චීන අභ්‍යවකාශ වැඩසටහනට නව ශක්තියක් එක් කරමින් විශ්වයේ අඳුරු ද්‍රව්‍ය (තතු මෙය අඥාත ද්‍රව්‍ය යනුවෙන් ද හඳුන්වයි) ගවේෂණයට එක්වෙයි. මෙය අරමුණු කරගත් අභ්‍යවකාශ යානයක් චීනය මේ මස (දෙසැම්බර් 2015) මැද අභ්‍යවකාශ ගත කළේය. එය හැඳින්වෙන්නේ අඳුරු ද්‍රව්‍ය අංශු ගවේෂණය(Dark Matter Particle Explorer – DAMPE = ඩෑම්ප්) යනුවෙනි.
ඇතැම් සිද්ධාන්ත මගින් පුරෝකතනය කරන පරිදි අඳුරු ද්‍රව්‍ය උච්ඡේදනය කරන්නේ නම් ‘ඩෑම්ප් යානයට අවස්ථාවක් තිබෙනවා අඳුරු ද්‍රව්‍ය උච්ඡේදනය කරන නිෂ්පාදන සොයා ගැනීමට’යයි ප්‍රින්ස්ටන් සරසවියේ තාරකා විද්‍යා භෞතිකඥ, න්‍යයාචාර්ය ඬේවිඞ් ස්පර්ගල් පවසයි. මෙම වෑයම, අභ්‍යවකාශ විද්‍යා මෙහෙයුම් කෙරෙහි චීනයේ කැපවීම ද පෙන්නුම් කරයි. ‘ඩෑම්ප් තාරකා විද්‍යාව හා තාරකා විද්‍යා භෞතිකය සඳහා වූ ප්‍රථම චීන අභ්‍යවකාශ මෙහෙයුමයි’ යනුවෙන් පවසන්නේ චීන විද්‍යා ඇකඩමියේ තාරකා විද්‍යා භෞතිකඥ ය්ෂොං ෆෑන් ය. ෆෑන් මෙම මෙහෙයුම හා සම්බන්ධ විද්‍යාඥයෙකි.
විශ්වයේ අඩංගු ද්‍රව්‍ය අතුරෙන් බහුතරය සෑදි ඇත්තේ අඳුරු ද්‍රව්‍යවලින් යැයි විශ්වාස කෙරේ. එහෙත් එය මෙතෙක් කිසි දිනක සෘජුවම සොයා ගෙන නැත. එහි පැවැත්ම තාර්කිකව අනුමානය කරනු ලබන්නේ දෘශ්‍යමාන ද්‍රව්‍ය මත ගුරුත්වාකර්ෂණීය බලපෑම් නිරීක්ෂණයෙන් සහ විශ්වයේ ව්‍යුහය නිරීක්ෂණයෙනි. ‘ඩෑම්ප් සැලසුම් කර ඇත්තේ දුර්වල ලෙස අන්තර් ක්‍රියා කරන දැවැන්ත අංශු’(weakly interacting massive particles – WIMPs) නැමැති අඳුරු ද්‍රව්‍ය ලෙසට සුදුසුකම් ලැබිය හැකි අංශු උච්ඡේදනය වීමේ ප්‍රතිඵලයක් ලෙස ඇතිවන අතිශය ඉහළ අගයන් ගන්නා පෝටෝන (photons) සහ ඉලෙක්ට්‍රෝනවල ප්‍රවේශ වන දිශාව, ශක්තිය හා විදුලිය ආරෝපණය නිරීක්ෂණය කරනු පිණිසය. පෝටෝන හා ඉලෙක්ට්‍රෝන මෙන් ම ගැමා සහ අන්තරීක්ෂ කිරණ මගින් නිර්මිත සංඥා හසුකර ගැනීම පිණිස සුසර කළ තුනී කොටු රටාවේ අනාවරණක(detectors) තීරු මිටියකින් මෙම චන්ද්‍රිකාව සමන්විත වෙයි. ‘අඳුරු ද්‍රව්‍ය සෙවීමේ දී ඩෑම්ප් (DAMPE) දායක වන බව අපට නම් ඇත්තටම විශ්වාසයි’ යනුවෙන් ජිනීවා සරසවියේ තාරකා විද්‍යා භෞතිකඥ පිලිප් ඇසරෙල්ලෝ කියා සිටියි. ඩෑම්ප් හි අනාවරණක සැලසුම් කිරීමේ දී සහයෝගීව කටයුතු කළ විද්‍යාඥයෙකි ඔහු. එක්සත් රාජධානියේ ෂෙෆිල්ඞ් සරසවියේ අංශු භෞතිකඥ විටලි කුද්‍රයාව්සෙව් ගේ අදහස අනුව අභ්‍යවකාශ ගත අනෙකුත් අනාවරණක මෙන් ම භූගත පර්යේෂණාගාර විසින් සෘජුවම දුර්වල ලෙස අන්තර් ක්‍රියා කරන දැවැන්ත අංශු සෙවීමට සකස් කරනු ලබන කටයුතු ඩෑම්ප් අනුපූරණය කරයි.

සියල්ල සැලසුම් කළ ආකාරයට සිද්ධවේ නම් ඩෑම්ප් අනාවරණකය ක්‍රමාංකණයට මාස දෙකක් ගතවනු ඇතැයි ෆෑන් පවසයි. විද්‍යාත්මක ගවේෂණ 2016 පෙබරවාරියේ ආරම්භ වීමට නියමිතයි.චීනයේ අභ්‍යවකාශ වැඩසටහනට නව මානයක් එක් කිරීමට සමත් විද්‍යාත්මක මෙහෙයුම් සතරින් එකකි ඩැම්ප්. මේ තාක් චීනයේ අභ්‍යවකාශ වැඩසටහනේ අවධානය වඩාත් යොමු වුනේ ඉංජිනේරුමය අංශයන් පිළිබඳවය. චීන විද්‍යා ඇකඩමියේ, ජාතික අභ්‍යවකාශ විද්‍යා මධ්‍යස්ථානය (National Space Science Center) 2016 වසරේ දී තවත් මෙහෙයුම් තුනක් සිදු කිරීමට නියමිතයි. ඉන් එකක් වනුයේ එක්ස් කිරණ මූර්ජන දුරේක්ෂයක් කළු කුහර (Black Holes) නි්‍යුට්‍රෝන තාරකා සහ අනෙකුත් තාරකා- විද්‍යාත්මක ප්‍රපංච නිරීක්ෂණය සඳහා අභ්‍යවකාශ ගත කිරීමයි. අභ්‍යවකාශයට යවා අත්හදා බැලීම් සිදු කර ආපසු පෘථිවියට ගෙන්නා ගන්නා කැප්සියුලවල සිදුකළ අත්හදා බැලීම් වල කොටසක් විශ්ලේෂණය සඳහා ක්ෂුද්‍ර ආකාර්ෂණ සහ ජීවන විද්‍යා (microgravity and life science) පර්යේෂණ මෙහෙයුමක් සිදු කිරීමද තවත් වෑයමකි. චීනය නව මෙහෙයුම් පාලක මධ්‍යස්ථානයක් ද බීජින් අගනුවරට උතුරින් පිහිටි හුයායිරූ ප්‍රදේශයේ පිහිටුවා ඇත.
American Association for the Advancement of Science – Science News හි China launches satellite to join the hunt for dark matter ලිපිය ඇසුරෙනි