නලෙඩි ෆොසිල(Naledi Fossils) සොයාගැනිමෙන් උද්ගත තත්ත්වය
දකුණු අප්‍රිකාවෙන් මෑතක සොයා ගනු ලැබූ මානව ෆොසිල, මිනිසාගේ ප්‍රභවය ඇති වූ ස්ථානය පිළිබඳ විවාදය යළි මෙළවීමට දායක වී තිබේ.
දකුණු අප්‍රිකාවේ ජොහැනස්බර්ග් නුවර සිට වයඹදිගට වෙන්නට පිහිටි විවෘත තණ බිම් පෙදෙස හෙවත් වෙල්ඩ් (veld) තණ බිම් කරා යද්දී ඔබ මානව වර්ගයාගේ තොටිල්ල පසුකර ගිය බවත් නොදැනෙන්නට පුළුවන. එහි හුණු ගල් ලෙන සහ හුණු ෙකම අතරේ සැඟවී මානව වර්ගයාගේ ප්‍රභවය පිළිබඳ තොරතුරු මහා සම්භාරයක් සොයා ගැනීමට හැකි වී තිබේ. එනිසාම 1999 දී මේ ප්‍රදේශය ලෝක උරුම ස්ඵලයක්(site) ලෙස නම් කර කෙරුණි: මානව වර්ගයාගේ තොටිල්ල යනුවෙන් විරුදාවලිය ලත් ඊට එම නම ඈදී ඇත්තේ තණ බිම් යට හුණු ගල් පතුල් පාෂාණ(limestone bedrock) යට සැඟවී ගත් ෆොසිල පාදක තොරතුරු සම්භාරය හේතුවෙනි. ඒවායින් සොයාගත් තොරතුරු පදනම් කරගෙන පසුගිය 10 දා (2015-09-10) ආදී කාලයේ විසූ මානව විශේෂයක් ගැන විද්‍යාඥයෝ කරුනු අනාවරණය කළහ. මේ විශේෂය හඳුන්වනු ලබන්නේ හෝමෙ නලෙඩි (Homo naledi) යනුවෙනි. ෆොසිල අස්ථිවල ගතිලක්ෂණ අනුව පෙනී යන්නේ මෙම විශේෂය අපේ ගණයට(genus) අයත් ආදිතම සාමාජිකයෙකු බවයි. එසේ නම් මානව වර්ගයාගේ නිජබිම සැබැවින්ම දකුණු අප්‍රිකාවේ මෙකී කඳුකර තණබිම් ප්‍රදේශයද? නො එසේ නම් සුප්‍රකට ‘ලුසී’ වානර කාන්තාවගේ ෆොසිල සොයා ගනු ලැබූ නැගෙනහිර අප්‍රිකාවේ නිසරු උද්ගතද (outcrops) ?
