පෘථිවිය මත ජීවත්වන අප බොහෝ දෙනා දන්නේ සෞර ග‍්‍රහ මණ්ලය ෙමන් ග‍්‍රහ ලෝක, චන්ද්‍රයන් හා වෙනත් අභ්‍යවකාශ වස්තූන් විසින් වට කරගනු ලැබූ එක් තාරකාවක් මූලික කරගත් සෞර මණ්ලයක් ගැනය. සමහරු ටික දෙනෙක් යුගල තාරකා පද්ධති ගැන දනිති. එහෙත් එකම තාරකා හෙවත් සූර්ය පද්ධතියක තාරකා පහක් එක් ව තිබෙන ඉතා දුර්ලභ පද්ධතියක් ගැන විද්‍යාඥයෝ වාර්තා කරති.
එක්සත් රාජධානියේ ජාතික තාරකා විද්‍යා රැුස්වීමට ඉදිරිපත් කෙරුණු වාර්තා අනුව මේ දුර්ලභ තාරකා පද්ධතිය සොයා ගෙන ඇත්තේ තාරකා මණ්ඩල ^constellation& අතරින් ප‍්‍රසිද්ධතම මහා වලසා හෙවත් උර්ස මේජර් ^Ursa Major& නම් ආලෝක වර්ෂ 250 ඈතින් පිහිටි තාරක මණ්ඩලයෙනි(උර්සා මේජර් පිහිටා ඇත්තේ ඵ 81ල ඵ82 යන මන්දාකිණි තුළය). නව තාරකා පද්ධතිය සොයාගෙන ඇත්තේ, ග‍්‍රහලෝක සෙවීම සඳහා වූ පුළුල් කෝණ සුපිරි සෙවුම ^SuperWASP Wide Angle Search for Planets) මගින් එකතු කරගත් දත්ත තුළිනි. සෑම මිනිත්තු කිහිපයකට වතාවක් අහසේ වැඩි කොටසක් අනුරූපනය සඳහා කැනරි දූපත්වල සහ දකුණු අප‍්‍රිකාවේ ඇති, සාපේක්ෂව කුඩා අඩු වියදම් කැමරා මේ ව්‍යාපෘතිය මගින් යොදා ගැනේ.
තනි තනි තාරකා වල වසර ගණනාවක් මුළුල්ලේ ඒකරාශී වූ දීප්තිය පිළිබඳ මිනුම් ආලෝක චක‍්‍රයක් ලෙස ගොඩ නැංවේ. ඒ කාලයට එරෙහිව දීප්ත සටහන් ලෙසිනි. තාරකා එකිනෙකට ඉදිරියෙන් පසුකර යද්දී ඒවා ආලෝක චක‍්‍රයේ අඩුවීම් යුගල සමාකාර රටාවක් නිර්මාණය කරයි. නව පද්ධතියෙන් ලැබුණු දත්ත මගින් හෙළිවූයේ යුගල තාරකා දෙකක් පවතින බවත් ඉන් එකක් ඊණියා ස්පර්ශ යුගල contact binary තාරකා බවත් ය. 1SWASP J093010.78+533859.5 ලෙස නම් කර ඇති මේ පද්ධතිය අතිශය දුලබ එකකි. එක්සත් රාජධානියේ ජාතික තාරකා විද ්‍යා රැුස්වීමට ඉදිරිපත් කෙරුණු වාර්තාවේ සම කතුවර, එරට විවෘත විශ්ව විද්‍යාලයේ ආචාර්ය මාකස් ලෝහිර් ස්පර්ශ යුගල තාරකා ගැන පැහැදිලි කරමින් කියා සිටින්නේ ඒවා කොපමණ සමීපයෙන් කක්ෂගතව ඇද්ද කියතොත් තාරකා යුගලයම එකම පිටත වායුගෝලයක් බෙදා හදා ගන්නා බවයි. තාරකා යුගල දෙක එකිනෙකින් කිලෝමීටර බිලියන 21 ක් ඈතින් කක්ෂගතව ඇත. මෙකී තාරකා පද්ධතියෙන් නික්මෙන ආලෝක තරංග ආයාමගැන කෙරෙණු පසු විපරම් නිරීක්ෂණවලින් පෙනී ගියේ තවත් තාරකාවක් – ඒ කියන්නේ පද්ධතියට අයත් පස්වන තාරකාවක් – ඇති බවයි. ‘මෙය නම් සැබැවින් ම අසාමාන්‍ය තාරකා පද්ධතියකි’ යයි ලෝහිර් කියයි. ‘මේ සෞරග‍්‍රහ මණ්ඩලයේ කොතන හෝ ජීවින් සිටිත් නම් ඔවුන්ගේ දිවා කාලය සූර්යයන් පස් දෙනෙකුගෙන් විචිත‍්‍ර වේ.’
මේ තාරකා පහම එකම තලයක කක්ෂගතව තිබීමෙන් පෙනී යන්නේ ඒවා සියල්ල සෑදෙන්න ඇත්තේ දූලි හා වායුවලින් සමන්විත එකම ළදරු තාරකා හෙවත් මූල තාරකා තැටියෙන් බවයි ආචාර්ය ලෝහිර් ගේ අදහස. මෙයාකාර එකට බැඳුණු තාරකා සමූහ පද්ධති ඉතා විරල බවත්, කෙසේවෙතත් මීට පෙර තාරකා පහක පද්ධතියක් නාසා ආයතනයේ කෙප්ලර් දුරේක්ෂය මගින් සොයාගෙන ඇති බවත් ඔහු කියයි.
BBC News වෙබ් අඩවියේ Rare system of five stars discovered ලිපිය ඇසුරෙනි