රතු යෝධයෙකු හැටියට අෙප් සූර්යයාට සිය ස්කන්ධයෙන් 40%ක් අහිමි වී අනාවරණය වී ඇති එහි හරය ව්‍යාප්ත වන වායු කබොල්ල නිහාරිකාවක් ලෙස ආලෝකවත්වීමට මග පාදන බව අපි පසුගිය ලිපියෙන් පෙන්වා දුන්නෙමු. (2015 දෙසැම්බර 2 දා තතු). මෙවැනි වස්තූන් ග්‍රාහීය නිහාරිකා (planetary nebulas) ලෙස හඳුන්වන බව ද අපි එහිදී සඳහන් කළෙමු. ක්ෂීර පථය තුළ බහුලව ඇති මෙකී ග්‍රාහීය නිහාරිකාවල අනාගතය ගැන විස්තර අද ලිපිෙය් පළවේ.

ග්‍රහීය නිහාරිකා අවධියෙන් පසු ඉතිරිවන්නේ කාබන්වලින් පොහොසත්, මලානික, ඝන ධවල වාමන තාරකාවකි(white dwarf star). එය ප්‍රමාණයෙන් පෘථිවිය පමණ ඇති අතර ස්කන්ධය අපේ සූර්යයාගෙන් භාගයකට ආසන්නය. ඇත්ත වශයෙන්ම තේ හැන්දක ප්‍රමාණය ටොන් කිහිපයක බර වෙයි. නිවීයන ගිනි උදුනක ගල් අඟුරුමෙන් එය සෙමින් සිසිල්වෙයි.
මෙයට වෙනස්ව, සූර්යයාගේ මෙන් අට ගුණයක හෝ ඊට වැඩි ස්කන්ධයක් ඇති තාරකා වඩාත් ප්‍රබල ආකාරයෙන් ප්‍රධාන අනුක්‍රමයෙන් පරිණාමයවන්නේ, වඩාත් ඝන සංයුක්ත වස්තූන් ඉතිරි කර තබමින්ය. මෙවැනි අවස්ථාවල හරයේ හයිඩ්‍රජන් විලයනයෙන් පසුව හරයේ හීලියම් විලයනයද ඉන් පසුව කාබන්, නියොන්, ඔක්සිජන්, සිලිකොන් හර විලයන අනුක්‍රමයකට සිදුවේ. එවැනි තාරකාවක් සුපිරි යෝධයෙකු (a supergiant) බවට පත් වූ විට එහි පෘෂ්ඨය අඟහරු ග්‍රහයාගේ කක්ෂයටත් වඩා විශාලව ව්‍යාප්ත වේ. එවැනි සුපිරි යෝධයන්ගේ දීප්තිය අපේ සූර්යයාගේ මෙන් දශ ලක්ෂ ගුණයක් දක්වා වෙයි. සුපිරි යෝධයන්ගේ ආයු කාලය වසර මිලියනයක් පමණ වේ.
එවැනි තාරකාවක ජීවිතයේ අවසාන පැයෙහි තාරකාව ගැඹුරු අභ්‍යන්තරයෙහි ඡායාරූපයක් ගත හැකි නම් එය ලූණු ගෙඩියක් මෙන් පෙනෙනු ඇත. එහි ගැඹුරුම අභ්‍යන්තරයෙහි වැඩිකොටම පවතිනු ඇත්තේ සිලිකන්, ඔක්සිජන්, නියොන්, කාබන්, හීලියම් සහ හයිඩ්‍රජන් විලයන කබොළ මගින් වට වූ යකඩ හරයකි.
යකඩ විලයනය මගින් ශක්තිය නිපදවන්නේ නැත. ඒ අනුව හරයේ ශක්ති ප්‍රභවයකින් තොරව ගුරුත්වයට ප්‍රතිරෝධයක් ඇතිවෙන්නේ නැත. තත්පරයකටත් අඩු කාලයකදී හරය බිදී කඩා වැටේ. එය පෘථිවියේ ප්‍රමාණයේ සිට මෙලොව ඇති මහ නගරයක ප්‍රමාණය දක්වා කුඩා වේ. ශක්ති ප්‍රවාහයක් සමග නියුටි්‍රනෝ (Neutrinos) පිටතට එන අතර තාරකාවෙහි අභ්‍යන්තර කොටස දැන් බිඳ වැටෙයි. ඉතිරි වායු ද ඇතුළට බිඳ වැටෙයි. මෙම ඝට්ටනය පිටතට ඇදෙන කම්පන තරංගයක් බිහිකරන අතර තාරකාව හරහා එය පුපුරුවා හැරේ. එය, පැය ස්වල්පයක් ඇතුළත පෘෂ්ඨය කරා පැමිණෙයි. මෙහි දෘශ්‍යමාන වන ප්‍රතිඵලය වන්නේ, සුපර්නෝවා හෙවත් අධිනවතාරා (supernova) පිපිරීමකි.

බොහෝ අධිනවතාරා මගින් කුඩා, ඝන, නියුට්‍රෝන බහුල හරයන් ඉතිරි කර තබනු ලැබේ. සාමාන්‍ය වශයෙන් ගතහොත් මෙකී නියුට්‍රෝන තරුවල සූර්යාගේ ස්කන්ධය මෙන් 1.5 ක ගුණයක ස්කන්ධයක් ඇති අතර විෂ්කම්භයක් කිලෝමීටර 25 ක් පමණ වේ. එක තේ හැන්දක ප්‍රමාණය පෘථිවියෙහි ටොන් බිලියන 1 ක් බරය.
ඒ ආකාර හරය බිඳ වැටීමක හෝ ෂෂ වර්ගයේ අධිනවතාරා, උපරිම ප්‍රභාමත් අවස්ථාවේ සූර්යයන් බිලියන 1 ක් දක්වා දීප්තියෙන් අත්පත් කරගත හැක. ඒවා මෙකී උපරිමය දක්වා දින කිහිපයක් ඇතුළත ළඟා වන අතර ඉන් අනතුරුව ගතවන සති සහ මාස කිහිපය ඇතුළත සෙමින් හායනය (fade) හෙවත් මැලවෙයි.
සෑම වසරකම අනෙකුත් ගැලැක්සිවල සිය ගණන අධිනවතාරා දැකිය හැකිය. ළඟම ගැලැක්සිය වන ඵ51 හි 2005 සිට අධිනවතාර 2ක් ඇති විය. වසර මිලියන ගණනාවක දුරකදී වුව අධිනවතාරා කැපී පෙනෙයි. ඒවායේ හිඟ බව හඟවන්නේ, ක්ෂීර පථය වර්ගයේ අධිනවතාරාවක් සෑම වසර 100කට වරක් ඇතිවන බවයි. පෘථිවිය මත දී වඩාත් පුළුල් ආකාරයෙන් අධිනවතාරාවක් අන්තිම වරට දැකගත හැකිවුණේ 1604 දීය.
Visual Guide to the Universe (by Professor David M. Meyer ) ග‍්‍රන්ථය ඇසුරෙන් සැකසෙන ලිපි මාලාවක තවත් ලිපියක්