අපේ තීරණය කිරීම්, කෘතිම බුද්ධියට බාර දීමේ සැඟවුණු අවදානම

Posted by

WALL-E’ චිත්‍රපටයේ,  තාක්‍ෂණයෙන් වෙළුණු අනාගතයේ මිනිසුන් එතරම් යහතින් ජීවිත ගතකරන්නේ නැත. Courtesy Pixar

තීරණය කිරීම් කෘතිම බුද්ධියට(Aartificial Intelligence = AI) බාර දීමේ සැඟවුණු අවදානම —  තෝරා ගැනීම් අපටම කිරීමට අවශ්‍ය කුසලතා  අප අතරින් ගිලිහී යාම එම අවදානමයි.

කෘත්‍රිම බුද්ධිය මිනිසුන්ගේ එදිනෙදා  ජීවිතයට තව දුරටත් රිංගා  ගනිද්දී, ඒ සමගම ඒ ගැන කනස්සල්ල ද රිංගයි. එක් අන්තයක සිටින බිය වඩවන්නන්, වඩාත්ම අනතුරු අඟවන්නේ, AI හිතුවක්කාරව වල් වැදී, මිනිස් ස්වාමිවරුන් නෂ්ටප්‍රාප්ත කරවිය යන්න ගැන සැලකිලිමත් වෙමිනි.

කෙසේවෙත්ස්ත්, කෘතිම බුද්ධිය වර්ධනයට විරාමයක් තැබිය යුතුයයි කෙරෙන ඉල්ලීම් පිටුපස ඇත්තේ වඩාත් සපර්ශනීය නැතහොත් ප්‍රාස්යෝගික සමාජ ගැටළු සමූහයකි. AI පුද්ගලයින්ගේ පෞද්ගලිකත්වය සහ ගරුත්වය කෙරෙහි ඇති කරන අවදානම් ඒවා  අතර වේ.  නොවැළැක්විය හැකි කරුණ නම්,  AI වියන යටතේ ඇති ඇල්ගොරිතම වැඩසටහන්ගත කරනු ලැබ ඇත්තේ මිනිසුන් විසින් නිසා, වෙන් එහි, අප බොහෝ දෙනෙකුගේ පක්ෂග්රාහීකත්වයන් සහ ප්‍රවිචාරකම් එලෙසම පවතී. විනිවිදභාවය නොමැතිකම සහ AI නිර්මාණය කර ඇති ආකාරය මෙන්ම කවුරුන් විසින් ද යන කරුණු කාරණා සැලකිල්ලට ගන්නා විට, එලෙසම  එහි අවදානම්  සහ විභවය ගැන මේ දිනවල මෙතරම් කාලයක් කැප කරන්නේ මන්දැයි තේරුම් ගැනීම පහසුය.

එහෙත් මිනිසුන් තීරණ ගන්නා  ආකාරය අධ්‍යයනය කරන මනෝ විද්යාඥයෙකු ලෙස මගේම පර්යේෂණ මා  යොමු කරන්නේ,  මෙම සියලු අවදානම් (බොහෝ දුරට නොපෙනෙන නමුත් ඊටත් වඩා  දූෂිත) තර්ජනයකින් යටපත් වී ඇති බව විශ්වාස කිරීමට යයි Dana and David Dornsife මනෝවිද්‍යාව පිළිබඳ මහාචාර්ය සහ පරිසරය සහ තිරසාරත්වය සඳහා වන Wrigley ආයතනයේ අධ්‍යක්ෂ, ලිපියේ කර්තෲ Joe Árvai පවසයි. එනම්, දැනුවත් තීරණ ගැනීමේදී මිනිසුන් ඊටත් වඩා  අඩු හික්මීමකින් සහ අඩු දක්ෂතතවකින් යුතු අය බවට පත් කිරීමෙහි ලා  කෘතිම බුද්ධියට තව ඇත්තේ හුදෙක් පියවර දෙක තුනකි.

