රෝදය නිර් මාණය කිරීමට මිනිසුන්ට බොහෝ කාලයක් ගත වූයේ ඇයි?

Posted by

රෝදය නිර්මාණය කිරීමට මෙතරම් කාලයක් ගත වූයේ ඇයි?

රෝද යනු ප්රාථමික, ගුහා-මට්ටමේ තාක්ෂණයේ පුරාකෘතියකි. එහෙත් ඇත්ත වශයෙන්ම, එවා තනීමට කෙතරම් කෙතරම් සුහුරු බවක් අවශ්‍යවී ද යත්, කිසියම් අයෙකුට ඒවා නිර්මාණය කිරීමට ක්‍රි.පූ. 3500 දක්වා සිටින්නට සිදුවිය. ඒ වන විටත්  ලෝකඩ යුගය උදාවී අවසන්ය – මිනිස්සු ඒ වන විට ලෝහ මිශ්ර ලෝහ වාත්තු කරමින්, ඇළ මාර්ග සහ රුවල් බෝට්ටු ඉදිකරමින් සහ වීණා වැනි සංකීර්ණ සංගීත භාණ්ඩ පවා නිර්මාණය කරමින් සිටියහ.

රෝදය පිළිබඳ දුෂ්කර කාර්ය වූයේ එහි අගේ මත පෙරළෙන සිලින්ඩරයක් සංකල්ප ගත කර ගැනීම නොව ස්ථාවර, නොසෙල්වෙන දණ්ඩක්  එම සිලින්ඩරයට සම්බන්ධ කරන්නේ කෙසේදැයි සොයා බැලීමයි.

හාර්ට්වික්(Hartwick) විද්යාලයේ මානව විද්යාව පිළිබඳ මහාචාර්යවරයෙකු සහ “The Horse, the Wheel, and Language” (Princeton, 2007) (“අශ්වයා, රෝදය සහ භාෂාව”)) ග්‍රන්ථයෙහි කතුවරයා වන ඩේවිඩ් ඇන්තනී පවසන්නේ “ඒත් ඉතින්  සුවිශේෂී දක්ෂතාව වූයේ රෝදය සහ ඇක්සලය පිළිබඳ සංකල්පය සොයා ගැනීමයි” යනුවෙනි, ” ඒත් ඉතින් ඒක කරන එකත් අසීරු කාර්යයක් කොහොමනමුත් එය

ඇන්තනි පැහැදිලි කරන අන්දමට කැරකෙන රෝද සහිත ස්ථාවර ඇක්සලයක් සෑදීමට නම්, රෝද මධ්යයේ සිදුරු මෙ

න් ඇක්සලයේ කෙළවර ද සම්පූර්ණයෙන්ම සුමට නැතිනම් සිනිඳු හා වටකුරු විය යුතුය; එසේ නොමැති නම්, රෝද කරකැවීමට නොහැකි තරමට අධික ඝර්ෂණයක් ඇති වනු ඇත. එපමණක් නොව, ඇක්සල් රෝදවල සිදුරු තුළ ට හොඳින් සවි කළ යුතු නමුත් තදින් නොවේ – ඒවා භ්රමණය වීමට පහසු විය යුතුය.

සමස්ත ව්‍යුහයේ සාර්ථකත්වය ඇක්සලයේ ප්‍රමාණයට අතිශයින් සංවේදී වෙයි. හීනි එකක් ඝර්ෂණ ප්රමාණය අඩු කරන නමුත් එය බර දැරීමේ දී    සහායක් වීමට නොහැකි තරම් දුර්වල වනු ඇත. මේ අතර, ඝන ඇක්සලයක් ඝර්ෂණ ප්රමාණය විශාල ලෙස වැඩි කරනු ඇත. “ඔවුන් මෙම ගැටළුව විසඳුවේ ඒවාට කෙටි ඇක්සල් තිබිය හැකිවන අන්දමට මුල්ම වැගන් තරමක් පටු කිරීමෙනි;   ඉතා ඝන  ඇක්සලයක් තිබීම ඉන් මගහැරුණි,” ඇන්තනි Life’s Little Mysteries වෙත පැවසීය. මෙම සියලු සාධක වලට, රෝද සහ ඇක්සල් පද්ධතියේ සංවේදීවීම යන්නෙන්  තේරුම් ගත යුතු වූයේ අදියර වශයෙන් සංවර්ධනය කළ නොහැකි , සියල්ල එකට සැකසීම හෝ කිසිවක් නැති ව්යුහයක් විය යුතු බව යයි ඔහු පෙන්වාදෙයි.

