විදු නැන නුවණ – Science Literacy for All

ජානයක් කියන්නේ කුමක් ද?

ජාන තාක්ෂණය නූතනයේ, සමාජය තුල වැඩි අවධානයකට බඳුන් වී ඇත. ජාන තාක්ෂණය යොදා ගැනීමෙන් ආහාර භෝග වැඩි දියුණු කර ඇති අතර, නූතනයේ  අපරාධකරුවන් අල්ලා ගැනීමේ දී ප‍්‍රබල සාක්ෂි සපයන්නෙත් ජාන යි. ඒ නිසා ජානයක් යනු කුමක් දැයි දැන ගැනීම වැදගත් වෙයි. මනුෂ්‍ය ශරීර, සත්ව ශරීර, ගස්වැල් නැතිනම් පොදුවේ ගත් කල ජීවින්ගේ දේහ වල තැනුම් ඒකකය වන්නේ ෙසෙලයි.

2

මිනිස් සිරුරේ සෑම ෙසෙලයක ම ජාන 25,000 ක් 35,000 ක් අතර ප‍්‍රමාණයක් අඩංගු වෙයි. ඔබගේ ශරීරයේ ඇත්තේ ඔබගේ දෙමව්පියන් ගෙන් ඔබට ලැබුණු ජාන වන අතර ඔබගේ ගති ලක්ෂණ (ඌරුව) තීරණය කරන්නේ එම ජාන මගින් රැගෙන ආ තොරතුරුයි.  එනම් ඔබට ඔබේ දෙමව්පියන්ගෙන් උරුම වූ ශරීර ලක්ෂණ හෝ චරිත ලක්ෂණ ආදිය තීරණය වූයේ එම තොරතුරු මතයි.

උදාහරණයක් ලෙස ඔබගේ මව සහ පියා යන දෙදෙනාම කොළ පාට ඇස් ඇති අය නම් ඔබටත් කොළ පාට ඇස් උරුම වීමට වැඩි ඉඩක් ඇත. නැතහොත් ඔබේ මවගේ සමේ දුඹුරු ලප පවතී නම් ඔබටත් ඔබේ මවගෙන් ඒවා උරුම වීමට ඉඩ තිබේ. ජාන පවතින්නේ මනුෂ්‍ය ශරීර වල පමණක් නොවේ. ඒවා සත්වයන්ගේත්, ශාකවලත් පවතී.

ජාන යනු අපට ප‍්‍රබල අන්වීක්ෂයක් භාවිතයෙන් වත් දැක ගැනීමට නොහැකි තරම් කුඩාවූ දෙයකි. අපට මෙතරම් වැදගත්කමක් ඇති ජාන පිහිටා තිබෙන ස්ථානය පිළිබඳව දැන් අපේ අවධානය යොමු කරමු. ජාන පිහිටා තිබෙන්නේ ඉතා කුඩා ස්පැගෙටි (  spaghetti නූඞ්ල්ස් වැනි රැුල් සහිත පිටිකෑමක් ) මෙන් දිස්වෙන වර්ණ දේහ (chromosomes ) නමින් හැඳින්වෙන ව්‍යුහයන් මතයි. මේ වර්ණදේහ පවතින්නේ ෙසෙල තුලයි. ඔබගේ ශරීරය සකස් වී ඇත්තේ ෙසෙල බිලියන ගණනක් එකතු වීමෙනුයි. ෙසෙලයක් ද කෙතරම් කුඩා දැයි කිවහොත් ඔබට ෙසෙල දැක ගන්නට ලැබෙන්නේ ප‍්‍රබල අන්වීක්ෂයක් භාවිතයෙන් පමණකි. (මිනිස් සිරුරේ සෑම ෙසෙලයක ම ජාන 25,000 ක් 35,000 ක් අතර ප‍්‍රමාණයක් තිබෙන බව අප ඉහත සඳහන් කළෙමු. ඒ අනුව ෙසෙලයට සාපේක්ෂකවත් ජානයක් කොපමණ කුඩා දැයි සිතා ගත හැකිනේ?)