කල්පනාකාරීව තීරණ ගැනීම

කල්පනාකාරී තීරණ ගැනීමේ ක්‍රියාවලියට සාමන්‍ය බුද්ධියට අනුකූල පියවර තුනක් ඇතුළත් වේ.  එය ආරම්භ වන්නේ ඔබ මුහුණ දෙන කාර්යය හෝ   ගැටලුව තේරුම් ගැනීමට කාලය ගත කිරීමෙනි. මෙන්න මේ ප්‍රශ්න ඔබෙන්ම අසන්න: තීරණයක් ගැනීම පිණිස ඔබ දැනගත යුතු දේ කුමක්ද යන්න මෙන්ම ඔබට පසුව එම තීරනය වෙනුවෙන්  විශ්වසනීයව සහ පිළිගත හැකි අයුරින් පෙණී සිටීමට හැකිවීම සඳහා  ඔබ කළ යුත්තේ කුමක්ද?

මෙම ප්‍රශ්නවලට පිළිතුරු,  ඔබේ දැනුමේ හිඩැස් පුරවන එමෙන්ම,  ඔබේ පෙර විශ්වාසයන් සහ උපකල්පනවලට අභියෝග කරන තොරතුරු ක්‍රියාකාරීව සෙවීම මත රඳා  පවතී. ඇත්ත වශයෙන්ම, මෙම ප්රතිවිරුද්ධ තොරතුරු — එනම්,  මිනිසුන් යම් යම් උපකල්පනවල බර සැහැල්ලු කර ගත් විට පැන නගින විකල්ප හැකියාවන් –  අවසානයේ ඔබේ තීරන විවේචනයට ලක් වූ විට ඒවා ‍රැක ගැනීමට හැකිවන පරිදි ඔබව සන්නද්ධ කරයි.

ඔබේ වටිනාකම්  සහ සමථයන් සලකා බැලීම කල්පනාකාරී තීරණවලට ඇතුළත් වේ.

දෙවන පියවර වන්නේ වරකට විකල්ප එකකට වඩා  සෙවීම සහ සලකා  බැලීමයි. ඔබේ ජීවන තත්ත්වය වැඩිදියුණු කර ගැනීමට අවශ්‍යද? ඔබ ඡන්දය දෙන්නේ කාට ද, ඔබ කැමැති වන්නේ කුමන ‍රැකියාලට ද නැතිනම් ඔබ මිලදී ගන්නට කැමැති වන්නේ කුමන දේවල් ද? ඒ කුමක් වුවත්, ඒ අරමුණු කරා යෑමට සෑම විටම  මාර්ග එකකට වඩා  තිබේ. අවම වශයෙන් පිළිගත හැකි විකල්ප කිහිපයක් ක්‍රියාශීලීව සලකා  බැලීමට සහ ඇගැයීමට ලක් කිරීමට  සහ අවංකව ඔබ පත්වීමට කැමති සමථයන්ගේ වාසි සහ අවාසි සැල්කිල්ලට ගනිමින් ක්‍රියා කිරීමට උත්සාහ කිරීම, කල්පනාකාරී සහ ආරක්ෂාකාරී තේරීමක කැපී පෙණෙන ලක්ෂණයකි.