රෝදය සොයාගත් තැනැත්තාට විශාල, වටකුරු රෝද කැපීමට හැකිවන පරිදි සඳහා ඝන කඳන් සහිත ගස්වල ඝන දැව කොටන් ලබා ගැනීමේ හැකියාව තිබෙන්නට ඇත. තවද, සියුම්ව සිදුරු(හිල්) සහිත අක්සල කපා තැනීමට හැකිවෙන පරිදි ඔවුන්ට ලෝහ මෙවලම් ද අවශ්ය විය.   ඒ වගේම ඔවුන්ට  විශාල බරක් ප්‍රවාහනය කරන්නට සිදුවන්නට ඇත්තේ බිම දිගේ ඇදගෙන ඒමෙන් විය යුතුය. . ඇන්තනීට අනුව, “ක්‍රි.පූ. 3500 හෝ ඒ ආසන්න කාලයක් වන තෙක් නව නිපැයුම ප්රමාද කරන්නට සිදුවන්නට ඇත්තේ  වඩු කර්මාන්තයේ අඩුපාඩුවකිනි; මන්ද  වාත්තු කළ තඹ නියන් සහ බොකු නියන් මෑතපෙරදිග සුලභ වූයේ ක්රි.පූ. 4000 කට පමණ පසුව වීම නිසාවෙනි.”

රෝදය සොයා ගැනීම කෙතරම් අභියෝගාත්මක ද යත්, එය බොහෝ විට එක් වරක්, එක් ස්ථානයක පමණක් සිදු වූවක් විය හැකිය. කෙසේ වෙතත්, එම ස්ථානයේ සිට, එය යුරේසියාව සහ මැද පෙරදිග පුරා ඉතා වේගයෙන් ව්යාප්ත වී ඇත් ද යත් විශේෂඥයින්ට එය ආරම්භ වූයේ කොතැනින්ද යන්න නිශ්චිතවම පැවසිය නොහැක. රෝද සහිත කරත්තවල පැරණිතම අනුරූප පෝලන්තයේ සහ යුරේසියානු ස්ටෙප් තණ බිම්වල වෙනත් තැන්වල කැණීම් හරහා සොයාගෙන ඇති අතර මෙම කලාපය, බොහෝ දුරට රෝදයේ උපන් ස්ථානය ලෙස මෙසපොතේමියාව (වර්තමාන ඉරාකය) අභිබවා යමින් පවතී. ෆින්ලන්තයේ හෙල්සින්කි විශ්ව විද් යාලයේ Asko Parpolaට අනුව, රෝදයෙහි සම්භවය නූතන යුක්රේනයේ ට් රිපොලි ජනයා අතරේ සිදු වූ බව විශ්වාස කිරීමට භාෂාමය හේතු තිබේ. එනම්, රෝද සහ වැගන් හා සම්බන්ධ වචන එම සංස්කෘතියේ භාෂාවෙන් උපත ලබා ඇත.

Parpola  සිතන්නේ යුරේසියානු ස්ටෙප් තණ බිම්වල බහුලව දක්නට ලැබෙන රෝද සහිත වැගන් වල කුඩා ආකෘති, බොහෝ විට මානව පරිමාණ වැගන් වලට පෙර පැමිණි එකක් වන්නට ඇති බවයි. “…  ත්රිපෝලියේ සංස්කෘතිය තුළ (රෝද සහිත වාහන්වල) ආකෘති බහුලව තිබීම  කැපී පෙනෙන්නකි. එවැනි ආකෘති  දරුවන්ගේ සෙල්ලම් බඩු ලෙස බොහෝ විට සැලකේ, නමුත් ඒවා සැබෑ දේවල කුඩා ආකෘති බව මට පෙනේ, ” යයි ඔහු පවසයි. ” සතුන්ගේ රෝද සහිත අනුරූප මධ්යම ඇමරිකාවේ ස්වදේශික ඉන්දියානු සංස්කෘතීන් අතර පවා දැකිය හකි වුවත් එහි සැබෑ රෝද කිසි විටෙකත් සාදා නොතිබීමෙන් පෙන්නුම්කරන්නේ කුඩා ආකෘතිවල ප්‍රමුඛතාවයයි”

ළදරුවන්ට සහ කුඩා දරුවන්ට වඩා රෝද සහිත වාහන සම්පූර්ණයෙන් අගය කරන්නේ වෙන කවුද? කුඩා වාහන බිම දිගේ පැද්දිය හැකි ආකාරයෙන්  සහ සැබෑ ප්රමාණයේ වාහනවල ගමන් බිමන් යෑමෙන්  ඔවුන් ලබා ගන්නා ප්රීතිය, රෝදයේ කැපී පෙනෙන උපාය කුසලතාව කෙරෙහි අවධානය යොමු කරයි.

Life’s Little Mysteries(Live Science) හී පළ වන Why It Took So Long to Invent the Wheel යන ලිපිය ඇසුරෙනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.