ජල හිඟය: ජල සංරක්ෂණය සඳහා ඔබ සතු කාර්යභාරය

Posted by
ජල සංරක්ෂණය සඳහා ඔබ සතු කාර්යභාරය කුමක්ද?

සමහර  ගැටළු  කොපමණ නම් බරපතල ද, කොපමණ නම් ව්‍යාප්තව ඇත් ද කීවොත් එම ගැටළු සම්බන්ධයෙන් අපට කළ හැකි දෙයක් නැතැයි යන හැඟීමක් අප තුළ ඇති කළ හැකිය. තවද, යම් ගැටළුවක් සෘජුවම තමන්ට බලනොපාන විට එම ගැටළුව විසඳීම තබා ගැටළුවමත් තමන්ට අදාල නැතැයි කෙනෙකුට සිතිය හැකිය.   මෙම ලිපිය  කියවන පුද්ගලයින් ජලය අහිමි හෝ ජල හිඟයකින් පෙළෙන  ප්රදේශවල ජීවත් නොවීමට වැඩි අවස්ථාවක් තිබෙන්නට පුළුවන. එවිට  එය ඔවුන්ගේ ගැටලුවක් නොවන බව සිතීමට බොහෝ විට ඉඩ තිබෙනවා. එහෙත් මේ ගැටළුව විසඳීම  හෝ ලිහිල් කිරීම සම්බන්ධයෙන්  ඔබට කළ හැකි දේ, දායක විය හැකි අංශ අපමණ තිබෙන බව ඔබ දැන සිටියා ද? ඒවා අතුරෙන්  ඔබට ඉටු කිරීමට හැකි දේ කිහිපයක් මෙහි ලා දක්වන්නෙමු.

දැනුවත්කම

ඔබ මෙ දැන් සිදුකරන ආකාරයටම ජල අර්බුදය ගැන ඉගෙන ගන්න උත්සාහ දරන්න. ඔබට යම් ගැටලුවක් හරිහැටි තේරුම් ගැනීමේ හැකියාවක් ඇත් නම්, එම ගැටලුවට  විසඳුමක් ලබා ගැනීමේ දී ඔබ පසුවන්නේ  වඩා හොඳ තත්ත්වයකය. පවුලේ අය සහ මිතුරන් සමඟ ඒ ගැන කතාබහ කරන්න. සංවාදයේ යෙදෙන්න.  ජල හිඟය සහ එහි ප්‍රතිඵලයක් ලෙස අර්බුදකාරී තත්ත්වයට පත්වන හෝ ඊට අදාල  ප්‍රදේශ පිළිබඳ ප්‍රවෘත්ති සහ කරුණු කාරනා ගැන නිරතුරුව සෙවිල්ලෙන් සිටින්න.

සහභාගී වන්න

ජලය ඇතුළු ස්වාභාවික සම්පත් සංරක්ෂණය කිරීම හා  ඒවා ආරක්ෂා කර ගැනීම අරමුණු කරගත් සංවිධාන සහ සමාජ හෝ සංගම්වල කොටස්කරුවකු වන්න. මේ කාරණාවට අදාල තරඟ ආදියට සහභාගී වන්න. වඩාත්ම අවශ්ය ස්ථානවලට ජලය සැපයීම සඳහා ක්‍රියාකාරීව සිටින පුණ්යාධාර  කණ්ඩායම් සහ වෙනත් පිරිස් වලට ඇප උපකාර කිරීම වාගේම යම් පරිත්‍යාග කිරීම  පිළිබඳව ඔබේ දෙමාපිය වැඩිහිටි ආදීන් සමඟ සාකච්ඡා කරන්න.

