පරාග මාරුවීම තුළින් එක මලක සිට තවත් මලකට දිලීරමය පරපෝෂිතයන් ව්‍යාප්ත විය හැකි බව පර්යේෂකයෝ කලක සිටම දැන සිටියහ. එසේ වුවත් ලිංගිකව සම්ප්‍රේෂණය වන (බෝවෙන) රෝග, කෙටිකර දක්වතොත් ලිසරෝ (STDs – Sexually Transmitted Diseases ) බොහෝ සතුන්ට මරු කැඳවන නමුත් ශාක ලිසරෝ සාමාන්‍යයෙන් එය වැළඳෙන ශාකයට මාරක නොවේ. කෙසේ වෙතත්, ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග (ලිසරෝ) යන සංකල්පය ශාක රාජධානියට හරිගැටි ගැළපෙන්නේ නැත.
අපි එක් එක් කාරණාව ගෙන බලමු. සතුන් අතර ලිංගික සම්ප්‍රේෂණ රෝග බෝවන්නේ ඍජු කායික සබඳතාවයෙනි. ඒත් ශාකවල ආසාදන එසේ නොවේ. සාමාන්‍යයෙන් සිදුවන්නේ දිලීර බීජානු සුළඟේ ආධාරයෙන් ගසෙන් ගසට යාම හෝ පරාගණයේ යෙදෙන කෘමියෙකු මත නැගී ගමන් කිරීමය. වඩා හොඳින් අධ්‍යයනය කර ඇති ශාක ලිසරෝවක් වන්නේ කැම්පියන්(campions) නම් සපුෂ්ප ශාකයට බලපාන රෝග කාරකයක් වන Microbotryum violaceum යන්නය. මෙම රෝග කාරකයේන් ආසාදනයට පත්වන ශාකයේ පුරුෂ මෙන්ම ස්ත්‍රී පුෂ්පයන් දිලීර බීජානුව බෝවීමට හොඳ තෝතැන්නක් සපයයි. ඉන් පසුව එම බීජානුවලට කෘමීන් මගින් පැතිර යා හැකිය. නොඑසේ නම්, ආසාදනය වඩාත් කාර්යක්ෂමව පතුරුවාලීමට මග පාදනු වස් රෝගය වැළඳුනු ශාකයට වැඩියෙන් පුෂ්ප නිපදවන ආකාරයට උත්තේජනය කිරිමට පවා හැකිය. ස්වීඩන ජාතික උද්භිද විද්‍යාඥයන් වන ඇන්ඩර්ස් වෙන්ස්ට්‍රෝම් හා ලාවර්ස් එරික්සන් අනෙකුත් පුෂ්ප දිලීර ගැන අධ්‍යයනය කර ඇත. පිපුණු මලෙන් පටන්ගෙන ගොස්පසට එකතු වී ඊළඟ වසරේ දී තවත් ශාක පරම්පරාවකට රෝග පැතිරවිමට පේවී සිටින දිලීර ද එසේ අධ්‍යයනය කර ඇති ඒවා අතර වේ. එමෙන්ම, ඇතැම් දිලීර පරපෝෂිතයන් එක ශාකයකින් වෙනත් ශාකයක බීජ, පත්‍ර හෝ නටුව වෙත යැවේ. එහෙත් මේ රෝග කාරකවල ගමන් මග සඳහා ශාක දෙකටම ලිංගික අවයව තිබිය යුතු නිසා මෙම රෝග ලිංගිකව සම්ප්‍රේෂකයන් කියා සිටින්නේ ඒවා ප්‍රජනක රෝග ලෙස නම් කිරිම වඩා යෝග්‍ය බවයි.
POPULAR SCIENCE 2015 JANUARYහි Do plants get Sexually Transmitted Diseases? ලිපිය ඇසුරෙනි