කිරිල්ලගේ ආදරේ දිනන්න වස කන කුරුල්ලෝ

Posted by

මිනිසුන් අතරේ පමණක් නොවෙයි සතා සීපාවා අතර වූණත් ආදරේ ස්වභාවය තේරුම් ගැනීම ගැටළු සහගතයි. ප්‍රෙමය නිසා වසවිස පානය කිරීම මිනිස් අප අතර එතරම්ම දුලබ සිද්ධියක් නොවෙයි. එසේවුවත් පක්ෂීන් වස සොයා කන බව ඇසීම නම් සමහරවිට පුදුමයට කරුණක් විය හැකියි.
ඇතැම් කුරුල්ලන් හිතාමතාම වස පරිභෝජනය කරන බව නව පර්යේෂණවලින් හෙළිවෙයි. එහෙත් ඔවුන් එසේ කරන්නේ සියදිවි නසා ගැනීමේ අරමුණින් නොව කිරිල්ලියන් ආකර්ෂණය කරගැනීමටයි. විශේෂයෙන්ම ජෝඩුවෙන ඒ කියන්නේ සංවාස සමයේ මහා බස්ටාඩ් (Great bustard) පක්ෂීහු විෂ සහිත එක්තරා කුරුමිණි විශේෂයක් ආහාරයට ගනිති. එසේ කරන්නේ තමුන් හැඩිදැඩි, සෞඛ්‍ය සම්පන්න අයෙකු බව කිරිල්ලියටපෙන්වීමට මිස ‘බොරු චණ්ඩිකමක්’ ප‍්‍රදර්ශනය කිරීමට නොවන බව විද්‍යාඥයන්ගේ මතයයි. එම කුරුමිණි විශේෂයේ විෂ, පක්ෂියාගේ ජම්බාලිය යනුවෙන් හැඳින්වෙන ප‍්‍රජනක විවරයෙහි ජීවත්වන පරපෝෂිතයන් විනාශ කරයි. මල පහ කිරීමට යොදාගන්නේ ද එම විවරයමය. ජෝඩුවෙන අවස්ථවේ කිරිල්ලිය කුරුල්ලාගේ ජම්බාලි කුහරය සූක්ෂමව පරීක්ෂාකර බලයි(පහළ ඡායාරූපය)

කිරිල්ලිය කුරුල්ලාගේ ජම්බාලි කුහරය සූක්ෂමව පරීක්ෂාකර බලයි

කුරුල්ලාගේ සුදෝසුදු පිල් කළඹ මේ පරීක්ෂාවට ආධාරකයක් වන්නේ සුදු පැහැ පසුබිමේ කලූ පාටැති කුහරය කැපී පෙනෙන නිසාවෙනි. විෂ කුරුමිණියන් බුදීම නිසා කුරුල්ලාගේ ජම්බාලියෙහි පරපෝෂිතයන් අඩුවීම ප‍්‍රමාණවත් යයි කිරිල්ලිය තීරණය කළහොත් දෙදෙනා සංවාසයේ යෙදෙති. පේ‍්‍රමය කඩවී වසවිස ගන්නවා වෙනුවට කුරුලූ ලොවේ පේ‍්‍රමයට මුල පිරීම පිණිස වසවිස අධාර වූ සැටියකි.

SCIENCE සඟරාවේ ලිපියක් ඇසුරෙන් සකස් කළේ සරත් කැල්ලපොත

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.