වර්ණ දේහ පවතින්නේ එක සමාන යුගල වශයෙනි. එක වර්ණ දේහයක් තුල ජාන සිය ගණනක් සමහර විට දහස් ගණනක් අඩංගු වෙයි. මේ වර්ණ දේහ හා ජාන සෑදී ඇත්තේ ඞීඑන්ඒ යනුවෙන් කෙටියෙන් දැක්වෙන ඞීඔක්සිරයිබෝ නියුක්ලෙයික් අම්ලයෙනි (deoxyribonucleic  acid = DNA). බොහෝ ෙසෙල වලට ඇත්තේ එක් න්‍යෂ්ටියකි. මේ න්‍යෂ්ටිය ෙසෙලය තුල පවතින බිත්තරයක හැඩති ඉතා කුඩා ව්‍යුහයකි. එය ෙසෙලයක මොළය ලෙස ක‍්‍රියා කරයි. එය ෙසෙලයේ සෑම කොටසකට ම නියමිතව ඇති කාර්යයන්  කිරීමට අණ කරයි. එහෙත් මෙතරම් කුඩා න්‍යෂ්ටියක මේ සා විශාල තොරතුරු ප‍්‍රමාණයක් අඩංගුවන්නේ කෙලෙසක ද? එයට පිළිතුර නම් අපගේ වර්ණදේහ හා ජාන න්‍යෂ්ටිය තුල පිහිටීමයි. තොරතුරු අඩංගු වන්නේ ජාන තුලයි. ඉතාමත් ම කුඩා න්‍යෂ්ටියක් තුල තොරතුරු කොපමණ ප‍්‍රමාණයක් අඩංගු වනවා ද යත් ඔබ මෙතෙක් දැක ඇති විශාලතම ශබ්ද කෝෂයේ අඩංගු වනවාටත් වඩා විශාල තොරතුරු ප‍්‍රමාණයක් න්‍යෂ්ටියක් තුල අඩංගු වෙයි.

4මනුෂ්‍ය ෙසෙලයක න්‍යෂ්ටිය තුල තනි තනි වර්ණ දේහ 46 ක් නැතහොත් වර්ණ දේහ යුගල 23 ක් අඩංගු වෙයි( 23 X 2 = 46). මෙයින් බාගයක් මවගෙන් ද අනෙක් බාගය පියාගෙන් ද ලැබේ. අන්වීක්ෂයකින් බැලූවහොත් විවිධ දිගින් යුත් පටි ආකාරයේ වර්ණ දේහ දැකිය හැකිය. ඒවා ප‍්‍රමාණ අනුව හා හැඩයන් අනුව පෙළ ගැසුවහොත් මුලින් පිහිටන වර්ණ දේහ යුගල 22 අලිංග වර්ණ දේහ වන (autosomes) අතර අවසාන, එනම් 23 වන වර්ණ දේහ යුගලය ලිංගික වර්ණ දේහ (sex chromosomes)යුගලය වශයෙන් හැඳින්වෙයි. එම යුගලයෙන් එක් වර්ණ දේහයක් එක්ස්(X) ලෙසිින් ද අනෙක වයි(Y)ලෙසිින් ද නම් කර ඇත. 3අපගේ ගැහැනු බව හෝ පිරිමි බව තීරණය කරන්නේ එම වර්ණ දේහ යුගලය යි. ගැහැනු අයගේ 23 වන වර්ණ දේහ යුගලය එක්ස් වර්ගයේ දෙකක් වන අතර පිරිමින්ට ඇත්තේ එක්ස් සහ වයි වර්ණ දේහ යුගලයකි.

සෑම ජීවියෙකුගේ ම ෙසෙල න්‍යෂ්ටි තුල වර්ණ දේහ යුගල 23 බැගින් පිහිටා නොමැත. එක් එක් සත්ව විශේෂයන්ට හෝ ශාක විශේෂයන්ට අනුරූප වන ආකාරයට ඔවුන්ගේ ෙසෙල න්‍යෂ්ටි තුල වර්ණ දේහ යුගල ප‍්‍රමාණයන් පිහිටා ඇත. උදාහරණයක් ලෙස හෝ මැස්සා හෙවත් පළතුරු මැස්සාට ඇත්තේ වර්ණ දේහ යුගල දෙකකි. එනම් වර්ණ දේහ හතරකි.

ජාන ක‍්‍රියා කරන්නේ කෙලෙස ද?

ජාන ජීවින්ගේ සියළුම ක‍්‍රියාකාරීත්වයන්ට බලපාන බව අපි දනිමු. මෙතරම් වැදගත් ජාන ක‍්‍රියා කරන්නේ කෙසේ දැයි අපි සලකා බලමු.