දකුණේ කතාව : මානව වර්ගයාගේ නිජ බිම පිළිබඳව දකුණු අප්‍රිකාවේ හිමිකම් පෑමේ ඉතිහාසය වසර සියයක් ඈතට දිවෙයි. ඒ 1924 දී ව්‍යවච්ඡේදක රේමන්ඩ් ඩාට් වෙත එවන ලද ෆොසිල සහිත පාෂාණ අඩංගු පෙට්ටියක තිබී බාලක ප්‍රයිමේට හිස් කබලක් සොයා ගැනීමත් සමගය. පෙට්ටිය, කලහාරී කාන්තාරය අද්දර ටඋන්ග් කොරිෙය් කළමනාකරු විසින් එවන ලද්දකි. කුඩා මොළයක් සහ අනෙකුත් වානර සමාන ලක්ෂණ පෙන්නුම් කළේ වී නමුත්, හිස් කබලෙහි මුල විවරය තිබූ තැන අනුව ඩාට් තීරණය කළේ ‘ටඋන්ග්’ බාලයා “Taung child” වර්තමාන මිනිසෙකු මෙන් දෙපයින් ඇවිද්දෙකු බවයි. ඔහු සිය සොයා ගැනීම නම් කළේ ‘අප්‍රිකාවේ දකුණු වානරයා’ (Australopithecus africanus southern ape of Africa) ලෙසය. කලක් යනතුරුම ඩාට්ගේ සොයා ගැනීම ගැන විද්‍යාඥයන්ගේ අවධානය එතරම් යොමු නොවිණ. එහෙත්, ‘මානවවර්ගයාගේ තොටිල්ල’ ප්‍රදේශයෙන් තවත් ඇට කැබිලි පාෂාණීධාතු විද්‍යාඥ(paleontologist) රොබට් බෲම්ගේ ගවේෂණ තුළින් සොයා ගැනීමත් සමගම Australopithecus africanus ඍජුව සිටගන්නන් බව තහවුරු විය. තවත් අධ්‍යයනයකින් පසුව 1946 දී බෲම් නිගමනය කළේ මෙම ආදිතමයන් ‘මිනිසුන්ට බොහෝ සමාන එමෙන්ම මානව වර්ගයාට කිට්ටුවෙන් සම්බන්ධ අය’ බවයි.
නැගෙනහිර කතාව : බෲම්ගේ අධ්‍යයනය සිදු කරන කාලයේ දී ම කෙන්යාවේ උපන් ලුවී ලීකි උත්සාහදරමින් සිටියේ තමන් ද ජන්මලාභය ලද නැගෙනහිර අප්‍රිකාවේ මානව වර්ගයා ප්‍රභවය ලැබූ බව සනාථ කිරීමටය. ඔහුගේ වෑයම ඵල දැරුවේ 1959 දී ය. ඒ ඔහු සහ බිරිඳ මේරි හා එක්ව ටැන්සානියාවේ ඔල්ඩුවායි දොරුෙවන් australopithecine හිස්කබලක් සොයා ගැනීමත් සමගය. ඊට වසරකට පසුව ඔවුනට වඩාත් වැඩි දියුණු විශේෂයක ෆොසිල හමුවිය. australopithecine සිට වත්මන් මානවයා සම්බන්ධ කෙරෙන පුරුක ලෙස එම විශේෂය හඳුන්වනු ලැබීය. ෆොසිල සොයාගත් ස්ථානය අසල විසිරී තිබූ ගල් ආයුධ සැලකිල්ලට ගනිමින් ලීකි යුවළ එම විශේෂය Homo habilis ලෙස නම් කළහ. හුරුබුහුටි මිනිසා යනු එහි තේරුමයි.
තුර්කානා විලෙහි බටහිර පැත්තට වෙන්නට නරියෝකොටෝමේ Nariokotome හි රාජකාරියේ යෙදී සිටි රිචඩ්ලීගේ කණ්ඩායමේ සාමාජිකයකු වන කමෝයා කිම්වූ 1984 දී වසර මිලියන 1.5ක් පැරණි Homo erectus විශේෂෙය් කංකාලයක් හෙවත් සැකිල්ලක් සොයා ගැනීමට සමත් විය. සොයා ගැනීමට ගෝලීය අවධානය යොමුවීමට බලපෑ එක් සාධකයක් වූයේ National Geographic සඟරාව මගින් ඊට ලබාදුන් පුළුල් ප්‍රචාරයයි. කෙසේ වෙතත්, මානවයන්ගේ ප්‍රභවය සම්බන්ධයෙන් අවධානය නැගෙනහිර අප්‍රිකාව දෙසට නැඹුරුවීමට ප්‍රධාන කොටම බලපෑවේ ලීකි සහ සෙසු අය විසින් සොයා ගනු ලැබූ ෆොසිලවල වයස නිවැරැදිව නිර්ණය කිරීමට අවස්ථාව උදාවීමෙනි. ඊට මග පෑදුනේ ආදී කාලීන අවසාදිත අතරින් පතර විසිරී ඇති යමහල් අළුය. නැගෙනහිර අප්‍රිකාවේ උතුරේ සිට දකුණ දක්වා තිබෙන මහා විභේදන නිම්නයෙහි (Great Rift Valley) ප්‍රධාන ලක්ෂණයක් ලෙස යමහල් අළු දැක්විය හැකිය. ඒවා මගින් කාල නිර්ණය කළ හැකි වීම, ලුවී සහ මේරි ලීකිගේ ඔල්ඩුවායි සොයා ගැනීමට ද ඔවුන් දෙදෙනාගේ පුත් රිචඩ් පසුව කෙන්යාවේ කුර්ණනා විල් තෙරෙන් සොයාගත් ෆොසිල ද පමණක් නොව 1974 දී ඉතියෝපියාවේ හඩාර් හි තිබී ඩොනල්ඩ් ජොන්සන් ප්‍රමුඛ කණ්ඩායම විසින් සොයා ගනු ලැබූ ලුසී කංකාලය සම්බන්ධයෙන් ද වැදගත් විය.
