ජලයෙන් ගිනි නිවා දමන්නේ කෙසේද?

Posted by

ජලයෙන් ගිනි නිවා දමන්නේ කෙසේද?

හරය වශයෙන් ගත්තොත්, ගින්නක සංරචක තුනක් ඇත: ඉන්ධන, ඔක්සිජන් සහ තාප ප්‍රභවයකි. මේ පාර්ශව එක්ව ගිනි ත්‍රිකෝණය සාදයි. දැවෙන ඕනෑම දෙයක්, නිදසුනක් ලෙස  දැව, වෘක්ෂලතා, පෙට්රල් ආදී වශයෙන්, දැවෙන ඕනෑම දෙයක් ඉන්ධන ලෙස ක්‍රියා කළ හැකිය. නියම ප්‍රමාණයක ඔක්සිජන්  සමඟ, තාප ප්‍රභවයකට, මෙම ද්‍රව්‍ය දැල්වෙන දහන ප්‍රතික්‍රියාවක් හට ගැන්විය හැකිය. න්‍යයාත්මකව, මෙම සාධක තුනම කිසි විටෙකත් අවසන් නොවන්නේ නම්, ගින්නක් සදහටම පැවතිය හැකි බව ඕස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්ව විද්යා,ලයේ අග්නි පරිසර විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්ය ටීනා බෙල් පෙන්වා දෙයි.

ගින්නේ ඉන්ධන දහනය කිරීම, ජලය නිසාවෙන් දුෂ්කර වෙයි. (Image: Getty Images හරහා Ted Horowitz Photography)

පරම්පරාවෙන් පරම්පරාවට, කුඩා කල සිටම අපට උගන්වා ඇත්තේ ජලය, ගින්න නිවන බවයි. කුඩා දරුවන් වශයෙන්, ගිනි ආරක්ෂණයේ(ගින්නෙන් බේරීමේ දී) මෙලෙස ජලය භාවිත කිරීම එතරම් වැදගත් වන්නේ මන්දැයි අපට කියා දෙනු ලැබේ. එනමුත්  සාමාන්‍යයෙන්  ජලය ගිනිදැල් යටපත් කරන ආකාරය පිළිබඳ විද්‍යාව, අපි ඉගෙන නොගනිමු. එසේනම් ගින්න නිවා දමන්නට ජලය සමත් වන්නේ ඇයි? එය අප බොහෝදෙනෙකු සිතනවාට වඩා වෙනස් ලෙස ක්‍රියා කරයි.

“ජලය ගින්න නිවා දමන්නේ ප්‍රධාන වශයෙන් එය හොඳ තාප කිඳාවක්(sink) ලෙස ක්‍රීයාකරන නිසාය.” මොන්ටානා හි එක්සත් ජනපද වනසේවාවේ Missoula Fire Sciences Laboratory හී ගිනි දහන සහ ගින්න්නේ හැසිරීම් පිළිබඳ විශේෂඥයෙක්වන Sara McAllister, Live Science වෙත පැවසීය, “එය තාපය අවශෝෂණය කිරීම සඳහා ඇත්තෙන්ම හොඳයි.”

කෙසේවෙතත්, ගිනිදැල් කෙරෙහි ජලය එවැනි බලපෑමක් නොකරන බව කීවොත් කෙනෙකු පුදුමයට පත්විය හැක.  ගින්නක් දිගටම පවත්වාගෙන යාම සඳහා සාධක තුනක් අවශ්්‍ය බව කලින් ද සඳහන් විය: ඉන්ධන, ඔක්සිජන් සහ තාප ප්‍රභවයක්. ඔක්සිජන් නැති තැනක, එමෙන්ම ඉන්ධන අහවර වූ විට ගින්නක් පවත්වාගෙන  යා නොහැකි බව ඔබ දනී. අනෙක් අතට, ඉන්ධන, ඔක්සිජන් යන දෙකම කොපමණ තිබුනත්, යම් ආකාරයක තාප ප්‍රභවයක් නොමැතිනම් ගින්නක් නැති බවද අපි දන්නෙමු. ගින්න නිවීමට කෙලින්ම ක්‍රියා කරනවා වෙනුවට ජලය ක්‍රියා කරන්නේ ඉන්ධන මතයි. ඇත්ත වශයෙන්ම කඩදාසි වේවා, ලී හෝ දැව වේවා එහෙමත නැතිනම් නිවසක් හෝ වෙනත් ගොඩනැගිල්ලක් වේවා, ඉන්ධන  දිගටම දැල්වීම ජලය මගින් අසීරුවට ලක් කෙරෙන්නේ යයි, බර්ක්ලි කැලිෆෝනියා විශ්ව විද්යායලයේ දහන විශේෂඥයෙකු වන Michael Gollner, Live Science වෙත පැවසීය.

Gollner පවසන්නේ දැව දැවෙන විට ගින්නේ තාපය ඇත්ත වශයෙන්ම ඒවා(දැව) තුළ ඇති ද්‍රව්‍ය වාෂ්ප කර ඒවා වායුව බවට පත් කරන අතර එය ගින්නට ඉන්ධන සපයයි. අප ඒවා මත ජලය විදින විට, ජලය සහ දැව යන දෙකම වාෂ්ප කිරීමට තරම් ගින්න උණුසුම් විය යුතුය.

ජලයේ අධික තාප ධාරිතාව නිසාවෙන්, ජලය වාෂ්ප කිරීම උදෙසා විශාල ශක්තියක් හෝ තාපයක් අවශ්‍ය වන බව Gollner පවසයි. ජලය වාෂ්ප කිරීමට උත්සාහ කරමින් ගිනිදැල්ල, එහි ශක්තිය වැය කරන්නේ නම්, එවිට ඉන්ධන රත් කිරීම පිණිස වැය කිරීම සඳහා ගිනි දැල්ලට ඉතිරිව ඇත්තේ අඩු ශක්තියකි. ජලය තාපය අවශෝෂණය කරන විට ඉන්ධන සිසිල් වේ. ඉතින් වාෂ්ප කිරීමට අවශ්‍ය තරමට ගිනිදැල්ලට ඉන්ධන රත් කළ නොහැකි නම්, දැල්ලට ස්ව-පැවැත්ම සඳහා පෝෂණය සපයා ගත නොහැක — එබැවින් එය උත්සර්ජනය(ක්ෂය) වනු ඇත.

මෙය ගින්නක් පාලනය කිරීමට ඉතා ඵලදායී ක්‍රමයක් ද වේ. එනම්, ගින්න පැතිරීමට නොහැකි වන පරිදි විභව(දවීමට තිබෙන) ඉන්ධන තෙත් කිරීම, ඝොල්ල්නෙර් වැඩිදුරටත් පැවසීය. sprinkler හෙවත් සිංචක(විදින) පද්ධති පිටුපස ඇති උපාය මාර්ගය මෙයයි. ඒවා, ගින්න තවදුරටත් පැතිරීම වළක්වයි, එබැවින් ගිනි නිවන භටයින්ට එහි එන තෙක් යම් කාලයක් ලබාගැනීමට ඉන් හැකිවේ.

water misting

වාෂ්ප කළ, ජලය විශේෂ අවස්ථා සඳහා වෙන්වූ ගිනි නිවන උපාය මාර්ගයක් ද වන බව Gollner පැවසීය. උදාහරණයක් ලෙස, සමාගමක සේවාදායක(server) කාමරය සලකා බලන්න — එහි ඇති සියලු පරිගණක මත ජලය වත් කිරීම සුදුසු නොවේ. එබැවින්, සංවෘත අවකාශයන් තුළ, උපකරණ  සංරක්ෂණය කිරීමේ උත්සාහයක දී වෙනස් ප්‍රවේශයක් භාවිත කෙරේ. මෙම ප්‍රවේශය සමඟ, ජල ධූමකරනය(water misting) ලෙස හැඳින්වෙන, වාෂ්ප මෙන් කුඩා ජල බිඳිති කාමරයකට මීදුමක ආකාරයෙන් විදිනු ලැබෙයි. “එවිට, ඔක්සිජන් විස්ථාපනය කර දැල්ල සිසිල් කරන්නට හැකි තරම් ජල වාෂ්ප ලබා ගත හැකියි ” Gollner පැවසීය.

පැහැදිලිවම, ජලය (ගිනි) නිවන ඵලදායී  කාරකයකි. එහෙත්, ජලය ප්‍රායොගික උපාය මාර්ගයක් නොවන අවස්ථා ද තිබේ, විශේෂයෙන්ම ලැව් ගිනි එවැනි අවස්ථාවක් බව McAllister පැවසීය. දැවැන්ත ලැව්ගිනි වලදී, “[ ප්‍රමාණවත්] ජලය අවශ්ය තැනට ලබා ගැනීම වඩා දුෂ්කර කාර්යයක්” ඇය පැවසුවාය.

බොහෝ විට, ලැව්ගිනි මත ජලය ඉසිණු ඔබ දැක ඇති. එසේ ජලය දමන්නේ ලැව්ගින්න නිවා දැමීමට නොව එය මන්දගාමී කිරීමටයි. ජලය එකතු කිරීමෙන් වෙනත් ගිනි නිවීමේ ක්‍රම ක්‍රියාත්මක වීමට යම් කාලවේලාවක් ගත හැකි “නමුත් ලැව්ගින්න නතර කරන්නට ජලයට නොහැකිය,” Gollner පෙන්වා දෙයි, ” කායිකවම ඉන්ධන ඉවත් කිරීමට මෙන්ම කසළ යොදා යටපත් කිරීම පිණිස ස්ථානයේ විශාල පිරිසක් සිටිය යුතුය. එනමුත් මෙය  අඩි 50ක් (මීටර් 15) වැනි උසකින් ගිනි දළු තිබෙන විට කළ හැක්කක් නොවේ.”

ආදී මානවයෝ, අවම වශයෙන් මෙයට වසර මිලියන 1 කට පෙරවත් ගින්න භාවිත කරන ආකාරය සොයා ගත් අතර ශිෂ්ටාචාරය සහ (ගිනි)සම්පත අතර කල්පවත්නා ආදර කතාවක් ගොඩනඟා ගත්හ. අද, අපගේ එදිනෙදා ජීවිතයට අදාල බොහෝ ගිනිදැල් පවතින්නේ   ඉටිපන්දමක ඇති තිරය  හෝ ගිනි උදුනක දර කොටයක් දැවී යන තාක් කල් වැනි සුලු කාලයක් පමණි. නමුත් ලොව පුරා, ස්වයංව පැවතිය  හැකි විවිධ ගිනිදැල් සියවස් ගණනාවක් පුරා – සහශ්‍ර ගණනාවක් පවා දැවී ඇත. ඉතින්, මේවා අතුරෙන් වාර්තා වී ඇති දිගම ගින්න කුමක් කියලා හිතා ගන්න පුළුවන් ද? හොඳයි අපි ඒ ගැනත් දවසක thathu.com ඔස්සේ කතාකරමු.

Australia bushfires, The fire is fueled by wind and heat.

Live Science හී පළ වූ  How does water put out fire? යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.