දැනටමත් මට කොවිඩ් 19 වැළදිලාද?

Posted by

දැනටමත් මට කොවිඩ් 19  වැළදිලාද? එය සහ තවත් ඒ ආකාර ප්‍රශ්න හතරකටම පිළිතුරු

 

නව කොරෝනා වෛරසය (SARS-CoV-2) සහ ඒ හේතුවෙන් වැළඳෙන කොවිඩ් 19(Covid-19)  ගැන තතු නොයෙකුත් පැතිකඩ ඔස්සේ දිගටම කරුණු  thathu.com ගෙනහැර පාමින් සිටින්නෙමු. විවිධ මාධ්‍ය ඔස්සේ මේ මහා ගෝලීය වසංගතය ගැන නොයෙකුත් මතිමතාන්තර, අදහස් උදහස්, වාර්තා ආදිය අපමණ පළවී ඇතත් තවමත් අපගේ හිතට නැගෙන ප්‍රශ්න නැතුවා නොවේ. අද අප ගෙන එන්නේ ඉන් පහකට පිළිතුරු ය.

අදාළ රූපය

ප්‍ර: මට දැනටමත් කොරෝනා වයිරසය ආසාදනය වෙලා දැයි මා දැන ගන්නේ කෙසේද?

පි:   කොවිඩ් 19 වැළඳුණහොත් ඔබගේ ප්‍රතිශක්ති පද්ධතිය,  ප්‍රතිදේහ නිපදවන්නට පටන් ගනියි. නව කොරෝනා වෛරසය ඔබට ආසාදනය වී ඇද්දැයි ප්‍රතිදේහ පරීක්ෂණ (Antibody tests) මගින් දැනගත හැකිවෙයි. ප්‍රතිදේහ, ශරීරය තුළ ප්‍රතිශක්තිය ගොඩනගන්නේ දැයි යන්න ගැන විද්‍යාඥයන්ට ස්ථිර යමක් පැවසිය හැකි නොවේ. එසේ ප්‍රතිශක්තියක් ගොඩනැඟුණක්  කොපමණ කාලයක් රැඳී තිබේ ද යන්න ද අවිනිශ්චිත ය. එසේ වුවද ඔබට ප්‍රතිදේහ ඇති බව පරීක්ෂණවලින් හෙළි වුවහොත්  රුධිරයේ කොටසක් වන ප්ලාස්මාව(plasma) ඔබට ප්‍රදානය කළ  හැකිවේ. දැනට රෝහල්ගතව සිටින කොවිඩ් 19  රෝගීන්ට, කොවිඩ් 19 වැළද සුවය ලැබූවන්ගේ ප්ලාස්මාව යොදාගනිමින්  ප්‍රතිකාර කිරීමෙන් ඔවුන්ගේ තත්ත්වය යහපත් අතට හැරෙන බව අත්හදාබැලීම් පෙන්නුම් කරයි.

ප්‍ර: මට කොවිඩ් 19 වැලඳුණහොත් මාගේ පවුලේ අය ආරක්ෂා සහිතව තබා ගන්නේ කෙසේද?

පි:   ඔබට කොවිඩ් 19 රෝග ලක්ෂණ පහළ වුවහොත්, ඔබේ පවුලේ සෙසු සාමාජිකයන් සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීමට උපකාරවීමට නම් ඔබ අන් අයගෙන් ඈත්වී සිටිය යුතු අතර  (ඔවුන්) ආසන්නයේ ජීවත් වන්නේ නම් (ඔබ) මුඛ ආවරණ පැළඳිය යුතුය. එලෙස රෝග ලක්ෂණ පහළ වුවහොත්, (හැකිනම් ) අන් අයට ඇතුළු නොවී සිටිය හැකි තනි කාමරයකට වී සිටින්න. අනික් අය භාවිතා කරන නාන කාමර වැසිකිළි වෙනුවට ඔබටම වෙන් කර ඇති එකක් භාවිතයට ගන්න. හැකිනම් භාජන උපකරණ පිඟන් කෝප්ප බඩුමුට්ටු ආදිය තුවා ඇඳ ඇතිරිලි වැනි පෞද්ගලික අයිතම හවුලේ භාවිතා කිරීමෙන් වලකින්න. වැඩිපුර අතපත ගෑවෙන දොරගුළු මේස පුටු ආදියෙහි මතුපිට සෑම දිනකම විසබීජහරණය කරන්න. උණ අඩු කිරීමට දෙන බෙහෙත්වල පිහිට නැතිව ඔබට උණ පහව ගොස් පැය හැත්තෑ දෙකක් ගත වී රෝග ලක්ෂණ යහපත් අතට හැරරෙන තුරු හුදකලාවම ගත කරන්න. රෝග ලක්ෂණ පහව ගොස් තවත් දින දහයක් වත් අඩුම තරමින් අන් අයගෙන් වෙන් වී සිටිය යුතුය. (මේ උපදෙස් රටින් රට, මද වශයෙන් වෙනස් විය හැකි  අතර තම රටේ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් තරයේ පිළිපැදීම වැදගත් වේ —  සංස්කාරක)

