ගෝලීය උණුසුම්වීම, දේශගුණ විපර්යාස ආදි වශයෙන් පෘථිවිය කෙරෙහි ඇතිවන බලපෑම් ගැන වර්තමානයේ නිතර අපට අසන්නන්ට ලැබුණද මේවයේ සැබෑ ස්වරූපය හෝ ඒවායේ බලපැම් වල සංකිර්ණතාව ගැන එතරම් පැහැදිලි අවබෝධයක් සමහරුන්ට නොතිබෙන්නට පුළුවන. එසේ වුවද, එවායේ බලපෑමට අප සියලුදෙනාම හසුවන අතර ගෝලීය උණුසුම්වීම සහ දේශගුණ විපර්යාස කෙරෙහි අප සැමගේ ක්‍රියාකාරකම් ද බලපායි. එහෙයින් මේ කාරණා ගැන සංවිධිත දැනුමක් තිබීම ප්‍රයෝජනවත්ය.
අප ඉතිහාසය දෙස හැරී බැලුවහොත්, දැඩි සීතල අයිස් යුග මෙන්ම දැඩි උණුසුම් නියං සමයන්ද පැවති බව පෙනීයනු ඇත. මෙය පදනම් කර ගනිමින් මේ විපර්යාස චක්‍රාකාරව සිදුවන්නක් බව දැක්වීමට ද ඇතැම්හු පෙළඹෙති.
එහෙත් වර්තමානයේ අප මුහුණ පා සිටින දේශගුන විපර්යාසයේ විශේෂ ස්වරූපය ලෙස පවතින්නේ එම විපර්යාසයන් මහා වේගයකින් සිදු වීමයි. වෙන කවරදාකටත් වඩා වේගයෙන් සිදුවීමයි.අනික මේ දේශගුණ විපර්යාසයන් සිදුවන්නේ යමහල් හෝ සුර්යයාගේ ක්‍රියාකාරකම් වැනි ස්වභාවික සිද්ධි කරනකොට ගෙන නොවේ. දේශගුණය වේගයෙන් වෙනස්වන්නේ ඇත්තටම මිනිස් අපගේ ක්‍රියාකාරකම් වල බලපෑමෙනි. මානවයා, තාක්ෂණික වශයෙන් දීනෙන් දින වේගයෙන් ඉදිරියට යද්දී, අපගේ මොටර් රථ, අහස්යානා සහ පරිගණක ක්‍රියා කර වීමට වැඩිවැඩියෙන් බලශක්තිය අවශ්‍යවේ. වයස අවුරුදු දෙකේ, තුනේ දරුවන් වීඩියෝ නැරඹීම සඳහා අයිපෑඩ්, ස්මාට්ෆෝන් යොදා ගනීමෙන් පෙනීයන්නේ තාක්ෂණය පරිහරණය ළාබාල අවධියේදීම් පටන්ගන්නා බවයි.
කලින් ද සඳහන් කළ පරිදි වර්තමාන ලෝකයේ විවිධවූ අවශ්‍යතා සඳහා අපි වැඩි වැඩියෙන් ෆොසිල ඉන්ධන දහනය කරන්නෙමු. අපේ වැඩවලට වුවමණා බලය ඉන් ලැබෙන නමුදු, ඒ සමගම අපි කාබන් ඩයොක්සයිඩ් වැනි ‘හරිතාගාර’ වායු නිපදවන්නෙමු. මේ හරිතාගාර වායු පෘථිවියේ වායුගෝලයේ රැඳි සිටිමින් සුර්‍රයාගෙන් ලැබෙන තාපය ආපසු යාමට ඉඩ නොදී පෘථිවිය තුළම සිරකර රඳවා ගනී. එම තාපය අපේ දේශගුණය වෙනස්කම්වලට භාජනය කරමින් පොදුවේ මේ මිහිතලයෙහි උෂ්ණත්වය ඉහළ දමයි. මෙය බැලූ බැල්මට මහා අවාසිදායක තත්ත්වයක් බවක් නොපෙනුනත් උෂ්නත්වයන් ඉහළ යාම ගංවතුර, නියඟය මෙන්ම ලොව පුරා ජනතාවගෙ ජීවිතවලට ඉමහත් හානි පමුණුවයි.
