අපට ඇත්තටම නිහෑඬියාව ‘ඇහෙනවාද’?

Posted by

අපට ඇත්තටම නිහෑඬියාව ‘ඇහෙනවාද’?

අපගේ කන්වලට සංගීතය ඇසෙන ආකාරයටම හෝ ශබ්දය ඇසෙන ආකාරයටම නිශ්ශබ්ද කාල පරතරයන් ඇසෙන්නේද යන්න පරීක්ෂණයක් මගින් සොය බෑලේ. 2023 ජූලි 10 වෙනිදා

Credit:Justin Paget/Getty Images

සවන් දීම ගෑන අප සාම්ප්රදායිකව සිතන ආකාරය අනුව නම් ශබ්දයක්, ගීතයක්, අපගේ මිතුරෙකුගේ කටහඬක්, මෝටර් රථයක නලා හඬක් අපට ‘ඇසෙන’ බවයි. එහෙත්, එම ශබ්ද අනිවාර්යයෙන්ම ධ්වනි තරංග අනභ්මුඛවීම හෙවත් නොමැති බව  සනිටුහන් කරන නිහඬ විරාම කොටස් සමඟින් විරාම ගැන්වේ. නිශ්ශබ්දතාවය අපගේ එදිනෙදා අත්දැකීමට අත්යවශ්ය වේ: සංවාදයක් අතර තුර කඩින් කඩ විරාමයන්, අකුණු හඬකින් පසු නිහඬ මොහොත, සංගීත ඛණ්ඩය අවසන් වී අත්පොළසන් නාදය ආරම්භ වීමට පෙර මොහොත.  “කන් බිහිරි කරවන නිහෑඬියාව” (”deafening silence”) යන යෙදුම සුලබ වාගාලංකාරයකි.

ඒ ප්රශ්නවලට උත්තර දෙන ක්රමයක්, Proceedings of the National Academy of Sciences  හී (ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික විද්යා ඇකඩමියේ  වාර්තා) ජූලි 10 දින ප්රකාශයට පත් කරන ලද අධ්යයනයක් මගින් සොය ගනු ලෑබීය. අපගේ මොළය ශබ්දය ඇසෙන ආකාරයටම නිශ්ශබ්දතාවය ද සක්රීයව සක්ස්ජානනය කරන බව පෙන්නුම් කරන අත්හදා බැලීමක්, ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්යාලයේ අන්තර්ශික්ෂා පර්යේෂකයන් පිරිසක් විසින් ප්‍රතිෂ්ඨාපනය කරන ලදී. ජෝන්ස් හොප්කින්ස් හි මනෝවිද්යා හා මොළ විද්යාව පිළිබඳ සහකාර මහාචාර්යවරයකු සහ අධයනයේ සම කර්තෘවරයකු වන Chaz Firestone පවසන්නේ “නිශ්ශබ්දතාව යනු වෙන කුමක් වුවත්, ශබ්දයක් නම් නොවේ. “එය ශබ්දය නොතිබීමයි; නමුත් එය බොහෝ විට අපට ඇසෙන බවක් දැනේ.”

අපට ඇත්ත වශයෙන්ම නිශ්ශබ්දතාව “ඇහෙන්නේ” දැයි සොයා බැලීමට, පර්යේෂකයෝ, පර්යේෂණාත්මක මනෝවිද්යාඥයින් විසින් භාවිතා කරන ලද හොඳින් ස්ථාපිත ශ්‍රවණභ්‍රන හෙවත් මායමය පරීක්ෂන මාලාවක් යොදා ගත්හ. අරමුණ වූයේ මනස නිශ්ශබ්දතාවයට ප්‍රතික්‍රියා කරන්නේ ශබ්දයට හා සමාන ආකාරයකින් බව පෙන්වීමයි. නිශ්ශබ්ද මායාවන් තුනක් භාවිත කරමින් සිදු කල නිශ්ශබ්ද අත්හදා බැලීම් හතක් සඳහා පුද්ගලයින් 1,000 ක් සහභාගී වූහ.

“one is more ” යනුවෙන් හැඳින්වෙන මායාමය පරීක්ෂණයක දී වෙන වෙනම කෙටි නාද දෙකක් වාදනය කරනු ලැබ පසුව තනි දිගු නාදයක් වාදනය කෙරේ. එහි සමස්ත කාලසීමාව සමාන වුවද(ඒ කියන්නේ, තනි නාදය,  කෙටි නාද දෙකෙහි එකතුවට සමාන වුවද) මිනිසුන් ප්රතිචාර දක්වමින් කියා සිටින්නේ තනි ශබ්දය එකිනෙකට වෙනස් වූ නාද දෙකට වඩා දිගු බවයි. මෙය පැන නගින්නේ “සිදුවීම් ඛණ්ඩනය”(“event segmentation”) නම් වූ ප්රත්යක්ෂ ක්රියාවලියකිනි. එහිදී මනස අඛණ්ඩ ආදානය එකිනෙකෙන් වෙන්වූ සුවිශේෂී “සිදුවීම්” වලට(”events”) බෙදීමෙන් ශබ්ද සකසයි. මෙය තනි බීප් හඬක් වෙන වෙනම (බීප් හඬ)දෙකකට වඩා දිගු ලෙස පෙනීම වැනි සංජානනීය මායාවන් ඇති කළ හැකිය.

මෙම සංජානන අභ්යාසයේ නිශ්ශබ්දතාවයට අනුවර්තිත අනුවාදයේ දී, මිනිසුන්, කාර්යබහුල අවන්හලක හෝ දුම්රිය ස්ථානයක ශබ්දය වැනි වටපිටාවේ(පරිමණ්ඩිත) ශබ්දයේ නිමග්න කෙරිණ. නිශ්ශබ්ද අන්තස්ථයන්(interlude) දෙකක් සඳහා ශබ්ද පටය ක්රියා විරහිත කෙරුණු අතර, ඒ සෑම එකකටම පසුව ඝෝෂාකාරී පසුබිම ඉතා කෙටියෙන් නැවත ආරම්භ කරන ලදුව අනතුරුව එළඹියේ අඛණ්ඩ නිශ්ශබ්දතා අන්තස්ථයකි.

ශබ්දවල දිග සංසන්දනය කරන විචලනයේ දී මෙන්ම ප්රබල ලෙස “one is more ” මායාව නිපදවන ලදී. අධ්යයනයට සහභාගී වූවන් පැවසුවේ ශබ්දය නැවත ආරම්භ වන මොහොත ඇතුළුව එකම නිහඬ විරාමය, ඝෝෂාව යළි ආරම්භ වූ මොහොත ඈතුළුව කඩින් කඩ ආ  විරාම දෙකට වඩා දිගු බවයි. “මෙයින් ඇඟවෙන්නේ අපගේ මනස මගින් නිශ්ශබ්දතාවයේ අත්දැකීමට පාදක විය හැකි සමාන ශ්‍රවණ නිරූපණ ගොඩනඟනු ලබන බවයි” යනුවෙන් Johns Hopkins හි ආචාර්ය උපාධිශිෂ්‍යයෙකු සහ අධ්‍යනයේ පළමු කතුවරයා ද වන Rui Zhe Goh පවසයි. Goh යනු මනෝවිද‍යාව හා දර්ශනය ඒකාබද්ධ ආචාර්ය උපාධියක් හදාරන පළමු Johns Hopkins ආචාර්ය උපාධි ශිෂ්‍යයා වේ.

