උභය යන වචනයේ තේරුම දෙකක් වූ, දෙආකාර වූ හෝ ද්විත්ව යන්නයි. සත්ව ලෝකයේ දී උභය ජිවීන් කියන්නේ දෙආකාර වූ ඉතා අමුතු සත්ව විශේෂයන්ටයි. උභය ජිවන් සඳහා යෙදෙන ‘amphibian’ යන ඉංග්‍රීසි වචනය බිඳී ඇවිත් තිබෙන්නේ ‘ද්විත්ව ජීවිතයක්’ නැතිනම් ‘දෙබිඩි ජීවිතයක්’ යන තේරුම ඇති ග්‍රීක amphibios යන වචනයෙන්. එක් විදිහකට සලකා බැලුවොත් උභය ජිවන් කියන්නේ එක සත්වයෙකු තුළ දෙවර්ගයක සතුන් කියලා කියන්නත් පුළුවනි. ළමා කාලයේ ඔවුන් ජලයේ ජීවත්වන අතර මාළුන්ට මෙන් කරමල්ද ඇත. සුහුඹුල් වෙත් වැඩිහිටි අවධියේ දී ඔවුන් වඩාත් ළංවන්නේ ගොඩබිම ජීවත්වන උරගයන්ට වන අතර වාතය ආශ්වාස ප්‍රාශ්වාස කරයි. උභය ජීවීන් සිය පැවැත්ම පිණිස ජලය තුළ හෝ ඒ ආසන්නයේ විසිය යුතුය. එසේ වුවද ලොව පුරා ඒ ඒ විශේෂ, පුදුමාකාර අන්දමට අනුවර්තනය වෙමින් නොහිතන තැන්වල පවා වාසය කරයි.
සමනළ විශේෂයන්ගේ ජීවන චක්‍රයෙහි මෙන්ම උභය ජිවීන්ගේ ජීවන චක්‍රයෙහිද සුවිශේෂී ලක්ෂණ හඳුනා ගත හැකිය. ප්‍රථමයෙන්ම මව් සතා විලක හෝ ගඟක ජල්ලි බඳු බිත්තර තැන්පත් කරයි. අනතුරුව බිත්තරවලින් එළියට එන කීටයෝ(දිය මැඩියන්ගේ නම් ඉස්ගෙඩියන්) මත්ස්‍යයන් මෙන් එහෙ මෙහ පීණති. සති කිහිපයකට පසු කීටයන්ගේ රුපාන්තරය (metamorphosis) ආරම්භ වන්නේ අත් පා වර්ධනය වෙමින් ස්වරූපය දැඩි ලෙස වෙනස් වෙමිනි. අවසානයේ සුහුඹුළා (adult) පැන පැන හෝ බඩ ගාමින් හෝ ගොඩ බිමට ගාටයි. කෙසේ වෙතත් සෑම උභය ජිවියෙකුම එකම රිතිය අනුගමනය කරන්නේ නැත. ඇත්තටම ගත්තොත් සමහර උභය ජිවීන්ට ඇත්තේ බොහොමත්ම අසාමාන්‍ය ජීවන චක්‍රයයි.
- මැක්සිකානු සැලමැන්දරාවෙකු වන ඇක්ස්සොලෝටල් (Axolotel) රූපාන්තර අවස්ථාව මඟ හරියි. ඒ කියන්නේ තරුණ ස්වරූපය එනම් කීට අවස්ථාව මුළු ජීවිත කාලය තුළම පවත්වාගෙන යනු ලබන බවයි. ඒ අනුව ජලයේ ම වාසය කරන අතර පිහාටු වැනි කරමල්ද දිගටම පවතී. තමන්ගේ ශරීර කොටස් පුනර්වර්ධනයට මේ සතාට ඇති හැකියාව පුදුම එළවන සුළුය. උන්ගේ පාදයක් හෝ ඇසක් පවා අහිමව ගියහොත් ඒවා යළි වර්ධනය වේ.
උභය ජීවින්ගේ ඉතිහාසය ගතහොත් ඈත අතීතයේ සිටම මේ මහ පොළොව මත ඔවුන් ජීවත් වී ඇත. මුල් කාලයේ ෆොසිල මගින් පෙන්නුම් කරන්නේ වසර මිලියන 300 කටත් වැඩි කාලයකට පෙර මත්ස්‍යයන්ගෙන් පරිණාමනය වී ඇති බවයි. ඒ කියන්නේ ඩයිනෝසරයන් මිහිතලය මත පහළවීමට බොහොම කාලයකට පෙර සිටයි. වසර මිලියන ගණනාවකට පෙර මුලින්ම පහළ වූ ඇතැම් උභය ජීවි විවිධාකාර වූ කණ්ඩායමක් ලෙස පරිණාමය වෙමින් ලොව පුරා 7000ක් ඉක්මවන විශේෂ සංඛ්‍යාවක් ලෙස බෙදී ගොස් ඇත. එසේ තිබියදී පවා විද්‍යාඥයන්ට නිතර නිතර නව උභයජීවී විශේෂ තවත් හමුවේ. 2012 වසරේ දී අලුත් විශේෂ 200ක් පමණ සොයා ගනු ලැබීය.