ප්‍ර: මට ඇත්තේ කොරෝනා වෛරස ආසාදනයක් ද නැතිනම් අසාත්මිකතාවන්(allergies) ?

පි:   SARS-CoV-2 වෛරසය හේතුවෙන් හටගන්නා  කොවිඩ් 19 (Covid-19)  වැඩි කොටම උණ සහ කැස්ස ඇති කරවමින් මූලික වශයෙන් බලපාන්නේ පපුවට සහ පෙණහලුවලටය. වඩාත් උග්‍ර අවස්ථාවේදී හුස්ම ගැනීමේ අපහසුව, පාචනය, වෙව්ලීම, ගඳ සුවඳ සහ රසය නොදැනී යාම ඇතිවෙ.  නාසයේ අසාත්මිකතාවන් ලෙස ද දැක්වෙන කෘෂ උණ(hay fever) හෙවත් ශාරද පීණස  ස්වසන පද්ධතියේ ඉහළ කොටසට  — ප්‍රධාන වශයෙන් නාසය සහ කෝටරය වෙත — බලපෑම් ඇති වේ. මේ හේතුවෙන් කිවිසුම් යාම සොටු දියර ගැලීම හෝ නාසය බර ගතිය යන රෝග ලක්ෂණ ඇති වේ.   මෙම පසුව දැක්වූ රෝග ලක්ෂණ සාමාන්‍යයෙන් කොවිඩ් 19 ආතුරයන් අතර බහුලව දක්නට නොලැබුණත් ඒවා තිබෙන්නට හැකියාව ඇත. මෙයටත් අමතරව ශාරද පීනස හේතුවෙන් ඇදුම රෝගී තත්ත්වයක් හට ගතහොත් ඔබට හුස්ම ගැනීමේ අපහසුව ඇතිවිය හැකි වේ. ඔබේ රෝග ලක්ෂණ ප්‍රධාන වශයෙන් නාසය කේන්ද්‍ර කරගෙන ඇත්නම් ඔබට ශාරද පීනස එසේත් නැතිනම් සාමාන්‍ය සෙම්ප්‍රතික්ශාව වැලදී තිබීමේ ඉඩකඩ වැඩිය. කෙසේ වෙතත්, ඔබට කිසියම් ආකාරයක ශ්වසන ආබාධ රෝග ලක්ෂණ ඇත්නම්, ඔබට වැළඳී ඇත්තේ නව කොරෝනා වෛරසය නොව ශාරද  පීනස යන බවට ඔබේ වෛද්‍යවරයා සහතික වනතුරු  ‍සෙස්සන්ගෙන් ඈත්ව ගත කිරීමයි වඩාත් යෝග්‍ය.

Coronavirus myth busted: Vitamin C supplements will not prevent ...

ප්‍ර: කොරෝනා වෛරසයෙන්  ගැලවීමට විටමින් හෝ අතිරේක පෝෂක ගත යුතුද?

පි:   කොවිඩ් 19 රෝගය හෝ කොරෝනා වෛරසයෙන් වැළකීමට ආධාර වෙතැයි ඔප්පු වූ විටමිනයක් හෝ පෝෂණ පරිපූරකයක්  නොමැත. ඌනතාවයන්ගෙන් පෙළෙන්නේ නම්, වෛරසයට එරෙහිව ඔබේ සිරුරේ ප්‍රතිශක්තිය බලගැන්වීමට විටමින් D. විටමින් C අධිමාත්‍රාවක් හා පොටෑසියම්  ඇතුළු ඇතැම් පෝෂක උපකාර විය හැකියි. එළවළු, පලතුරු, මේදය අඩු ප්‍රෝටීන ආදිය බහුල භෝජන, ආහාරයට ගන්න. ප්‍රොබියොටික් ද(පරිභෝජනය කළ විට සෞඛ්‍යමය වාසි අතපත් වේ යයි සැලකෙන ක්ෂ්ද්‍රජීවීන් = probiotics)               ප්‍රයෝජනවත් වන අතර යෝගට් සහ පැසවන ලද ආහාර වලින් ඒවා සපයාගත හැකි වේ. ක්‍රමානුකූලව කෙරෙන ව්‍යායාම සහ භාවනාව වැනි ආතතිය අඩු කිරීමේ ශිල්ප ක්‍රම ද ආසාදන වලට එරෙහිව සටන් කිරීම සඳහා ඔබගේ ප්‍රතිශක්තිය වෙර ගැන්වීම කළ හැකි වේ.