අධ්යයයනයේ තවත් කොටසකට “oddball illusion” ඇතුළත් විය: ඉහළ තාරතාවක ඕගන වාදනයක් සහ පහළ තාරාවක එන්ජින් ඝෝෂාවක් වැනි විවිධ ශබ්ද දෙකක් එකවර වාදනය වන ශබ්ද දර්ශනයක{soundscape} මිනිසුන් නිමග්න කෙරිණ. ඒ අතරතුර   “නිශ්ශබ්දතා” හතරක් මැදිහත් වූ අතර ඕගන් වාදනය නතර වී සහභාගිවන්නන්ට එන්ජිම ශබ්දය පමනක් අසන්නට ලැබුණි. අවසාන වශයෙන්, පස්වන “අමුතු නිශ්ශබ්දතාවයක්” ඇති කළ අතර, එන්ජිමක හඬ කපා හැර ඕගන් වාදනය දිගටම පැවතින. අසන්නන් වැරදි අන්දමට සිතුවේ ඕගන් වාදනය පමණක් පැවත් පරතරය වඩාත් දිගු බවයි. එක් එක් මායාව සඳහා, සහභාගිවන්නන්ගේ මොළය නිශ්ශබ්ද අනුවාදවලට ප්රමතිචාර දැක්වූයේ ශබ්ද මායාවන්ට ඕගනයේ හඬ ප්ර්තිචාර දක්වන බැවින් — එය දිගු යැයි මායාව විවිධ ශබ්ද මගින් ඇති කෙරින. එයින් ඇඟවෙන්නේ නිශ්ශබ්දතාවය යනු හුදෙක් ශබ්දය නොමැතිකම හෙවත් නොපැවතීම පමණක් නොව, අප ශබ්ද සමඟ කටයුතු කරන විට අපට සක්රිඑයව පෙනෙන දෙයක් බවයි.

පැරණි දාර්ශනික ප්රනශ්න ආමන්ත්ර‍ණය කිරීම සඳහා අධ්යයනය ප්රතජානන විද්යාවේ මෙවලම් භාවිතා කළ අතර, ක්රම සහ අදහස්වල සහයෝගීතාව අනාගතයේදී ඉදිරියට ගෙන යනු ඇතැයි Firestone බලාපොරොත්තු වෙයි.

නිශ්ශබ්දතාවයන් ගැන අධ්යයනය කිරීම, සෙවනැලි හෝ සිදුරු වැනි වෙනත් ආකාරයේ ‘නොමැතිකම්’(absences) අධ්යයනය කිරීම උදෙසා ප්රේවේශ ලක්ෂ්යේයක් විය හැකි බව පර්යේෂණයට සම්බන්ධ නොවූ සැන්ටා කෲස් හි කැලිෆෝනියා විශ්ව විද්යා‍ලයේ මනස සහ සංජානන විද්යාබව පිළිබඳ දාර්ශනිකයෙකු වන Nico Orlandi පවසයි.

“සිදුරු, සෙවණැලි සහ නිශ්ශබ්දතාව ගැන සිතීමේ එක් වාසියක් නම්: ඒවා සංජානනීය ය, අපට ඒවා පාලනය කළ හැකිය” යනුවෙන් ඔස්ටින්හි ටෙක්සාස් විශ්ව විද්යා ලයේ දාර්ශනිකයෙකු සහ Seeing Dark Things: The Philosophy of Shadows සහ Nothing: A Philosophical History යන පොත්වල කතුවරයා වන Roy Sorensen පවසයි. ‘නොමැතිකම්’ නව ආකාරයකින් තේරුම් ගැනීමට සහ ඒවා ක්රියා කරන ආකාරය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට, නිශ්ශබ්දතාවය අපට උපකාරී වේ. Sorensen ද අධ්යබයනයට සම්බන්ධ නොවූවෙකි.

