වවුලන් අන්ධද? ප‍්‍රතිධ්වනි නිවේෂණය(Echolocation) උදව් වන හැටි

Posted by

ශබ්ද පරාවර්තනය මගින් යම් යම් දේවල පිහිටීම සොයා ගැනීම

ප‍්‍රතිධ්වනි නිවේෂණය යනු අවකාශයේ යම් වස්තූන් කොයිබ ඇත්දැයි සොයා ගැනීමට ශබ්ද තරංග සහ ශබ්ද පරාවර්තනය යොදා ගැනීමයි. එහා මෙහා යාමේදී ගමන් මග ෙසායා ගැනීමට මෙන්ම අදුරේදී ආහාර සොයා ගැනීම පීණීස වවුලන් යොදා ගන්නේ  ප‍්‍රතිධ්වනි නිවේෂණයයි. ඒ සදහා ඔවුන් සිය මුවින් හෝ නාසයෙන් ශබ්ද තරංග නිකුත් කරයි. ශබ්ද තරංග කිසියම් වස්තුවක වැදුණු විට ඉන්  ප‍්‍රතිරාව නැගෙයි. ප‍්‍රතිරාව වස්තුවෙන් පොළා පැන යළි පැමිණෙන්නේ වවුලාගේ කනටය. ඊට සවන් දීමෙන් වවුලාට වස්තුව තිබෙන්නේ කොයිබද, එය කොපමණ විශාලද සහ එහි හැඩය නිර්ණය කළ හැකිය.

ඝණ අදුරේ වුවද වවුලන්ට මිනිස් කෙස් ගසක් තරම් සියුම් දෙයක් සොයා ගැනීමට හැකිවන්නේ ප‍්‍රතිධ්වනි නිවේෂණය භාවිත කිරීමෙනි. මදුරුවන් තරම් කුඩා ප‍්‍රමාණයේ කෘමීන් සොයා ගැනිමට වවුලන්ට ප‍්‍රතිධ්වනි නිවේෂණය නිසා මග සැලසේ. මදුරුවන් ආහාරයට ගැනිමට බෝහෝ වවුලන් බොහොමයක් කැමැත්ත දක්වති. ඉතින් වවුලන් අන්ධද යන ප‍්‍රශ්නයට පීළිතුරු සපයන්නේ නම් නැත යනුවෙන් පැවසිය යුතුය. එහෙත්, අදුරේ ඉක්මණින් මග සොයා ගැනීමට ප‍්‍රතිධ්වනි නිවේෂණය  ඔවුනට උපකාරීවේ.

images (7)වවුලන්ගේ මෙම හැකියාව පුදුමය දනවන්නක් වුවත්, ප‍්‍රතිධ්වනි නිවේෂණය භාවිත කරන්නේ ඔවුන් පමණක් නො වේ. ඩොල්පින්, තල්මසුන්, හික්මියන් සහ ඇතැම් පක්ෂීන් ද ගමන් මග සහ අහාර සොයාගැනීම පිණිස එය යොදා ගනිති. මිනිස් අපට වවුලන් නිකුත් කරන අති ධ්වනික(ultrasonic)ප‍්‍රතිධ්වනි හඩ ඇසිය නොසැකිය. එහෙත් ඇතැම් සතුනට පුළුවන. සලබයන්, පළඟැටියන්, කුරුමිණියන් ඒ අතරවේ. සලබයෙකුට ඒ හඩ ඇසුණු විට හැරී ඉවතට පළා යයි. සමහරු වවුලාගෙන් ගැලැවීමට අක්-වක් ආකාරයකට, සර්පිලාකාරව හෝ පුඩු ආකාරයට පියාඔති. ඇතැම් පළඟැටියන් හා කුරුමිණියන්ික්ලික් හඬක් නගා වවුලා බිය කොට පළවා හරින බවද සොයාගෙන ඇත.

 විද්‍යාඥයන් ශබ්ද තරංග මගින් දිය යට වස්තූන් සෙවීමේ ක‍්‍රමයක් වන සෝනාර් (sonar) පද්ධති උච්ච සංඛ්‍යාත විද්‍යුත් චුම්බක තරංග යොදා ගෙන වස්තූන් පිහිටා ඇති තැන් නිවේශනය හෙවත්  සොයා ගැනීමට භාවිත කරන ක‍්‍රමයක් වන රෙඩාර්(radar) පද්ධති  වැඩිදියුණ කිරීම පිණිස අදහස ලබාගත්තේ වවුලන්ගේ ප‍්‍රතිධ්වනි නිවේෂණ ක්‍රමයඅධ්‍යයනයෙන් යයි කියනු ලැබේ.

සබ්මැරීන වැනි් වස්තු සෙවිමට දිය යටදී යොදා ගන්නා ක‍්‍රමයක් වන සෝනාර් ක‍්‍රමයත් අහස් යානා හා නැව් සෙවීමට වීද්‍යුත්චුම්භක තරංග යොදාගන්නා රේඩාර් ක‍්‍රමයත් භාවිත කෙරේ.

Ask a Biologist  හි What is Echolocation? ලිපිය අැසුෙරනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.