(“විටමින් D සහ කොවිඩ් 19 ගැන මතිමතාන්තර” යන මැයෙන් thathu.com හි පළවූ ලිපිය ද මෙතැනින් කියවන්න)

Hard to swallow: Gargling may reduce spread of COVID-19

ප්‍ර: ලුණු වතුර හෝ විනාකිරි යොදාගනිමින් උගුර සේදීමෙන් කොරෝනා වෛරසය ඉවත් කළ හැකිද?

පි:   කෙටියෙන් දක්වන්නේ නම්, පිළිතුර ‘නොහැකිය’ යන්නයි. සිරුරට ඇතුළු වන කොරෝනා වෛරස පෙණහලු කරා යාමට පොරාතුව දින කිහිපයක් උගුරේ ගත කෙරෙන බවට ගෝලීය වසංගත ආරම්භයේ දී තිබූ මතයක් හේතුවෙන් මේ අදහස ව්‍යාප්ත වන්නට ඇත. ඒ අනුව, ලුණුවතුරෙන් හෝ විනාකිරෙන් උගුර සේදූ විට වෛරසය පළවා හැරිය හැකි යයි කල්පනා කෙරිණ. වෛරසය අපේ ශරීරයට ඇතුළුවන්නේ එක්කෝ වාතයේ ඇති බිඳිති ආශ්වාස කිරීමෙනි. නොඑසේ නම් වෛරස සහිත මතුපිට ඇල්ලූ අතින් අපේ නාසය ස්පර්ශ කිරීමෙනි. සේදීමෙන් උගුර සුද්ධ කළ හැකි (උගුරේ) කොටසකට මේ දෙවිධියෙන්ම වෛරසය පතිත වන්නේ නැත.

Vitamin C supplementation against COVID-19: Is it necessary ...

ප්‍ර: ප්‍රතිශක්තිය වර්ධනය කිරීම සඳහා C විටමිනයේ ඇති බලපෑම කොරෝනා වෛරසය වළක්වාලයි ද?

පි:   නිතිපතා විටමින් C ගැනීමෙන් කොරෝනා වෛරසය හෝ කොවිඩ් 19 වලක්වා ගත හැකි බවට සාක්ෂි හමු වී නැත. සාමාන්‍ය සෙම්ප්‍රතික්ෂාව වළක්වා ගැනීම පිණිස C විටමිනය උපකාරී වන අන්දම ගැන නොයෙකුත් පර්යේෂණ සිදුකර ඇති අතර එවැනි බලපෑමක් ඇති බව පෙනී ගොස් නැත. විටමින් C විශාල මාත්‍රාවක් මුඛයෙන් හෝ අන්තශ්ශිරා(intravenous – IV) මගින් ලබාදීම ගැන සිදුකෙරුණු කුඩා අධ්‍යයනයක් ද මේ අතර වේ. එම අධ්‍යයනයෙන් හෙළි වී ඇත්තේ කොවිඩ් 19 හේතුවෙන් බරපතළ රෝගී තත්ත්වයකට පත් ආතුරයන්, සංවාතකයක(ventilator) ගත කරන කාලය අධික මාත්‍රාවෙන් විටමින් C ගැනීම මගින් අඩු කරගත හැකි බවයි. කොවිඩ් 19 සඳහා ප්‍රතිකාර කිරීමේ දී අන්තශ්ශිරා මගින්, අධික මාත්‍රාවෙන් විටමින් C යොදාගැනීම ගැන හොඳින් අවබෝධ කරගනු වස් තවදුරටත් පර්යේෂණ සිදු කළ යුතු වේ.

(All answers medically reviewed on 29th June, 2020)

WebMD  වෙබ් අඩවිය ඇසුරෙනි

එක් ප්‍රතිචාරයක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.