ඈත අහසේ යෝධ තාරකාවල තිබෙන හයිඩ‍්‍රජන් වායු දැවෙන්නේ ඉතා අධික වේගයකින්. හරියට හයිඩ්‍රජන් බොම්බයක් වගෙයි. මේ හයිඩ‍්‍රජන් බෝම්බ ක‍්‍රියාවලිය හයිඩ‍්‍රජන්වල න්‍යෂ්ටි ඝට්ටනයෙන් හීලියම් නිපදවීමේ ක‍්‍රියාවද ඉක්මවා යන්නක්. යෝධ තාරකාවල හයිඩ‍්‍රජන් හීලියම් බවට පත් වීමෙන් පසු හිතාගන්න බැරි තරම් අධිකතර තාපයක් ඇතිවෙනවා. ඒ නිසා නොකඩවා සිදු වෙන හීලියම්වල න්‍යෂ්ටික ඝට්ටනය හේතුකොට වඩා බර වූ තවත් මූලද්‍රව්‍ය ගණනාවක පරමාණු නිෂ්පාදනය වෙනවා. මෙසේ නිපදවෙන වඩා බර මූලද්‍රව්‍ය අතරට කාබන්, ඔක්සිජන්, නයිට‍්‍රජන් හා යකඩද ගැනෙනවා. (එහෙත් මෙහි දී බර අනුව ඒ මූල ද්‍රව්‍ය නිෂ්පාදනය යකඩ ඉක්මවා යන්නේ නැහැ.) මෙකී සියලූ ම මූලද්‍රව්‍ය අපේ මහ පොළොවේත් අපේ සිරුරු තුළත් බහුලව දක්නට ලැබෙනවා. මෙය සිදු වී ටික කලකට පසු මේ යෝධතාරකා ‘සුපර්නෝවා’ යනුවෙන් හැඳින්වෙන අති දැවැන්ත සුපිරි-ස්ඵෝටනයකින් පුපුරා යනවා. මේ සුපර්නෝවා සුපිරි පිපිරීමේ දී තමයි යකඩ වලට වඩා බර වූ අනෙකුත් මූලද්‍රව්‍ය නිපදවෙන්නේ. විවිධාකාරයට සංයෝග වූ මේ මූලද්‍ර‍්‍ය වලින් තමයි අපේ ශරීර හැදිලා තියෙන්නේ. ඒ අනුව අර කී සුපර්නෝවා පිපිරීම් ඇති නොවන්නට අප ඇති වෙන්නෙත් නැහැ.
අප සූර්යා වැනි තාරකා දකින්නේ ඒවායෙන් ම නිකුත්වන උණුසුම් දීප්තිමත් ආලෝකය නිසායි. ඒත් ග‍්‍රහවස්තුවක් අපට දිස්වන්නේ හුදෙක් ඒ ග‍්‍රහවස්තුව කක්ෂගතව ඇති තාරකාවෙන් වැටුණු ආලෝකය ඒ මත වැටී පරාවර්තනය වීම නිසයි. උදාහරණයක් ලෙස ජුපිටර්, සෙනසුරු වැනි ග්‍රහ වස්තු අපට දිලිසෙමින් පෙනෙන්නෙ සූර්යයාගෙ ආලෝකය ඒ මත වැටී පරාවර්තනය වීම නිසයි. ඇත්ත වශයෙන්ම තාරකාවලින් දිප්තිමත් ආලෝකයක් නිකුත්වීමටත් ග්‍රහයන්ට ඒවායින්ම නිකුත්වන ආලෝකයක් නෙතිබීමට හෙතුව එම වස්තු වල ප‍්‍රමාණයේ ඇති වෙනසක් නිසායැ’යි සැලකිය හැකියි. වඩා විස්තර කළහොත් ඒ මෙසේයි.