ඉතින් තනි පුද්ගලයන් වශයෙන් අපට කළ හැකි දෙයක් නැද්ද? ගෝලිය උණුසුම් වීම වනාහී මේ ලෝකයේ ජීවත්වන අප සෑම දෙනාටම් බලපාන ගැලවිමක් නැති මහා ප්‍රශ්නයක් බව සැබවි. එහෙත්, තනි තනි පුද්ගලයන් වශයෙන් මේ සම්බන්ධයෙන් සාධනීය වෙනසක් ඇති කළ හැකි යම් යම් දේ ඇත.
බලශක්තිය සුරකින්න: දේශගුණ විපර්යාසයන් ඇතිවන්නේ අප වැඩි වැඩියෙන් බලශක්තිය පරිහරණය කිරීමේ හේතුවෙනි. ඉතින් ඒ සඳහා ඇති අපේ ඉල්ලීම අඩු කර ගත හැකිනම් එය විශාල රුකුලක් වනු ඇත. ඔව්, පාව්ච්චි නොකරන වෙලාවට විදුලි පහන්, පංකා නිවා දමීම, පයින් යා හැකි ගමනට පවා යතුරු පැදි, මෝටර් රථ යොදා නොගැනීම, විදුලිය පිරිමසන බුබුළු භාවිතය වගේ දේවල් අප කාටත් කළ හැකිනේ?
හැකි සෑමවිටම ප්‍රතිචක්‍රීකරණය කිරීම: අධි තාක්ෂණික උපකරණ හෝ මෙවලම් පමණක් නොව කාඩ්බෝඩ්, වීදුරු, ප්ලාස්ටික් වගේ අප එදිනෙදා පරිහරණය කරන ද්‍රව්‍ය නිපදවීමට බලශක්තිය විශාල ප්‍රමාණයක් අවශ්‍යවේ. ප්‍රතිචක්‍රීකරණය කොට ඉන් සමහරක් නැවත භාවිතයට ගැනීමට හැකිනම් එම බලශක්තියෙන් කොටසක් අපට ඉතුරුකරගන්න පුළුවන් නේ?
ප්‍රාදේශීය හෝ දේශීය වශයෙන් නිශ්පාදිත ආහාරයට ගන්න: දුර ඈත නිපදවන ආහාර අප වෙත ගෙන ඒම සඳහා විශාල බලශක්තියක් වැයකිරීමට සිදුවේ. ඇත්ත, අපි කන්න ආසම දේවල් ප්‍රාදේශීය හෝ දේශීය වශයෙන් නිපදවන්නේ නැතිවෙන්න පුලුවන්. ඒ හන්දා මෙය තරමක් අසීරු වැඩක් වගේ පේන්න පුළුවන්. පිටරටින් එන ඇපල් ගෙඩියක්, මිදි ටිකක් කන්න කවුද අකමැති? එහෙමනම් අපට කරන්න තියෙන්නේ එහෙම ‘නැතුවම බැරි’ වගේ හිතෙන කෑම ප්‍රමාණයෙන් අඩු කර කෑමට ගන්න උත්සාහ කිරීමයි.
අනෙක් අයත් දැනුවත් කරමු: මෙය ලොව පුරා වසන සෑම දෙනාටම බලපාන ප්‍රශ්නයක්. අපේ ග්‍රහ ලෝකයේ අනාගතය තීන්දු කරන ප්‍රශ්නයක්. ඉතින් වැඩි දෙනෙක් ඒ ගන දැනගැනීම වැදගත්. මන්ද, අප තනි තනිව ක්‍රියා කරන අතර ඊට තව තව එකතු කරගත් විට දැනෙන යමක් අපට කළ හැකිනේ? වෙනසක් ඇතිකිරීමට අප සැමට දායක වන්න පුළුවන්.
BIG QUESTIONS from Little People . . . and Simple Answers from GREAT MINDS නම් ග්‍රන්ථයෙහි What is global warming? කොටස ඇසුරෙනි
ෙපාත පතට සිමා ෙනාකර. ලියකියවිලි වලට සිමා ෙනාකර. හදවතින් හා නුවනින් පරිසරය හා සතුන් සුරනිමු. අනාගතය ගැන ෙමා ෙහාතක් සිතන්න.