සමහර ශාකවලින් පමණක් ගන්ධයක් දැනෙන්නේ ඇයි?

Posted by

ශාක, හේතු ගණනාවක් නිසා ආමෝදයක්(aroma) ඇති අණු නිපදවයි. ශාක, මෙම අණු සමහරක් ප‍්‍රයෝජනයට ගන්නේ පරාගණය උදෙසා කෘමීන් ආකර්ෂණය කර ගැනීමටය. එලෙසම, තවත් සමහර අණු ඇත්තේ ශාකය ආහාරයට ගන්නා කෘමීන් පළවා හැරීමටය. සමහරවිට ශාකයක ඇතැම් අණු වාෂ්පශීලී වීමේ හේතුව නිසාම ගඳක් දැනේ. එම වාෂ්පශීලී අණු වාතය හරහා ගමන් කර අපේ නාස්වලට ඇතුල්වේ.

පයින් ගසෙහි සුවඳෙහි බොහෝ සැහැල්ලූ අණු අඩංගුය. ඒවා පහසුවෙන්ම වාතය හරහා පාවෙයි. මෙයින් සමහරක් කෘමිනාශක අණු වෙන අතර අපේ නාස් විෂ(ධූලක) විය හැකි අණු අණායරණය කර ගැනීමෙහි ලා දක්ෂය.

FreshCutGrass

අළුත කැපූ තණවලින් ගන්ධයක් දැනෙන්නට බලපාන එක් හේතුවක් වන්නේ කෘමීන්ගේ ප‍්‍රහාරයට ලක් වන විට තණ ශාකයෙන් පිට කරන අණුය. මෙකී ‘හරිත වර්ණ පත‍්‍ර‘ වාෂ්පශීලී ද්‍රව්‍ය තණකොළ කා දමන කුඩා කෘමීන් ආහාරයට ගන්නා විලෝපීය කෘමීන් ආකර්ෂණය කරයි. එම වාෂ්පශීල අණු සිය රාජකාරිය නිසියාකාරව ඉටුකිරීහට නම් ඒවා වාතය හරහා ගමන් කර විලෝපීය කෘමීන්ගේ ස්පර්ශන මත ඇති ගන්ධ ගවේෂී ෙසෙල වෙත ආ යුතුවේ. එසේ එද්දී අපටද එම ගන්ධය දැනේ. කැපූ තණවල ඇතැම් අණු ක්ෂුද්‍රජීීවී නාශක ඒවාය. පීඩා හෝ හානිවලට ශාකය ප‍්‍රතිචාර දක්වන එක් ආකාරයකි එ්. එ්වා ඇත්තේ බැක්ටීරියා සහ දිලීර වනසන්නයි. ක්ෂුද‍්‍ර ජීවීන් නැසීමට තරම් ක‍්‍රියාකාරීවන අණුවලට අපේ නාස් ද සංවේදියි.

 

200 Questions About Chemistry with answers හි  Why do some plants smell and others don’t?  ලිපිය ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.