ශේටා ඔපියුචි ගැන සැලකිල්ල යොමු කළොත්, තනිකර ප්‍රකාශ අනුරූපයකින් පමණක් එය පළාගිය තාරකාවක්ය යන්න ගැන ඉඟියක් සැපයෙන්නේ නැත. ආකාශයේ මෙම කලාපයේ දිස්වන්නේ, ඉතා සිහින් වායුමය නිහාරිකාවක් (gaseous nebula)මධ්‍යයේ ඇති තාරකාවන් පමණකි. ස්පිට්සර් අභ්‍යාවකාශ ටෙලස්කෝපයක් මගින් සපයනු ලැබූ ශේටා ඔපියුචි තාරකාවෙහි සමරූපක අධෝරක්ත අනුරූපය දක්වන්නේ තාරකාව වටා සුකුමාල චාපයක් ලෙස ඇති දිලිසෙන වායු හා ධූලී සූත්‍රිකාමය කුඩා කැටියයි. මෙය හඳුන්වන්නේ දුනු කම්පනයක් ලෙසටය. උණුසුම් ධූලි මධ්‍යයේ දුනු කම්පනය වඩා ප්‍රකට වේ.
පළා යන තාරකාවක් වන ශේටා ඔපියුචි නිහාරිකාවක් හරහා ඉහළ වේගයකින් ගමන් කරයි. එය, නිහාරිකාවේ වායු හා ධූලි හරහා ගමන් කරද්දී හේතු දෙකක් නිසා සම්පීඩනය වීමත් රත්වීමත් සිදුවේ. ශේටා ඔපියුචි හි ඉහළ තරකා ප්‍රවේගය ඉන් එකකි. අනෙක, එම වායු හා ධූලි මත තෙරපුමක් ඇතිකරන ශේටා ඔපියුචි තීව්‍ර තාරීය සුළඟයි.
වයිස් (WISE) හෙවත් පුළුල් ක්ෂේත්‍ර අධෝරක්ත සමීක්ෂණක ගවේෂණ (Wide-Field Infrared Survey Explorer) චන්ද්‍රිකා නිරීක්ෂණාගාරයෙන් ලබා ගන්නා ලද අඩු විභේධන අනුරූප මගින් පළාගිය තාරකා ගණනාවකම අධෝරක්ත දුනු කම්පන හෙළි කරනු ලැබ ඇත.
එතකොට ශේටා ඔපියුචි ගැන කුමක්ද හිතෙන්නේ? ඉහළ ගෝනුස්සා (Upper Scorpius) නම් තරුණ තාරකා පොකුරෙහි ප්‍රභාවත් සහ දිලිසෙන තාරකා වෙතින් පලා යන තාරකාවක් බවට එය පත්වූයේ කෙසේද? එය කලක්, වෙනත් තාරකාවක් හා ගැටීමෙන් බිඳදැමුණු පොකුරු ද්ව්‍යාංගී තරුවක (cluster binary) කොටසක්ද? ඇත්තටම සිදුවිය හැකි තවත් දෙයක් තිබේ. එහි සගයා වශයෙන් සිටි තරුව අධිනවතාරවක්(supernova) වශයෙන් පුපුරා ගියාවත්ද?
විවිධ ද්ව්‍යාංගී අධිනවතාරා අවස්ථා විඩම්බනය කර තිබේ. ශේටා ඔපියුචි වර්තමානයේ ස්ථානගතව සිටින තැන හා තත්පරයකට කිලෝමීටර 35 ක ඉහළ ගෝනුස්සා පොකුරෙන් ඉවත්ව යන එහි වේගය සළකනවිට තරු පොකුරෙහි එය කොටසක් වශයෙන් පවතින්නට ඇත්තේ වසර මිලියන ගණනකට පෙරය. එහි චලනය අනුව එම කාලයේ දී ශේටා ඔපියුචි ආසන්නයේ තැබිය හැකි පළා යන නියුට්‍රෝන තාරකාවක් මීට අනුරූපව සොයා ගැනීමට හැකි නම් ශේටා ඔපියුචි ප්‍රභවය සිදුවන්නට ඇත්තේ අධිනවතාරකාවකින් වීමට බොහෝ දුරට ඉඩ තිබේ.
පළා යන තාරකා (runaway stars)පිළිබඳව ශේටා ඔපියුචි ආශ්‍රයෙන් සිදු කළ විග්‍රහයක් අඩංඟු ලිපි දෙකක් 2016 ජනවාරි 13 සහ 06 යන දිනවල තතු හී පළවිය.
Visual Guide to the Universe (by Professor David M. Meyer ) ග‍්‍රන්ථය ඇසුරෙන් සැකසෙන ලිපි මාලාවක තවත් ලිපියක්