දන්තාලේප සොයා ගැනීමට කලින් මිනිසුන් දත් මැද්දේ කොහොම ද?

Posted by

Casezy idea/Shutterstock

දන්තාලේප ක්‍රියා කරන්නේ කෙසේද? දන්තාලේප සොයා ගැනීමට පෙර මිනිසුන් භාවිතා කළේ කුමක්ද?

ප්‍රශ්නය අසන්නේ: බ්‍රිස්බේන්, මැන්ජින් හී හත් හැවිරිදි, ඇමීලියා,

පිළිතුරු දෙන්නේ: ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලයේ, දන්ත වෛද්‍ය විද්‍යාලයේ, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ සාමාන්‍ය දන්ත වෛද්‍ය, අරෝෂා  වීරකෝන්

ඔබ අසන විශිෂ්ට ප්‍රශ්න වලට ස්තූතියි, ඇමීලියා.

මම දන්ත වෛද්‍යවරියක්, එබැවින් දන්තාලේප ක්‍රියා කරන ආකාරය සහ එය සොයා ගැනීමට පෙර අප භාවිතා කළ දේ ගැන මමත් උනන්දුවෙන් ඉන්නවා.

දන්තාලේප ක්‍රිය කරන්නේ කෙසේද?

දන්තාලේප ඔබේ මුඛයට්ස් නැවුම් සුවඳක් සහ පිරිසිදු බවක් ගෙන එයි. ඔබ දිනකට දෙවරක් දත් මදින්නේ නම්, දන්තාලේප ඔබේ දත්වල සිදුරු හෝ කුහර සෑදීමෙන් ආරක්ෂා කරයි. දන්තා ලේප වල ප්රතිලාභ එකින් එක සලකා බලමු.

ඒ නැවුම් හැඟීම

ඇතැම් දන්තාලේප අමුද්රව්ය ඔබේ කෙළ (saliva= ඛේටය) සමඟ මිශ්‍ර වී සබන් වලින් සෑදෙන්නාක් වැනි පෙණක් සාදයි. එම සබන් වැනි පෙණ, ඔබ දත් මදිද්දී කෙළ ගසන විට දකින සෙවල ගතියෙන් යුත් පෙණ බවට පත් වේ.

බොහෝ දන්තාලේප ඔබේ දත්වල පැල්ලම් මකා දැමීමට උපකාරී වන සුළු ඝර්ෂණමය සේ දැනන ගතියක්  ඇත. මෙය, දත් මැලියම් ලෙස හඳුන්වන ඔබේ දත් මත වැඩෙන ඇලෙන සුළු, මෘදු, සුදු පැහැති මඩ වැනි ද්‍රව්‍ය ඉවත් කිරීමට ද උපකාරී වේ.

දත් මැලියම් සෑදී ඇත්තේ ඇලෙන සුළු ආහාර සහ බැක්ටීරියා  වලින්ය. ඔබේ දත් මැලියම් අතරේ ඇති බැක්ටීරියා ඔබේ මුඛයේ ජීවත් වේ, වර්ධනය වේ සහ බෝ කෙරේ.  Streptococcus mutans වැනි සමහර බැක්ටීරියා   ඔබ අනුභව කරන සීනි සහිත ආහාර කෙරෙහි කෑදර කමක් දක්වයි.  ඔබේ සමරු ඵලකයේ ඇති අනෙකුත් බැක්ටීරියා  කුණු බිත්තර ගඳැති වායු මගින් ඔබේ හුස්ම ගඳ ගැස්වීමට සලස්වයි.

දුඟද ගෙනෙන, වායු මවන බැක්ටීරියා සමඟ දත් මැලියම් ඉවත් කිරීමට අපට අවශ්ය වීම් කොහොමටවත් පුදුමයක් නම් නොවේ.

කුහර ඇතිවීම වළක්වයි

ඊටත් වඩා නරක කාරණාව නම්, දත් මැලියම් හී බැක්ටීරියාව පාචනය ඇතිවීමයි.  එම පාචනය “ආම්ලික”ය,  එනම් එය සිදුරු සෑදීමට මග පාදමින් ඔබේ දත් ‘දියකර’ හරිය හැක. ඒ නිසා අපි දිනකට දෙවරක් දත් මදින්නේ අපට හැකි තරම් බැක්ටීරියා සහ ඒවායේඉ ආම්ලික පාචනය ඉවත් කිරීමට ය.

දන්තාලේප වල සිදුරු ඇතිවීම වැළැක්වීම සඳහා විශේෂ අමුද්‍රව්‍ය රාශියක් ඇත, ඒවා අතරට පහත දැක්වෙන සංයෝග ඇතුළත්වේ.

