භාවිතය එක් උපාය මාර්ගයක් බව පැහැදිලිය. නිවසේ ඇවිරිම් හෙවත් පරිවරණය(insulation) වැඩි දියුණු කිරීම, නිවාස සැලසුම් කිරීම ආදිය ද ඉතිරියට මග පාදයි. තවද පරණ පත්තර ප්‍රතිචක්‍රීකරණය සඳහා යොමු කිරීමෙන් තවත් හගාවා කි.ග්රෑ. 125 ක් ඉතිරි කර ගැනීමට Green තරුණයා සමත් වෙයි. පරණ පත්තර කෙළින්ම කුණු බාල්දියට දැමුවේ නම් ඒවා නතර වන්නේ ඉඩම් පිරවීමට ගන්නා කසළ හැටියටය. ඒ වෙනුවට ප්‍රතිචක්‍රීකරණයට (හෝ කොම්පෝස්ට් බවට ස්වායුමය ලෙස පත් කිරීමෙන්) යැවීමේ හේතුව නිසා ඉඩම් පිරවීමේ දී නිපදවන මීතේන් වායුව අඩුකර ගත හැකිවිය. කුණු කසළ මගින් මීතේන් නිපදවෙන අතර හරිතාගාර වායුවක් හැටියට මීතේන්, කාබන්ඩයොක්සයිඞ් වලට වඩා 20 ගුණයක් ප්‍රබල නිසා මීතේන් අඩු කිරීම විශාල වෙනසකට මග පාදයි.
දැන් මිල මුදල් යහමින් ඇති හෙයින් තරුණයන් දෙදෙනාම වෙනදාට වඩා ආහාර ගැන සැලකිලිමත් වෙති. Black තරුණයා සිය පවුල වෙනුවෙන් ආහාර ද්‍රව්‍ය ලබා ගන්නේ සුපිරිවෙළඳසැල් වලිනි. ඔහු වැඩිපුරම ගන්නේ පළතුරු සහ එළවලූ බව ඇත්තය. එහෙත් එහිදී ‘ආහාර සැතපුම්’ ගණනය කිරීමට Black දන්නේ නැත. ආහාර සැතපුම් යනු දුර ඈත සිට(පිටරටින් පවා) ආහාර ප්රවාහණය සඳහා යන වියදමයි. ඔහු සතිපතා ගන්නා කි.ග්‍රෑම්. 16 බඩු මල්ල වෙනුවෙන් වාර්ෂිකව වැයවන හගාවා විමෝචන කි.ග්රෑ. 2184 කි. ළඟපාත ප්‍රාදේශීය මූලයන්ගෙන් ආහාර ද්‍රව්‍ය මිලට ගන්නා Green තරුණයාට සිය සතිපතා කි.ග්රෑ. 16 මල්ලට වැයවන මුදල, ඒ සඳහා Black තරුණයාට වැයවන මුදලට බොහෝ දුරට සමානය. එහෙත් ඒ සඳහා වැයවන හගාවා විමෝචන වර්ෂයකට කි.ග්රෑ. 74 ක් පමණකි.
සිය නිවාඩුව ගත කිරීම සඳහා Black දැන් වසරක් පාසා ගුවන් යානයෙන් ගමන් කරන්නේ මැඞ්ඩි්රඞ් බලාය. සෑම ගිම්හානයකදීම ඔහුට ඒ සඳහා පවුම් 134 ක් වැය කිරීමට සිදුවන අතර නිපදවෙන හගාවා විමෝචන කි.ග්රෑ. 361 කි. Green මහතා වාර්ෂිකව සිය නිවාඩුව ගත කරන්න රේල්ලූවෙන් ගමන් කරන්නේ මැන්චෙස්ටර වෙතය. ඊට ඔහුට වාර්ෂිකව වැය වෙන්නෙ පවුම් 66 ක් පමණකි. වැයවෙන හගාවා කි.ග්රෑ. 19 කි.
තරුණ වැඩිහිටියෙකු වුවද Green තවම පාපැදියත්, ලන්ඩනයේ පොදු ප්‍රවාහණ සේවාවත් සිය සාමාන්‍ය ගමන් බිමන් සඳහා යොදා ගනී. ඔහුට බස් ගාස්තු වශයෙන් වසරකට පවුම් 380 ක් වැයවෙන අතර ගමනාගමනයට අදාළව හගාවා විමෝචන වැයවන්නේ කි.ග්‍රෑම්. 528 ක් පමණකි. මේ වනවිට සිය ගමන් බිමන් සඳහා අළුත්ම අළුත් ස්පෝට්ස් කාරයක් මිළට ගෙන සිටින Black මහතාට පෙට්‍රල් වියදම් වශයෙන් පමණක් වසරකට පවුම් 580 ක් වැයවෙයි. එම ගමන්බිමන් වල ප්‍රතිඵල හැටියට වැයවෙන හගාවා විමෝචන වසරකට කි.ග්‍රෑම්. 4773 කි.
මතු සම්බන්ධයි
Royal Society Series on Advances in Science (Vol. 2) = Advances in Earth Science: From Earthquakes to Global Warming (2007) නම් ග්රන්ථයෙහි Greenhouse Gas Budgets for Individuals යන කොටස අසුරෙනි