කිසියම් වස්තුවක් ප‍්‍රමාණයෙන් වැඩි වන තරමට එම වස්තුවේ මැද කරා නිරන්තරයෙන් ඇදෙන ගුරුත්වාකර්ෂණ බලය ද වැඩි වෙනවා. ඒ වගේ ම ගුරුත්වාකර්ෂණය නිසා හැමදෙයක් ම එකිනෙක කරා ඇදී ආකර්ෂණය වීම ද එක ලක්ෂණයක්. ඔබ හා මා සතුවත් එකිනෙකා අදින ගුරුත්වාකර්ෂණයක් බලපවතිනවා. එහෙත් මේ ඇදීම ඉන් එක් වස්තුවක් අනෙක් වස්තුවට වඩා විශාල වෙන තෙක් දැන ගැනීමට නොහැකි තරම් දුර්වල මට්ටමකයි පවතින්නේ. පෘථිවිය විශාල වස්තුවක්. එනිසා පෘථිවිය මතට බලවත් ඇදීමක් ඇති බව අපට දැනෙනවා. මේ ඇදීම නිසයි ඉහළ සිට ගිළිහෙන යමක් පොළොවට වැටෙන්නේ. එසේ වැටෙන විට ඇත්තට ම එම වස්තුව ඇදෙන්නේ පෘථිවිගෝලය මැදටයි.
තාරකාවක ඇතුළ
පෘථිවිය වැනි සාමාන්‍ය ග‍්‍රහයෙකුට වඩා තාරකාවක් අතිශයින් විශාලයි. ඒ නිසා ම තාරකාවක් සතු ගුරුත්වාකර්ෂණ බලයත් පෘථිවියට වඩා අති විශාලයි. ගුරුත්වාකර්ෂණයෙන් තාරකාවක ඇති හැම දෙයක් ම එහි අභ්‍යයන්තරය දෙසට නිරන්තරව ඇදෙනවා. මේ නිසා තාරකාවකට විශාල අභ්‍යන්තර පීඩනයකට මුහුණ දීමට සිදුවෙනවා. මේ පීඩනය වැඩි වන තරමට තාරකාව අභ්‍යන්තරයේ ඇති උණුසුමද වැඩිවෙනවා. මේ ගිනියම් උණුසුම ඔබටත් මටත් හිතා ගත නොහැකි තරමට වැඩි වූ විට තාරකාව හැසිරෙන්නේ හරියට හෙමින් ක‍්‍රියාකරන හයිඩ‍්‍රජන් බෝම්බයක් වාගෙයි. මේ ක‍්‍රියාව නිසා තාරකාවෙන් නිකුත්වන අත්‍යන්ත තාපය හා ආලෝකය හේතු කොටගෙනයි එය රාත‍්‍රි අහසේ දිදුලන වස්තුවක් සේ අපට පෙනෙන්නේ.
මේ සා දැඩි තාප ප‍්‍රමාණයක් තාරකාවේ ඇති වීමෙන් තාරකාව බැලූමක් මෙන් ප‍්‍රසාරණය විය යුතු නමුත් එසේ නොවන්නේ ඒ හා සමග ම තාරකාවේ දැවැන්ත ගුරුත්වාකර්ෂණබලයෙන් එසේ ප‍්‍රසාරණය වීම වලක්වා තාරකාව අභ්‍යන්තරය දෙසට ඇද තබා ගැනීම නිසයි. තාපය නිසා ඇතිවන ප‍්‍රසාරණය වීමේ ප‍්‍රවණතාවයත් ගුරුත්වාකර්ෂණයෙන් තාරකාව අභ්‍යන්තරයට ඇද සංකෝචනය කිරීමේ ප‍්‍රවණතාවයත් සාමාන්‍යයෙන් එකිනෙක හා සමතුලිතව පවතිනවා. මේ සමතුලනය නිරන්තරයෙන් පවත්වා ගැනීම සඳහා තාරකාව හරියට ක‍්‍රියා කරන්නේ ස්වයංක‍්‍රියාකාරී තාප පාලකයක් ලෙසයි. උණුසුම වැඩිවෙන තරමට ප‍්‍රසාරණය වැඩියි. එසේ ප‍්‍රසාරණයෙන් විශාල වන විට තාරකාවේ මැද ස්කන්ධයේ ඝනගහන ස්වාභාවය අඩුවෙනවා. මේ නිසා තාරකාව නැවත සංකෝචනය වීමට පටන් ගන්නවා. එවිට නැවතත් තාරකාවේ උණුසුම වැඩිවෙනවා. තාරකාවක ඒ පිම්බෙන හැකිලෙන ස්වාභාවය හෘදය වස්තුවක් ගැහෙන විලාසයට සමානයැ’යි ඔබට සිතේවි.ඒත් ඒ විදියට ම එය සිදු වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඇත්තට ම සිදුවෙන්නේ මධ්‍යගත ප‍්‍රමාණයක ස්ථාවර උෂ්ණත්වයකට එළඹීමෙන් තාරකාව නිරන්තරව සමතුලිතව පැවතීමයි.