·       xylitol (උච්චාරණය සයි-ලී-ටොල්). ඔබේ දත් මැලියම් වල ඇති බැක්ටීරියා මෙය(xylitol) අනුභව කරන විට, ඒවාට  මලබද්ධය ඇති වන අතර එ නිසා පාචන අම්ලය අඩු කරයි

·         fluoride ෆ්ලෝරයිඩ්.  ඔබේ දත් මතුපිට  කුඩා හිඩැස් ඇති අතර ඔබට ඒවා  පියවි ඇසින් දැකිය නොහැක්කේය. අපට ඒවා දැක බලා ගත හැක්කේ අන්වීක්ෂයකින් පමණි. ඔබේ දත් ශක්තිමත් කිරීම සඳහා ෆ්ලෝරයිඩ් මෙම හිඩැස් පුරවයි. ෆ්ලෝරයිඩ් ඔබේ දත් දියකර හරින නරක බැක්ටීරියා වලින් ආරක්ෂා කරන්නේ එලෙසයි.

දත් මදින්න පුරාණ කාලේ මිනිසුන් භාවිතා කළේ මොනවා ද?

බොහෝ කලකට පෙර ජීවත් වූ උදවිය, Streptococcus mutans සහ බැක්ටීරියා  මල පහ කිරීම් ගැන එතරම් අවබෝධයකින් සිටියේ නැත.  ඔවුන් සිතුවේ දත්වල සිදුරු ඇතිවීම වයසින් වැඩීමේ කොටසක් බවයි. ඇත්තටම එය වැ‍රැදි කල්පනාවක්. කොහොමවුණත්, ඔවුන් දත් කුඩු යොදා දත් පැහැපත් කර ගැනීමට උත්සාහ කරලා තියනවා.

Microscopic depiction of streptococcus mutans

පුරාණ ඊජිප්තුවේ, චීනයේ සහ ඉන්දියාවේ මිනිසුන් දත් කුඩු ඔවුන්ගේ දත් මත අතුල්ලන්න ඇඟිලි භාවිතා කළා  .

දත් කුඩු මුලින්ම තනන ලද්දේ, කුඩු කරන ලද සත්ව ඇටකටු, ගව කුර සහ බිත්තර ක‍ටු, ගොළුබෙල්ලන් සහ බෙල්ලන් කටු වලිනි. පසුව,  කුඩු කරන ලද අඟුරු (ඔබ ඇටකටු හෝ දර පුළුස්සා දැමූ විට ඔබට ලැබෙන කළු ද්‍රව්‍ය), කුඩු කළ ගස් පොතු සහ රසකාරක ඖෂධ පැළෑටි එකතු කරන ලදී.

මිනිස්සු, දත් මැදීමට ගොළුබෙල්ලන්ගේ කටු තලා කුඩු දත්වල අතුල්ලන්ට පුරුදු සිටියහ. Zebra-Studio/Shutterstock

පුරාණ රෝමානුවන් දත් පිරිසිදු කිරීමට භාවිත කළේ මුත්‍රා වලින් තැනූ දන්තාලේප වලිනි.

වාසනාවකට වාගේ ඒ වගේ දේවල් දැන් වෙනස් වෙලා.

ඊළඟ වතාවේ ඔබ දත් මදින විට, පුරාණ කාලේ සිටි සියල්ලන් ගැන සිතන්න: ඔවුන් දත් මැදීමට යොදා ගත්තේ, ඇටකටු සහ සිප්පිවලින් තනන ලද දත් කුඩු මෙන්ම මුතරා වලින් තනන ලද දන්තාලේපවලින්!

වාසනාවකට මෙන්,  මුඛයට වඩා හොඳ රසයක් ලබා දෙන සහ ඔබේ දත්වල සිදුරු ඇතිවීම නවත්වන දන්තාලේප වර්ත්මානයේ ජීවත් වන අප සතුව ඇත.

ඒ කොහොම වුණත්, ඔබ දත් මදින විට දන්තාලේපය ඉවතට යන අන්දමට කෙළ ගසන්නට මතක තබා ගන්න. එහෙත්, එය(දන්තාලේපය) වතුරෙන් සෝදා හරින්න එපා.  ඔබේ දත්  ‘නපුරු’ බැක්ටීරියාවන්ගෙන් ආරක්ෂා කර ගැනීමේ අරමුණින් ඔබේ මුඛය තුළ මද වේලාවක් තබා ගැනීමට අවශ්‍ය වෙයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.