පරිවෘත්තිය (metabolism) යන පදයෙන් හඳුන්වනු ලබන්නේ ජීවියකු තුළට හෝ වෙතට ගන්නා ලද සංකීර්ණ අණු, ශක්තිය නිපදවීමට කඩා බිඳ දැමීම පිණිස ද එමෙන්ම, සංකීර්ණ අණු ගොඩනැගීමට ශක්තිය යොදා ගැනීම පිණිසද ගන්නා රසායනික ප්‍රතික්‍රියා සියල්ලයි. පරිවෘත්තීය ප්‍රතික්‍රියා, අපවෘත්තීය (catabolic) සහ සංවෘත්තීය (anabolic) ප්‍රතික්‍රියා යන පොදු ප්‍රවර්ග දෙකට වැටෙයි. මෙම ප්‍රවර්ග දෙකින් ගම්‍ය වන්නේ කඩා බිඳ දමන සහ ගොඩනගන යන ක්රියාදාමයන්ය. අපවෘත්තීය ප්‍රතික්‍රියාවෙන් කඩා බිඳ දැමීමේ ක්රියාදාමයත් සංවෘත්තීය යනුවෙන් ගොඩ නැඟීමේ ක්රියාදාමයත් හැඳින්වෙයි.
පරිවෘත්තීය යන්නට අපේ එදිනෙදා ජීවිතයෙන් දැක්විය හැකි හොඳම උදාහරණය, පෝෂණ කොටස් සිරුර තුළට ගැනීමේ හා එම පෝෂණ ජීර්ණය කිරීමේ ක්‍රියාදාමය තුළ පෙන්විය හැකිය. කෙසේ වෙතත්, මේ ක්‍රියාදාමයන් ඇතැම්විට විපර්යාසයන්ට ලක්වේ. එවිට එහි ප්‍රතිඵලයක් ලෙස පරිවෘත්තිය ආබාධ ඇතිවෙයි. එවැනි ආබාධ, මන්දාග්නිය හෙවත් ආහාර අරුචියේ (anorexia), පාලනය කළ නොහැකි ලෙස අධිකව ආහාර ගැනීම හෙවත් විෂමාග්නියේ (bulimia) සිට ස්ථුලතාව (තරබාරුව) දක්වා පුළුල් පරාසයක් ගනී. එම උදාහරණවලින් කියැවෙන්නේ, පරිවෘත්තිය සිදුවන සාමාන්‍ය පටිපාටිය අපත්නිදායක ලෙස, අස්වාභාවික ලෙස වෙනස් කිරීම් ගැනයි. අනෙක් අතට, ආහාර හිඟ කාලවලදී ශක්තිය සංරක්ෂණය කිරීමේ මාර්ගයක් ලෙස පරිවෘත්තිය ක්රියාදාමයේ වේගය බොහෝ සේ මන්දගාමී කිරීමට ශිශිරතරණය(hibernation) නිසා සතුන්ට හැකියාව ලැබේ.
පරිවෘත්තීය ඇත්තටම උදුනක් බඳුය. එසේ දැක්වීමට හැකිවන්නේ එමගින් ශක්තිය දවන නිසාය. පරිවෘත්තීය යන සංකල්පය හා වැඩිම සම්බන්ධයක් ඇති අංගය වන්නේද එයයි. එහෙත් උදුනින් ඉටු නොවන කාර්යක්ද පරිවෘත්තියට සම්බන්ධය : එනම්, අලුත් ද්‍රව්‍යය ගොඩනැංවීමයි. සිරුර පවත්වාගෙන යාම හෙවත් නඩත්තු කිරිම පිණිස අවශ්‍යවන, එමෙන්ම අලුතෙන් පටක වර්ධනය කිරිම සඳහා සිරුරට උවමනා සංකීර්ණ අණු ගොඩනැංවීම සඳහා ශක්තිය යොදා ගන්නා ක්‍රියාදාමය මගින් ඉටු කෙරෙන්නේ එයයි. සංවෘත්තීය වශයෙන් හඳුන්වනු ලබන පරිවෘත්තීය ක්‍රියාදාමය වටහා ගැනීමේ එක් මාර්ගයක් වන්නේ අපේ සිරුර තුළ කිසියම් පෝෂණයක් ගමන් කරන මග ගැන විමසිලිමත් වීමයි. (ජීර්ණ පද්ධතිය හා ක්‍රියාදාමය සංකීර්ණ වූවකි. මෙහිදී අප පොදු ආකාරයකට එය සලකා බැලෙන්නේ පරිවෘත්තියට සම්බන්ධවන මට්ටමෙන් පමණකි.) ඒ අනුව, ජීර්ණ ක්‍රියාදාමය සරලව සලකා බලතහොත් පෝෂක ශරීරයට අවශෝෂණය (උරාගැනීම) කරගත හැකි පරිදි ආහාර සරල රසායනික සංයෝග ලෙස කඩා බිඳ දැමීමේ ක්‍රියාදාමය ලෙස හඳුනාගත හැකිය. ඒ තමයි අපවෘත්තීය ක්‍රියාදමය. ජීර්ණ පද්ධතියේ ආස්තරය හරහා කෙළින්ම රුධිර ධාරාව තුළට යාමට නොහැකි තරමට ආහාර සැදි ඇති අණු විශාල වැඩි නිසා ඒවා කඩා බිඳිය යුතු වෙයි. ජීර්ණ ක්‍රියාදාමයට පින්සිදුවෙන්නට කුඩා අනු සෑදී රුධිර ධාරාවට ඇතුල්වෙන අතර එතැන් සිට පුද්ගලයෙකුගේ ශරීරය පුරා ඇති සෛල වෙත ඒවා ගෙන යනු ලැබේ.
