විදු නැන නුවණ – Science Literacy for All

ඉන්ෆ්ලුවැන්සාවෙන්  ඇතිවන පියයුරු ආසාදනය

සාමාන්‍ය ව්‍යවහාරයෙහි ”ෆ්ලූ” වශයෙන් දැක්වෙන ඉන්ෆ්ලුවෙන්සාව ලොව පුරා මිලියන ගණන් ජනතාව ‘ලෙඩ‘ කරන ආසාදනයකි. ඉන්ෆ්ලුවෙන්සාව උණ, කැස්ස, සොටු දියර ගැලීම පමනක් නොව සමහර අවස්ථාවල පපුවේ මාරක ආසාදනයටද මග පාදයි. එහෙත් මේ රෝග කාරකය පියයුරු පටක ආසාදනය කරන්නේ යයි කිසිවෙකුත් මෙතෙක් සිතුවේ නැත. කැනඩාවේ ටොරන්ටෝවේ එක්සත් සෞඛ්‍ය ජාලයේ ඇලිසන් කෙල්වින් පර්යේෂිකාව ද කෙසේවත් සිතන්නට නැත. සමාජයේ ළාබාලතම මෙන්ම වයස්ගතම සාමාජිකයන් අතරේ ඉන්ෆ්ලවෙන්සා ආසාදනය මෙතරම් උග‍්‍ර මන්දැයි අවබෝධ කරගැනීම පිණිස ඇය පර්යේෂණයක නියැළී සිටින්නීය. ඒ සඳහා ඈ  කොළ දිවි  පැටව් යොදාගෙන උන් ආසාදනයට ලක්කර පර්යේෂණ පවත්වයි.6a010535647bf3970b015435647fca970c-500wi

”අපි නාසාය මාර්ගයන් කොළ දිවි  පැටව් ආසාදනයට ලක්කරා. අපි බලාපොරොත්තු වුණේ පැටව් ඒ අන්දමටම සිය මෑණිවරු ආසාදනයට ලක්කරයි කියලයි. ඒත් සැබෑවටම වුණේ වෛරසය මවගේ පියයුරු පටකයට  හා කිරිවලට මෙන්ම වා මං වලට ද ඇතුල් වීමයි” යනුවෙන් ඇය පවසයි.

නාසයේ හා පෙනහළු වල සිට වෛරසය පියයුරුවලට ව්‍යාප්ත වන්නට ඇත යන්න පර්යේෂණ කණ්ඩායම පිළිගන්නේ නැත. ”අපි හිතන්නේ කිරි උරා බොද්දී පැටවාගෙන් මවගේ පියයුරු හරහා  මවට වෛරසය ආසාදනය වෙනවා කියලයි” ඔවුහු කියා සිටති.

වෛරසය කිරි උරා බොන පැටවාගේ ඛේටය (කෙළ) සමග තන පුඩුවටත් අනතුරුව කිරි නාලයටත් ඇෙදනවා විය හැකියයි කෙල්වින් සහ කණ්ඩායම අනුමාන කරති. එසේ ඇදෙන වෛරසය පියයුර ඇතුළේ ආසාදනයක් ඇති කරන අතර අනාගතයේ මව ලබාදෙන කිරි වේලට ද එය ඇදෙයි.

කෙසේවෙතත්, මෙහි යහපත් පැත්තක්ද තිබිය හැකි බව පර්යේෂකයෝ පෙන්වාදෙති. පියයුරු තුළ වෛරස් ආසාදනය සිරුරේ ප‍්‍රතිශක්ති පද්ධතිය කෙරෙහි බලපැම් ඇති කළ හැකිය. එය අනාගතයේ දි ආරක්ෂාකාරී ප‍්‍රතිදේහ (ප‍්‍රතිදේහ ජනකයකට ප‍්‍රතිචාර ලෙස හෝ එරෙහි බව දැක්වීමට හෝ සිරුර මගින් නිපදවන රුධිර ප්‍රෝටීන)  නිෂ්පාදනයට මග පාදයි. එමෙන්ම බඩවැල් (අන්ත‍්‍රය) මගින් වෛරසය සිරුරට හඳුන්වාදීම බිළිදාගේ ප‍්‍රතිශක්ති ප‍්‍රතිචාරය වෙරගැන්වීමේ මගක් බවට ද පත්විය හැකිය.

අනෙක් අතට මෙහි අයහපත් පැත්තක් ද තිබිය හැකිය. ආසාදනයෙන් ස්ථානගත හානි ඇතිකිරීමට පුළුවන. කිරි නාළ අවහිරකිරිම සහ පියයුරු ප‍්‍රදාහය එවැනි හානිය. තවද ආසාදනයට ලක් නොවූ පැටවුන් ආසාදනයකිරිම මෙන්ම දිගුකාලීනව පිළිකාව වැළදීමේ අවදානමක් ද ඇත.

PLoS Pathogens සගරාවෙහි පළ කර ඇති අන්දමට මේ සංසිද්ධිය  ඉන්ෆ්ලුවෙන්සාවට   පමණක් සීමාවන්නේ නැත. ඊට හේතුව අන්ත‍්‍ර ආසාදන සහ ශ්වසන රෝග අතිකරවන ඇතැම් වෛරස ද උපයෝගී කරගන්නේ අපේ ෙසෙල තුළ ඇති මෙම රසායනයම (sialic acid) වීමයි.

The Naked Scientists – Science News හි  Flu Breast Infection ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: