පිරිමින්ගේ අවදානම් ගන්නා හැසිරීම් සඳහා පරිණාමීය පදනමක් ඇතැයි අධ්‍යයනයක් යෝජනා කරයි

Posted by

Credit: Pixabay/CC0 Public Domain

බොහෝ කලක සිට සැක කරන ලද දේ පිළිබඳ සාක්ෂි, බටහිර ඕස්ට්‍රේලියා විශ්ව විද්‍යාලය සහ එඩිත් කෝවන් විශ්ව විද්‍යාලය විසින් කරන ලද නව අධ්‍යයනයකින්  සොයාගෙන ඇත: එනම්, ‘පිරිමින් කාන්තාවන්ට වඩා අවදානම් ගන්නන් විය හැකිය’ යන්නය.

මෙම පර්යේෂණය Evolutionary Behavioral Sciences සඟරාවෙහි පළ විය.  අවදානම් ගැනීම ගැහැනුන්ට වඩා පිරිමින් සමඟ අප සම්බන්ධ කරන්නට පෙළඹෙන්නේ ඇයිද යන කාලයක් තිස්සේ පවතින ප්‍රශ්නය මෙ පර්යේෂණය  මගින් විමර්ශනය කරනු ලැබීය.

අධ්‍යයනයේ කර්තෘ වන, බටහිර ඕස්ට්‍රේලියා විශ්ව විද්‍යාලයේ, (UWA) හි මානව විද්‍යා පාසලේ හැනා ගුඩ්මන් පවසන්නේ වාහන ගමනාගමනය බහුල මගක පාර පනිද්දී, පිරිමින් අවදානම්සහගත හැසිරීම් වල යෙදෙන බව පර්යේෂකයන් විසින් සොයාගනු ලැබ ඇති බවයි. මේ සොයා ගැනීම අවදානම් ගැනීම ප්‍රධාන වශයෙන් ඇන්ඩ්‍රොකේන්ද්‍රීය හැසිරීමක් බවට වර්ධනය වන සාක්ෂි වලට සහාය දක්වයි,

“පිරිමින්, අධි අවදානම් තත්ත්වයන් යටතේ පාර මාරු වීමට කාන්තාවන්ට වඩා  වැඩි ඉඩක් ඇත  බයිසිකලයක් පැද යාමේදී හිස්වැස්මක් පැළඳීමට ඇති ඉඩකඩ වුණත් අඩුය,” ගුඩ්මන් පෙන්වා දෙයි.

පර්ත් හි තදාසන්න ප්‍රදේශ 13 ක් පුරා හැසිරීම් සංසන්දනය කරමින්, අවදානම් මට්ටමට සමාජ ආර්ථික තත්ත්වය කිසියම් බලපෑමක් ඇති කරන්නේ දැයි ද කණ්ඩායම සොයා බැලීය.

“සහභාගීවන්නන් 1,030ක් පාර හරහා ගමන් කිරීම හෝ මංසන්ධිය ආසන්නයේ බයිසිකලයක් පැදවීම, උද්‍යානයක හෝ ආපන ශාලාවක හෝ මෝටර් රථයක හෝ සිට විචක්ෂණශීලී ප්‍රදේශයේ සිට  පටිගත කර ඇත,” ගුඩ්මන් පෙන්වා දෙයි.

“අවදානම් ගැනීමේ හැසිරීම කෙරෙහි ප්‍රදේශ මට්ටමේ සමාජ ආර්ථික තත්ත්වය  දැඩි ලෙස බලපා ඇති බව අපට පෙනී ගියේය, (සමාජ ආර්ථික තත්ත්ව)පහළ තත්ත්වයේ සිටින ප්‍රදේශවල පුද්ගලයින්  මංසන්ධි හරහා ගමන් කිරීමේ දී ඉහළ අවදානම් ගැනීමට වඩාත් ඉඩකඩ ඇත.