Image for post

බුද්ධිමත් ව ජලය පරිහරණය කරන්න

ඔබ ජීවත්වන සමජයීය ස්තරය හෝ සමාජ වටපිටාව  කොහොමටවත්  ජල හිඟයක් අත්විඳිය නොහැකි තරම් දියුණු එකක් යැයි කිසි විටෙකත් නොසිතන්න.  ජලය පිළිබඳ අප තුළ නිවැරදි ආකල්ප ගොඩනගා ගනු  ලබා නොගන්නේ නම්,  කාලය ගෙවී යමත් සමග ඔබේ පරිසරයේත් යම් දවසක ජල හිඟයක් ඇති වීම නොවැලැක්විය හැකි බව සිතට ගත යුතු වෙනවා.  භාවිත නොකරන විට ජල කරාමය වසා තබා ගන්න.  වැසිකිළි සෝදා හැරීම  හා නෑමේ ක්‍රියාවන් සඳහා යොදා ගන්නා කාලය අවම කරගන්න. වෙනත් වචන වලින් කියතොත්  ජලය ඉතිරි කර ගැනීම සඳහා ඔබට කළ හැකි ඕනෑම දෙයක් වේ ද එය කිරීමට පසුබටවෙන්න එපා.

කර්මාන්ත සහ රජයන්

පුද්ගලයන් වේවා, කර්මාන්තකරුවන් හෝ වෙනත් ව්‍යවසායකයන් වේවා සහ රාජ්‍ය අංශ වේවා ගස් කැපීම සහ පරිසරය දූෂණය කිරීම හා පරිහානියට  ලක් කිරීම වළක්වාලීම සඳහා  ක්‍රියා කරන  බලපෑම්  කණ්ඩායම්වලට ඔබත් සම්බන්ධව ක්‍රියා කිරීමන් ජල හිඟය වලක්වා ලීමට ඔබටත් දායක විය හැකියි.

How wastewater is treated

ජලය ප්රතිචක්රීකරණය

වැසි දිය ඇතුළු අප සෘජුවම භාවිතයට යොදා නොගන්නා ජලය ප්‍රතිචක්‍රීකරණය කොට නිවසේ භවිතයට ගැනීම සඳහා දැන් නොයෙකුත් තාක්ෂණ ක්‍රම තිබෙන බව ඔබත් සමහරවිට අඩු තරමින් අසාවත් ඇති. මේවා ගැන සොයා බලමින් ඔබේ ප්‍රදේශයේ අවශ්‍යතා අනුව ඒවා ගලපා ගැනීමේ ක්‍රම සහ විධි හඳූනාගෙන එම ජලය ප්‍රයෝජනයට ගැනීමෙන් ජල හිඟය යම් ආකාරයකින් මග හරවා ගැනීමට උදව් විය හැකියි.

Thirty-five Water Conservation Methods for Agriculture, Farming, and Gardening Part 1. | Irrigation, Drip irrigation, Water conservation

ගොවිතැනට අදාල ප්රශස්ත භාවිතයන්

අහස් දියෙන් වගා කලත්, වාරිමාර්ග යටතේ ජල සපයා ගනිමින් වගාකළත් ගොවිතැන සඳහා ජලය අධිකව යෙදවෙන බව අප කවුරුත් දන්නා කාරණයක්. එහෙත් මනා පාලනයක් යටතේ, ජලය පිරිමසා ගනිමින් ගොවිතැන් කටයුතු යොදා ගන්නා ක්‍රම තිබෙන හෙයින් ජලය අපතේ නොයවා එයින් උපරිම ප්‍රයෝජනයට ගැනීම ජල හිඟයට ඇති එක් පැහැදිලි පිළියමකි.

තවද, කෘතිම පොහොර සහ පළිබෝධනාශක ලෙස අධිකව රසායන යෙදවීම නිසාවෙන් ජලය දූෂණයට ලක්වේ. එම ජලය ජීවීන්ගේ ප්‍රයෝජනයට යොදා ගැනීම අසීරු නිසා කෘෂිකර්මාන්තයට අධිකව රසායන භාවිතය ද ජලහිඟයට දායක වෙයි.

 

(අතිරේක කරුණු  Conserve Energy Future වෙබ් අඩවිය ඇසුරෙනි)

 

Eschooltoday lessons හී පළවන පාඩම මාලාවේ What is your role in water preservation? යන කොටස  ඇසුරෙන් පර්වර්තනය කර සකස්කළේ:

චන්ද්‍රසේකර් ප්‍රවින්ත් චව්රින්(thathu Creators)  

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.