විදු නැන නුවණ – Science Literacy for All

අනාගතය සඳහා ජෛව ඉන්ධන?

රටක බලශක්ති ක්‍ෂේත‍්‍රයේ අනාගතය සරුකිරීමට ජෛව ඉන්ධන, ඒ කියන්නේ ශාකවලින් නිපදවාගන්නා ඉන්ධන වඩාත් හොඳ විකල්පයක් බව බොහෝ දෙනාගේ අදහසයි. ජෛව ඉන්ධන පුනර්ජන්‍ය නොවන ඉන්ධන වෙනුවට බලාපොරොත්තු තැබිය හැකි පුනර්ජන්‍ය සම්පතකි. පෙට‍්‍රා්ලියම් ප‍්‍රභවයක් සහිත ඉන්ධන භාවිත කිරීමෙන් වායුගෝලයට එක්කෙරෙන හරිතාගාර වායු විමෝචන අඩුකරගැනීම සඳහා ද එය එක් මගක් වේ. තවද පිටරටින් එන ඛනිජ තෙල් මත රඳා පැවැත්ම අඩුකරගැනීමට ද එය ආධාරයක් කර ගත හැකිවෙයි.

ජෛව ඉන්ධන විශාල පරිමාණ නිෂ්පාදනයෙන් අත්පත් කරගත හැකි වාසි මෙන්ම එම ප‍්‍රයත්නයේ දී මුහුණ පාන්නට සිදුවන අවාසිදායක තත්වයන් ගැනද ඇරිසෝනා රාජ්‍ය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරියක වන ඇමී ලැන්ඩිස් වසර පහකට වැඩි කාලයක් තිස්සේ පර්යේෂණ මෙහෙයවයි. ප‍්‍රධාන පෙළේ ජෛව ඉන්ධන කර්මාන්තයක් ගොඩනැගීමෙන් ඇතිවන බලපෑම් ගැන සෙවීමේ ව්‍යාපෘති දෙකකට ඇමරිකානු ජාතික විද්‍යා පදනම ආධාර සපයයි. ඉන් එකකින් සොයා බැලෙන්නේ ආන්තික ඉඩම්වල ජෛව බලශක්ති භෝග වගාකිරීමේ ශක්‍යතාව ගැනයි. මෙවැනි ඉඩම් කෘෂිකාර්මික කටයුතු සඳහා යොදා ගැනීමට නම් පළමුව පාංශු පෝෂක ප‍්‍රකෘතිමත් කළ යුතුවේ. දෙවැනි ව්‍යාපෘතිය සම්බන්ධවන්නේ ඊළඟ පරපුරේ ජෛව ඉන්ධන පරිසරය මත කෙරෙන බලපෑම් ගැන අනාවැකි පළකිරීමටය.

biofuelsCycleකාර්මික අපද්‍රව්‍ය හා අනෙකුත් දූෂණ කාරක (pollutants ) හේතුවෙන් හානි පැමිණෙන ඉඩම්, ජෛව බලශක්ති භෝග වගාවට ප‍්‍රමාණවත් තරමට හැකි වන පරිදි ඉඩම් යළි ප‍්‍රකෘතිමත් කළ හැකියයි ලෑන්ඩිස් පවසයි. දූෂණයට ලක්වු භූමි, විශේෂයෙන්ම අත්හැර දමන ලද ආකර ඉඩම්වල පසෙහි ආම්ලිකතාව උදාසීන කිරීම පිණිස අනෙකුත් ස්වරූපවල ආපදාකූල නොවන අපද්‍රව්‍ය හෙවත් හානිකර නොවන අපද්‍රව්‍ය (non-hazardous waste)  යොදා ගැනීමට ලැන්ඩිස් ඇතුළු කණ්ඩායමට හැකිවී තිබේ.  ජෛව ඉන්ධන උපදවා ගත හැකි ශාක බොහොමයක් වර්ධනය වීමට ඉඩ සලසන මට්ටමට මෙම ඉඩම්වල සාරවත් භාවය ප‍්‍රකෘතිමත් කිරීමට මෙකී ක‍්‍රමය මගින් හැකිවෙයි. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස ජෛව ඉන්ධන කෘෂිකර්මාන්තය, පාංශු ප‍්‍රතිරක්ෂණය, ඉඩම් ගොඩකිරීම හා ස්වභාවික කුණාටු ජල කළමණාකරනය සැලකිය යුතු මට්ටමකින් දායක විය හැකිය.

කෙසේවෙතත් මෙහි අයහපත් පැත්තක් ද ඇත. ආහාර බෝග වැනි ජෛව බෝග බොහොමයක් සඳහා පොහොර අවශ්‍ය වේ. පොහොර මගින් ජල හායනය (degradation) ඇතිකරවන අතර පොහොර අඩංගු ජලය අධිභාවිතය මගින් අනෙකුත් ප‍්‍රදේශ වලට ද රැුගෙන යාමෙන් පාරිසරික හානි ඇතිකරවිය හැකිවේ. ජෛව ඉන්ධන ප‍්‍රභවයන් වගාකිරීම සඳහා මහා පරිමාණයෙන් කැපවීමෙන් ඇතිවන සංකීර්ණ හෝ අප‍්‍රසන්න ප‍්‍රතිඵල හොඳින් වටහා ගැනීම පිණිස ලැන්ඩිස් ජෛව-පදනමක් සහිත නිඵ්දානවල පුර්ණ ජීව කාලය සොයාබැලීමේ පරිපූර්ණ ප‍්‍රවේශයක් උපයෝගී කරගත්තේය. හරිතාගාර වායු අඩුකිරීම හා  බලශක්තිය ඉතිරිකිරීම යන වාසි වලින් ඔබ්බට ගොස් දිගු කාලීන වාසි හා ඇතිවිය හැකි ගැටළු මැන බැලීමේ අභියෝග කෙරෙහි ඇය අවධානය යොමු කළාය. බඩඉරිඟු සොයා, කැනෝලා, ඇල්ගී වැනි ජෛව බලශක්ති ශාක වගාකිරීමෙන් අනාගතයේදී ඇතිවිය හැකි බලපෑම් ගැන මැන බැලීමට ද ලැන්ඩිස්ට හැකිවී තිබේ. ආර්ථික, සමාජයීය හා පාරිසරික බලපෑම් පුළුල් ලෙස ඇගැයීමට ලක්කිරීම එක් නිදසුනකි. ජෛව ඉන්ධන නිස්පාදනය සඳහා ජෛව බලශක්ති බෝග වගාකිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස ඇතිවිය හැකි අහිතකර බලපෑම් වළක්වා ගැනීම හෝ අඩුකරගැනීම කෙරෙහි තීරණාත්මකව බලපාන වවිධ කෘෂිකාර්මික හා පාරිසරික ක‍්‍රමෝපායන් කෙරෙහි ද ව්‍යාපෘතියේ අවධානය යොමුවිය.

ධරණීයතාව සම්බන්ධයෙන් පරිපුර්ණ විසඳුමක් සපයන සුපිරි ජෛව ඉන්ධන නැති බව අපේ කටයුතු වලින් පෙනී යනවා,යයි මහාචාර්ය ලැන්ඩිස් පවසන්නීය. ,ගුණාත්මක ධරණීය ඉන්ධන වැඩි දියුණු කිරීම සංකීර්ණ ගැටළුවක්. එමෙන්ම පාරිසරික බලපෑම්, ආර්ථික වශයෙන් ඇතිවිය හැකි සංකීර්ණ හෝ අප‍්‍රසන්න ප‍්‍රතිඵල  හා සමාජයීය සාධක පුළුල් පරාසයන් ගැන අපේ සැලකිල්ල යොමුකිරීමට සිද්ධ වෙනවා,.

කෙසේ වෙතත්, අත්හැර දැමු ඉඩම් හා අපතේ යන ද්‍රව්‍ය උපයෝගි කරගනිමින් ජෛව ඉන්ධන නිෂ්පාදනය කිරීම පිනිස නිර්මාණාත්මක විසඳුම් කිහිපයක්ම ඉදිරිපත් කිරීමට පර්යේෂක කණ්ඩායමට හැකිවී ඇතැයි ද ලැන්ඩිස් කියා සිටී.

 

US National Science Foundation වෙබ් අඩවියේ  Building the framework for the future of biofuels  ලිපිය ඇසුරෙති

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: