චන්ද්‍ර කලා ගැන කතා කරද්දී අපි මුලින් ම දැනගත යුතු වැදගත් කාරණාවක් තිියෙනවා: චන්ද්‍රයා සෑමවිටම හරි අඩක් සූර්යා මගින් ආලෝකමත් වී තියෙනවා. මෙය අප තර්කානුකූලව සිතින් දැනගෙන සිටියත් චන්ද්‍ර කලා නියමාකාරව වටහා ගැනීමට නම් සිතින් චිත‍්‍රයට නගා ගත යුතුයි. ඇතැම් අවස්ථාවල අප සඳෙහි සූර්යයාගෙන් ආලෝකමත් වූ කොටස සේම වැසීගිය කොටසත් යන දෙකම දකිනවා. එමගින් තමයි අපට හුරු චන්ද්‍ර කලා හැඩයන් නිර්මාණය වන්නේ. තව මතක තබාගත යුතු කාරණයක් තමයි, සූර්යාලෝකය නොවැටෙන කොටස අපේ පියවි ඇසට නොපෙනන බව.
ඉතින්, බොහොම සරලව කීවොත්, චන්ද්‍රයා පෘථිවිය වටා භ‍්‍රමණය වෙද්දී පෘථිවියෙහි, චන්ද්‍රයාගේ සහ සූර්යයාගේ වෙනස් වන කෝණ (නැතිනම් සාපේක්ෂ ස්ථාන ගතවීම්) මගින් තමයි චන්ද්‍ර කලා නිර්මාණය වෙන්නේ. චන්ද්‍රයාගේ චක‍්‍ර අවබෝධ කර ගැනීම පහසුම ආකාරය තමයි මෙන්න මේ පිලිවෙළට තේරුම් ගැනීම: නව සඳ, පුන් සඳ, ප‍්‍රථම කාර්තුව, තුන්වෙනි කාර්තුව සහ අතරතුර කලා යනුවෙන්.
නව සඳ (අමාවක) ඇතිවන්නේ චන්ද්‍රයා, පෘථිවිය හා සූර්යයා අතරමැද පිහිටි විටයි. වස්තු තුනම එවිට තිබෙන්නේ ආසන්න එක් එල්ලේය(approximate alignment) (ආසන්න යයි කීවේ චන්ද්‍ර කලා යථාතථය ලෙස ගණනය කළ නොහැක්කේ චන්ද‍්‍රයාගේ චලනය කක්ෂ වේගය සහ ස්ථානගතවීම කෙරෙහෙි විවිධ සාධක බලපාන හෙයිනි) ප‍්‍රදීප්ත (illuminated) සම්පූර්ණ කොටස ඇත්තේ චන්ද්‍රයාගේ පිටුපස අර්ධයෙහි ය. එනම් අපට නොපෙනෙන අර්ධය යි.
පුන් සඳ පවතින අවස්ථාවේ ද නව සඳ අවස්ථාවේ මෙන් ම, පෘථිවිය, චන්ද්‍රයා හා සූර්යයා ඇත්තේ ආසන්න එක එල්ලේය (approximate alignment ). කෙසේ වෙතත්, චන්ද්‍රයා සිටින්නේ පෘථිවියට විරුද්ධ පැත්තෙහි ය. එවිට සූර්යාලෝකයෙන් ප‍්‍රදීප්ත කොටස ඇත්තේ අපට මුහුණළා ය. අඳුරු කොටස ඇත්තේ සම්පූර්ණයෙන් ම අපේ දසුනින් වසන් වීය. ප‍්‍රථම කාර්තුව හා තුන්වෙනි කාර්තුවේ සඳ (බොහෝ විට මෙය හැඳින්වෙන්නේ ‘‘අඩ සඳ’යනුවෙනි.) පවතින්නේ පෘථිවියට හා සූර්යයාට සාපේක්ෂව චන්ද්‍රයා අංශක 90 ක කෝණයක පිහිටන විටදී යි. එවිට එම අවස්ථාවේ අපට චන්ද්‍රයාගේ ප‍්‍රදීප්ත කොටසින් අඩක් මෙන් ම අඳුරු කොටසින් අඩක් ද හරියට ම දැක ගත හැකි වේ.
මේ ප‍්‍රධාන චන්ද්‍ර කලා හතර තේරුම් ගත් පසු අතරතුර ඇති කලා සිතින් මවා ගැනීම එතරම් අසීරු වන එකක් නැහැ. ඒවා අතර ප‍්‍රදීප්ත කොටස ක‍්‍රමයෙන් සංක‍්‍රමණය වන මේ අතරතුර ඇතිවන කලා මතක තබා ගැනීමේ පහසු ක‍්‍රමයක් වන්නේ වචන හතරක් එළියට ගෙන විග‍්‍රහ කිරීමෙනුයිි: වක් සඳ (crescent) හා කුදු සඳ (gibbous ) මෙන් ම මේරීම(waxing) හා ක්ෂීණනය (හීනවීම waning). චන්ද්‍රවංකය හෙවත් වක් සඳ කියන්නේ චන්ද්‍රයා අඩකට වඩා අඩුවෙන් ප‍්‍රදීප්ත වූ විටයි. චන්ද්‍ර කලා අතරේ කුදු සඳ යනු චන්ද්‍රයා අඩකට වඩා වැඩියෙන් ප‍්‍රදීප්ත වූ විටයි. මේරීම නැතිනම් මෝරනවා යනුවෙන් දැක්වෙන්නේ දීප්තිය වැඩිවීම හෙවත් පුළුල් වීමයි. ක්ෂීණනය කියන්නේ ‘‘හීනවීම’ හෙවත් දීප්තිය අඩු වී යාමයි. දැන් මේ වදන් නිතර ජෝඩු දෙකක් ලෙස එක්කර විට චන්ද්‍ර කලා නම් දෙකක් සාදාගත හැකිය. නව සඳට (අමාවක) පසු සූර්යාලෝකයෙන් ප‍්‍රතිදීපනය වූවත් අඩකට වඩා අඩු විට ‘‘ මෝරන අඩ සඳ(waxing crescent) ලෙස දක්වන්න පුළුවනි. ප‍්‍රථම කාර්තුවෙන් පසු ප‍්‍රදීප්ත කොටස තවත් වැඩිවද් දී දැන් එය අඩකට වඩා වැඩි නිසා එය ක්ෂීණන ‘‘මෝරන කුදු සඳ’(waning crescent) ලෙස දැක්වෙනවා.
පුන් සඳට පසුව ආලෝකය දිගටම අඩුවෙයි. එනිසා ඊළඟට එන්නේ ක්ෂීණ කුදු සඳ කලාවයි. තුන්වැනි කාර්තුවෙන් පසු එක ක්ෂීණ අඩ සඳ ලෙස හඳුන්වන අතර ආලෝකය සම්පූර්ණයෙන් ම නැතිව යන තුරු අඩු වී යයි. ඒ කියන්නේ අමාවකයි.
අද 2016 පෙබරවාරි 22 දා ඇත්තේ පුන් සඳ නිසා අද සිට ඉදිරියට ඔබට අහස නිරීක්ෂණය කළොත් මෙහි සඳහන් (හා සඳහන් කර නැති) චන්ද්‍ර කලා සියල්ල දැකගත හැකි වෙයි. චන්ද්‍ර කලා පමණක් නොවෙයි අනෙකුත් තවත් බොහෝ ආකාශ වස්තු ගැන දැන කියාගන්නත් උනන්දුවක් ඇතිවෙන්න පුළුවන්. ඇත්තටව අහස කොපමණ නම් විශ්මයජනක තැනක්ද?
MOONCONNECTION.com වෙබ් අඩවියේ Understanding The Moon Phases ලිපිය ඇසුරෙනි