පරිවෘත්තීය සංචිතය සැදුම් ගන්නේ කුඩා අණුවලට කඩා බිඳ දමනු ලැබූ පෝෂක කොටස්වලිනි. එම සංචිත යෙහි අඩංගුවන්නේ වන්නේ සරල ද්‍රව්‍යයයි. එම ද්‍රව්‍ය අතර සංකීර්ණ කාබොහයිඩ්රේට් කඩා බිඳ දැමීමෙන් ඇතිවන සරල සීනි; ලිපිඩ හෝ මේද පරිවර්තනයෙන් ඇතිවන ග්ලිසරොල් හා මේද අම්ල ප්‍රෝටීන කුඩා බිඳීමෙන් ඇතිවන ඇමයිනො අම්ල ද වේ. පරිවෘත්තීය සංචිතයේ අඩංගු දෑ මගින් සපයන ද්‍රව්‍යවලින් නව පටක තනනු ලැබේ – මෙය සංවෘත්තීය ක්රියාදාමයකි.
සෛල තුළ රසායනිකව ද්‍රව්‍ය කඩා බිඳීම සංකීර්ණ එමෙන්ම විසමතුරු ක්රියාදාමයකි. නිදසුනක් දක්වතොත්, සෛලයක් මගින් සීනි අණුවක් කාබන් ඩයොක්සයිඩ් (CO2) හා ජලය බවට හරවනු ලබන්නේ විස්සකට අධික වෙන වෙනම රසායනික ප්‍රතික්‍රියා තුළිණි. පරිවෘත්තීය අනුපිළිවෙළ හෙවත් ගමන් මග ලෙස සෛල ජීව විද්‍යාඥයන් හඳුන්වන්නේ මෙයයි. එනම්, ගමන් ගමෙහි සෑම පියවරකදීම ක්‍රියාත්මක වන යම් කිසි විශේෂ එන්සයිම (රසායනික ප්‍රතික්‍රියා වේගවත් කරන ප්‍රෝටීන මාදිලියක්) සහිත ප්‍රතික්‍රියාවල සංවිධිත අනුපිළිවෙලකි. මෙහිදී , සෑම රසායනික ප්රතික්රියාවකින්ම සීනි අණුවෙහි සාපේක්ෂව මධ්‍යස්ථ වෙනසක් ඇති කෙරේ. නිදසුනකට කීවොත් තනි ඔක්සිජන් පරමාණුවක් හෝ තනි හයිඩ්රජන් පරමාණුවක් ඉවත් කිරීම වැනි වෙනසක් ඇති කෙරෙන අතර ඒ සැමකක්ම සමග ශක්තිය මුදාහැරීමක් සිදු කෙරේ. එම ශක්තිය මුදා හැරෙන්නේ පරමානු අතර රසායනික බන්ධන කැඩීයාමේ ප්‍රතිඵලයක් ලෙසිනි.
මෙම ලිපිය පරිවෘත්තිය පිළිබඳ කෙටි ප්‍රවේශයක් පමණයි. ඒ ගැන තව හැදෑරිය යුතු දෑ බොහෝයි.
SCIENCE OF EVERYDAY LIFE: VOL3 Real-life Biology ඇසුරෙනි
Hard gainers gana lipiyak danna puluwnn.
Thnx