මා මේ විස්තර කිරීම ආරම්භ කළේ සූර්යයාත් අනෙක් තාරකාවන් වගේ ම තවත් තාරකාවක්යැ‘යි කියමින්. ඒත් තාරකා සියල්ල එක වගේ නොවෙයි. විවිධාකාරයි. ප‍්‍රමාණය වශයෙන් බැලූවත් ඒවා බොහෝ සෙයින් එකිනෙකට වෙනස්. අපේ සූර්යයා ඒතරම් ම විශාල තාරකාවක් නොවෙයි. අපට ආසන්න ප්‍රොක්සිමා සැන්ටෝරි තාරකාවට වඩා ස්වල්පයක් විශාල වුණත් සූර්යයා අනෙක් බොහෝ තාරකා වලට වඩා ප‍්‍රමාණයෙන් සෑහෙන්න කුඩායි.
දැවැන්ත තාරකා
අප දන්නා විශාල ම තාරකාව කුමක්ද? ඇත්තට ම එය තීරණය වන්නේ ඔබ එහි විශාලත්වය මනින ආකාරය අනුවයි. ප‍්‍රමාණයෙන් විශාලතම තාරකාව වශයෙන් මෙතෙක් හඳුනාගෙන ඇති ඪශ කැනිස් මැජෝරිස්’ නම් තාරකාවේ විෂ්කම්භය සූර්යයා වගේ 2000ස් ගුණයක්. සූර්යාගේ විෂ්කම්භය පෘථිවියේ විෂ්කම්භය මෙන් 100ක් ගුණයක් වෙනවා. එහෙත් ඪශ කැනිස් මැජෝරිස් තාරකාව කොයිතරම් ඝනගහනයෙන් අඩු සැහැල්ලූ තාරකාවක්ද කිව්වොත් සූර්යයාට වඩා ප‍්‍රමාණයෙන් 2000ස් වාරයක් විශාල වුණත් එහි ස්කන්ධය වැඩි වෙන්නේ සූර්යා මෙන් 30ස් ගුණයකින් පමණයි. සූර්යයාට සමාන ඝනගහනයක් තිබුණා නම් එහි ස්කන්ධය මීට වඩා බිලියන වාරයකින් වැඩි විය යුතුයි. අනෙකුත් තාරාකා, එනම් පිස්ටොල් තාරකාව හා වඩා මෑත දී සොයාගත් තාරකාවන් වන ‘එටා කැරිනා’ සහ R131a1 වැනි තාරකා, ස්කන්ධය අතින් සූර්යයාට වඩා 100ක් ගුණයකටත් වඩා වැඩියි. අනික් අතට බැලූවොත් සූර්යයාගේ ස්කන්ධය, පෘථිවියේ ස්කන්ධයට වඩා 300,000 ගුණයකින් වැඩියි.
කිසියම් අන්දමකින් R131a1 වැනි දැවැන්ත තාරකාවකට අයත් ග‍්‍රහලෝක ඇත්නම් ඒවා එම තාරකාවට බොහෝ ඈතින් භ‍්‍රමණය වන ඒවා විය යුතුයි. නොඑසේනම් ඒවා සැනෙකින් වාෂ්පවී යා හැකියි. එම තාරකාවේ අධික ස්කන්ධය නිසා එහි ගුරුත්වාකර්ෂණ බලයද අතිශයින් විශාලයි. ඒත් තාරකාවට බොහෝ ඈතකින් පිහිටියහොත් පමණක් එහි ග‍්‍රහයන්ට එම තාරකාව වටා භ‍්‍රමණය වීමට හැකි වේවි. යම් විදියකින් එම ග‍්‍රහයන් මත යමෙකු වෙසෙනේනේ නම් සිය සූර්යයා වශයෙන් සලකන R131a1 ඔහුට පෙනෙන්නේ අපට අපේ සූර්යයා පෙනෙන ආකාරයෙන්මයි. මන්ද තාරකාව ඉතා විශාල වූවත් ජීවීන් වෙසෙන ග‍්‍රහයෙක් ඊට ඇත්නම් එම ග‍්‍රහයා පිහිටන්නේ තාරකාවේ සිට බොහෝ ඈතින් වීම නිසයි. ග‍්‍රහයාගේ සිට බැලූ විට අපේ සූර්යයාට සමාන වූ පෙනුමකින් පෙනෙන ඈතකින් එකී තාරකාව පිහිටා නැත්නම් ජීවීන් ඇති වීමට අවශ්‍ය තත්වය එම ග‍්‍රහයා මතුපිට වර්ධනය වීමට තිබෙන ඉඩකඩ බොහෝදුරට අඩුයි.
ජීවිතයක් තබා ජීවිතයක් බිහි විය හැකි ග‍්‍රහලෝකයක්වත් R131a1 තාරකාව වටා කක්ෂගත වී භ‍්‍රමණය වනු ඇතැයි සිතීම අසීරුයි. හේතුව ප‍්‍රමාණයෙන් ඉතා විශාල වූ එවැනි තාරකා වලට ඇත්තේ කෙටි ජීවිත කාලයක් වීමයි. බොහෝවිට R131a1තාරකාවේ වයස අවුරුදු මිලියනයකට වැඩි විය නොහැකියි. ඒ අපේ සූර්යයාගේ වයසින් 1000කින් එකකටත් අඩු වයසක්. එතරම් සුළු කාලපරිච්ෙඡ්දයක් ජීවීන් බිහි වීමට කිසිසේත් ම ප‍්‍රමාණවත් වෙන්නේ නැහැ.
තාරකාවක ජීවිත කතන්දරය
අපේ සූර්යයා තාරකාවන් අතර මුල්පෙළට අයත් තරමක් කුඩා තාරකාවක්. මුල්පෙළට අයත් තාරකාවක්යැ‘යි කීමෙන් අදහස් කළේ විශ්වයේ වයස හා සසඳන විට ඒ තාරකා දැනටමත් ළමයෙකුගේ සිට වැඩිමහල්ලෙක් දක්වා වැඩෙන ආකාරයට තම ජීවිතයේ විවිධ අවස්ථා පසු කොට ඇති වැඩිහිටි තාරකා වීම නිසායි. මුල්පෙළට අයත් තාරකාවල මීළ`ග අදියර මහලූවී මරණයට පත්වීමයි. අනෙක් වැදගත් කරුණ මුල්පෙළට අයත්වන තාරකා බොහෝවිට සුසැදී ඇත්තේ සියලූම මූලද්‍රව්‍යය අතරින් සරලම මූලද්‍රව්‍ය වූ හයිඩ‍්‍රජන්වලින් වීමයි. ඒනිසා මේ තාරකා අභ්‍යන්තරය හරියට සෙමින් ක‍්‍රියාත්මක වෙන හයිඩ‍්‍රජන් න්‍යෂ්ටික බෝම්බයක් වගේයි. ඒ න්‍යෂ්ටික කි‍්‍රයාව මගින් තාරකාව සතු හයිඩ‍්‍රජන් ඊළගට ඇති සරලම මූලද්‍රව්‍ය වන හීලියම් බවට පෙරළෙනවා. මේ පරිවර්තණ ක‍්‍රියාවලියේ දී සද්දන්ත ශක්ති ප‍්‍රමාණයක් තාපය, ආලෝකය හා විකිරණය ආදී වශයෙන් මුදා හැරෙනවා. ඔබට මතක ඇති, තාරකාවක ප‍්‍රමාණය යනු තාපය නිසා එය ප‍්‍රසාරණය වීමට ඇති ප‍්‍රවණතාවය ගුරුත්වාකර්ෂණය නිසා එය සංකෝචනය වීමේ ප‍්‍රවණතාවය හා සමතුලිතවූ අවස්ථාව වශයෙන් අප විස්තර කළ බව. මේ සමතුලිත බව තාරකාව සතු ඉන්ධන ප‍්‍රමාණය අවසන් වී යනතුරු වසර බිලියන ගණනාවක් තිස්සේ පවතින්නක්. සාමාන්‍යයෙන් අන්තිමට සිදුවන්නේ ඉන්ධන දහනයවී අවසන් වූ විට තම ගුරුත්වාකර්ෂණය නිසාම තාරකාව තාරකාව තුළටම බිඳ වැටීමයි. ලෝදිය මෙන් ගිණියම් වූ තාරකාවක අභ්‍යන්තර ස්වාභාවය හිතින් මවා ගැනීමට හැකි නම් මෙසේ තාරකාව එයතුළට ම බිඳ වැටෙන අවස්ථාව කොතරම් අනූපමේය භයංකර අති සද්දන්ත සිදුවීමක්දැ’යි ඔබේ සිතට දැනේවි.
අපේ ආයුකාලය හා සසඳන විට තාරකාවකට අතිශයින් දීර්ඝ වූ ආයු කාලයක් තිබෙනවා. එබැවින් තාරකා විද්‍යඥයෙකුට සාමාන්‍යයෙන් ග‍්‍රහණය කිරීමට හැකිවන්නේ එක් තාරකාවක මුළු ජීවිත කතාවෙන් අංශු මාත‍්‍රයක් පමණයි. එහෙත් දූරදර්ශකයන්ගෙන් අහස සිසාරා පිරික්සුම් කරන තාරකා විද්‍යාඥයෙකුට සිය ජීවිත කාලයේ විවිධ අවධීන් ගත කරමින් සිටින්නා වූ තාරකා ගණනාවක්ම විමර්ශනය කිරීමට හැකි වෙනවා. මෙයින් ඇතැම් තාරකාවක්, අපේ සූර්යයා මීට වසර බිලියන හතර හමාරකට පෙර බිහි වූ අන්දමට, වායු සහ ධූලිකා වලාවන්ගෙන් නිෂ්පන්න වෙමින් තවමත් ළදරු අවස්ථාව ගත කරන තාරුකාවක් විය හැකියි. ඒ හැර සූර්යයා මෙන් මැදිවිය ගත කරන බොහෝ තාරකාවලින්ද අහස පිරී තිබෙණවා. එසේම ඇතැම් මහලූ හා මියැදෙමින් තිබෙන තාරකා විමර්ෂණය කළ විට මින් වසර බිලියන ගණනාවකට පසු අපේ සූර්යයාට ද සිදු විය හැක්කේ කුමක්දැ‘යි තාරකා විද්‍යාඥයින්ට නිෂ්චිතව වටහා ගත හැකියි. මේ අන්දමින් විවිධ අවධීන් ගත කරන නොයෙක් ප‍්‍රමාණයේ තාරකා සහිත තාරකා සංචිතයක්යැ‘යි කිවහැකි තාරකා ගණනාවක් ගැන තාරකා විද්‍යාඥයෝ නිරන්තර අවධානය යොමු කරමින් සිටිනවා. මේ සංචිතයට අයත් හැම තාරකාවක් ම කිසියම් තාරකාවක් ඉන් පෙර තිබූ ආකාරය හෝ ඉදිරියට පැවතිය හැකි ආකාරය පිළිබඳව කදිම නිදසුනක් ලෙස සැලකිය හැකියි.
අපේ සූර්යයා වැනි සාමාන්‍ය තාරකාවක හයිඩ‍්‍රජන් දැවී අවසන් වූ පසු හීලියම් ‘දහනය වීම‘ ආරම්භ කරනවා. (‘දහනය වීම‘ යන යෙදුම මෙහි දී පාවිච්චි කළාට ඇත්ත වශයෙන් ම සිදු වෙන්නේ දහනයට වඩා බොහෝ සෙයින් තාපාධික වූ සංසිද්ධියක්* මෙසේ හීලියම් දහනය වීමේ අවධියට එළඹි තාරකාවක් හඳුන්වන්නේ ‘රතු දැවැන්තයා (red giant)යන යෙදුමෙන්. අපේ සූර්යයා ‘රතු දැවැන්තයෙකු’ බවට පත් වීමට තව අවුරුදු බිලියන පහක් පමණ ගතවේවි. ඒ අනුව බැලූ විට සූර්යයා දැන් සිය මැදිවිය ගත කරමිනුයි සිටින්නේ. කෙසේ වෙතත් එසේ සූර්යයා ‘රතු දැවැන්තයෙකු’ බවට පත් වීමට බොහෝ කලකට පෙර අපේ මේ අසරණ පෘථිවිය අපට ජීවත් වීමට නොහැකිවෙන ලෙස ගිනියම් වෙනවා. තවත් වසර බිලියන දෙකකින් පසු සූර්යයාගේ දීප්තිය අදට වඩා 15% කින් වැඩි වෙනවා. ඒ නිසා පෘථිවියේ සාමාන්‍ය උෂ්ණත්වය වීනස් (සිකුරු) ග‍්‍රහයාගේ උෂ්ණත්වය වගේ ඉහළ යනවා. වීනස් ග‍්‍රහයා මත කිසිවෙකුටත් වාසය කරන්නට බැහැ. හේතුව එහි සාමාන්‍ය උෂ්ණත්වය සෙන්ටිගේ‍්‍රඞ් අංශක 400ක් පමණ වීමයි. කෙසේ වෙතත් අවුරුදු බිලියන දෙකක් යනු ඉතා විශාල කාලපරිච්ෙඡ්දයක්. එම කාලපරිච්ෙඡ්දය ඉකුත්ව යාමට බොහෝ කලකට පෙර මනුෂ්‍ය වර්ගයා න්‍යෂ්ටප‍්‍රාප්තව යාම බොහෝ දුරට නියත බැවින් එසේ වැඩි වෙන රස්නයෙන් බැදී පිලිස්සී යාමට ඒ වන විට අප මේ මිහිමත නොසිටින්නට පුුළුවන්. නොඑසේ නම් තාක්ෂණික අතින් එවිට අප කොතෙක් දියුණුදැ’යි කිවහොත් අපේ පෘථිවිය සූර්යයාගෙන් වඩා ඈත් වූ ප‍්‍රවේසම් සහගත කක්ෂයකට තල්ලූ කර ගැනීමට අපට හැකි වීමටත් ඉඩ තිබෙනවා. අවසන් කාලයේ සූර්යා සතු හීලියම් ප‍්‍රමාණය ද දහනය වී අවසන් වීමෙන් පසුව සූර්යාගෙන් විශාල කොටසක් ධුලි සුන්බුන් වලාවක අතුරුදහන් ව ගොස් නිවී සිසිල් ව ගිය සූර්ය මදය පමණක් සාමාන්‍යයෙන් ‘ධවල වාමනයා’ (white dwarf) යනුවෙන් හැඳින් වෙන තත්වයට පත් වේවි.