සෑම ජානයකට ම ඉටු කිරීමට විශේෂිත වූ කාර්යයක් ඇත. ජානවල අඩංගු ඞීඑන්ඒ ඉටු කිරීමට විශේෂිත වූ කාර්ය ඉටු කිරීම සඳහා අවශ්‍ය වන උපදෙස් ලබා දෙයි. හරියටම කෑමක් හැදීමට අවශ්‍ය වන උපදෙස් සපයන සූප ශාස්ත‍්‍ර පොතක තිබෙනවා මෙනි. මේ උපදෙස් ලබා දෙන්නේ ජානය අඩංගු වන ෙසෙලයටයි. ලබාදුන් උපදෙස් කි‍්‍රයාත්මක කිරීම සඳහා අවශ්‍ය වන ප්‍රෝටීනය ෙසෙලය තුල  නිපදවීමටයි එසේ උපදෙස්දෙන්නේ. අෙප් ශරීරයේ සියළුම  ක‍්‍රියාකාරීත්වයන්ට අවශ්‍ය වන තැනුම් ඒකකය වන්නේ ප්‍රෝටීනයි. ඇටකටු සහ දත්, හිසකෙස් හා කන්පෙති, පේශී හා රුධිරය ඇතුළු ශරීරයේ අනෙකුත සෑම ඉන්ද්‍රියක්මත් සෑදී ඇත්තේ ප්‍රෝටීන වලිනුයි. මේ ප්‍රෝටීන අපට අපගේ ශරීරය වැඞීමට, හොඳින් වැඩ කිරීමට මෙන්ම සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමටත් උපකාරී වෙයි. අපගේ ශරීරවල ඇති සෑම ජානයකට ම එකිනෙකට වෙනස් ක‍්‍රියාවලියන්ට අවශ්‍ය වන ප්‍රෝටීන 10 ක් වත් නිපදවීමට හැකි බව විද්‍යාඥයින් සොයාගෙන තිබේ. ඒ කියන්නේ ජාන එකිනෙකට වෙනස් ප්‍රෝටීන වර්ග 300,000 ක් පමණ නිපදවන බවයි.

HumanChromosomes

වර්ණ දේහ මෙන් ම ජානත් පවතින්නේ යුගල වශයෙනුයි. ඔබගේ මවගේ මෙන් ම පියාගේත් සෑම ජානයකම පිටපත් දෙක බැගින් ඇත.  ඔබේ  ජාන යුගලයක් සැකසී ඇත්තේ මව සතු වූ ජානයක පිටපතක් හා පියා සතු වූ ජානයක පිටපතක් එක් වීමෙනි.  මව් පියන්ගෙන් ලැබෙන ජාන අනුව තමයි ඔබගේ හිසකෙස්වල පාට, ඇස්වල පාට, හමේ වර්ණය වැනි දේවල් ඔබට උරුම වෙන්නේ.

අපි නිදසුනක් ලෙස එමා නැමැති ළමයා ගැන සලකා බලමු. එමාගේ මව සතු ජාන යුගලයකින් එකක් රතු කෙස් සඳහා ද අනෙක සුදු කෙස් සඳහා ද වනවා යයි සිතමු. ඇගේ මව එමාට ලබා දුන්නේ රතු කෙස් සඳහා වන ජානය යයි සලකමු. එමාගේ පියාට තිබුණේ රතු කෙස් සඳහා වන ජාන යුගලයක්  නම් එමාට පියාගෙන් ලැබෙන්නේ ද රතු කෙස් සඳහාම වන ජානයක්මයි, එමාගේ කොණ්ඩය රතුවීම පැහැදිලි කල හැක්කේ එසේයි. මොකද එමාට ලැබුණු ජාන දෙකම රතු කෙස් සඳහා වූ ජාන  යුගලයක් බැවින්.

විවිධ වර්ගවල බල්ලන් සිටීමත් ජාන වලින් සිදුවන්නක් මයි. මේ හැම බල්ලෙක් සතුවම ඇත්තේ බල්ලන් හට ගැනීමට අදාල වන ජාන නිසයි. ඔවුන් පූසන්, මාළුන් හෝ් මිනිසුන් නොවී බල්ලන්ම වුණේ. ඒෙහත් එකම වර්ගයේ ජාන ඔවුන් විවිධ වර්ගවල බල්ලන් කර ඇත. සමහර වර්ග කුඩා වී සමහර වර්ග විශාල වන්නේ ඒ නිසයි. සමහර බල්ලන්ගේ ශරීරයේ දිග ලොම් වලින් වැසී තිබෙන අතර සමහරුන්ගේ ලොම් කෙටියි. ඩැල්මේෂන් වර්ගයට අයත් සතුන්ගේ සුදු ශරීරයේ කළු පුල්ලි පිහිටා ඇත. සුරතලයට ඇති කරන වර්ගවල බල්ලන් ඉතා කුඩා වන අතර ඔවුන්ගේ ලොම් දිගයි. ජානවල ක‍්‍රියාකාරීත්වයේ වෙනස්කම් මේ විපර්යාසයන්ට  හේතු වෙයි.

KidsHealth (from Nemours) හි පළවූ  What Is a Gene?ලිපිය අසුරෙන් සකස් කළේ චන්දන තෙන්නකෝන්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: