ඊටා කැරීනා — අනාගත සුපර්නෝවාව

Posted by

කැරීනා නිහාරිකාව දැවැන්ත අණුක වලා කලාපයකි. ගෙවී ගිය වසර මිලියන කිහිපය තුළ අතියෝධ තාරකා බොහොමයක් මෙහි ඉපිද, මරණයට පත්විය. එම ක්‍රියාදාමය තුළ සංකීර්ණ නිහාරිකා ව්‍යුහයක් කැටයම් කොට ආලෝකයෙන් සරසා ඇත. සූර්යයා මෙන් මිලියන කිහිප ගුණයකින් දීප්තිමත් බවකින් යුතු ඊටා කැරීනා තමයි විශාල වශයෙන් ස්කන්ධ හානි පැමිණීමේ ජවනිකා හේතුවෙන් කාලයාගේ ඇවෑමෙන් ප්‍රභාව විශාල ලෙස වෙනස් වන දුලබ වර්ගයේ තාරකාවක් පිළිබඳ ආසන්නම නිදර්ශනයයි. හබල් දුරේක්ෂය මගින් බලන විට ඊටා කැරිනා විහිදී යන යටියක හැඩගත් සුන් බුන් වලාවකින් වට වී ඇත. මේ වලාව 1843 දී සිදු වූ දරුණු විදාරණයකින් බිහිවූවකි. එවැනි සිද්ධි ඉදිරි වසර ලක්ෂ කිහිපය තුළ අවසානයේ සුපර් නෝවා (අධිනවතාරාව) ලෙස සිදුවන පිපිරීමක‍ පෙර නිමිත්තක් පමණි.
තාරකා උපත හ විපත
තාරකාවක උපත හා විපත පිළිබඳ පාරචක්‍රය බොහෝ කොට තීරණය වන්නේ එහි ආරම්භක ස්කන්ධය මතයි. සූර්ය ස්කන්ධය මෙන් අට ගුණයකට වැඩියෙන් උපත ලද තාරකා අඩු ස්කන්ධයක් සහිත ඒවාට වඩා ප්‍රධාන අනුක්‍රමයෙන් බොහෝ සේ වෙනස්ව පරිණාමය වන බව නිරීක්ෂණ හා සෛදාන්තික ආකෘති පෙන්නුම් කරයි. අපේ සූර්යයා ඇතුළුව ක්ෂීරපථය ගැලැක්සියේ තාරකා අතුරෙන් සියයට අනූනවයක්ම අඩු ස්කන්ධයේ තාරකාය. න්‍යෂ්ටික විලයනය මගින් මෙම තාරකාවල හරයේ හයිඩ්‍රජන් අහවර කිරීමෙන් පසුව ඒවා රතු යෝධයන් ලෙස ඉස්මතු වේ.

විහිදී යන යටියක හැඩගත් සුන් බුන් වලාවකින් වට වී අැති ඊටා කැරීනා තාරකාව
විහිදී යන යටියක හැඩගත් සුන් බුන් වලාවකින් වට වී අැති ඊටා කැරීනා තාරකාව

වසර බිලියන පහකින් පමණ අපේ සූර්යයා මෙකී පරිවර්තනයට ලක්වේ. ගුරුත්වයේ බලපෑම පිටු දැකීමට ප්‍රමාණවත්ව න්‍යෂ්ටික ශක්තිය නිපදවන්නේ නැති නිසාවෙන් හරය හැකිළෙන්නට පටන් ගන්නේ සෙමිනි. හරය හැකිළෙමින්ම එය රත්වෙයි. අනතුරුව දැන් හීලියම් බවට පත් හරය වටා ඇති හයිඩ්‍රජන් කබොල්ල හීලියම් විලයනයට ප්‍රමාණවත්ව හයිඩ්‍රජන් දහනය කරන තරමට රත් වෙයි. වසර මිලියන ගණනාවකට පසුව දිගටම සෙමින් හැකිලෙන මෙකී හීලියම් හරය අවසානයේ ශක්තිය නිපදවීමට ප්‍රමාණවත් තරමට හීලියම් කාබන් තැටියට දවා රත්වෙයි.
මෙකී ශක්ති මූලයන් හේතු කොට ගෙන පෘථිවියේ කක්ෂය දක්වාම වාගේ සූර්යයාගේ පෘෂ්ඨය පුළුල් වේ. මෙලෙස පුළුල් වීමේදී හෙවත් ව්‍යාප්ත වීමේදී සූර්යාගේ පෘෂ්ඨය රත් පැහැගන්නේ කෙල්වින් 6,000 සිට 3,000 දක්වා සිසිල් වෙද්දී රත් පැහැගනී. වසර බිලියනයක පමණ කාලයක් තුළ සූර්යයා රතු යෝධයෙකු (red giant) ලෙස පවතී.
එහි හරය වටා කබොල්ල තුළ කාබන් බවට හීලියම් විලයනය වීමෙන් බලගැන්වී සූර්යයා සිය අවසන් වසර මිලියන කිහිපය රතු යෝධයෙකු ලෙස ගත කරනු ඇත. සූර්යයාගේ පිටත ස්තරය පුපුරවා හරින තාප ස්ඵන්දනවලට මෙය මග පාදයි. රතු යෝධයෙකු හැටියට සූර්යයා සිය ස්කන්ධයෙන් 40%ක් අහිමි කර ගනු ඇත. අනාවරණය වී ඇති එහි හරය මෙකී ව්‍යාප්ත වන වායු කබොල්ල නිහාරිකාවක් ලෙස ආලෝකවත්වීමට මග පාදයි. මෙවැනි වස්තූන් හදුන්වන්නේ ග්‍රාහීය නිහාරිකාවක් ලෙසය. නිදසුනක් දක්වතොත්, ලයිරා තරු පංතියේ පිහිටි වළලු නිහාරිකාව සදහන් කළ හැකියි. ක්ෂීර පථය තුළ බහුලව ඇති මෙකී ග්‍රාහීය නිහාරිකා ගැන විස්තර ලබන සතියේ තතු ලිපියෙන් ගෙන එන්නෙමු.

Visual Guide to the Universe (by Professor David M. Meyer ) ග‍්‍රන්ථය ඇසුරෙන් සැකසෙන ලිපි මාලාවක තවත් ලිපියක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.