සුපර්නෝවා සහ තරුධූලි
අපේ සූර්යාට වඩා බෙහෙවින් විශාල හා ඊට වඩා අධිකතර තාප ශක්තියකින් යුත් තාරකා වල කතාන්තරය අවසන් වෙන්නේ ඉහත කී අන්දමට වඩා වෙනස් වූ ආකාරයකටයි. මේ යෝධ තාරකාවල හයිඩ‍්‍රජන් දැවෙන්නේ අධික වේගයකින්. ඒවායේ සිදු වන හයිඩ‍්‍රජන් බෝම්බ ක‍්‍රියාවලිය හයිඩ‍්‍රජන්වල න්‍යෂ්ටි ඝට්ටනයෙන් හීලියම් නිපදවීමේ ක‍්‍රියාවද ඉක්මවා යන්නක්. යෝධ තාරකාවල හයිඩ‍්‍රජන් හීලියම් බවට පත් වීමෙන් පසු පවතින අධිකතර තාපය නිසා නොකඩවා සිදු වෙන හීලියම්වල න්‍යෂ්ටික ඝට්ටනය හේතුකොට වඩා බර වූ තවත් මූලද්‍රව්‍ය ගණනාවක පරමාණු නිෂ්පාදනය වෙනවා. මෙසේ නිපදවෙන වඩා බර මූලද්‍රව්‍ය අතරට කාබන්, ඔක්සිජන්, නයිට‍්‍රජන් හා යකඩද ගැනෙනවා. (එහෙත් මෙහි දී බර අනුව ඒ මූල ද්‍රව්‍ය නිෂ්පාදනය යකඩ ඉක්මවා යන්නේ නැහැ.) මෙකී සියලූ ම මූලද්‍රව්‍ය අපේ මහ පොළොවේත් අපේ සිරුරු තුළත් බහුලව දක්නට ලැබෙනවා. මෙය සිදු වී ටික කලකට පසු මේ යෝධතාරකා ‘සුපර්නෝවා’ යනුවෙන් හැඳින්වෙන අති දැවැන්ත සුපිරි-ස්ඵෝටනයකින් පුපුරා යනවා. මේ සුපර්නෝවා සුපිරි පිපිරීමේ දී තමයි යකඩ වලට වඩා බර වූ අනෙකුත් මූලද්‍රව්‍ය නිපදවෙන්නේ.
‘එටා කැරීනා’ නැමැති යෝධ තාරකාව හෙට සුපර්නෝවා සුපිරි-ස්ඵෝටනයකින් පිපුරුනොත් කුමක් වෙයිද? බය වෙන්නට එපා. මුලින් ම, ඒ පිපිරීම අපට දැනගන්නට ලැබෙන්නේ අදින් අවුරුදු 8,000ක් ගත වුණාට පස්සෙයි. හේතුව ‘එටා කැරිනා’ තාරකාව හා අප අතර ඇති දුර ප‍්‍රමාණය ගමන් කීරිමට ආලෝකයට වසර 8,000 ක් ගත වෙන නිසායි. (ආලෝකයට වඩා වේගයෙන් යා හැකි වෙනත් කිසිවක් නැහැ.) හොඳයි, මීට වසර 8,000 කට පෙර ‘එටා කැරීනා’ තාරකාව පුපුරා ගියේ නම් කුමක් සිදුවේද? ඒ සුපිරි පිපිරීම වසර 8,000 කට පෙර ඇත්තට ම සිදු වී නම් ඉන් ජනිතවන ආලෝකය සහ විකිරණශීලීතාවය මේ දැන් ඕනෑ ම දිනක අප කරා ළ`ගාවීමට පුුළුවන්. එවිට එම සුපිරි පිපිරීම දුටු මෙහොතේ ම ‘එටා කැරීනා’ මීට වසර 8,000කට පෙර පුපුරා ගොස් ඇති බව අප නිසැකව ම දැන ගනීවි. අපේ ලේඛණගත ඉතිහාසය තුළ මෙතෙක් නිරීක්ෂණය කළ හැකි වී ඇත්තේ සුපර්නෝවා සුපිරි පිපිරීම් 20ක් පමණයි. ඉන් එක සුපිරි පිපිරීමක් ශ්‍රේෂ්්ඨ ජර්මන් විද්‍යාඥ ජොහැන්නස් කෙප්ලර් විසින් 1604 ඔක්තොබර් 09 දින නිරීක්ෂණය කරනු ලැබුවා. එදා ඔහු දුටුවාට වඩා අද එහි සුන්බුන් පෘථුලව පැතිරී තිබෙණවා. එහෙත් එකී පිපිරීම ඇත්ත වශයෙන් ම සිදු වී ඇත්තේ කෙප්ලර් එය දුටු දාට වඩා වසර 20,000 කට පෙරයි. ඒ මිහිමත නියැන්ඩර්තාල් මානව විශේෂය අභාවයට ගිය අවධියයි.