- මෙම මැඩි විශේෂය මව්පිය රැකවරණය තවත් පියවරක් ඉදිරියට ගෙනයයි. මැඩි මව සිය පිට මත බිත්තර දමයි. මේ විශේෂය ඉස්ගෙඩි ජීවන අවස්ථාව මගහරින අතර මවගේ පිට මත ඉතා කුඩාවට පැටව් බිහිවෙති. මවත් පැටවනුත් වන බිමෙහි වියළි කොළසේ මනාව වේශාන්තරය වී(වෙස් මාරු වී) ඇත.
උභයජිවින් ගැන කතා කරන විට වඩාත්ම පුදුම එළවන, සුවිශේෂී අංගයක් වනුයේ ඔවුන්ගේ සමයි. බොහෝ සුහුඹුල් (වැඩිහිටි) උභයජීවීන්ට පෙනහළු ඇතත්, සුහුඹුල් උභයජීවින් සියල්ලම පාහේ ‘ආශ්වාස’ කරන්නේ මූලික වශයෙන් සිය හම හරහාය. ඔවුන්ගේ සම කෙතරම් නම් තෙත් ගතියෙන් යුක්තද එමෙන්ම ඔවුන්ගේ රුධිර වාහිනී සම මතුපිටට කෙතරම් ආසන්නයේ පිහිටා තිබේද යත් උභයජිවීන්ට කෙළින්ම, ඔව්, ඍජුවම සිය රුධිර ධාරාවට ඔක්සිජන් උරා ගත හැකියි. එහෙත් මේ අන්දමට ඔක්සිජන් ලබා ගැනීමට නම් ඔවුන්ගේ සම තෙත්ව පැවැතිය යුතුවේ. උභයජීවීන් තෙත් බිම ආශ්‍රිත වාසභූමිවල ජීවත්වීමට කැමැත්තක් දක්වන්නේ එහෙයිනි. ගොඩබිම වසන උභයජීවීන්ටද සිය සම තෙත්ව තබා ගැනීම පිණිස විශේෂ ග්‍රන්ථීන්ගෙන් ග්ලේශ්මල පිට කිරීමේ හැකියාව ඇත. අතැම්විට එසේ නිකුත් කරන සෙම් සොටුවල (ග්ලේෂ්මල) විලෝපියන් පළවා හැරීමට උපකාරී වන විෂ ද්‍රව්‍යයද අඩංගු වේ. (විෂ විදින මැඩියන් උදාහරණයි.)
සෑම උභය ජීවී විශේෂයක්ම සුවිශේෂීය. විචිත්‍රය. මනබඳින සුළුය. එහෙත් අවාසනාවකට මෙන් උභයජිවිහු ලොව පුරා බලවත් අනතුරට මුහුණපා සිටිති. බොහෝ උභය ජිවීන් දැනටමත් වඳ වී ගොසිනි. සිය ගණන්, ඇතැම් විට දහස් ගණන් විශේෂ අන්තරායට පැමිණ අැති ගණයට වැටෙති. උභයජීවීන්ට බලවත්ම තර්ජනය එල්ල වී ඇත්තේ චයිට්‍රිඩ් (chytrid) දිලීරයෙනි. මෙම දිලීරය, චයිට්‍රිඩියෝමයිකෝසිස් (chytridiomycosis) නමැති බෝවෙන රෝගයකට (ආසාදනයකට) මග පාදයි. ආසාදනය උභයජීවීන්ගේ සමට තර්ජනයක් එල්ල කරන අතර ඉක්මනින්ම මරණය ළඟාවේ. දැනටමත් විශේෂ 200ක්ම වඳ වී ගොසිනි. වඩාත්ම තර්ජනයට ලක්වී ඇති විශේෂයක් පැනමාවේ ජාතික සත්වයා වන පැනමානු රන් මැඩියායි. ඇතැම් විට, වාසයභූමි විනාශය, කාලගුණ විපර්යාස සහ පරිසර දූෂණය හේතුවෙන් දැනටමත් තර්ජනයට ලක් වී ඇති උභය ජීවී විශේෂයන්ට අවසන් ‘මරු පහර’ චයිට්‍රිඩ් දිලීරයෙන් එල්ල වේ. එහෙත් උභයජීවීන් සුරැකීමට වෙහෙසන අය මීට විරුද්ධව සටන්වැද සිටිති.
උභය ජීවීන් ලොව පුරා පරිසර පද්ධතිවල වැදගත් අංගයකි. ඇතැම්විට බෝග, ආහාර, පශු සම්පත්වලට හානිකරන කෘමින් ආදී පළිබෝධ හා වෙනත් කෘමීන් උභයජීවීන් විසින් කා දමනු ලබන අතර අපේ පරිසර සමබරතාව පවත්වාගෙන යාමටද ඔවුහු උදව් වෙති. විද්‍යාඥයන් උභයජීවීන් සම්බන්ධයෙන් සිදුකරන අධ්‍යයනවලින් හෙළිවන්නේ උභයජීවීන් බොහොමයක් සතුව මිනිසුන්ට උපකාරී විය හැකි ගුණාංග පවතින බවයි. ඔවුන්ගේ සුවිශේෂී සමෙන්රසායන ගණනාවක් නිපදවන අතර මිනිසුන්ට හානිකරන ලෙඩ රෝගවලට එරෙහිව ඉන් සමහරක් යොදා ගත හැකිවේ.
KIDS DISCOVER හි AMPHIBIANS ලිපිය අැසුෙරනි
ඉතාම වැදගත් පාසල් දරුවන අධ්‍යාපනයට මහත් රුකුලකි