තුන්වන පියවර වන්නේ යම් තීරණයක් සම්බන්ධයෙන් ගැඹුරින් සිතා බලා, නිසි සැලකිල්ල යොමු කරන තුරු අවසන් නිගමනයකට එළඹීම පමාකිරීමට  කැමත්තෙන් සිටීමයි. නිගමනයකට එළඹීම හොඳ යැයි හැඟෙන්නේ එයින් අදහස් කරන්නේ ඔබ දුෂ්කර හෝ   වැදගත් තීරණයක් ගැනීමේ ක්‍රියාවලිය ඔබ හමාර කර ඇති බව දනෙන හෙයින් යන්න  රහසක් නොවේ.  අනෙක් අතට, එසේ කාල වේලා ගෙන සිතා මතා තීරණ ගන්නවා වෙනුවට කාලය ඉතිරි කර ගනු වස් කඩිමුඩියේ තීරණ ගැනීමේ අවාසි බෙහෙවින් වැඩි විය හැක.  එම කාරණාව ගැන යම් අවිශ්වාසයක් ඇත්නම්,  ඔබට මඟ පෙන්වීම පිණිස ඔබේ ඔබේ හැඟීම්වලට ඉඩ දී ක්‍රියා කළ සියලු අවස්ථා  ගැන සිතන්න: හොඳින් සිතා මතා, කල් වේලා අරගෙනක්‍රියා නොකිරීමෙන ඇතිවන පසුතැවිල්ල ඔබට අත්විඳින්න සිදු වන්නේය.

තීරණ ගැනීම AI වෙත පැවරීමේ අන්තරායන්

ඉහත කී  පියවර තුනෙන් එකක්වත් ගැනීම ඉතා  අපහසු කාර්යයක් නොවේ. එසේනමුත්, බොහෝ දෙනා  සම්බන්ධයෙන් සළකණ විට ඒවා ඔවුන්ගේ සහජ ඥානයට ගැලපෙන්නේ නොවේ.   කල්පනාකාරී එමෙන්ම පසුව වගකීම භාර ගත හැකි තීරණ ගැනීම පිණිස පුහුණුව සහ ස්වයං විනය අවශ්ය වේ.  AI, මිනිසුන්ට පමුණුවන සැඟවුණු හානිය පැමිණෙන්නේ මෙහිදීය: තීරන ගැන AI බොහෝ ‘කල්පනාකිරීම් කරන්නේ තිරය පිටුපස පරිශීලකයාට නොදැනුවත්වය. පරිශීලකයින් වෙත ඉදිරිපත් කෙරෙන්නේ සන්දර්භගත කිරීමකින් සහ සංවිචාරණයෙන්(deliberation) තොර පිළිතුරුයි. වඩාත්ම අයහපත් දෙය වන්නේ, තමන් විසින්ම, කල්පනාකාරී එමෙන්ම පසුව වගකීම භාර ගත හැකි තීරණ ගැනීමේ ක්‍රියාවලිය ප්‍රගුණ කිරීමේ අවස්ථාව AI විසින් පැහැර ගනු ලැබීමයි.

අද මිනිසුන් බොහෝ  වැදගත් තීරණවලට එළඹෙන ආකාරය සලකා  බලන්න. මනුෂ්‍යයන් පුළුල් පරාසයක පක්ෂග්‍රාහීත්වයට ගොදුරු වේ යන්න බෙහෙවින් ප්‍රකටය: මන්ද මානසික ශක්තිය වැය කිරීමේදී අප අරපිරිමැස්මෙන් කටයුතු කරන බැවිනි.  ඔවුන් වෙනුවෙන් ගත් තීරන වඩා හොඳ හෝ විශ්වාසදායක ලෙස පෙනෙන විට එයට කැමති වීමට පුද්ගලයින්ට මග පාදන්නේ මෙකී අරපිරිමැස්ම හෙවත් මානසික අලසකමයි.  ඒ වගේම, මානවයන් වන අප, තමන්ගේම ස්වාධීනත්වය අගය කරනවාට වඩා  තම  ප්‍රජාවන්ගේ ආරක්ෂාව සහ පිළිගැනීම අගය කිරීමට නැඹුරු වෙන සමාජ සත්වයන්ය.