ෆොසිලවලට දින නියම කිරීමට හැකිවීම නිසා ඒවා එකිනෙක හා සම්බන්ධ කර ඒවා කොපමණ පැරණි දැයි සොයා ගැනීමට පර්යේෂකයන්ට හැකිවේ. ඒ අනුව නැගෙනහිර අප්‍රිකාවේ විභේදන නිම්නයෙන් මතුවෙන ෆොසිල සම්බන්ධකර ඔවුහු වංශ ප්‍රවේණියක් (phylogeny) හෙවත් මානව පවුල් රුකක් ගොඩ නැගූහ. එය දකුණු අප්‍රිකාවෙන් මිනිසාගේ ප්‍රභවය ඇතිවීය යන්න කෙරෙහි අවධානය අඩු කරලීය. ඇරත් දකුණු අප්‍රිකාවෙන් සොයා ගනු ලැබූ ෆොසිල බොහොමයක දින නිර්ණය කිරීම අපහසු වී ඇත. ඊට හේතුව ඒවා යමහල් අළු බොහොමයක දින නිර්ණය කිරීම අපහසු වී ඇත. ඊට හේතුව ඒවා යමහල් අළු ස සහිත අවසාදිත ස්තර මත තැන්පත්ව නොතිබීමයි. ඇරැත් එම ප්‍රදේශවල පිහිටීම අනුව ෆොසිල පොළවයට හුණුගල් මධ්‍යයේ ඇති නොයෙකුත් ගුහා, සිදුරු යනාදියෙහි සැඟවී ගොස් තිබෙන්නට පුළුවන. මේවා දකුණු අප්‍රිකානු හිමිකම් පෑම අබියස ඇති අභියෝගයයි. ‘මානවයන්ගේ ප්‍රභවය කෑලි 500ක් සහිත ජිග්ෙසා් ප්‍රහේලිකාවක් ලෙස සැලකුවොත් අද අපට අප්‍රිකාවේ නැගෙනහිරට වෙන්න කෑලි අටක් ද දකුණට වෙන්න කෑලි හතරක් ද ඇත. අපට ප්‍රහේලිකා වේ රටාව ගැන කිසියම් හැඟීමක් ඇති කරගත හැකි වුවත් සම්පූර්ණ චිත්‍රය දැකීමට කොහොමටවත් නොහැකිය. එහෙයින් ‘නැගෙනහිර හෝ දකුණ එකකින් අනිකට වඩා වැදගත් නැත. අපට දෙකම අවශ්‍යය’යි යනුවෙන් කියා සිටින්නේ පාෂාණිධාතු විද්‍යාඥ පැට්‍රිෂියා ක්‍රාමර්ය.
National Geographic හි Where Is the Birthplace of Humankind? South Africa and East Africa Both Lay Claims ලිපිය ඇසුරෙනි