මෙම අධ්යනයේ දී පරීක්ෂා කරන නිශ්ශබ්දතා වර්ග සාපේක්ෂ හෝ පරස්පර ලෙස හඳුන්වනු ලබන අතර, ඒවා යම් ආකාරයකින්සිදුරු අධ්යයනය සමඟ අතිච්ඡාදනය වී ඇත. දාර්ශනිකයන් සිදුරු අධ්යයනය ගැන සමාන ප්‍රශ්න නගා ඇත: අපට ඇත්ත වශයෙන්ම සිදුරක් දැකිය හැකිද? එසේත් නැතිනම් අප දකින්නේ සිදුරක් වටා ඇති දේ පමණක් ද? “සිදුරු වලට සත්කාරකයකු අවශ්ය වේ,” Firestone පවසයි, “නිශ්ශබ්දතාවයට ද සත්කාරකයකු අවශ්ය වේ. ඩෝනට් සිදුරක් පැවතීමට සඳහා ඩෝනට් එකක්(doughnut) අවශ්ය වේ. අපි අධ්යතයනය කරන නිශ්ශබ්දතා වර්ගවලට ද පළමුව හඬපටයට නිහඬ කොටසක් අවශ්ය වේ.”

අපි නිශ්ශබ්දතාවය ක්රිපයාශීලීව වටහා ගත හැකිවෙතැයි දැන ගැනීම, අප එයට අභිමුඛවන අවස්ථා වඩාත් හොඳින් තේරුම් ගැනීමට උපකාරී වේ. උදාහරනයකට, දාර්ශනිකයෙකු සහ අධ්යයනයේ සම-කර්තෘ Ian Phillips ගතහොත්, ඔහු සහ ඔහුගේ සගයන්ගේ සොයාගැනීම් සංගීතය තුළ එය(නිශ්ශබ්දතාව) භාවිතා කිරීම වැනි අවස්ථාවන් හී නිශ්ශබ්දතාව සම්බන්දයෙන් නව ඇගයීමකට තුඩු දී ඇත. “අප විසින් ඉටු කරන ලද කාර්යය කිරීමට පෙර, මේවා සැළකුණේ තරමක් අතිශෝක්තියට නැංවූ රූපක විස්තරයක් පම්ණක් යයි සිතන්නට ඉඩතිබුණි” ෆිලිප්ස් පෙන්වා දෙයි.

නිශ්ශබ්දතාවය භෞතික යථාර්ථයේ ස්වභාවයට කවුළුවක් පමණක් නොවේ අපගේ අවබෝධය ගැඹුරු කරන්න අපගේ මූලික සංජානනය. “නොසිටීම හා සම්බන්ධ වීමේ හැකියාව සියලු මනෝවිද්‍යාත්මක ජීවීන්ගේ නිර්වචන ලක්ෂණයකි” යනුවෙන් ඔර්ලන්ඩි පවසයි. “උදාහරණයක් ලෙස, මිනිසුන්ට ක්ෂණිකව නොපෙන්වන දේවලට සම්බන්ධ වීමේ හැකියාවෙන් කැපී පෙනේ.” “අප විසින් ඉටු කරන ලද කාර්යය කිරීමට පෙර, මේවා සැළකුණේ තරමක් අතිශෝක්තියට නැංවූ රූපක විස්තරයක් පම්ණක් යයි සිතන්නට ඉඩතිබුණි” ෆිලිප්ස් පෙන්වා දෙයි.

නිශ්ශබ්දතාවය හුදෙක්, භෞතික යථාර්ථයේ ස්වභාවයට කවුළුවක් පමණක් නොවන අතර අපගේ මූලික සංජානනය පිළිබඳ  අපගේ අවබෝධය තීව්රය කරන්නකි. නොසිටීම (නොපැවතීම) හා සම්බන්ධ වීමේ හැකියාව සියලු මනෝවිද්යාත්මක ජීවීන් නිර්වචනය කෙරෙන ලක්ෂණයකි” යනුවෙන් ඔර්ලන්ඩි පවසයි. “උදාහරණයක් ලෙස, මිනිසුන්ට ක්ෂණිකව අභිමුඛනොවන දේවලට සම්බන්ධ වීමේ හැකියාව මිනිසුන්ගේ සුවිශේෂිතවය විග්‍රහවේ.”

Scientific American(July 10, 2023) හී පළ වූ Do We Actually ‘Hear’ Silence? යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.