මෙම සමීකරණයට AI එක් කරන්න, එහි ප්‍රතිඵලය එළියට එන්නේ භයානක ප්‍රතිපෝෂණ පුඩුවක් ලෙසිනි: AI එහි ඇල්ගොරිතමවලට ඉන්ධන සැපයීම සඳහා  එක්කාසු කරන දත්ත සෑදී ඇත්තේ, විවේචනාත්මක තර්කනයේ ඥානය වෙනුවට අනුකූලතාවයේ පීඩනය ද පිළිබිඹු කරන,  මිනිසුන්ගේ පක්ෂග්‍රාහී තීරණ වලිනි. නමුත් මිනිසුන් තමන් වෙනුවෙන් තීරණ(වෙන කවුරු හෝ) ගන්නවාට කැමති නිසා, ඔවුහු මෙම නරක තීරණ පිළිගෙන ඊළඟ තීරණය වැත යොමුවීමට නැඹුරු වෙති. අවසානයේදී සිදුවන්නේ, අපිවත් හෝ   කෘතිම බුද්ධිය ඥානවන්ත බවට පත් නොවීමයි.

කෘතිම බුද්ධියේ යුගයේ දී කල්පනාකාරී වීම

AI, සමාජයට කිසිදු ප්‍රතිලාභයක් ලබා නොදෙන බවට තර්ක කිරීම වැරදි සහගතය. එය බොහෝ දුරට,  විශේෂයෙන්ම, සංකීර්ණ ආකෘති සහ දැවැන්ත දත්ත ප්‍රමාණයන් නිතිපතා හා ඉක්මනින් විශ්ලේෂණය කළ යුතු වන, සයිබර් ආරක්ෂාව, සෞඛ්ය සත්කාර සහ මූල්‍ය වැනි ක්ෂේත්රවල  ප්‍රතිලාභ සපයනු ඇත. කෙසේ වෙතත්, අපගේ එදිනෙදා තීරණ බොහොමයකට මෙවැනි විශ්ලේෂණ සමුදායක් අවශ්‍ය නොවේ.

කෙසේනමුත්, අපි එය ඉල්ලුවත් නැතත්, අපගෙන් බොහෝ දෙනෙකු කෘතිම බුද්ධියෙන් දැනටමත් උපදෙස් ලබා ගෙන ඇත;  ඒ වාගේම,  AI විසින් ඉටු කරන ලද කාර්යන්, ඔව්  විනෝදාස්වාදය සහ චාරිකවන සිට පාසැල් වැඩ, සෞඛ්ය සත්කාර සහ මූල්‍ය ආදී පුළුල් පරාසක කායයන්ගේ පිහිට ලබා ඇත. තවද, අපගේ දෛනික තීරණ වඩා ස්වයංක්‍රීය කිරීමට හැකි වන ඊළඟ පරම්පරාවේ AI සම්බන්ධයෙන් නිර්මාණ කරුවෝ(designers) වෙහෙස මහන්සි වී වැඩ කරති. ඇත්ත්ටම මෙය,  භයානක විය හැකිය.

සමාජ මාධ්ය ඇල්ගොරිතමයන්ට සිතුතිවන්නට, මිනිසුන් සිතන්නේ කුමක්ද සහ කෙසේද යන්න දැනටමත් බාහිර බලපෑමට ලක්ව ඇති ලෝකයක , අපි AI හට අප වෙනුවෙන් සියලු ආකාරයේ තීරණ ගත හැකි විදග්ධතා මට්ටමකට ළඟා වීමට ඉඩ දෙන්නේ නම්, අපි වඩාත් භයානක තත්ත්වයකට පත්වීමේ අවදානමක් ඇත. ඇත්ත වශයෙන්ම, AI හි සයිරන් හඳට පි‍ටුපා, මනුෂ්‍යයෙකු වීමේ සැබෑ වරප්‍රසාදයේ – සහ වගකීමේ – හිමිකම ආපසු ගැනීමට ක්‍රියා කිරීම අපි අපටම කල යුතු කාර්යයකි: අපටම සිතීමට සහ තෝරා ගැනීම් අපම සිදුකිරීමට හැකි වීම. ඉන් අපට හොඳක් දැනෙනු ඇති අතර, වඩාත් වැදගත් ලෙස සලකතොත්, අප එසේ කළහොත් වඩා  යහපත් වනු ඇත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.