පින්න නිසා යයි ප‍්‍රශ්නයට එකපාරටම පිළිතුරු දෙන්න පුළුවනි. ඒත් එතකොට ප‍්‍රශ්නයක් මතුවෙනවා. පින්න කොහොමද හට ගන්නේ කියලා. ඒ නිසා අපි මේක විද්‍යාව පැත්තෙන් තේරුම් බේරුම් කර ගන්න බලමු.
පාවෙන ජල අණු හෙවත් ජල වාෂ්ප නිරන්තරයෙන්ම වාතයේ පවති. වාතය උණුසුම් වෙන්න වෙන්න ඊට වැඩි ජල වාෂ්ප ප‍්‍රමාණයක් රඳවා ගත හැකිවේ. එහෙත් වාතය සිසිල් වෙද්දී, එක්තරා උෂ්ණත්වයක් දක්වා අඩුවු විට වාතයට තවදුරටත් තෙතමනය රඳවා තබා ගත නොහැක. මෙකී උෂ්ණත්වය හඳුන්වන්නේ තුෂාර අංකය (dew point) යනුවෙනි. මෙම උෂ්ණත්වයේ දී ජල වාෂ්ප සංසනීකරණය වී ද්‍රවයක් (liquid) බවට පත්වේ. රාත‍්‍රියේ දී සුර්යාලෝකයේ උණුසුම නොමැති හෙයින් පොළව සහ එය වසා තිබෙන තණකොළ ද සිසිල් වේ. එය හා ගැටෙන වාතයේ තාප අංකයට වඩා තණ සීතල වුවහොත් සංසනීකරණය සිදුවේ. රාත‍්‍රියේ වැස්සත් නොවැස්සාට උදේ වන විට තණ බිස්ස ජල බිංදු මගින් වැසී යයි. තණ මත ඇති මෙම තෙතමනය හැඳින්වෙන්නේ පිනි බිංදු හෙවත් තූෂාරය ලෙසටයි. පිනිබිඳු බොහෝ විට උදෑසන අපට ඒවා දැකගැනීමටත් පෙර අරුණ කිරණින් වාෂ්ප වී යයි. (රාත‍්‍රියේ උෂ්ණත්වය හිමාංකයට (මිදෙන අංකය) වඩා පහතට ගියොත් තුෂාරය තුහින (frost) බවට පත්වෙයි. ගිම්හානයේ උණුසුම් දිනක, ශීත කළ පානයක් සහිත වීදුරුවක පිටත පෘෂ්ඨයෙහි ”දාඩිය” දමන්නේද වායු සමීකරණය කළ වාහනයක සැලකිය යුතු වේලාවක් ගත කර එළියට එද්දී ඔබේ උපැස් යුවලෙහි ‘’මීදුමක් ‘‘ බැඳෙන්නේ ද මේ අන්දමටමය.
THE HANDY ANSWER BOOK for KIDS (and Parents) Why is grass often wet in the morning even though it hasn’t rained? ආශ‍්‍රයෙනි