සංකල්ප සාර සංග්‍රහය 94: ආර්ථික ක්‍රම(Economic Systems)

Posted by

මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහි තවත් ලිපියක්

විවිධ රටවල ආණ්ඩු ආර්ථික කටයුතුවලට සම්බන්ධවන්නේ කුමන මට්ටමකටද යන්න රඳාපවතින්නේ ආණ්ඩුවේ දේශපාලන ‘පැහැය’ හෙවත් නැඹුරුව අනුවය. බොහෝ රටවල ආණ්ඩු, ආර්ථිකය පාලනය කරනවා පමණක් නොව කුමණ ප්‍රමාණයකින් හෝ සේවා සපයන්නෙකු ලෙස(සහ ඇතැම්විට භාණ්ඩ සපයන්නෙකු ලෙස ද) සහ පෞද්ගලික අංශය මගින් සපයනු ලබන භාණ්ඩ සහ සේවා පාරිභෝගිකයෙකු ලෙස ද  ප්‍රධාන කාර්ය භාරයක් ඉටු කරයි.

Image result for economic systems

ලොව පුරා ක්‍රියාත්මක වන විවිධ වූ  ආර්ථික ක්‍රම, ආවලියක්(spectrum) තුළ ලකුණු කළ හැකිය. ආවලියේ  එක් අන්තයක ධනවාදී නිදහස් ව්‍යවසාය(capitalist free-enterprise) ආර්ථිකය දැක්විය හැකිය. මෙම ක්‍රමයේ දී නිශ්පාදන මාර්ග තනිකරම පුද්ගයන් හෝ ව්‍යාපාරික ආයතන හෝ හැටියට පෞද්ගලික අයිතිය යටතේ පවතී. අතිශය අන්දමින් විමධ්‍යගත වූ ආර්ථික තීරණ ගැනීමේ දී ආණ්ඩුව ඉටු කරන්නේ සුළු කාර්ය භාරයකි. මිළ සහ නිශ්පාදනය තනිකරම තීරණය කරණු ලබන්නේ නොයෙකුත් වෙළඳපොළ හරහා ක්‍රියාත්මක ඉල්ලුම් සහ සැපයුම් න්‍යායන් මගිනි.

ආවලියෙහි අනෙක් අන්තයේ ඇත්තේ සමාජවාදී ‘පාලිත’ ආර්ථිකයයි — 1989-91 කාලවල සෝවියට් සංගමය බිඳ වැටීම සහ නැගෙනහිර යුරෝපයේ කොමියුනිස්ට්වාදය කඩාවැටිමෙන් පසුව මෙ ආර්තික ආකෘතිය  සුලබව දැකිය නොහැකි  එකක් බවට පත්ව ඇත. එවැනි ආර්ථිකයන්හී දී නිශ්පාදනය, බෙදාහැරීම් සහ පරිභෝජනය යන සියල්ල මධ්‍යගතව සැලසුම්කෙරේ. සියලුම ඉඩම් සහ සියලුම කර්මාන්ත රජය සතුවන අතර ජාතික සැලැස්මක් යටතේ විවිධ නිශ්පාදකයන් වෙත සම්පත් වෙන්කරනු ලබන්නේ රජය මගිනි.  මෙලෙසම භාණ්ඩ ද පාරිභෝගිකයන්ට සලාක ක්‍රමයට බෙදා හරිනු ලැබේ.

Related image

ප්‍රායෝගික වශයෙන් ගත් කල රටවල් බහුතරයක ඇත්තේ ‘මිශ්‍ර’ ආර්ථිකයකි. මෙම ආකෘතියේදී බොහොමයක් නිශ්පාදන සහ එන්ට එන්ටම වැඩිවන (ප්‍රවාහන සේවාව වැනි සේවාවන්) බොහොමයක් සේවාවන් ද  ඇත්තේ පෞද්ගලික අංශය අතෙහිය. එසේවුවද, රජය තවමත් වෙළඳපොළ  පාලනය කරන අතර යම් යම් ප්‍රධාන  පරමාර්ථ ළඟාකරගනු වස් බදු, තීරු බදු, පොළී අනුපාත සහ මුදල් සැපයුම  වැනි දෙවල් ද සීරු මාරු කරමින් සකසයි. පූර්ණ රැකියා නියුක්තිය, ආර්ථික වෘද්ධිය ප්‍රවර්ධනය, සහ උද්දමනය සහ ගෙවුම් ශේෂයේ හිඟයන්(ඒ කියන්නේ රටක් ආනයනය කරන ප්‍රමාණය සහ අපනයනය කරන ප්‍රමාණය අතර වෙනස) වළක්වා ගැනීම ද පෙර කී ප්‍රධාන  පරමාර්ථ අතරට ඇතුළත් වේ.

BIG IDEAS IN BRIEF (QUERCUS, 2013) නම් ග්‍රන්ථයේ එන ECONOMIC SYSTEMS  කොටස ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.