“වයස ද, අවදානම් ගැනීමේ හැසිරීම් වලට බලපෑවේය,  වැඩිහිටි වයස් කාණ්ඩවල අයට වඩා රථවාහන මංසන්ධිවලදී වැඩි අවදානමක් ගන්නවා.”

නව යොවුන් වියේ අග සිට තිස් ගණන් දක්වා වන, ප්‍රජනන හැකියාව උච්චතම කාලවලදී පිරිමින් වැඩි අවදානමක් ගැනීමට නැඹුරු වන “තරුණ පිරිමි සින්ඩ්‍රෝමය” සඳහා උපකාර වන ලිපි ලේඛන ව්‍යාප්තිය පිණිස පර්යේෂණ දායක වූ බව ඇය පවසයි.

සම-කර්තෘ වන, UWA හි මානව විද්‍යා පාසලේ  සහකාර මහාචාර්ය Cyril Grueterපවසන්නේ, පරිණාමීය ඉදිරිදර්ශනයකින් බලන විට, අවදානම් ගැනීම තරුණ පිරිමින්ට ඔවුන්ගේ ගුණාංග සහ කුසලතා නිපුණතාවය ප්‍රදර්ශනය කිරීමේ මාධ්‍යයක් ලෙස දැකිය හැකි අතර එමඟින් ඔවුන් කාන්තාවන්ට වඩාත් ආකර්ෂණීය විය හැකි බවය.

පදිකයින් ලෙස, රියදුරන් ලෙස හෝ මගීන් ලෙස තරුණ පිරිමි ස රථවාහන අනතුරුවලට සම්බන්ධ වීමට වැඩි ඉඩක් ඇත ආදී වශයෙන් මෙම අධ්‍යයනයට සැලකිය යුතු සැබෑ ලෝක ඇඟවුම් ඇති බව ඔහු පෙන්වාදෙයි.

“සෑම කෙනෙකුගේම ආරක්ෂාව මනසේ තබාගෙන, විශේෂයෙන් අවදානම් ගැනීම් බහුලව පවතින ප්‍රදේශවල රථවාහන මංසන්ධි වැඩිදියුණු කිරීමට හෝ සැලසුම් කිරීමට පියවර ගත හැකිය”යි Grueter කියයි..

වැඩි විස්තර: Hannah Goodman et al, The combined role of sexual selection and socioeconomic environment in explaining everyday risk-taking behavior in human males., Evolutionary Behavioral Sciences (2024). DOI: 10.1037/ebs0000351

අනතුරුදායක හැසිරීම් රටා සහිත පිරිමින් කෙරෙහි ස්ත්‍රී ආකර්ෂණය

මේ අතර, බටහිර ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාලය විසින් සිදු කරන ලද නව පර්යේෂණ ‘අනතුරුදායක හැසිරීම් රටා සහිත’ පිරිමින් කෙරෙහි ආකර්ෂණයක් ඇතිවන්නේ මන්දැයි සොයා බලයි.

බටහිර ඕස්ට්‍රේලියානු විශ්ව විද්‍යාලය විසින් මෙහෙයවන ලද නව අධ්‍යයනයක් මගින් කාන්තාවන් තම වඩාත් ප්‍රවේශම් සහගත පිරිමින්ට වඩා අවදානම් දැරීමට පෙළඹෙන පිරිමින්ට කැමතිද යන කාලාන්තරයක් තිස්සේ පවතින ප්‍රශ්නය ගැන ගැඹුරින් විමර්ශනය කර විස්මිත ප්‍රතිඵල කිහිපයක් ඉදිරිපත් කර ඇත.

Evolutionary Psychological Science හී ප්‍රකාශයට පත් කරන ලද මේ අධ්‍යයනය මගින් භාවිතා කරන ලද පරිණාමීය පර්යාලෝකය, මාතෘකාවට ආලෝකය ලබා දීමට සහ සබඳතා සන්දර්භය සහ  කාන්තා සෞඛ්ය තත්ත්වය  තීරණාත්මක සාධක බව සොයා ගැනීමට සමත් විය.

මෙම අධ්‍යයනය සඳහා රටවල් 47ක කාන්තාවන් 1300කට වැඩි පිරිසක් සමීක්ෂණයට ලක් කෙරිණ.

UWA හි අධ්‍යනයේ ප්‍රධාන පර්යේෂක මානව විද්‍යා පාසලේ  Cyril Grueter ඉහතින් දැක්වූ අධ්‍යනයට ද සම්බන්ධය. මෙම සොයාගැනීම්වලින් පැහැදිලිවම පෙන්නුම් කරන්නේ දිගු කාලීන සබඳතාවලට වඩා අවදානම් ගන්නා පිරිමින් කෙටි කාලීන සබඳතා සඳහා වඩාත් ආකර්ෂණීය බවයි.

“අනියම් ලිංගික සම්බන්ධතා සඳහා, කාන්තාවෝ හොඳ ජානමය සංස්ථාපනයක් සහිත, ධෛර්ය සම්පන්න ‘කාඩයින්ට’ වැඩි කැමැත්තක් දක්වති – අවදානම් ගන්නන් මෙම තේරීමට ගැලපෙන බව පෙනේ,” යයි Grueter පවසයි, “වඩා බැරෑරුම් දිගුකාලීන සබඳතා සඳහා, කැපවීමක් සහිත පිරිමින් මත කාන්තාවෝ  වැඩි වටිනාකමක් තබති.”

අධ්‍යයනයෙන් හෙළි වූ සිත් ඇද ගන්නා කරුණ නම්,  වඩා හොඳ සෞඛ්‍යයක් ඇති සහ වඩා හොඳ සෞඛ්‍ය සේවා සඳහා ප්‍රවේශයක් ඇති කාන්තාවන් වෙනත් සමාජ ආර්ථික පසුබිම්වල කාන්තාවන්ට වඩා අවදානම් ගන්නන් වෙත ආකර්ෂණය වන බවයි.

“කෙටි කාලීන සබඳතාවයක් තුළ ගැබ් ගැනීමක් සිදුවේද යන්න පිළිබඳව සෞඛ්‍ය සම්පන්න රටවල කාන්තාවන්ට උපත් පාලන ක්‍රම සහ ගබ්සාව හරහා  වැඩි පාලනයක් තිබිය හැකි අතර, එබැවින් අවදානම් සහිත පිරිමි සහකරුවෙකු තෝරා ගැනීමට හැකි වේ,” Goodman පැහැදිලි කරයි.

විෂම ලිංගික කාන්තාවන් සහ අවදානම්වලින් වළකීසිටින්නන්ට වඩා ස්ත්‍රී-පුරුෂ දෙපාර්ශවයටම ආකර්ෂණය වන ද්විලිංගික කාන්තාවන් සහ ඊනියා “ඇඩ්‍රිනලින් ගැත්තන්”  අවදානම් ගන්නන් කෙරෙහි ආකෂර්ණය වන බව  අධ්‍යයනයෙන් ද පෙන්වා දී ඇත.

“ද්විලිංගික කාන්තාවන්ට සබඳතා පිළිබඳව  අඩු ගතානුගතික සංජානනයක් තිබිය හැකි අතර සමාන අදහස් ඇති ජෝඩු එකට එක් කිරීම වැඩි සම්බන්ධතා තෘප්තියක් ගෙන එනු ඇත” Goodman වැඩිදුරටත් පෙන්වා දෙයි.

වැඩි විස්තර: Cyril C. Grueter et al, Preference for Male Risk Takers Varies with Relationship Context and Health Status but not COVID Risk, Evolutionary Psychological Science (2023). DOI: 10.1007/s40806-023-00354-3

Physics.org හී පළවන Study suggests evolutionary basis for male risk-taking behaviors නම් ලිපිය සහ Medical Express හී පළවන New research explores the appeal of ‘dangerous’ men යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.