සාමාන්‍ය තාරකාවල වියැකී යාම මෙන් නොව සුපර්නෝවා සුපිරි පිපිරීමකට යකඩ වලට වඩා බරින් යුත් ඊයම් සහ යුරේනියම් වැනි මූල ද්‍රව්‍ය ජනිත කිරීමට පුළුවන්. තාරකාවෙන් මෙන් ම සුපර්නෝවා ස්ඵෝටනයෙන් ජනිත වන සියලූ මූලද්‍රව්‍ය අජටාකාශය පුරා සුවිශාල ප‍්‍රදේශයක විසිර පැතිර යනවා. ඒ මූලද්‍රව්‍ය අතර ජීවිතය බිහි කිරීමට අවශ්‍ය මූලද්‍රව්‍යද තිබෙණවා. ඉනික්බිතිව එකී සියළු මූලද්‍රව්‍ය සුන්බුන් වලින් පොහොසත් ධුලිවලාවෝ නැවතත් නවතාරකා හා ග‍්‍රහලෝක බිහි කිරීම පිණිස ඝනගහනය වෙමින් යළි එක් රැුස් වෙනවා. දැවැන්ත තාරකාවල නස්පැත්තිය හා නව තාරකාවල උත්පැත්තිය මෙසේ චක‍්‍රයක් මෙන් පුන පුනා සිදුවන දෙයක්. අප ජීවත් වෙන පෘථිවිය නැමැති මේ ග‍්‍රහලෝකයටත් මූලද්‍රව්‍ය ලැබුණේ ඔය විස්තර කළ අන්දමටයි. ඒ අන්දමට තමයි ජීවිතය බිහි කීරීමට අත්‍යවශ්‍ය කාබන්, නයිට‍්‍රජන්, ඔක්සිජන් වැනි මූලද්‍රව්‍ය මිහිමත බිහිවුණේත්. විශ්වය පුරා සිදුවුන තාරකා සුපර්නෝවා ස්ඵෝටන වලින් අනතුරුව ඉතිරිවූ ධූලි තමයි අවසානයේ දී ඒ මුලද්‍රව්‍ය අපවෙත ගෙන ආයේ. එනිසා ‘අප වනාහි තරුදූවිලිය’ යන කාව්‍යාත්මක යෙදුම කොහොමටත් අසත්‍යක් නොවෙයි. කලාතුරකින් වුවද සිදුවන සුපර්නෝවා සුපිරි පිපිරීම් නොවන්නට ජීවය බිහි වීමට අත්‍යවශ්‍ය වන මූලද්‍රව්‍ය ජනිත වීමට අවස්ථාවක් තිබෙන්නට නැහැ.
©විජයානන්ද ජයවීර
මේ වීඩියෝවත් බලන්න
I’m more than happy to uncover this site. I need to to thank
you for your time for this particularly wonderful
read!! I definitely appreciated every part of it and I have you saved to fav to see new
information in your site.